SAYU 🌍 මහපොලව මත ඉපදී ජීවත්වන සාහිත්‍යමය නිර්මාණ.
✍️පන්හිදෙන් කෙරෙන විවිධ ප්‍රවර්ගවල කතා හා නවකතා රචනය.

ඒ එක වචනය දැක්ක මොහොතේ රාවන්ගේ ලෝකෙම නතර වුණා…නේහාගේ කඳුළු… රාවන්ගේ හුස්ම…ඒ රෑට පස්සෙ කාගෙවත් ජීවිත කලින් වගේ තිබ්බෙ නැහ...
10/05/2026

ඒ එක වචනය දැක්ක මොහොතේ රාවන්ගේ ලෝකෙම නතර වුණා…
නේහාගේ කඳුළු… රාවන්ගේ හුස්ම…
ඒ රෑට පස්සෙ කාගෙවත් ජීවිත කලින් වගේ තිබ්බෙ නැහැ.....

විසිහය වැනි කොටස🌹

නේහා… නේහා…

රාවන්ගේ හිත කුතුහලයෙන් මිරිකුණා.දුරකථනයෙන් ඇසෙන
නේහාගේ ඉකිබිඳුමන් සමඟ ඇති වූ නිහඬතාවය ඔහුගේ සිත තවත් දවාලනු ලැබුවා.

“නේහා…?”

“අනේ… මට ඉන්න බෑ… රාවන්…”

ඇගේ හඬ බිඳී බිඳී ගලා ආවා.
රාවන් තත්පරයක් නිහඬව සිට හඩ අවදිකළා.

“මේ අහන්නකො… ළමයො… අඩන්නෙ ඇයි කියන්නකො.ඔයාට තේරෙන්නෙ නැද්ද… මං බයවෙලා ඉන්නෙ හොදටම…”

ඔහුගේ හඬේ තිබුණේ තදබල කරුණාවක්.රාවන් ඉතා ඉවසීමෙන් කතා කළා.ඒ අතර ඔහුගේ නෙත් විටින් විට හැදි ගෑරුප්පු ගැටෙන හඩත් සමග මිශ්‍රවී ඇසෙන සිනහ හඩවල් පිරුණු කෑම කාමරය දෙසටද යොමුවුණා .

“ඔයාට තේරෙන්නෙ නැද්ද…නේහා මන් කියන එක...?”

නේහාගේ හඬ නැවතත් බිඳුණා.

“ආ… රා....රාවන්…”

රාවන් දෙනෙත් සෙමින් පියාගත්තා.
ඔහුගේ හදවත වේගයෙන් කම්පනය වුණා.

“නේහා… කියන්න…”

ඔහුගේ මෘදු ආමන්ත්‍රණය නිසාවෙන්,
ඇගේ දුර්වල කටහඬත් කෙමෙන් සන්සුන් වෙමින්,
අනෙක් පසින් හෙමින් නැවතත් ඇසෙන්නට වුණා…

“මට සනීප නැහැ රාවන්...මට ටිකක් අමාරුයි ......”
..........................................................................

රාත්‍රීය වෙනදාටත් වඩා නිහඬයි.
විශාල හෝටල් සංකීර්ණයේ අති සුඛෝපභෝගී රාවන්ගේ පුද්ගලික
කාමරයේ තිබුණු මඳ එළිය අතරෙ නේහා සැප පහසු ඇඳේ හාන්සිවෙලා හිටියේ ඇස් පියාගෙනමයි.

ඇගේ දකුණු අත මත රාවන්ට ඇමතුම ගත් ජංගම දුරකථනය තවමත් රැදී තිබුණා…

ඇගේ හුස්ම ටිකක් බරයි…
හිතත් අමුතු විදිහට නොසන්සුන්.

උදේ ඉඳන්ම ඇඟට හරි නැහැ කියලා දැනුණත්, රෑ වෙද්දි ඒ අපහසුකම තවත් වැඩිවෙලා තිබුණා.

බඩ ඇතුළෙ අමුතු පෙරළීමක් වගේම,
වමනය එනවා වගේ හැඟීමක්…
විටින් විට ඇයට දැනෙන්නට ගත්තා.

ඔළුවත් වෙනදට වඩා මහ බරක් ලෙස ඇයට දැණුනා…

එකපාරටම ඇය ඇඳ විට්ටම අල්ලගෙන නැගිට්ටා.

“අහ්…”

හිස කැරකෙනවා වගේ දැනෙද්දි
නේහා ඉක්මනට නානකාමරය පැත්තට දිව්වා.

මිනිත්තු කිහිපයකට පස්සේ
ඇය ආයෙමත් බිත්තියට හේත්තු වෙලා හෙමින් බිමට වාඩිවුණා.

ඇයට හුස්ම ගන්නත් අපහසුයි වගේ.

“මොකද්ද මේ මට වෙන්නෙ…”

ඇය තනිවම මුමුණා ගත්තා.

නළලත් රිදෙනවා… මුළු ඇඟටම පණ නෑ වගේ… බඩ ඇතුළෙත් සැරින් සැරේට රිදෙනවා.

නේහා දෑස් පියාගෙන හිස බිත්තියට තියාගත්තා.

හිත ඇතුළෙ බියක් හෙමින් වැඩිවෙන්න පටන් ගත්තා .

“අසනීපයක්වත්ද…?”

ඇයටම තේරුණේ නැහැ ඇයගේ අපහසුව..

ඒත්,ඇගේ හිතේ ගැඹුරු තැනක
නමක් නොකියපු සැකයක් හෙමින් ඇහැරෙමින් තිබුණා…

ඇගේ සැකයත් සමග ඇගේ වේදනාවන් මැකී ගියේ ආයාසයෙන් .
.............................................................. ............

කාමරේ දොර එකපාරටම ඇරුණා.

“නේහා…!”

නිවසට ඇද සිටි ටී ශර්ට් එක සහ කොට කලිසම පිටින්ම කිසිම සූදානමකින් තොරව
පැමිණි රාවන් අවුල්වූ හිසකෙස් අතරින් ඇගිලි යවමින් අතින් හිසකෙස් සකසමින් කලබලෙන් කාමරය ඇතුළට ආවා.

දුරකථනය ඔස්සේ ඇහුණ ඇගේ ඇඬිල්ලත්,
කාමරේ ඇතුළේ තිබුණු අමුතු නිහඬතාවයත්
ඔහුගේ හිත හොඳටම අවුල් කරලා තිබුණා.

ඇඳ අයිනටම ඇවිත් නතර වුණ ඔහුගේ ඇස්
එකපාරටම නේහා මත නතර වුණා.

ඇය ඇඳේ හාන්සිවෙලා ඉන්නවා.

මුහුණ සුදුමැලි වෙලා… දෑස් අඩවසාගෙන…
හුස්ම ගන්නෙත් අපහසුවෙන් වගේ.

ඇගේ උදෑසන තිබූ කෙළිලොල් දඟකාර ගතිය
සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා තිබුණා.

රාවන්ගේ පපුව ඇතුළෙ මොකක්දෝ
දෙයක් තදවෙලා වගේ දැනුනා..

“නේහා මොකක්ද වෙලා තියෙන්නෙ…?”

ඔහු ඇඳ අයිනටම වාඩිවෙලා
ඇගේ නළලට අත තිබ්බා.

“නේහා… ඇස් අරින්නකො…”

ඔහුගේ කටහඬේ තිබුණේ පැහැදිලි බියක්.

කොච්චර තරහා තිබුණත්…
කොච්චර නපුරු විදිහට හැසිරුණත්…
“අමාරුයි” කියන එක ඇහුණු මොහොතේ
ඔහුට ඉවසගෙන ඉන්න බැරිවුණා.

පණ කඩාගෙනම වාහනෙත් වේගෙන්ම
අරන් පප්පටත් බොරු කියලා කාමරේට දිව්වෙ ඒ නිසාමයි.

“වාහනේ තව පොඩ්ඩෙන් හැපිලා මාත් මැරිලා ......"

ඔහු තමාටම කියා ගත්තෙ නේහා දෙස බලාගෙනමයි. නේහා හෙමින් ඇස් ඇරලා ඔහු දිහා බැලුවා.

“රාවන්…”

ඇගේ හඬ හරිම දුර්වලයි.

“මගෙ ඇගට… හරි නෑ…”

ඒ වචන ටික ඇහෙද්දි රාවන්ගේ හිත නිකන්ම උණුවෙලා ගියා.

ඔහු ඇගේ කෙස් අතරින් අත යවලා හෙමින් නළල පිරිමැද්දා.

“ඒ කිව්වෙ.. රිදෙනවාද ඔළුව …?”

එකපාරට ප්‍රශ්න අහද්දි
ඔහුගේ කටහඬත් එක්ක සෙලවෙන ඒ ආකර්ෂණීය දෙතොල් දෙස
අපහසු ඇස් වලින් නේහා බලාගෙනම සිටියා..
නේහා එයට ප්‍රතිචාරයක් ලෙස හිස සෙලවුවා.

“ඔළුවත් රිදෙනවා… ඇඟටත් පණ නෑ…
බඩත් අමුතුයි…”

රාවන් තවත් ලංවෙලා ඇගේ අත තදින් අල්ලගත්තා.

ඒ අත හරිම සීතලයි. ඔහුගේ හිතට නමක් නැති බයක් හෙමින් ඇතුල් වුණා.

“අඬන්න එපා… මම ආවනි…”

ඔහු හෙමින් කිව්වෙ නේහාගෙ අත ටිකක් තද කරගනිමින්.

ඒ වචන ටික කියද්දිම ඔහුගේ ඇස්වල තිබුණු තද ගතිය නේහාටත් හොඳටම පෙනුණා.

රාවන්ට ඒ මොහොතේ දැනුණේ එක දෙයක් විතරයි, තමන් බලන්න කියලා ආපු නේහාට මොනවහරි වෙලා තියෙනවානම්
ඇයව බලාගන්න එක ඔහුගෙ වගකීමක් බව.
ඒක ඔහුට දරාගන්න බැරිඋණා …

නේහා හෙමින් ඇස් පියාගෙන රාවන්ට තව ටිකක් ලංවුණා.

ඊළඟ මොහොතේ, ඇය ඔහුගේ ඔඩොක්කුව මත හිස තියාගත්තා.

රාවන්ගේ හුස්ම මොහොතකට නතර වුණා වගේ.

ඔහු කිසිම දෙයක් නොකියා නිහඬව ඇය දිහා බලන් හිටියා.

නේහාගේ උණුසුම් හුස්ම ඔහුගේ අතට වැදි වැදි ගියා. ඒ එක්කම රාවන්ගේ හිත දෙලොවක අතරමන් වුණා.

‍රත් පැහැ කෙටි, සැහැල්ලු නිදන ඇඳුමකින් සැරසී සිටි ඇයගේ ආකර්ෂණීය රූපය දෙස
රාවන් ගැහෙන හදවතින් මොහොතක් බලා සිට දෙනෙත් හෙමින් පියාගත්තා. මිනිත්තු කිහිපයකට කලින්, කෑම මේසයේ පප්පා එක්කත්, යාලුවො දෙන්නත් එක්කත්
හිනාවෙවී කෑම කකා සිටි හැටිත්,

නේහාගෙන් ඇමතුම ලැබුණු හැටිත්,
ඔහු වලව්වෙන් කළබලෙන් පිටවන්නට සූදානම් වූ හැටිත්, මිතුරන් දෙදෙනා ඔහු ගැන මනා අවබෝධයක් ඇතිව නිහඩවම සිටි හැටිත්,

“බාගෙට කාලා කොහෙද යන්නෙ?”

කියලා පප්පා ඇහුවත් ඔහු බොරුවක් කියලා එතනින් පැනලා, නේහාට මොකක්හරි කරදරයක් වෙලාද බලන්න කලබලෙන් වාහනේ අරන් පැමිණි සැටිත්
එකින් එක සිහිකළා.

ඒ තරම් කලබල වුණේ ඇයි කියලා
දැන් ඔහුටම තේරෙන්නෙ නැහැ.

කොච්චර තරහා තිබුණත්…
කොච්චර ඇයව මගහැරලා ඉන්න හැදුවත්…
නේහා අසනීපෙන් කියලා දැනුණු ගමන්
ඔහුගේ හිත නිකන්ම බිඳිලා ගියා.

රාවන් හෙමින් ඇගේ කෙස් අතරින් අත යැව්වා.

“දැන්වත් ටිකක් හොඳයිද?”

ඔහු මෘදු හඬින් ඇහුවා. නේහා දෑස් පියාගෙනම ඔහුගේ ටී ශර්ට් එක අල්ලගත්තා.

“යන්න එපා…”

ඇගේ දුර්වල හඬ රාවන්ගේ පපුව ඇතුළෙ කොහෙදෝ තැනක් හිරිවැට්ටුවා.

ඔහු මොහොතක් නිහඬව හිටියා.
පස්සේ ක්නේහාගේ නළලට හෙමින් අත තියාගෙන ඉතා පහත් හඬින් කිව්වා.

“හ්ම්…”

ඒ වචන ටිකත් එක්ක නේහා තව ටිකක් ඔහුට තුරුල් වුණා.

රාවන් නිහඬවම ඇයගේ හිස පිරිමදිමින් හිටියා. ඒත්, ඔහුගේ හිත ඇතුළෙ
නමක් නැති බයක් තවමත් හෙමින් ඇවිළෙනවා…

නෙළුම් ....

රාවන්ගේ ඇස් ඉදිරිපිට නෙළුම්ගේ අවිහින්සක මුහුණ මැවි මැවී පෙනෙන්නට ගත්තා.

රාවන් නේහාගේ නළල මත අත තියාගෙන
තව මොහොතක් නිහඬව හිටියා. ඇගේ හුස්ම තවමත් බරයි වගේම උණුසුම්. මුහුණත් සුදුමැලි වෙලා. ඔහුගේ හිතට ඒක හරි නැහැ.

