IT-For-Everyone

IT-For-Everyone IT-For-Everyone, IT企業, Oita-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

Our mission is to explain IT concepts from basic to advanced in a simple way for everyone.

මූලික සංකල්ප සිට උසස් IT සංකල්ප දක්වා සරලව පැහැදිලි කිරීම අපගේ අරමුණයි.
ලෝකයේ නවතම IT තොරතුරු ගැන දැනගන්න අප සමඟ එක්වන්න.

🌐 LAN (Local Area Network) කියන්නේ මොකක්ද?LAN (Local Area Network) කියන්නේ එකම ස්ථානයක හෝ සීමිත ප්‍රදේශයක තිබෙන Devices ...
04/07/2026

🌐 LAN (Local Area Network) කියන්නේ මොකක්ද?

LAN (Local Area Network) කියන්නේ එකම ස්ථානයක හෝ සීමිත ප්‍රදේශයක තිබෙන Devices එකිනෙකට සම්බන්ධ කරන Network එකක්.

සරලව කියනවා නම්, නිවසක, Office එකක, පාසලක හෝ ආයතනයක තිබෙන Computers, Laptops, Printers, Servers වගේ Devices එකිනෙකට සම්බන්ධ කරලා Data Share කරන්න LAN භාවිතා කරනවා.

📌 LAN එකක ප්‍රධාන වාසි

✅ Files සහ Folders Share කරන්න පුළුවන්.
✅ Printer එකක් Devices කිහිපයක් අතර Share කරන්න පුළුවන්.
✅ Internet Connection එක Devices කිහිපයකට Share කරන්න පුළුවන්.
✅ Devices අතර Data Transfer ඉතා වේගවත්.

🖥️ LAN එකේ භාවිතා වන Devices

* Computer / Laptop
* Switch
* Router
* Printer
* Server
* Access Point

🔌 LAN එකක් වැඩ කරන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් Computers සහ අනෙකුත් Devices Ethernet Cable හෝ Wi-Fi මඟින් Switch එකකට සම්බන්ධ වෙනවා. එම Switch එක හරහා Devices එකිනෙකට සන්නිවේදනය කරනවා. Internet අවශ්‍ය නම් Router එක හරහා පිටත Network එකට සම්බන්ධ වෙනවා.

💡 උදාහරණයක්

ඔබගේ Office එකේ Computers 20ක්, Printer එකක් සහ File Server එකක් එකම Network එකක තිබෙනවා නම්, ඒ සියල්ල එකට සම්බන්ධ කරලා තිබෙන්නේ LAN (Local Area Network) එකක් තුළයි.

👉 මතක තබා ගන්න:
LAN = කුඩා ප්‍රදේශයක් තුළ ඇති වේගවත් Network එකක්.

02/06/2026

Small Home/Office Network

මෙම රූපය සරල Home Network එකක්අපි නිතරම Internet පාවිච්චි කරනව උනත් කොහොමද අපි Internet එකට සම්බන්ද වෙන්නෙ කියල අපි දන්න...
02/06/2026

මෙම රූපය සරල Home Network එකක්
අපි නිතරම Internet පාවිච්චි කරනව උනත් කොහොමද අපි Internet එකට සම්බන්ද වෙන්නෙ කියල අපි දන්නෙ නෑ. ඒක ගැන සරල අවබෝධයක් දෙන්නඑකයි මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ.

🌐අපේ ISP හරහා Internet සම්බන්ධතාවය මුලින්ම Modem එකට ලැබෙනව.
ඉන්පසු Modem එක Wi-Fi Router එකට සම්බන්ධ වේ.Router එක තමයි අපිව Internet එකට සම්බන්ද කරන ගේට්ටුව.Internet එක කියන්නෙ Public Network එකක්. Home network එක Privat Network එකක්. ඉතිං මේ දෙක එකට සම්බන්ද කරන්නෙ Router එක .

📡 Router එකේ ප්‍රධාන කාර්යය වන්නේ අන්තර්ජාල සම්බන්ධතාවය නිවසේ ඇති උපකරණ අතර බෙදා හැරීමයි.

මෙම ජාලයේ:

* Desktop PC එක Router එකට Cable (Wired) මඟින් සම්බන්ධ වෙලා තියෙනව.
* Laptop
* Smartphone
* Smart TV
* Printer

යන උපාංග Router එකට Wi-Fi (Wireless) මඟින් සම්බන්ධ වෙලා තියෙනව.

මෙම සම්බන්ධතාවය හරහා සියලුම උපාංගවලට අන්තර්ජාලය භාවිතා කිරීමටත්, එකම ජාලය තුළ දත්ත හුවමාරු කිරීමටත් හැකියාව ලැබෙනව.

සරලව කියනවා නම්:
👉 Modem එක අන්තර්ජාලය ලබා දෙයි.
👉 Router එක එම අන්තර්ජාලය නිවසේ ඇති සියලු උපාංග වෙත බෙදා හරියි.

Internet → Modem → Router → devices

Router එක මඟින් Laptop, Smartphone, Smart TV, Printer සහ අනෙකුත් උපාංග එකම ජාලයකට සම්බන්ධ කර අන්තර්ජාලය භාවිතා කිරීමට හැකියාව ලැබේ. අද අප භාවිතා කරන බොහෝ ගෘහස්ත ජාලයන් මේ ආකාරයට ක්‍රියා කරයි.

住所

Oita-shi, Oita

ウェブサイト

アラート

IT-For-Everyoneがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する

カテゴリー