ඔහු සැමවිටම තමාට ආදරණීයව සලකන්න් වෙනුවෙන් මතුපිටින් නොපෙන්වූවත්
හදවතින්ම හිත යටින්ම හඩාවැටුණා.

“නේහා… නැගිටින්න…”

රාවන් හෙමින් නේහාගේ පිටට තට්ටුවක් දමමින් කියද්දි, නේහා දෑස් අඩව වසාගෙන ඔහු දිහා බැලුවා.

“ඇයි…”

“ඔයා අදුමක් මාරු කරගන්න.
ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න ඕනි…
මගෙ ඩොක්ටර්ව මන් ගෙන්නන්ම්”

ඒ වචන ටික ඇහුණු ගමන් නේහාගේ මුහුණ වෙනස් වුණා.

“එපා…”

ඇය ඉක්මනින්ම කිව්වා.

“මට දැන් ටිකක් හොඳයි… තව ටිකකින් ඇරිලා යයි…”

රාවන්ගේ ඇස් ටිකක් තද වුණා. ඔහුගේ මෙතෙක් තිබූ මෘදු ස්වභාවය මොහොතකින් අතුරුදහන් වුණා.

“නේහා… ඔයාගෙ ඇගට හරි නැහැ. මූනෙන් ඒක පේනවා. මන් ආසම නැත්තෙ ඔයාගෙ ඔය හිතුවක්කාරකමට ..."

"අසනීපක් තියෙනවා නම් බෙහෙත් ගන්න ඕනි. අනික ඔයා මගෙ තැනක ඉන්නෙ.
ඒක හොදට මතක තියාගන්න . ....කියන දේ ඇහුවෙනැත්නම් හෙටම ගිහින් දානවා ගෙදරට.."

රාවන්ගේ හිත අස්සෙ හිටපු රාක්ෂයාගේ ස්වරූපය නැවත එළියට පැන්නා..
ඇස් ටිකක් කෝපෙන් රත් වෙද්දි
කම්මුල් රත් පැහැ ගැන්වුණා.

“අනේ රාවන්… ඩොක්ටර් කෙනෙක් ඕනි නෑ…
ඔයා ටිකක් මෙතන ඉන්නකො…
එතකොට හරියයි.....”

ඇය ඔහුගේ අත තව ටිකක් තදින්අල්ලගත්තා.

රාවන් ගැඹුරු හුස්මක් ගත්තා. ඔහු දැන් ඉන්නෙ පුදුම අවුල්සහගත තත්වයක..

වලව්වෙ පප්පා, ජෙරාඩ් එක්ක මාලන්
තවමත් ඔහු එනකන් බලන් ඉන්නවා.

පප්පාත් ඒ එක්කම අවුලෙන් ඇත්තෙ ඔහුට හිතුණා, රාවන් හිටපු ගමන් මහ රෑ දොළහටත් වාහනෙත් අරන් වලව්වෙන් අතුරුදහන් වෙන්නෙ අද ඊයෙ නෙවෙයි.

සුක්කානම අතට හුරුවූ දිනයේ සිට
ඔහුට රෑට රෑට අමුතු අමුතු ගමන් තිබ්බා.

ඩැනී ඒ ගැන ඉවසීමෙන් සිටියෙ
රාවන් කොලුකමට කරන හිතුවක්කාර දේවල් වලට දඩුවම් කරන්න තරම් හිතේ හයියක්
වගේම හැකියාවකුත් නොතිබූ නිසාමයි.

කාලෙකින් හතර දෙනා එකට හිනා වෙවී
කෑමක් කන්න ලැබුණ වෙලාවක් නිසා
අද ඩැනී හිටියෙ ගොඩක් සතුටින්.

ඒ රාවන්ගෙ මුහුනෙ කාලෙකට පස්සෙ තිබ්බ
අමුතුම හිනහව දැකලා.

ඒ වගේම රාවන් ඉන්නෙ සතුටින් කියලා
ඔහුට තේරුණ නිසා.

ඒත් රාවන් එක පාරටම මේසෙන් නැගිටලා ආවෙ ,නේහාගෙ අසනීපය ඇහුණු නිසා

දැන් වලව්වෙ ඒ තුන්දෙනාම ඔහු එනකන් බලන් ඉන්නවා. ඒ හැමදේම හිතේ තිබුණත්,
නේහා මේ විදිහට ඉද්දි ඇයව දාලා යන්න ඔහුගේ හිත එකපාරටවත් හදාගන්න බැරි වුණා. විශේෂයෙන්… නෙලුම්ගෙන් පස්සෙ
තමන් මෙච්චර හිත කම්පා වෙලා
කෙනෙක් ගැන බයවෙලා ඉන්නෙ ඇයි කියලා
රාවන්ටම තේරෙන්නෙ නැහැ.

ඔහු දෑස් පියාගෙන හුස්මක් ගත්තා.

“හරි… ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්නෙත් නැත්තම්... නැගිටලා ඇඳුමක් මාරු කරගන්න…”

“රාවන්…”

“නේහා… Please…”

ඔහුගේ හඬ දැන් ටිකක් මෘදුයි.

“ඔයා ඔහොම ඉද්දි මට බය හිතෙනවා…”

නේහා නිහඬව ඔහු දිහා බලන් හිටියා.
ඒ ඇස්වල තිබුණේ දුර්වල උණුසුමක්.
රාවන් ඇඳ අයිනෙන් නැගිටලා ඔහුගේ අල්මාරිය ඇරියා. සුදු පාට මෘදු අත් දිග කමිසයක් අතට අරගෙන ඇය ළඟට ආවා.

“කෝ… මේක ඇඳගන්න…”

නේහා මොහොතක් ඒ දිහා බලන් හිටියා.

ඊට පස්සේ හෙමින් ඔහුට මුමුණුවා.

“ඔයා යන්නෙ නෑ නේද…?”

රාවන්ගේ හිත ඇතුළෙ මොකක්දෝ දෙයක් ඇදිලා ගියා. ඒතේ එක්කම නෙළුම්ගෙ උණුසුමත් ඔහුගේ හදවතට නැවත නැවත දැනෙන්න ගත්තා. දෙලොවක් අතර අතරමංව, ඔහු ඇය දිහා බලාගෙනම
හෙමින් හිස හෙලවුවා.

“නෑ… ටිකක් ඉදලා යන්නම්...”

නේහා ඇඳේ අයිනට හේත්තු වෙලා ඔහු දීපු ශර්ට් එකත් අතැතිව නිහඬව හිටියා. රාවන් නම් කාමරේ මැදට ගිහින් දෙලොවක අතරමන් වගේ හිටියේ.

ඔහුට නේහා එක්ක මෙහෙම තනිව ඉන්න හිත හදාගන්න බෑ. හිත තවමත් අවුල්.
කොච්චර ඇය ගැන බය හිතුණත්…
කොච්චර හිත උණුවෙලා තිබුණත්…
මේ හැමදේම ඔහුට අමුතුයි.

විශේෂයෙන් රෑ වෙලා කෙල්ලෙක්ව තමන්ගෙම කාමරේ තියාගෙන ඉන්න එක.
අනික ලොකු පප්පාගේ හෝටලේ. මෙතන වෙන හැමදේම අවසානයේ ලොකු පප්පාට දැනගන්න පුළුවන් කියලා රාවන් හොඳටම දන්නවා.

“ශිට්…”

ඔහු නළල අතගාගෙන හෙමින් මුමුණුවා.
පප්පාට කේලම ගියොත්?

“රාවන් කෙල්ලෙක් ගෙනත් රෑ තියාගෙන ඉන්නවා… අනික කසාද බැඳපු තමන්ටත් වඩා වැඩිමහල් ගෑණියෙක්…කියලා ආරංචි වුණොත්?..."

ඔහුටම හිනා යන්නත් වගේ.ඒත් ලොකු පප්පා නම් ඕවාට කලබල වෙන කෙනෙක් නෙවෙයි. ඔහු හරිම ඕපන් විදිහට හිතන මනුස්සයෙක්. ලොකු මම්මාත් එහෙමයි.රාවන් රුසියාවේ ඉද්දිත් ඔහුගේ නිදහස ගැන හිතුවේ ඒ දෙන්නා.

“කොල්ලට ඕන විදිහට ජීවත් වෙන්න දෙන්න…”

කියන මතේ හිටපු දෙන්නෙක්.ඒකට හේතුවක් තිබුණා.ඔවුන්ට කවදාවත් දරුවො හිටියේ නැහැ. ඒ නිසා රාවන්ට සැලකුවේ තමන්ගේම දරුවෙක් වගේ.

ඔහුගේ හිනාවට කේන්තියට දඩබ්බරකම්වලට පවා… ඒ දෙන්නා ආදරේ කළා.ඔහුගේ නොයෙක් අරුමෝසම් මෝස්තරවලට, නොයෙක් දේවල්වලට නොමසුරුව ඔවුන් වියදම් කළා.

මේ හෝටල්… දේපළ… ව්‍යාපාර…

කවදාහරි ඔක්කොම රාවන්ට අයිති වෙනවා කියලත් හැමෝම දන්නවා.ඒත් ඒ හැමදේම අතරේ වුණත්, නේහා එක්ක මේ කාමරේ තනිව ඉන්න එක රාවන්ගේ හිතට තවමත් අමුතුයි.

ඔහු ආයෙමත් හැරිලා නේහා දිහා බැලුවා.
ඇය නිහඬව ඔහු දිහාම බලන් ඉන්නෙ දුර්වල ඇස් දෙකෙන් උනත්, ඒ ඇස් අතරින් ඔහුට ආරාධනා ගෙන ආවා.ඒ බැල්ම දැක්ක ගමන්,

“හරි… මං යනවා…”

කියලා කටින් පිටවෙන්න ගිය වචන ටික ඔහුටම ගිලගන්න සිද්ධ වුණා.රාවන් ගැඹුරු හුස්මක් ගත්තා.

“මොන මගුලක්ද මේ…”

ඔහු හෙමින් තමන්ටම මුමුණා ගත්තා…
රාවන් කාමරේ ජනේලය ළඟට ගිහින් හිටගත්තා.

පිටත රෑ අඳුර නිහඬව පැතිරී තිබුණා. ඒ අතරින් පහළ පිහිනුම් තටාකය මතට විදුලි පහන් ආලෝකය වැටී දිලිසෙමින් තිබෙනු ඔහුගේ ඇස් අල්ලාගත්තා.

ඒත් ඔහුගේ හිත ඇතුළෙ නම් තිබුණේ සම්පූර්ණ අවුලක්.

ඒ අතරෙ එකින් එක මැවි මැවී පෙනුණේ නෙලුම්ගේ අහිංසක මුහුණ.

ඒ කෙල්ල…

තමන් වෙනුවෙන් ඕන දෙයක් පූජා කරන්න ලෑස්ති කෙල්ලෙක්.

තමන් කවදාහරි අවංකව ආදරේ කරයි කියලා පොඩි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන නිහඬවම තමන් පස්සෙන් එන, තමන්ගෙ උවමනා එපාකම් ඉටුකරන කෙල්ලෙක්.

රාවන්ගේ පපුව ඇතුළෙ අමුතු බරක් තදවුණා.

“හෙට උදේ ඒකිගෙ මූණ බලන්නෙ කොහොමද…”

ඔහු හෙමින් තමන්ටම මිමිණුවා.

වෙන කෙල්ලෙක් එක්ක රෑක් ගත කරලා… ඊට පස්සේ ගිහින් නෙලුම් ඉස්සරහ සාමාන්‍ය විදිහට හිටගන්න පුළුවන්ද?

ඔහුටම තමන්ව අප්පිරිය හිතුණා.

අනික අර අපතයො දෙන්නා…

ජෙරාඩ්යි මාලනුයි.

උන් දෙන්නාව වලව්වට ගෙන්න ගත්තෙත් තමන්ට තනිය මැකෙන්න.

පොඩි කාලෙ ඉඳන් ඕනම දේකට තමන් එක්ක හිටියේ ඒ දෙන්නා.

දැන් උන් දෙන්නව තනියම දාලා මෙතන නතර වෙලා මේ ළඟදි අදුරගත්ත කෙල්ලෙක්ට තනි රකිනවා.

“මොන මගුලක්ද මේ…”

රාවන් නළල අතගෑවා.

“මේක මටම අයිතිවෙන්න තියෙන හෝටලේ ප්‍රයිවට් රූම් එක…
මං මොන එහෙකටද මේකිව මෙහෙටම ඇදගෙන ආවෙ…”

ඔහු හිත ඇතුළෙන්ම තමන්ටම බැන්නා.

“ශික්… රාවන්… උඹ වගේ ගොනෙක්…”

ඔහු හෙමින් දත් මිටි කෑවා.ඒ අතරේ, නේහා නිහඬවම ඔහු දිහා බලන් හිටියා.

අමාරුවෙන් වුණත් ඇගේ ඇස්වල තිබුණේ අමුතු ආසාවක්.

රාවන් මෙච්චර කලබල වෙලා ඉන්න එක…
තමන් වෙනුවෙන් බයවෙන එක…
ඇය නිහඬවම විඳිමින් හිටියා.

ඒ අතරෙ ඇය රාවන්ගෙ කඩවසම් සිරුර දෙස බලා සිටියේ පොඩි දුකකුත් එක්ක.

රාවන් ආයෙමත් හැරිලා බලද්දි නේහා ඉක්මනට ඇස් පහත් කරගත්තා.

ඒත් ඒ මොහොතට කලින් ඇගේ ඇස්වල තිබුණු හැඟීම ඔහුට හොඳටම පෙනුණා.

රාවන් හුස්මක් හෙළලා තව ටිකක් ඇඳ අයිනට ආවා.

“ඔයාට තාම අමාරුද…?”

ඔහු අහපු හඬ දැන් ටිකක් නිවිලා කියලා නේහට දැණුනා.

නේහා හිස හෙමින් හෙලවුවා.

“ටිකක්…”

රාවන් තවත් මොහොතක් ඇය දිහා බලන් හිටියා.

ඒත් ඔහුගේ හිත ඇතුළෙ නම් තවමත් එකම යුද්ධයක්…

රාවන් ඇඳ අයිනේ තිබුණු සැප පුටුවක හෙමින් වාඩිවුණා.

නේහා තවමත් නිහඬව ඔහු දිහා බලන් ඉන්නවා.

ඒ බැල්ම දැක්කම ඔහුගේ හිත තවත් අවුල් වුණා.

රාවන් කියන්නෙ කෙල්ලෙක්ව අමාරුවේ දාන්න කැමති කොල්ලෙක් නෙවෙයි.

ඔහු මෙතෙක් කලක් කවදාවත් කෙල්ලෙක්ට බොරු බලාපොරොත්තු දීලා නැහැ.

කොලුකමට කරන්න පුළුවන් හැම දඩබ්බර වැඩක්ම කළත්, කෙල්ලන් සමග ඔහුගෙ තිබුණෙ ඉතා අතේ දුරින් තිබූ ඇසුරක් පමණයි.

ඒ අතරෙ නේහා ඉහළින්ම සිටියා.

ඔහු කෙනෙක්ව ලං කරගෙන පස්සෙ අතරමඟ දාලා ගිය කෙනෙකුත් නෙවෙයි.

ඔහුගේ නපුරුකම…
කටකාරකම…
දඩබ්බර ගති කොතරම් තිබුණත්…

හිත ඇතුළෙ තිබුණේ පුදුම තරම් අවංකකමක්.

ඒ නිසාම නේහා මේ විදිහට තමන් පස්සෙන් එන එක ඔහුට තේරෙන්නෙ නැහැ.

“මං එයාට වැරැද්දක් කරෙත් නෑ…”

රාවන් හෙමින් හිතෙන් මුමුණුවා.

“බලාපොරොත්තුවක් දුන්නෙත් නෑ…”

ඒත් නේහා…

ඇය නිකන් අතහැරලා යන්න පුළුවන් කෙල්ලෙක් නෙවෙයි.

ඇත්තටම…

නේහා කියන්නෙ දැක්කම ආයෙත් හැරිලා බලන්න හිතෙන තරම් ලස්සන කෙල්ලෙක්.

ඇගේ සුදුමැලි මූණට වැටුණු කෙස් රැලි…
රතු පාටට පිරුණු තොල්…
අඬලා නිසා තවත් තෙත් වෙලා දිලිසෙන ඇස්…

ඒ හැමදේම කෙනෙක්ව පිස්සු වට්ටන්න තරම් ලස්සනයි.ඒ බැල්ම…ඒත්,

රාවන්ගේ ඇස් දෙක ඒ හැම ලස්සනක්ම පහුකරලා වෙනමම බරක් උසුලනවා.

ගැඹුරු තද දුඹුරු පාට ඇස් දෙකක්.

බලන කෙනෙක්ව එකපාරටම නිහඬ කරවන බැල්මක්.

කේන්තියෙන් බලද්දි ගිනි වගේ දැවෙනවා.
හිනාවෙද්දි,ඒ ඇස් දෙකේ අමුතු උණුසුමක් පිරෙනවා.

නේහාට හැමවෙලේම හිතෙන්නෙ රාවන්ගේ ඇස් දෙක ඔහු කියන්නෙ නැති හැම හැඟීමක්ම හංගගෙන ඉන්නවා කියලා.

දැන් ඒ ඇස් දෙක තමන් දිහා බලාගෙන ඉද්දි, නේහාගේ හදවත තවත් වේගෙන් ගැහෙන්න පටන් ගත්තා.රාවන් හෙමින් හුස්මක් ගත්තා.

“මොන මගුලක්ද මේ…”

ඔහු තවමත් තමන් එක්කම යුද්ධ කරනවා…

“රාවන්… ඔයා ඉන්නවා නේද අද…? ප්ලීස්… කියන්නකෝ…”

රත් පැහැති සිනිඳු නිදන ඇඳුමෙන් සැරසිලා හිටපු නේහා, ඇඳේ කොනක ඉඳගෙන රාවන් දිහා බැලුවේ අසරණ ආරාධනාවක් පිරුණු ඇස් දෙකකින්.

රාවන් නම් ඒ වෙලාවේ හිටියේ මෙතනින් පැනගන්නෙ කොහොමද කියලා හිත හිත.

ඔහු ඇය දිහා නොබලාම හෙමින් හුස්මක් පිට කළා.

“නේහා… ඔයාගේ හස්බන්ඩ් දැනගත්තොත්…?”

ඔහු අමාරුවෙන් වචන තෝරමින් ඇහුවා.

“ඇයි ඔයා ඔහොම එයාට රිද්දන්නෙ…?”

නේහා කට කොනකින් හිනාවුණා.ඒ හිනාවේ තිබුණේ දුකද…? නැත්තම් නොසන්සුන් ආසාවක්ද…?රාවන්ට තේරුම් ගන්න බැරි වුණා.

“රාවන්… එයාට මාව ඕනි නෑ…”

ඇය හෙමින් කිව්වා.

“එයා මට වඩා ගොඩක් වැඩිමහල්… අපි ගැලපෙන්නෙ නෑ… එයාට ඕනි සල්ලි විතරයි. එයාට මාව තේරෙන්නෙ නැහැ…”

රාවන් ඇස් පියාගෙන මොහොතක් නිහඬව හිටියා.

“ඉතින් නේහා… ඔයා එයාව මැරි කරන්න කලින් නේද ඕවා හිතන්න තිබ්බෙ…”

ඔහුගේ කටහඬ මෘදුයි.තරහක් එහි තිබුණේ නෑ.

තේරුම් කරවන්න හදන අසරණ උත්සාහයක් විතරක් එහි රැඳිලා තිබුණා.

“එයා ඔයාට වැරැද්දක් කරලා නැහැනේ…”

නේහා තොල් සොලවමින් රාවන් දිහා බැලුවා.

“අනේ රාවන්…”

ඇය හෙමින් ඇඳ උඩින් ඉස්සරහට ලංවුණා.

“ඔයා හරි වෙනස්…”

රාවන් කණ්ණාඩිය අයිනට හැරිලා හිටිය.

නේහාගේ සුවඳ… ඇගේ උණුසුම් හුස්ම…
ඒ කාමරේ පුරාම පැතිරෙමින් තිබුණා.

“මං හිතුවේ… ඔයා වගේ කොල්ලෙක් නම් කිසි දෙයක් ගණන් ගන්නෙ නැති වෙයි කියලා…”
නේහා හිනාවෙමින් කිව්වා.

“ඒත් ඔයා…”

ඇය ටිකක් නවතිලා ඔහුගේ ඇස් දෙක දිහා බැලුවා.

“ඔයා ඇතුළෙන් හරි සොෆ්ට්. පොඩි ළමෙක් වගේනේ… බයයිනේ…”

රාවන්ට ඒ කතාවට හිනා යන්නත් කේන්ති යන්නත් දෙකම එකට වගේ දැනුණා.

“සොෆ්ට් නෙවෙයි නේහා…
මට මිනිස්සු අමාරුවේ දාන්න බෑ…”

ඔහු හෙමින් කිව්වා.

“කවදාවත්…”

නේහා ඒ වචන ටික අහලා තවත් නිහඬවුණා.

ඇයට ඕනි වුණේ රාවන් වගේ නපුරු, අහංකාර, කවුරුත් ගණන් නොගන්න යක්ෂ කොල්ලෙක්.

ඒත්,

මේ මනුස්සයා ඇතුළේ ඇය හිතපු තරම් නපුරක් තිබුණේ නෑ.

ඒකයි නේහා තවත් තවත් ඔහුට ඇදිලා ගියේ…

නේහා තවමත් රාවන්ගේ අතින් අල්ලගෙන හිටියේ බයවෙච්ච පොඩි ළමයෙක් වගේ.

රාවන් හෙමින්ම ඇගේ ඇඟිලි තම අතෙන් ඉවත් කළා.

ඒ ස්පර්ශයවත් නේහාට අමුතුම වේදනාවක් වගේ දැනුණා.

“නේහා…
ප්ලීස්. මාව වැරැද්දට පොළඹවා ගන්නත් එපා. මාත් මනුස්සයෙක්.මගෙත් ඉවසීමෙ සීමාවක් තියෙනවා…”

රාවන් ඉතා මෘදු හඬින් කිව්වා.ඔහුගේ කටහඬේ තරහක් තිබුණේ නෑ.

තිබුණේ, හිත රිදවගත්ත කෙනෙක්ගේ බරක්.

“කවදාවත්…
ඔයාට ආදරේ කරන කෙනාට ඔහොම රිද්දන්න එපා…”

නේහා නිහඬව ඔහු දිහාම බලන් හිටියා.

රාවන්ගේ ඇස් දෙකේ වෙනදට තිබුණු දඩබ්බර ගිනියම අද ටිකක් වෙනස්.

ඒ ඇස් ඇතුළේ තිබුණේ අමුතුම අවංක බවක්.

“එයා ඔයාගෙ හස්බන්ඩ් නේහා…”

ඔහු හෙමින්ම කිව්වා.

“ඔයාලා පවුලක්…”

නේහාගේ දෑස් හිමිහිට තෙත් වෙන්න ගත්තා.

“ඔයාලා දෙන්නා එකට ඉන්න ඕනි…”

රාවන් කතා කළේ හිතෙන්ම තේරුම් කරවන්න උත්සාහ කරන කෙනෙක් වගේ.

“ගෑණියෙක් පිට යන එක හොඳ නෑ…”

ඔහු ටිකක් නිහඬව නේහා දිහා බැලුවා.

“ගැහැනිය තමා පවුලක් රකින්න ඕනි.පිරිමියෙක් වගේ නෙවෙයි…”

නේහාගේ දෙතොල් හෙමින් වෙව්ලුවා.

“ඒත්… රාවන්… ඔයාට තේරෙන්නෙ නෑ…”

ඇය අමාරුවෙන් වචන ගැලපුවා.

“මං… ඒ ගෙදර හුස්ම ගන්නෙත් තනියම…”

රාවන්ගේ හිත එක මොහොතකට ගැස්සුණා.
ඒත් ඔහු තමන්වම පාලනය කරගත්තා.
නේහා ලස්සනයි…

ඒ රතු පැහැ නිදන ඇඳුම ඇඟට ඇලී තිබුණ හැටි… තෙත් ඇස්… වෙව්ලන තොල්…

ඕනෑම පිරිමියෙක්ව අසරණ කරවන්න තරම්.
ඒත්,රාවන්ට කවදාවත් කාගෙවත් ජීවිතයක් කඩන්න ඕනි වුණේ නෑ.

“ඔයා දැන් රෙස්ට් කරන්න…”

ඔහු හෙමින් කිව්වා.

“හෙට උදේට හැමදේම හරි යයි…”

නේහා ඒ වචන අහලා නිහඬවම ඇඳ අයිනට වෙලා හිටියා.ඇගේ හිතට නම් තවමත් ඕනි වුණේ,රාවන් එතනින් යන්නෙ නැතුව තමන් ළඟම ඉන්නවා දකින්න…

නේහා නිහඬව ඇඳ අයිනට වෙලා හිටියා.
ඇගේ දෑස් තවමත් තෙත්.

රාවන් නම් කාමරේ මැද නවතිලා එක මොහොතක්වත් ඇය දිහා නොබලා හිටියා.
ඒ ඇතුළේ ඔහුගේ හිත දැන් සටනක.
කොච්චර හැඟීම් ඇතුළට එනවා වුණත්, රාවන්ට ඒවා පාලනය කරගන්න පුළුවන් හේතු ගොඩක් තිබුණා.

පළවෙනි එක…
පවුල.ඒ තමා කුඩා කළ සිටම මම්මා වෙනුවෙන්.ඔහු හැමවෙලේම උත්සාහ කළේ තම පවුලේ නම්බුව රැකගන්න.

“කවදාවත් ඒකට කැළලක් වෙන්න දෙන්නෙ නෑ…”ඔහු තමන්ටම වචනයක් දීලා තිබුණා.

දෙවෙනි එක… තමන්ගේ හැසිරීම.
රාවන්ට ඕනි වුණේ කවදාවත් කාටවත් රිදවන්නෙ නැති අවංක මනුස්සයෙක් වෙන්න.
දඩබ්බර වුණත්,හිතුවක්කාරයා වුණත්,
බලවත් වුණත්… කටකාර වුණත්…
හිත ඇතුළේ තිබුණේ අනෙක් අයට ගෞරව කරන හැඟීමක්.

“මං කවදාවත් කෙනෙක්ව අමාරුවේ දාන්නෙ නෑ…”

ඔහු ඒක නිතරම තමන්ටම කියාගත්තා.
ඒ මම්මා පප්පාගෙ සමහර වැරදි හැසිරීම් නිසා විඳපු දුක් වේදනා ඔහු කුඩා කළ හොඳින්ම දුටු නිසා.

තෙවනුව...නෙළුම්.පළමුව හදවතට දැනුණු ඒ අවංක, නිර්වියාජ, උණුසුම් ආදරේ වෙනුවෙන්.
නේහා දිහා බැලුවත් ඔහු තවත් ටිකක් පස්සට ගියා.

ඇයව ලං කරගන්න හිතුණත්… ඒකට ඉඩ දෙන්න පුළුවන් තැනක ඔහු හිටියේ නෑ.

“රාවන්…”

නේහා හෙමින් ඔහුගේ නම කතා කළා.
ඒ හඬට ඔහුගේ පපුව ටිකක් තද වුණා.
ඒත් ඔහු හැරිලා බැලුවේ නෑ.

“ඔයා රෙස්ට් කරන්න…”

ඔහු හෙමින් කිව්වා.

“මට තේරෙන්නෙ මේක වැරදි වැඩක්. ඔයා හෙට උදෙන්ම මම එක්කන් යන්නම් ගෙදර…”

ඔහුගේ හඬ දැන් ටිකක් බරයි.
ඇතුළේ තියෙන හැඟීම් පිටතට එන්න හදනවා වගේ.ඒත් ඔහු ඒවා තද කරගත්තා.

කොච්චර ආදරෙන් හැසිරුණත්…
කොච්චර හිත උණුවුණත්…රාවන් තමන්ව පාලනය කරගන්න පුළුවන් කෙනෙක්.

නේහා තවමත් ඔහු දිහාම බලන් හිටියා.
ඒ ඇස්වල තිබුණේ ඉල්ලීමක්ද…?
නැත්තම් තේරුම් ගන්න බැරි ආදරයක්ද…

රාවන් හෙමින් හුස්මක් අරගෙන දොර පැත්තට හැරුණා.

“ඔයා රෙස්ට් කරන්න…”

ඒ වචන ටිකත් එක්ක ඔහු කාමරෙන් පිටවෙන්න ලෑස්ති වුණා.

ඒත් පිටවෙන්න හිතද්දිත් ඔහුගේ හිත ඇතුළේ නේහාගේ අඬන ඇස් තවමත් හිටියා…

නෙලුම්…ඒ නම රාවන්ගේ හිත ඇතුළේ හෙමින්ම ඇදිලා ආවා.ඔහු ඇඳ අයිනෙන් නැගිටලා ජනේලය දිහා බැලුවා.

රාත්‍රී අඳුර ඇතුළේ නගරේ විදුලි පහන් මදක් දීප්තිමත් වෙලා දිලිසුණා.

ඒත් ඔහුගේ හිත ඇතුළේ නම් එළියක් නෙවෙයි,අමුතු බරක්.

නෙලුම්…රාවන්ට ඕනි වුණේ ඇයට පිරිසිදු ආදරයක් දෙන්න.එක හිතින්ම.බොරුවක් නැතිව… කවදාවත් රිද්දන්නෙ නැතිව…
ඇයව ආරක්ෂා කරන ආදරයක්.

ඒක ඔහුට හොඳටම දැනුණේ නෙලුම් කියන්නේ තමන් හැම අතින්ම බලාපොරොත්තු වෙච්ච ගතිගුණ පිරුණු කෙල්ලක් නිසා.

නිහතමානී… ආදරණීය…
කවදාවත් වංචාවක් නොහිතන හදවතක්.

“ඒ වගේ කෙනෙක් නැති කරගන්න බෑ…”

ඔහු හෙමින්ම තමන්ටම මුමුණුවා.ඒත් අද ,නේහා…

ඇයගේ උණුසුම් හුස්ම තවමත් ඔහුගේ මතකයේ.ඇයගේ අහිංසක ඇස්…
බයත්, බලාපොරොත්තුවත් එකට මිශ්‍ර වෙච්ච ඒ බැල්ම…

“රාවන්…”

කියලා ඇය කියපු හැම වචනයක්ම ඔහුගේ කණේ තවමත් ඇහෙනවා වගේ.
ඇයගේ ඇඟේ තිබුණු උණුසුම…
ඇයගේ වෙව්ලන හුස්ම…

ඔහුගේ මතකේ අස්සේ අමුතුම තරමක සන්සුන් බවක්ත්, කැළඹීමක්ත් එකට ගැටෙමින් තිබුණා.

“ඇය හරි අහිංසකයි…”

රාවන් හෙමින් හිතුවා.

“මං කියන ඕනම දේකට ඉඩ දෙන තරම්…”

ඒ හිතුවිල්ලත් එක්කම ඔහුගේ පපුව තවත් තද වුණා.ඔහු දන්නවා මේ හැමදේම පාලනය කරගන්න ඕනේ.නෙලුම්ව රැකගන්න ඕනේ.
තමන්ගේ පවුලේ නම්බුවත්… තමන්ගේ ජීවිතේ තීරණත්…ඒ හැමදේම මැද රාවන් නැවතත් හුස්මක් ගත්තා.ඇතුළේ තිබුණේ ආදරයත්… බයත්… අසම්පූර්ණ හැඟීම් ගොඩක්…

නේහා ඇඳ අයිනේ හිටගෙනම රාවන් දිහා බැලුවා. ඔහුගේ හඬ සාමාන්‍ය වුණත්, ඇතුළේ තිබුණේ බරක්. එය ඇයට හොඳින්ම දැනුණා.

“නේහා… මං දැන් යන්න ඕන…”

රාවන් ටිකක් නැවතිලා ඇය දිහා බැලුවා.

“ඒත් ඔයාට එක දෙයක් කියන්න ඕන…”

ඔහුගේ හඬ තවත් මෘදු වුණා.

“ඔයා කලබල වෙන්න එපා… ඒත් මේක ඔයා දැනගන්නම ඕනේ…”

නේහාගේ ඇස් තවත් විශාල වුණා.

“මොකක්ද…?”

ඇය කුතුහලයෙන් ඇහුවා.

රාවන් හොඳ හුස්මක් අරගෙන තත්පරයක් නිහඬව හිටියා.

“නේහා…”

ඔහු හෙමින් කිව්වා.

“මට කෙල්ලෙක් ඉන්නවා…”

ඒ වචන ටික කාමරේ ඇතුළේම නතර වුණා වගේ.

නේහා එක මොහොතකට චලනය වුණේ නෑ.
ඇගේ හුස්ම නතරවුණා වගේ දැනුණා.

රාවන් දිගටම කතා කළා.

“මං එයාට ඇත්තටම ගොඩක් ආදරෙයි…”

“එයත් එහෙමයි…”

ඔහුගේ ඇස් දැන් ටිකක් දුර බලනවා.
ඒ ඇස්වල අමුතුම ආදරණීය බවක් ඇතිවෙලා තියෙනවා කියලා නේහා දැක්කා.

“එයාට වංචාවක් කරන්න බෑ මට…”

නේහාගේ ඇස් ටික ටික තෙත් වුණා.

“මොකද… එයා ගොඩක් අහිංසකයි…”

රාවන්ගේ හඬ තවමත් නිවුණු එකක්.

“ජීවිතේ සැප කියන්නෙ මොකද්ද කියලා
හරියට දැකලවත් නැති කෙල්ලෙක්…”

ඔහු හෙමින් හුස්මක් පිට කළා.

“ඒ තරම්ම අසරණ කෙල්ලෙක්.මොනදේ ඒත් මාව ජීවත් කරන්න තරම් ආදරේ හිතේ පිරිච්ච කෙල්ලෙක්...…”

නේහාගේ දෙතොල් වෙව්ලන්න ගත්තා.

“එයාගේ එකම බලාපොරොත්තුව මං…”

රාවන් කතා කළේ බර හදවතකින්.

“එයාට මං නැතිවුණොත්…
එයත් මේ ලෝකෙන් නැතිවෙයි නේහා…”

ඒ වචන ටිකත් එක්කම නේහා ඉකි ගසන්න ගත්තා.ඇගේ හුස්ම බිඳිලා ගියා.

“රාවන්…”

ඇය අමාරුවෙන් ඔහුගේ නම කියාගත්තා.

රාවන් ඇය දිහා බලලා තවත් කිසිම වචනයක් නොකියා හෙමින් දොර පැත්තට හැරුණා.

කාමරේ ඇතුළේ නේහාගේ ඉකිගැසීම විතරයි ඉතිරි වුණේ.

රාවන්ගේ හදවතත් ඒ එක්කම හෙමින් බර වුණා…
.......................................................

රාවන් දොර අයිනටම ආවා.දොර හැරෙන්නත් කලින් ඔහු මොහොතක් නතර වුණා.

පිටත රාත්‍රිය තවමත් නිහඬයි.
හීනි සුළඟක් ජනේලයේ විවර අතරින් ඇතුළට එනවා.

කාමරේ ඇතුළේ නේහා තවමත් ඉකි ගසනවා.

ඒ හඬ රාවන්ගේ පපුව ඇතුළේම ඇලෙමින් තිබුණා.
ඔහුටත් දුකයි. ඒක පැහැදිලිවම දැනෙන හැඟීමක්.ඒත් ඒ දුක මැද තවත් බරක් තිබුණා.

“නේහා වෙන කෙනෙක්ගෙ…”

ඔහු හෙමින් හිතුවා.

“මමත්… තව කෙනෙක්ගෙ…”

ඒ දෙකම අතරේ ඔහු නවතිලා හිටියේ අතරමං වෙලා වගේ.

ආදරය කියන එක එක පාර්ශ්වයකින් විතරක් ඉදිරියට ගන්න බැරි දෙයක් කියලා රාවන් දන්නවා.

ඔහුගේ ඇතුළේ අවංකකම තියෙනවා.
නේහාට වංචාවක් කරන්න බැරි හිතක්.

නෙලුම් ඉස්සරහ පිරිසිදු වෙන්න ඕන හිතක්.
ඒත් අද,ඒ හැමදේම අතර ඔහුගේ හදවත දෙකට කැඩිලා වගේ.

පිටත පරිසරය තවමත් සන්සුන්.
නාන තටාකය පැත්තෙන් හීනි ජල හඬක් ඇහෙනවා. දුරින් ගස්වල කොළ එකට ගැටෙන ශබ්දයක්.ඒ නිහඬ ලෝකේ
රාවන්ගේ හිතේ කුණාටුවක්.

“අනියම් ඇසුරක විපාක…”

ඔහු හෙමින් තමන්ටම මුමිණුවා.ඇසුර කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඇදගන්න ලේසි… ඒත් ගැලවෙන්න අමාරු.

බොරුවක් එක්ක ගොඩනැගෙන හැම බැඳීමක්ම අන්තිමට කෙනෙක්ව රිදවලාම ඒක ඉවර කරනවා…ඔහු හිතුවා.රාවන් දොර අල්ලලා හෙමින්ම බැල්කනියට පිටවුණා.

පියවරක් තියද්දිත් පිටිපස්සෙන් නේහාගේ ඉකිගැසීම තවමත් ඔහුගේ කණේ ඇහුණා.

ඒ හඬ රෑ අඳුරත් එක්කම
ඔහුගේ හිත ඇතුළේ හෙමින් හෙමින් අතුරුදහන් වෙන්න පටන් ගත්තා…
.......................................................

බැල්කනිය මතට වී ඇඳ මත ඉකිගසමින් සිටින නේහා දෙස ඔහු දුකින් බලාගෙන සිටියා.නේහා අඩමින් හිටියේ
රාවන්ගේ වචන අහගෙන.

කාමරේ ඇතුළේ විදුලි පහන්
මදක් අඩු ආලෝකයකින් දැල්වෙලා තිබුණා.
බිත්තිය දිගේ වැටුණු සෙවනැලිත් එක්ක
ඒ අවකාශය තවත් බර වෙලා වගේ.

රාවන් බරාදය අයිනේ නතර වෙලා හිටියා.

රාත්‍රියේ ශීත සුළඟ හෙමින් හෙමින් ගලාගෙන එනවා. පිටත ගස් කොළ හෙමින් ගැටෙන හඬක් ඇහෙනවා.

ඔහු හෙමින් හුස්මක් අරගෙන කතා කළා.

“නේහා…”

ඔහුගේ හඬ දැන් ටිකක් තදයි.
ඒත් ඇතුළේ තිබුණේ පාලනයක්.

“ඔයා තේරුම් ගන්න…”

ඔහු ටිකක් කතාව නවත්තලා ඇය දිහා බැලුවා.නේහා ඇඳ අයිනේම හිටගෙන
ඔහුගේ වචන එකින් එක අහගෙන හිටියා.

“මට අයිති නැති දේවල්…”

රාවන් හෙමින් කියාගෙන ගියා.

“මට මගේ කරගන්න ඕනේ නෑ…”

ඔහුගේ ඇස් තත්පරයක් අඩුවෙන් තද වුණා.

“ඒත්…”

ඔහු හුස්මක් අරගෙන තවත් එක වචනයක් එකතු කළා.

“මට ඕනම දෙයක් නම්…
මං කොහොමහරි අයිති කරගන්නවා.”

කාමරේ නිහඬ වුණා.

ඒ වචනවල බර වටපිටාවම පිරෙන්න වගේ දැනුණා.

ඊළඟ මොහොතේ ඔහු හඬ ටිකක් මෘදු කළා.

“ඒත්… අනුන්ට අයිති දේවල් නෙවෙයි…”

නේහාගේ දෑස් ටිකක් තෙත් වුණා.රාවන් ඇය දිහා නොබලාම වචන දිගටම කිව්වා.

“ඒක තේරුම් ගන්න…”

කතාව අතරමඟ නවතිලා වගේ.
පිටත සුළඟ තව ටිකක් තද වුණා.
ගස් කොළ හෙමින් සලන හඬ වැඩි වුණා.

රාවන් ඈත බලලා තවත් එක තීරණයක් ගත්තාවගේ හුස්මක් ගත්තා.

“මිස්ට දංගල්ල…”

ඔහු හෙමින් කියාගෙන ගියා.

“ලංකාවට ආව ගමන් ඔයා එයා එක්ක සෙට්ල් වෙන්න, නේහා…”

ඒ වචන ටිකත් එක්ක නේහාගේ හිත එක මොහොතකට හිස් වුණා වගේ.
ඇය කිසිවක් නොකියා ඔහු දිහාම බලාගෙන හිටියා.රාවන් නම් ඇස් ඇයට නොහරවාම පහළින් පෙනෙන පිහිනුම් තටාකය දිහාවට හැරුණා.

රාත්‍රිය තවමත් නිහඬයි.ඒ නිහඬතාවය ඇතුළේ කවුරුත් නොකියන දේවල් ගොඩක්
හෙමින් හෙමින් පාවෙමින් තිබුණා…
.......................................................

නේහාගේ ඇස්වලින් කඳුළු එකින් එක වැටුණා.ඒ කාමරේ නිහඬතාවය ඒ කඳුළු වැටෙන හඬත් එක්ක තවත් බර වුණා වගේ.
රාවන් තවමත් හිටියේ බරාදය අයිනේ.
පිටත රාත්‍රිය සීතලයි. ගස් කොළ සුළඟට
හෙමින් ඇලෙමින් ගැටෙනවා.නේහා හෙමින් කතා කළා.

“එතකොට… ඔයා මට ලං වුණේ ආදරේට නෙවෙයිද රාවන්…?”

ඇගේ හඬ බිඳිලා ගියා.

“ප්ලීස්… මට කියන්න…”

රාවන් ටිකක් නිහඬව හිටියා.

ඔහුගේ ඇස් තවමත් ගොඩනැගිල්ලෙන් එහා.ඊට පස්සේ හෙමින් හැරිලා ඇය දිහා බැලුවා.

“නේහා…”

ඔහුගේ හඬ ඉතා මෘදුයි.

“අපි එක දවසයි දැක්කෙත්…”

ඔහු ටිකක් නැවතිලා හුස්මක් ගත්තා.

“අපි කතා කළා… ඩාන්ස් කළා… ටිකක් ලං වුණා…”

නේහාගේ ඇස් තවමත් ඔහුටම නැවතිලා.

රාවන්ගේ හඬ තවත් පහළට ගියා.

“ඒත්… ඒකෙන් අපි අතරේ අමතක කරන්න බැරි බැඳීමක් ඇතිවුණා කියලා
මට හිතෙන්නෙ නෑ, නේහා…”

කාමරේ තවමත් නිහඬයි.රාවන් හෙමින් අත ඔසවලා තමන්ගේ හදවත පෙන්වලා වගේ කතා කළා.

“ඔයාට එහෙම දැනුණා නම්… සොරි…”

ඇය තවත් අඬන්න ගත්තා.රාවන්ගේ හඬ තවත් බර වුණා.

“මගේත් වැරැද්දක් තියෙනවා…”

ඔහු ඇස් ටිකක් පහත් කළා.

“එහෙමවත් ඔයාට ලං නොවී ඉන්න තිබ්බා මට…”

ඒ වචන ටිකත් එක්ක ඔහුගේ හිතත් බර වුණා.

“එහෙම වුණානම්… ඔයාට මෙහෙම දුකක් නැහැ…”

නේහා තවමත් ඉකි ගසමින් බැල්කනිය දෙසට ආවා.රාවන් ඇයට කිසිම ලංවීමක් නොකර
මදක් පස්සට ගියා.

“ප්ලීස් නේහා…”

ඔහු හෙමින් කිව්වා.

“අයිම් සොරි…”

පිටත සුළඟ තද වුණා.

ඒත් සමගම අඳුරු රාත්‍රිය තවත් ගැඹුරු වුණා.
.......................................................

රාවන් හෙමින් කාමරයට ගියා.
නේහාත් නැවත ඔහු පසුපසින්ම ගමන් කළා.
ඒ කාමරේ ඇතුළේ කඳුළුත්, නිහඬතාවයත්, නොකියන හැඟීම්ත් එකට මිශ්‍ර වෙලා තිබුණා…රාවන්ගේ සාක්කුවේ තිබුණ දුරකථනය එක දිගටම නාද වෙන්න ගත්තා.නිහඬ කාමරේ ඒ හඬ තව ටිකක් උණුසුම්ව කැඩිලා ගියා.ඔහු ටිකක් නැවතිලා
දුරකථනය අතට ගත්තා.තත්පරයක් ඒ දෙස බැලුවා.

“පප්පා calling…”

ඔහුගේ මුහුණේ මදක් වෙනස්වීමක්.

“ශික්…”

හෙමින්ම ඔහු මුමුණුවා.නේහා තවමත් ඇඳ අයිනේ හිටගෙන ඔහු දිහාම බලාගෙන හිටියා.රාවන් ඇමතුම ගෙන කතා කළා.

“යෙස් පප්පා…”

ඔහුගේ මුහුණෙ තිබුණෙ නොසන්සුන්කමක්.

“නෑ… නෑ පප්පා… මං ඉක්මනට එනවා…”

තත්පර කිහිපයකට ඔහු ඇහුම්කන් දුන්නා.

“ඕකේ… ඕකේ…”

“ශුවර්… ශුවර්…”

ඇමතුම විසන්ධ

රාවන්....විසි හයවැනි කොටස🌹 ...ඔයාලගෙ අදහස් එක්ක ලියලා තියෙන්නෙ.....හෙට උදේම ගේන්නම් කියවන්න....😍😍😍😍
09/05/2026

රාවන්....විසි හයවැනි කොටස🌹 ...ඔයාලගෙ අදහස් එක්ක ලියලා තියෙන්නෙ.....හෙට උදේම ගේන්නම් කියවන්න....😍😍😍😍

07/05/2026
විසිපස් වැනි කොටස🌹 නෙලුම් පැදුරෙන් නැගිට දොර අරින්න යන්න හැරුණා.“යන්න එපා…”පසුපසින් ඇගේ අත හෙමින් අල්ලගත්තේ රාවන්.ඒ හඩ උ...
06/05/2026

විසිපස් වැනි කොටස🌹

නෙලුම් පැදුරෙන් නැගිට දොර අරින්න යන්න හැරුණා.

“යන්න එපා…”

පසුපසින් ඇගේ අත හෙමින් අල්ලගත්තේ රාවන්.

ඒ හඩ උච්ච නෙවෙයි.ඒත් ඒකේ තිබුණේ ඇයව නවත්තන්න පුළුවන් අමුතුම උණුසුමක්.

නෙලුම්ගේ හදවත එකපාරටම ගැස්සුණා.

“අනේ බේබි මහත්තයා…”
ඇය හෙමින් කිව්වෙ හුස්ම ටිකක් වෙව්ලෙමින්.
“කවුද ඇවිල්ලා… ඇහෙන්නෙ නැද්ද…”

"ඉතින් ආපුදෙන්..."රාවන්ගෙ ඇස් වල තිබ්බෙ ආලෙන් මත් වෙච්ව අමුතු බැල්මක්.

දොරට තඩි බාන සද්දෙ තවත් තද වුණා.

“කෙල්ලේ… දොර ඇරපං!”

ඒ කටහඩකාමරේ නිහඬතාවය කපාගෙන ඇවිත් වැදුණා.

නෙලුම් ආයෙත් හැරුණා.ඇගේ ඇස්වල බය පැහැදිලිව පෙණුනා..

“මට යන්න ඕනි…”

ඇය කීවා.රාවන් එක පියවරක් ඉස්සරහට ගියා.ඊළඟ මොහොතේ ඇයව ආයෙත් තම පපුවට ඇදගත්තා.

නෙලුම්ගේ හුස්ම එකවරම හිර වුණා.

“මට නම් බෑ…”

ඔහුගේ හඩ ඇගේ කන අසලම හුස්ම එක්ක මිශ්‍රවුණා.

ඒ උණුසුම ඇගේ ගෙල දිගේ හෙමින් පැතිරෙද්දි
ඇගේ ඇඟම හීනියට කම්පනය වුණා.

“අතාරින්නකෝ…”

ඇය කියනවා,ඒත් ඇගේ අත ඔහුගේ කමිසය තදින්ම අල්ලගත්තා.

දොරට තඩි බාන සද්දෙ තවත් වේගවත් වුණා.

ඒත් ඒ මොහොතේ ඒ සද්දෙ දෙන්නාට දුර ලෝකයක් වගේ.

රාවන් ඇයත් එක්ක හෙමින්
පැදුරට ආපහු ඇදගෙන වැටුණා.

නෙලුම්ගේ දිග කොණ්ඩේ ඔහුගේ පපුව මත විසිරුණා.ඔහුගේ අතඇගේ පිට දිගේ ඉතාම හෙමින් සෙලවුණා.ඒ ස්පර්ශය
ඇගේ ඇඟ පුරා හීනියට සීතලක් වගේ දිව්වා.

“නෙලුම්…”

ඔහු හෙමින් කියාගත්තා.ඇයගේ ඇස් හෙමින් පියවුණා.හුස්මගැඹුරු වුණා.ඔහුගේ අත
ඇගේ කම්මුලට ලඟා වෙල ඇගේ මුහුණ
තමා දිහාට හරවගත්තේ සිතුවම් වගේම මෘදුයි.

එක මොහොතක් ඔහු ඇය දිහා බලන් හිටියා.

ඇගේ වෙව්ලන දෙතොල්…ලැජ්ජාවෙන් රතු වෙච්ච මුහුණ…

“බය වෙන්න එපා…”

ඔහු හෙමින් කිව්වා.ඒ වචන ඇගේ හිතටම වැදුණා වගේ.නෙලුම්ගේ ඇස් සම්පූර්ණයෙන්ම පියවුණා.හුස්මක් විතරයි අතරේ.

රාවන් හෙමින් ඇය ලඟට නැමුණා.
ඔහුගේ හුස්ම ඇගේ තොල්වලටම ලඟා වෙද්දි
නෙලුම්ගේ අත ඔහුගේ පපුව මත තදින්ම රැඳුණා.

දොරට තඩි බාන සද්දෙ තවත් උච්ච වුණත්—
ඒ මොහොතේ ලෝකේම ඔවුන් දෙන්නා විතරයි.

රාවන් ඇයව තවත් තුරුල් කරගෙන ඒ මොහොත නවත්තන්න බැරි ආදරයක්
හෙමින් හෙමින් ජීවිත් වෙන්න පටන් ගත්තා.
නෙලුම් එකපාරටම හුස්ම ගැස්සෙමින් රාවන්ගෙන් මිදී ගියා.

“අනේ…”
ඇය හෙමින් කියාගෙන ඉක්මනින් නැගිටලා
ගවුම හදාගෙන දොර පැත්තට දිව ගියා.
ඇගේ හදවත තවමත් තදින් ගැහෙනවා.

පැදුර මත රාවන් තවමත් උඩුකුරුව වැතිරගෙන හිටියා.ඔහුගේ දෙතොල් මත
හීන් හිනාවක් රැදුණා.

“පිස්සි…” ඔහු හෙමින් මුමුණගත්තා.

දොරට තඩි බාන සද්දෙ තවත් තද වෙමින් තිබුණා.

නෙලුම් දොර ළඟ නතර වුණා.අතදොර කොක්කට යද්දි ඇගේ ඇඟම තවමත් හීනියට වෙව්ලුණා.හුස්ම ගැඹුරු කරගෙන
ඇය හෙමින් දොර අරින්න පටන් ගත්තා.
දොර කෙමෙන් කෙමෙන් විවර වුණා.

එලියෙන් තිබුණු ආලෝකය කාමරේ අඳුර ඇතුළට රිංගා ආවා.

“කෙල්ලේ! කොහෙද හිටියේ මෙච්චර වෙලා?”

දොර ඉදිරියේ කේන්තියෙන් හුස්ම ගන්න
පුංචි අම්මා හිටියා.නෙලුම්ගේ හදවත
තවත් තද වුණා.

“මං… මං…”
ඇය වචන හොයමින් හිටියා.

“මොකද මේ දොර වහගෙන ඉන්නෙ?”
ඒ කටහඩ තවත් සැර වුණා.
නෙලුම් හෙමින් හිස පහළට දාගත්තා.

පැදුර මත වැතිරගෙන හිටපු රාවන්
ඇස් පියාගෙනම ඒ හැම දෙයක්ම අහගෙන හිටියා.ඔහුගේ හිනාව තවත් ගැඹුරු වුණා.

නෙලුම්ගේ වෙව්ලන හඩ…බය…ඒ හැමදේම
ඔහුට ඇහෙද්දි ඔහුට ඒක අමුතුම සැනසීමක් වුණා.

“කෙල්ලේ, ඇතුළෙ කවුද ඉන්නෙ?”

එකපාරටම ඒ ප්‍රශ්නෙ එලියෙන් ඇහුණා.

නෙලුම්ගේ ඇඟ එකවරම ගැස්සුණා.ඇය ඉක්මනින් දොර තව ටිකක් ඉදිරියට ඇරලා
පාර අඩක් වැහුවා.

“කවුරුත් නෑ…”
ඇය ඉක්මනින් කියාගත්තා.

“බොරුව කියන්න එපා!”

ඒ හඩ තවත් උච්ච වුණා.

නෙලුම්ගේ ඇස් බියෙන් විශාල වුණා.

ඇය අනියම්ව පස්සට බැලුවා රාවන් තවමත් පැදුර මත.ඇස් පියාගෙන ඒත් ඔහුට හැමදේම ඇහෙනවා.ඔහුගේ මුවේ හිනාව තවමත් තිබුණා

“කෙල්ලේ…”
එලියෙන් නැවතත් කටහඩ ඇහුණා,
මෙවර සැකයෙන් නෙලුම්ගේ හදවත
ඉදිරියටම පැන්නේ වගේ.ඇය දොර අල්ලගෙන නිශ්ශබ්දව හිටියා.

ඒ මොහොතේ කාමරේ ඇතුළෙ පැදුර මත වැතිරගෙන හිටපු රාවන් හෙමින් ඇස් ඇරියා.ඒ ඇස් වල තිබුණේ සාමාන්‍ය දෙයක් නෙවෙයි…

අල්ලගන්න බැරි අභියෝගයක් වගේ
අඳුරු දිලිසීමක්.ඔහු හෙමින් පැත්තකට හැරුණා.

රාවන්ගේ ඇස් එකවරම රතු පැහැයෙන් දිලිසුනා. ඇතුළේ තදවෙලා තිබුණු කේන්තිය එක මොහොතකින් පිපිරෙන්න ලෑස්ති වුණා වගේ. දත් මිටි කාගෙන ඔහුගේ හකු තද වුණා. අත් දෙකම නොදැනීම ගුලි වෙද්දී ඇඟ පුරාම ගිලී ගිය ආවේගය සන්සුන් කරගන්නවත් ඔහුට බැරි වුණා.

පැදුර මත හිටපු තැනින් ඔහු එකවරම නැගිට්ටා. ඒ නැගිටීම සාමාන්‍ය එකක් නෙවෙයි. හරියට ඇතුළේ තදවෙලා තිබුණු දෙයක් බිඳගෙන පිටට එනවා වගේ එකක්.
දොර පැත්තෙන් ඇහෙන හඬ තවත් පැහැදිලි වෙන්න ගත්තා.

“ඇයි උඹ ගෙදරින් හොරෙන් පැනලා ආවේ...?”
ඒ ගැහැනු හඩේ තිබුණේ ආදරයක් නෙවෙයි. ඒක ආරෝපණයක්, අයිතියක්, තර්ජනයක් මිශ්‍ර වෙලා තිබුණු හඩක්.

“පුංචි… මං…”

නෙලුම්ගේ හඩ හීනියට බිඳිලා ගියා. ඇගේ වචන සම්පූර්ණ වෙන්නත් කලින් බිය ඇගේ හුස්මටම මිශ්‍ර වෙලා තිබුණා.
රාවන් ඒ හැමදේම නිහඬව අහගෙන හිටියා. ඔහුගේ හුස්ම දැන් සන්සුන් නෙවෙයි. බරයි… උණුසුම්… කේන්තියෙන් උණු වෙලා.
දොරට පිටතින් තවත් පිරිමි හඩක් ඇහුණා.

“මේකිගෙ වයසටද වැඩ…?”

ඒ හඩ ඇහුණ මොහොතේ රාවන්ගේ බැල්ම තවත් අඳුරු වුණා. ඔහු හිස ටිකක් හරවා දොර දිහා බැලුවා.
කාමරය ඇතුළේ තවමත් තිබුණේ නෙලුම්ගේ උණුසුමත් ඇගේ සුවඳත්. ඒත් දොර එහා පැත්තේ කෙනෙක් ඇයව බය කරමින් හිටියා.
රාවන්ගේ හුස්ම එකවරම බර වුණා.
“කවුරුත් නැති වෙලාවටම මුනුත් කඩන් පාත් වෙනවා…”
ඔහු තමාටම හෙමින් මුමුණගත්තා.
ඊළඟ මොහොතේ රාවන් පියවරක් ඉස්සරහට ගත්තා. ඒ පියවරේ තිබුණේ සන්සුන් බවක් නෙවෙයි. ඒක කෙනෙක්ට අත නොතබා ඉන්න බැරි තරම් කේන්තියක්.

රාවන්ගේ ඇතුළේ කේන්තිය එක මොහොතකින් පාලනය නැති වුණා.
ඔහු දොර දිහාට ආවේ වේගයෙන්.
ඇස්වල තිබුණේ කිසිම සැකයක් නෙවෙයි
ඉවසීමක් නැති, බර කේන්තියක්.
දොර ළඟ හිටපු කාටවත් හිතන්නවත් වෙලාවක් ලැබුණේ නෑ.රාවන් එක පාරටම ඉස්සරහට පැන්නා.ඊළඟ තත්පරේ,
ඔහුගේ අත ගැහැනියගේ මුහුණට වැදුණා.
තද පහරක් නිසා ඇය එකවරම පිටුපසට ගිහින් බිම වැටුණා.අත් දෙකෙන්ම මුහුණ අල්ලගෙන කඳුළු වැටෙන්න ගත්තා.කාමරය එහෙමම නිහඬ වුණා.රාවන් එතැනම හිටගෙන හිටියා.හුස්ම බරයි. ඇස් තවමත් රත් වෙලා.

ඔහු වචනයක්වත් කතා කළේ නෑ.
නෙලුම් ඒ මොහොතේම බයෙන් විසිවෙලා වගේ හිටියා.
ඇස්වල කඳුළු පිරෙද්දී ඇය රාවන් දිහා බැලුවේ බියෙන්.
අර ගැහැනිය අඩමින් ආයෙත් ඉස්සරහට එන්න හදද්දී
නෙලුම් එක පාරටම රාවන්ගේ අතට එල්ලිලා ගත්තා.

“එපා… එපා අනේ බේබි මහත්තයා …”
ඇය හෙමින්, බිඳුණු හඩින් කියමින් හිටියා.
ඇගේ ඇස්වල තිබුණේ බියක් විතරක් නෙවෙයි
අයිතියක් හොයන අසරණකමක්.

මිදුලේ තිබුණු නිහඬතාවය එක මොහොතකින් බර වුණා.උදෑසන හුළඟත් නතර වුණා වගේ.රාවන් ඒ මොහොතේම හිටියේ නිහඬව.නෙලුම් තදින් අල්ලගෙන හිටපු ඔහුගේ අතටඇගේ වෙව්ලීම දැනුණා.
වීල් එකේ හිටපු පිරිමි මනුස්සයා වීල් එකෙන් බයවෙලා බැහැලා ආවා.ඔහු ඉක්මනින් ගිහින්
බිම වැටුණු ගැහැනියව අල්ලාගෙන නැගිට්ටුවා.ඇය තවමත් අඩමින්, මුහුණ අල්ලගෙන හිටියා.මිදුල පුරාම නිහඬතාවය පැතිරුණා.කවුරුත් වචනයක්වත් කිව්වේ නෑ.
රාවන් තවමත් එක තැන.නෙලුම් තවමත් ඔහුගේ අතට තදින් ඇලී.

ඒ මොහොතේ හැමදේම නවතිලා වගේ තිබුණා.රාවන් හෙමින් ඇය දිහා බැලුවා.
ඇස් ටිකක් තියුණු වුණා.ඇයගේ පෙනුම ඔහු එකවරම නිරීක්ෂණය කළා.කකුලට සරල පාදසලං.කනේ කරාබු කිහිපයක්.
අතේ පැහැදිලිව පෙනෙන පච්චයක්.
සරල, ටිකක් අසංවිධානාත්මක ඇඳුමක්.
ඇගේ හැසිරීමත් එක්කම
ඇය ජීවිතේ අමාරු පැත්තකින් ආපු කෙනෙක් කියලා රාවන්ට තේරුණා.
ඔහු ඒ දිහා තව මොහොතක් බලාගෙන හිටියා.

නෙලුම් තවමත් ඔහුගේ අතට තදින් ඇලී හිටියා.ඇගේ ඇස්වල බිය තවමත් අඩුවෙලා නෑ. මිදුලේ හැමෝම ඒ නිහඬ මොහොතේම නැවතිලා වගේ හිටියා.

අර ගැහැනියගේ කේන්තිය තවත් වැඩි වුණා.
ඇය ඉස්සරහට පැනලා, හඩ උස් කරලා කතා කරන්න ගත්තා.

“ආ… මිනිහෙක් ගෙනත් දාගෙන ඉන්න හැටි හ් නෙලුම් දිහාට තදින් වැටුණා.
“පේනවද මේකිගේ පොඩි කමටද වැඩ… ඇටෙන් පොත්තෙන් එන්න කලින් මෙහෙම දේවල් කරන්නද?”

වචන එකකට එකක් තද වෙලා පිට වුණා.

“අපිට නොකියා මිනිහෙක් එක්ක ඉන්නෙ… මේකි…”

ඇය කෝපයෙන් ඉදිරියට ඇවිත්
නෙලුම්ගේ අතක් අල්ලගන්න වගේ හැදුවා.
ඒත් ඒ මොහොතේම
නෙලුම් බයෙන් පස්සට ගියා.
මිදුලේ වාතය එකවරම බර වුණා.
රාවන්ගේ බැල්ම සීතල වුණා.

ඔහු තවමත් කිසිම වචනයක් කිව්වේ නෑ.
ඒත් ඔහුගේ නිහඬතාවයමඑතැන හිටපු හැමෝටම දැනුණා.ගැහැනිය තවමත් කේන්තියෙන්නෙලුම් දිහා බලාගෙන හිටියා.

අර ගැහැනිය කේන්තියෙන් කතා කරද්දී නෙලුම්ගේ ඇඟ හොඳටම බය වෙලා ගැස්සුණා.ඇස්වල කඳුළු පිරෙන්න ගත්තා.
ඇය අතින් රාවන්ගේ අත තද කරගත්තා.
“බයයි…” වගේ හැඟීමක් ඇගේ හුස්මෙන්ම පේනවා.
රාවන් ඒ මොහොතේම ඇය දිහා බැලුවා.
කිසිම වචනයක් කිව්වේ නෑ.
ඊළඟ මොහොතේ ඔහු නෙලුම්ව තමන් ලඟට ඇදගත්තා.

ඇය එකපාරටම ඔහුගේ පපුවට වැටිලා තුරුල් වුණා.ඇගේ හුස්ම තවමත් වේගවත්.
රාවන් එක අතක් ඇගේ පිටට තබාගෙන
හෙමින් අත ගාන්න ගත්තා.
හරියට “බය වෙන්න එපා” කියනවා වගේ.
ඔහු හිස ටිකක් උස්සලා ඒ ගැහැනිය දිහා බැලුවා.වචනයක් කිව්වේ නෑ.
ඒත් ඒ බැල්ම දැක්කම ඇය මොහොතකට නතර වුණා.

මිදුලේ නිහඬතාවය තවත් බර වුණා.
නෙලුම් තවමත් රාවන්ගේ පපුවට තද වෙලා හිටියා.ටිකෙන් ටික ඇගේ බය අඩුවෙන්න ගත්තා.රාවන් හෙමින් ඇගේ කොණ්ඩේ උඩ අත තිබ්බා.එය ඉතාම සරල, නිහඬ ආරක්ෂාවක් වගේ දැනුණා.

අර ගැහැනිය කෑගහද්දිත් ඒ පිරිමියා බයවෙලා වගේ ඉක්මනටම වීල් එකට නැග්ගා. අත් දෙක හදිසියෙන් ස්ටාර්ට් එකට දාලා වාහනය ඇරෙව්වා.

“එනවා ඕයි … යන්න ඕකිට ඕන මගුලක් කරගන්න කියලා!”

කියලා ඔහු හෙමින් හරි කෝපෙන් වගේම බියෙන්ම කියාගත්තා.

ගැහැනිය තවමත් පිටිපස්සෙන් කෑගහනවා.

“එහෙම කොහොමද මේකි මේවා ඔක්කොම අයිති කරගන්නෙ එතකොට…?”

ඇගේ හඩ කෝපයෙන් පිරිලා තිබුණා. ඇස් දෙක රාවන්ලා හිටපු දිහාටම තිබුණා.

“අනික මේ එක එකා එක්ක ගිහින් ලෙඩ හදාගෙන ආවම ඒකත් අපිටමයි වදේ…”

ඇය තවමත් හුස්ම ගන්නෙවත් නැතුව කතා කරගෙන ගියා.
වීල් එක හෙමින් ඉදිරියට ගියා. දූවිලි පාරක් උඩට නැගුණා.

“බලාගමුකෝ…”

ඇය අන්තිමට තදින්ම කිව්වා.ඊට පස්සේ මිදුල නිහඬ වුණා.සිහින් පොද වැස්සක් ආයෙත් හෙමින් වැටෙන්න පටන් ගත්තා.මිදුලේ දූවිලි තෙත් වෙලා, සීතල හුළඟ එක්ක එකට මිශ්‍ර වෙලා තිබුණා.

වීල් එක දුරට යන ගමන් තිබුණේ, ඒකේ එල්ලීගෙන ගැහැනිය තවමත් බැන බැන යන සද්දෙ දුරට දුරට මිදෙනවා.
ඒ සද්දේ අතරේ මිදුල අඩුවෙන් අඩුවෙන් නිහඬ වුණා.
කුඩා පැල්පතේ අඩක් ඇරුණු දොර ඉස්සරහ…
රාවන් හිටියේ නෙලුම්ව තදින් තමා ළඟට තුරුල් කරගෙන
ඇගේ උරහිස් වෙව්ලනවා. ඉකි ගහන සද්දේ ඔහුගේ පපුවටම වැටෙනවා.
නෙලුම්ගේ අත් අසරණව ඔහුගේ ඇඟටම අල්ලාගෙන. ඇගේ මුහුණ ඔහුගේ පපුවට හිරවෙලා. කඳුළු නිහඬව වැටෙනවා.

“හරි… දැන් ඇති…”

රාවන් හෙමින් කිව්වා.
ඒ හඩේ තිබුණේ කෝපයක් නෙවෙයි. ආරක්ෂාවක්. ගැඹුරු, නිහඬ ආරක්ෂාවක්.
ඔහුගේ අත ඇගේ හිස මත හෙමින් ගියා. කෙස් අතරින් අත යවලා සෙමින් අතගාගෙන නවත්තගත්තා.

නෙලුම් තවත් තදින් ඔහුට තුරුල් වුණා.

“මට බයයි…”

ඇගේ හඩ ඉතාම බිඳුන එකක්.
රාවන් එක මොහොතක්වත් නොනැවතී ඇයව තවත් ටිකක් තමා ළඟට ඇදගත්තා.

“බය වෙන්න එපා.මම ඉන්නවා ඔයාට”

ඔහුගේ හඩ තදයි… ඒත් ඇතුළේ මෘදුයි.

“දැන් කවුරුත් නෑ.”

පොද වැස්ස ඔවුන් දෙන්නා වටා හෙමින් වැටෙනවා.නෙලුම්ගේ කඳුළු තවමත් නවතිලා නෑ. ඒත් ඇගේ හුස්ම ටිකෙන් ටික සන්සුන් වෙනවා.

රාවන් හෙමින් ඇයව තමා ළඟින් ටිකක් ඈත් කළා.ඇගේ මුහුණ ඔහුගේ අත් අතරට අරගෙන, හෙමින් උඩට ඔසවලා බැලුවා.
ඇගේ ඇස් රතු වෙලා… කඳුළු පිරීලා.
ඔහු ඒ ඇස් දිහාම බලාගෙන හිටියා.
කිසිම වචනයක් නෑ.
ඒ බැල්මම තිබුණේ ආරක්ෂාවක් වගේ.
නෙලුම් තවමත් ඉකි ගහනවා.
රාවන්ගේ ඇස් ටිකක් තද වුණා.
ඊට පස්සේ හෙමින්, කිසිම හදිසියක් නැතුව, ඔහු ඇයව ආයෙත් තමාගේ පපුවට තුරුල් කරගත්තා.

“මං ඉන්නවනේ…”

ඔහු හෙමින්ම කිව්වා.පොද වැස්ස අතරේ,නෙලුම් ඔහුගේ පපුවට හිරවෙලා තවමත් අඩනවා…ඒත් ඒ අඩනකම අතරෙම දැන් තියෙන්නේ ටිකක් ආරක්ෂිත බවක්.
රාවන් ඇයව තව තදින් අල්ලගෙන, ඇස් උඩට ඔසවලා හිස් අහස දිහා බැලුවා.
ඒ ඇස්වල තිබුණේ තීරණයක්… නිහඬවම බර එකක්.

පැල්පත ළඟ තිබුණු මාර ගහට මුවා වෙලා, ගෙදරට එන්න ආපු කුස්සි අම්මා මේ හැමදේම හොරෙන්ම බලාගෙන හිටියා.

සිහින් වැස්ස අතරින්, පැල්පත ඉස්සරහ සිද්ධ වෙච්ච දේවල් ඇගේ ඇස් ඉස්සරහම දිගහැරුණා.
රාවන් නෙලුම්ව තුරුල් කරගෙන හිටපු හැටි… ඇය ඉකි ගහලා අඬන හැටි… ඔහු ඒ අත් අතරින්ම ඇයව ආරක්ෂා කරගෙන හිටපු හැටි…
ඒ හැමදේම බලද්දිම කුස්සි අම්මාගේ ඇස්වලටත් හෙමින් කඳුලක් ආවා.

“අනේ සීවරන් දෙවියනේ…”

ඇය තමාටම හෙමින් මුමුණගත්තා.
ඇය දිගු හුස්මක් අරගෙන, හිත සන්සුන් කරගන්න උත්සාහ කළා.
චීත්ත පොටෙන් හෙමින් කඳුළු පිහදලා, දෙන්නගෙ ආදරේට බාධාවක් වෙයි කියන බයෙන්ම ආයෙත් සෙමින් පිටුපස හැරිලා ගියා.
මාර ගහ අස්සෙන් එළියට එන ගමන් ඇගේ හිතට අමුතුම සැනසීමක් ආවා.

“එහෙනම්… මේක තමයි බේබි මහත්තයා වෙනස් වෙලා තියෙන්නෙ…”

ඇය හෙමින් හිනාවෙලා හුස්මක් හෙලුවා.
ඒ හිනාවේ තිබුණේ බරක් නැති සතුටක්…
අලුත් දෙයක් දැක්කා වගේ, හිතට ආපු නිහඬ සැනසීමක්.

ඇය හෙමින් අත් දෙක එකතු කරගෙන, වැස්ස තෙත් වෙච්ච අහස දිහා බැලුවා.
මාර ගහ අස්සෙන් එන හීනියට එළියත් එක්ක, ඇගේ මුහුණ මෘදු වෙලා තිබුණා.

“දෙයියනේ…”

ඇය හෙමින් මුමුණගත්තා.

“මේ දෙන්නව ආරක්ෂා කරලා, එකට එක් කරලා දෙන්න…”

ඇගේ හඩ වෙව්ලනවා. ඒත් ඒකේ තිබුණේ බියක් නෙවෙයි—බර හිතකින් එන පිරිසිදු ඉල්ලීමක්.

“ඉස්සර වලව්වෙ හාමුලගෙන් වෙච්ච වැරදි නිසා දුක් විඳින මේ දරුවො දෙන්නටම… එකට සැනසීමක් ලැබෙන්න ඕන…”

ඇය තවත් මොහොතක් අහස දිහාම බලාගෙන හිටියා.
පොද වැස්ස ඇගේ අත් මත වැටෙද්දී, ඇය හෙමින් ඇස් වසාගෙන දිගු හුස්මක් හෙලුවා.
ඊට පස්සේ, හිත ටිකක් සැහැල්ලු වුණා වගේ ඇය සෙමින් පිටුපස හැරුණා.

“දෙයියන් වහන්සෙ බලාගනී…” ඇය තමාටම කියාගත්තා......................................................................
රාවන් ඇඳ උඩට වෙලා කකුල් දෙක විහිදාගෙන හිටියා. පපුව උඩ දුම්වැටියත් ලයිටරයත් තියලා, කකුල් හෙමින් සොලවමින් ඔහු හෙමින් හඬින් ගීයක් මුමුණමින් හිටියේ.
ඇස්වල තිබුණේ අමුතුම දිප්තියක්… උණෙන් වෙහෙස වුණත්, හිත ඇතුළේ තියෙන හැඟීමකින් ඔහු වෙනස් වෙලා වගේ පිටතට පෙණුනා.

ඒ අතරෙ කාමරේ ඇතුළේ වැඩ හරිම කාර්යබහුලයි.

ජෙරාඩ් කොස්ස අතට අරගෙන බිම අතුගාමින් හිටියා. දුම්වැටි අළු, බිම පුරා විසිරිලා තිබුණු සුදු නෙලුම් මල් පෙති, බිඳුන වීදුරු කැබලි—ඔක්කොම ඔහු එකට එකතු කරලා තිබුණා.

“මේක නම් නිකන් යුධ පිටියක් වගේ බං…”

ඔහු හෙමින් මුමුණගත්තා.
අනිත් පැත්තෙන් මාලන් රාවන්ගෙ කිලිටි රෙදි එකතු කරමින් බාස්කට් එකට දාගෙන ගිහින් ඒක වොෂින් මැෂින් එකට දාලා ස්ටාර්ට් කරා. එවිට කාමරේට ආයෙත් හීනියට මැෂින් එකේ හඩ ඇසුණා.

“මූ නම් අද වෙනම ලෝකෙක…”

මාලන් රාවන් දිහා බලලා හිනා වුණා.
රාවන් ඒ කිසිවක් ගණන් නොගෙන, කකුල් සොලවමින්ම තව ටිකක් ගීතය දිගටම මුමුණුවා.
ඇස් අරගෙන ඔහු කවුළුව දිහා බැලුවා. එළියේ රාත්‍රි විදුලි පහන් එළිය කාමරේ ඇතුළට වැටෙනවා. ඒත් ඔහුගේ හිත තිබුණේ වෙන තැනක… හරිම දුර, ඒත් හිතට ලඟ තැනක.
මාලන් ලොන්ඩරි බකට් එක අතේ තියාගෙනම හිනා වුණා.

“මූ නම් රෑට එන්න කියන්නේ හොඳකට නෙවෙයි…”

ජෙරාඩ්ත් හිස ඔසවලා බැලුවා.

“ඇත්තමයි… මෙහෙම ගියොත් මූ අපි දෙන්නගෙන්ම පණ යනකන් වැඩ ගනියි වගේ…”

ඔවුන් දෙන්නා එකටම හිනාවුණා.
රාවන් ඇඳ උඩම හිටගෙන, ඒ කතා කිසිවක් ගණන් නොගෙන, තවමත් කකුල් සොලවමින් හෙමින් ගීයක් මුමුණමින් හිටියා.

“ඒක තමයි මූගේ ස්ටයිල් එක…” මාලන් හෙමින් කිව්වා.

“අපිට වැඩ දීලා, මූ මුගේ හිතේ තියෙන ලෝකෙක ඉන්නවා. අපි දෙන්නා බූරුවො දෙන්නා වගේ මුගෙ කුණු වැඩ සේරම කරනවා.”

ජෙරාඩ් කොස්ස බිම තබලා හිනා වුණා.

“හරි හරි… නැත්නම් මේ අපායෙ අපිට නිදාගන්න බෑනි බං…”

කාමරේ ඇතුළේ වැඩ දිගටම යද්දී, රාවන්ගේ මුමුණන සින්දුව විතරක් ඒ හැමදේම මැදින් හෙමින් ඇහෙන්න තිබුණා.
ජෙරාඩ් කොස්ස අතේ තියාගෙන අතුගාන ගමන් නෝක්කාඩු හිනාවක් දැම්මා.

“මූ අර නාකියා එළවගෙන දැන් තනියම ඉන්නෙ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ…”

“ඒකටත් සර්වන්ට් කෙනෙක් ඕනිනෙ මූට…”
මාලන් දිගටම කිව්වා,

“ඔහොම තමයි බං වලව්වෙ හාමුලා… අනුන්ගෙන් වැඩ අරගෙනම හැදිච්චි අයනි.”

ඔහු බිම දිහාට අත දික් කරලා කාමරේ පුරාම තිබුණු අවුල පෙන්නුවා.

“මේ බලපන් රාවා… උඹේ කාමරේ හැටි.”
ජෙරාඩ්ත් හිස හොලවලා,

“අරූව ඉක්මනට ගෙන්නගනින්කො… නැත්නම් මේකෙ පෙරේතයෝ හැදෙයි බං…”

කාමරේ ඇතුළේ කොස්සෙ සද්දේ, වොෂින් මැෂින් එකේ හඩ, රාවන්ගේ ගී මුමුණන හඩ—මේ ඔක්කොම එකට මිශ්‍ර වෙලා අමුතුම ජීවිතයක් වගේ ගලාගෙන ගියා.
රාවන් ඒ කිසිවක් නවත්තන්නේ නැතුව, ඇඳ උඩ නිදාගෙනම හෙමින් හිනාවෙලා ගී මුමුණමින් හිටියා.

“මේ කියවන්නෙ නැතුව ඔන්න ඔය වැඩ ටික ඉවර කරපල්ලා…”
ඒක ඇහෙද්දීම ජෙරාඩ්ට කේන්ති ගියා.

“මාලා මේක හරි නෑ බං… වරෙන් මෙහෙට!”

මාලන් ලඟට ආවා.දෙන්නා එකටම රාවන් ළඟට පැන්නා.

“ඉදපන් උඹට දැන්…”

ඊළඟ මොහොතේ ඔවුන් දෙන්නාම රාවන්ව අල්ලලා කිති කවන්න ගත්තා.

“හහ්… මචෝ නවත්තපන්!”

රාවන් හිනාවෙන්ම කෑගැහුවා.

“අයි… අයි… ඇති බං!”

කාමරේ පුරාම හිනාව සද්දෙන් පිරුණා.

“යකෝ මරන්නද හදන්නෙ… එපා බං!”

අමාරුවෙන්ම ඔහු ඔවුන්ගෙන් ඈත් වෙලා පපුව අල්ලගෙන හිටියා.

“තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙලා මැරෙන්නෙ!”
ජෙරාඩ් කොස්ස පැත්තකට දාලා,

“එහෙනම් කට වහගෙන ඉඳපන්!”

මාලන්ත් හිස වැනුවා.

“ඇත්තමයි බං… උඹත් එක්ක වැඩ කරන්න බැහැ.”

කාමරේ ආයෙත් හිනාවෙන් පිරුණා…
රාවන් කිසිත් නොකියා අතින් කට වසාගෙන ටික වේලාවක් හිටියා…

“උබ රශියා වල කොහොමද බං ඉන්නේ…?”

ජෙරාඩ් කොස්ස අතේ තියාගෙනම රාවන් දිහා බැලුවා.

“යකෝ මූට මෙලෝ දෙයක් කරගන්න බෑ… තේ බීපු කෝප්පෙවත් හෝදලා නෑ!”

ඔහු කේන්තියෙන් වගේම අසරණ හිනාවකින් මේසය ළඟට ගියා.

“උඹ අපිටත් පව් පුරවනවා …”

ජෙරාඩ් හෙමින්ම කෝප්පය සින්ක් එකට දාලා හෝදන්න පටන් ගත්තා.

“මේක වලව්වක් නෙවෙයි… යුධ කඳවුරක් වගේ වෙලා බං.”

මාලන් අල්මාරිය අරින ගමන් හිනා වුණා.

“මේ පෙරේතයෙක් වගේ ඉන්න එපා බං…”

ජෙරාඩ් හිනාවෙන්ම කිව්වා.
“අරූව ඉක්මනට ගෙන්නගනින්. අපි දෙන්නට මේක හැමදාම කරන්න බෑ හොඳේ.”

“අපෝ මුන් දෙන්නා… එක දවසක් කරලා මෙහෙමනම්… උබලා වගේ යාලුවෝ…”
මාලන් කොට්ටෙ අරගෙන හිසට තියාගෙන කිව්වා.

“පොඩ්ඩක් මගෙ වැඩ කරාට කමක් නෑ බං… මම උබලට සුපිරි ඩිනර් එකක් සෙට් කරලා තියෙන්නෙ.”

රාවන් හෙමින් කිව්වා.
“ඒක නෙවෙයි… බලපන් තොපි දෙන්නා හින්දා අර නේහා දැන් මන් එනකන් හොටෙල් එකේ බලාගෙන ඇති.”

“අපෝ බං… ඒකි උඹට දැන් මාර වාතයක් වෙලා නේද තියෙන්නෙ. ඒක මන් ඕනිනම් හැන්ඩ්ල් කරගන්නම්.”
ජෙරාඩ් කන්නාඩිය ඉස්සරහ හිසකෙස් හදමින් කිව්වා.
“උබට බැරිනම් මන් යන්නම්.”
“ඊයා බං ජෙරාඩ් … උඹ ඉතින් සෙවලයානි.”
මාලන් හිනා වුණා.
“ඒයි…”
මාලන් එකපාරටම කියලා ෆෝන් එක ඩැහැගත්තා.
“කවුද බං මේ…?”
“ගම් බට්ටියෙක්…”
“අඩෝ… රාවාට ගමේ කෑල්ලක් සෙට් වෙලාද?”
ජෙරාඩ් හිනා වුණා.
“දීපන්...”
රාවන් හෙමින් කිව්වා.

“උඹ දැන් සීරියස් වෙලා වගේනෙ බං…”
ජෙරාඩ් හිනාවෙන් කිව්වා.
“මේකි ගැන කියලත් බෑ… නොකියත් බෑ...”
රාවන් හෙමින් කියාගත්තා.
“උඹ මේ පාර නම් සෙල්ලමක් නෙවෙයි අල්ලලා තියෙන්නේ…”

මාලන් ඇඳ අගට ඇවිත් කිව්වා.
“කතාව වැඩිය දුර ගෙනියන්න එපා…”
රාවන් හෙමින් කිව්වා.
“ඒයි… මෙන්න මේක දාගනින්.”
මාලන් ටී-ශර්ට් එක දිලා කිව්වා.
“මේ මිනිහා… ඇත්තටම වෙනස් වෙලා වගේ.”
මාලන් හෙමින් කියාගත්තා.

“රාවා කවදාවත් මෙහෙම සයිලන්ට් වෙලා හිටියෙ නෑ බං…”
ජෙරාඩ් හිනා වුණා.
“මූ ඇත්ත කියන්නෙ නෑ… මේකෙ මොකක් හරි වෙනම සීන් එකක් තියෙනවා.”
මාලන් හෙමින් කිව්වා.
“මේ රාවා… උබයි අපියි කියන්නෙ තුන් දෙනෙක් නෙවෙයි බං… එකෙක් වගේ.”

මාලන් හෙමින් කිව්වා.
“අපි තුන් දෙනාට මෙච්චර කල් කිසිම රහසක් තිබ්බේ නෑ. ඉස්සරහටත් එහෙම වෙන්න බෑ. එහෙම උනොත් මේ යාලුකමෙන් වැඩකුත් නෑ…”
“ඒක ඇත්ත බං…”
ජෙරාඩ් එකඟ වුණා.
“උබ මෙහෙම දේවල් නොකියා ඉන්න එකම අපිට අමුතුයි බං…”
මාලන් කිව්වා.
“රහස් නැතිව ඉන්න ඕනේ කියලා කියනවා නේ…”

රාවන් හෙමින් කිව්වා.
“ඒකනේ. එහෙනම් කියපන් මොකද මේ වෙනස් වෙලා තියෙන්නේ කියලා.”
ජෙරාඩ් කිව්වා.
“මටත් තවම හරියට තේරෙන්නේ නෑ…”
රාවන් කිව්වා.
“අඩෝ… කියපන්කො ඉතින් රෙද්ද!”
ජෙරාඩ් හිනා වුණා.

“කෙකර බාන්නෙ නැතුව කියපන්…”
මාලන් හෙමින් කිව්වා.
“මන් හිතන්නෙ බං…”
රාවන් නතර වුණා.
“යකෝ කියපන්කො!”
ජෙරාඩ් කෑගැහුවා.
“මන් ශිරාවට ලව් කරන්න පටන් අරන් වගේ බං…”
“අඩෝ මේක සීරියස් ද නැත්තං ෆිල්ම් එකක්ද බං!”

ජෙරාඩ් හිනා වුණා.
“උබ සීරියස්ද…?”
මාලන් ඇහුවා.
“ඒකි නැතුව මට ඉන්න බෑ බං…”
රාවන් කිව්වා.
“කවුද බං ඒකි…?”

ජෙරාඩ් ඇහුවා.
“ඒකද ෆොටෝ එකේ හිටපු කෙල්ල?”
මාලන් කිව්වා.
“අඩෝ… එහෙනම් මේක සෙල්ලමක් නෙවෙයිනේ…”
ජෙරාඩ් කිව්වා.
“නෑ… මේක වෙනම සීන් එකක්.”
මාලන් කිව්වා.

“රාවා… ශර්ට් එක ඇඳගෙන වරෙන්.”
මාලන් කිව්වා.
“උබට මෙහෙම සීතලෙ ඉන්න හොද නෑ..තාම උණ තියෙයි...”
“සීරියස් බං…”

රාවන් කන්නාඩියෙන්ම කිව්වා.
“ජීවිතේ පළවෙනි පාරට සීරියස් ලව් එකක් පටන් අරන් තියෙන්නේ…”
“තොපි ඒකත් විහිළුවට ගන්නවා…”
“නෑ බං… අපි විහිළුවට ගත්තේ නෑ.”
මාලන් කිව්වා.
“අපි බලන් ඉන්නේ… මේක කොහෙටද යන්නේ කියලා.”
ජෙරාඩ් කිව්වා.

“එහෙනම් බලන් ඉදපල්ලා....”
රාවන් කිව්වා.
“විහිළු නෙවෙයි බං… උබ ඉතින් කෙල්ලො සතේකට ගණන් ගන්නෙ නෑනෙ. ඒකයි ඇහුවෙ.”
මාලන් කිව්වා.
“උබ ගෑනු සීන් ගැන ඕපන් කතා කරන්නෙත් නෑනෙ… නේද ජෙරා?”
“හ්ම්… හ්ම්…”
ජෙරාඩ් හිස හෙල්ලුවා.
“ඇයි බං ආන්සර් කරපන් කො?”
ජෙරාඩ් ඇහුවා.

“මේ වාතෙට මොකක් හරි කරලා ඉන්න ඕනේ බං…”
රාවන් කිව්වා.
“ඕකි හෙට යවපන් මෙහෙන්…”
ජෙරාඩ් ගැඹුරු හඩකින් කිව්වා.
“බැඳපු ඒව කරගහන්න එපා… දන්නවනේ. ආයෙ වසලා ඉවරයි.”
“මන් ඔය වගේ ඒව හින්දා හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා…”
මාලන් කිව්වා.
“අනික… උබ ශිරාවටම ලව් නම් බං, ආයෙ වෙන ඒවා එක්ක සීන් දාගන්න එපා.”
“මන් දන්නෙ නෑ බං…”
රාවන් හෙමින් කිව්වා.
“ඒත් මේක තවම ක්ලියර් නෑ…”


ඒ වෙලාවේ සේවකයෙක් හෙමින් දොර ළඟට ඇවිත්, කාමරයෙන් පිටතට වී බිම බලාගෙනම කතා කළා.

“බේබි මහත්තයා…”

ජෙරාඩ් ඉක්මනින් දොර ළඟට ගිහින් බැලුවා.

“කෑම ලෑස්තියි මහත්තයා…”

ඔහු හිස හෙමින් සැලුවා.

“හරි අපි එන්නම්…”

දොර වහලා ආපහු හැරෙද්දී, ඔහු රාවන් දිහා බැලුවා.

“රාවෝ… මචන්, කෑම ලෑස්තිලු. යමුද පහලට? උබෙ ආවතේව කරලම පට්ට බඩගිනියි බං”

රාවන් ටිකක් වෙලා නිහඬව හිටියා.

ඇඟේ උණ තවමත් තිබුණත්, බඩගින්නත් ඒකත් එක්කම දැනෙමින් තිබුණා.

“යමන්…”

ඔහු හෙමින් කියමින් මාලන් දීපු ශර්ට් එක ඇදගත්තා.

“මටත් පට්ට බඩගිනි බං.”

ජෙරාඩ් රාවන්ගෙ නලලට වැටෙන දිගු හිසකෙස් පිටුපසට කරමින් හිනා වුණා.

“අන්න එහෙමයි ඉන්න ඕනේ.”

තුන් දෙනාම එකටම කාමරයෙන් පිටවුණා.

පඩිපෙල දිගේ බැහැගෙන යද්දී, මාලන් ටිකක් රාවන්ට පසුපසින් හෙමින් ඇවිද්දා.

ඔහුගේ ඇස් ටිකක් රාවන් දෙසටම ඇදිලා ගියා.

රාවන්ගෙ පුරුදු සෙල්ලක්කාරකම, හිතුවක්කාර දඩබ්බරගතිය අඩු වෙලා තිබුණත්, ඒ වෙනුවට අමුතුම දෙයක් ඔහුගෙ හිත ඇතුළේ තියෙනවා කියලා මාලන්ට තේරුණා.

පහල මහලට ලඟා වෙද්දී වලව්ව පුරාම පැතිරිලා තිබුණු ආලෝකය තවත් පැහැදිලි වුණා.

මේසය රාත්‍රී ආහාරයට සූදානම්ව තිබුණා… ආහාර සුවඳ වාතය පුරා පැතිරෙමින් තිබුණා.

ඒත් රාවන්ගේ හිත තවමත් නෙලුම්ගෙ කුඩම්මා කියපු කතාව ගැනම හිතුවා.

ඔහු එක මොහොතකට නැවතිලා වටපිට බැලුවා.

ඊට පස්සේ හෙමින් ඇවිත් මේසයට වාඩි වුණා.

ජෙරාඩ් ඔහුගෙ හැසිරීම දැක හිනා වුණා.

“හරි… මූ දැන්වත් කන එකක් සිහියෙන් කනවද බලමු.”

මාලන් හිස සැලුවා.

“අද දවසෙ ආයෙ ඩ්‍රින්ක්ස් බෑ රාවා. උඹ මෙතනින් කාලා බීලා ඉවර කරන්න ඕනි. නැත්නම් උබට හැදෙන ලෙඩේ හිතාගන්නවත් බැරිවෙයි...”

රාවන් කිසිවක් නොකියා හෙමින් හැන්ද අතට ගත්තා.

ඒත් ඔහුගේ ඇස් වල තිබුණේ කෑමට වඩා දුර ගිය සිතුවිල්ලක්.

“මචං… කෑම කද්දි සිහියෙන් කන්න ඕනේ.”

මාලන් හෙමින් කිව්වා.

“කාලා ඉවර වෙලා ඕක අපි පස්සේ කතා කරමු.”

ඔහු පිඟාන අතට ගත්තා.

රාවන් ටිකක් හිනා වුණා.

“ඇත්තටම… කුස්සි අම්මගේ ප්‍රණීත ආහාර සුවඳ ඉවසන්න බෑ බං.”

ඔහු හැන්ද අතට ගත්තා.

“යකෝ… මේ ගෝන මස් කොහෙන්ද බං ?”

ජෙරාඩ් ඇස් උස්සලා දීසිය දෙස පුදුමෙන් බැලුවා.

“උබටත් දැන් රස අල්ලලා වගේ.”

මාලන් ජෙරාඩ්ට හිනා වුණා.

“සුපිරි බං… සුවඳත් නියමයි.”

රාවන් හෙමින් පිඟානට ඇඟිල්ල දාලා රස බලලා හිස සැලුවා.

“නියමයි…”

ඊට පස්සේ හෙමින් හිනා වුණා.

“කාපල්ලා පෙරේතයෝ දෙන්නා. උඹලා ආස හින්දා මන් ගෙන්නුවා. කාලම බලපන්.”

ජෙරාඩ් හැන්ද අතට ගත්තා.

“අපිද පෙරේතයෝ? උබනේ බං මස් කන්නේ.”

තුන් දෙනාම ටිකක් දීසිය දෙස බලමින් හිනා වුණා.

ඒ අතරේ ජේමිස් පසෙකින් නිහඬව හිටගෙන හිටියා.

රාවන් ඒ දිහා බලලා අතෙන් ඉඟි කළා.

“මොනාද බලන් ඉන්නේ… ගිහින් තියෙන වැඩක් කරගන්නවා.”

ජේමිස් හෙමින් හිස නමාගෙන එතනින් ඉවත්ව ගියා.

මාලන් පිඟාන අල්ලගෙන හෙමින්,

“මේක නම් ඇත්තටම වෙනස් වාතාවරණයක් බං…”

කියමින් කෑම බෙදාගත්තා.

රාවන් හැන්දෙන් කෑම ටිකක් අරගෙන, හෙමින් කන අතරේම ටිකක් දුර දිහා බලාගෙන හිටියා.

ඒ ඇස් වල තිබුණේ කෑම රසට වඩා වෙනත් කතාවක් ගැන හිතන බැල්මක්.

ජෙරාඩ් ඒක දැක්කා.

ඒත් මේ පාර ඔහු කිසිවක් කිව්වේ නෑ.

කාමරේ ඇතුළේ හැදි එකිනෙක ගැටෙන සද්දයත්, හිනා සද්දයත් අතර රාවන්ගේ හිත තවමත් වෙනම තැනක තිබුණා.

මේසෙ වටේට කොල්ලෝ තුන් දෙනා ඉඳගත්තම වලව්වෙ තිබ්බ බර නිහඬතාවය එකපාරටම කැඩිලා ගියා වගේ.

රාවන් එක කටක් කන අතරෙ ඔහු දෙස සිනාසෙමින් ජෙරාඩ් බැලුවා.

“මචං… කෑම කද්දි ලව් පලහිලව් ගැන හිත හිත ඉන්නෙ නැතුව ටිකක් සිහියෙන් කාපං.”

ජෙරාඩ් හිනාවෙලා පිඟාන අතට ගත්තා.

“ඉතින් බං… ලව් සීන් එකක් නෙවෙයි ප්‍රශ්නේ. මේ ගෝන මස් සුවඳනෙ මූව පිස්සු වට්ටන්නේ.”

මාලන් එකපාරටම ඇහැක් උස්සලා බලලා රාවන් වෙනුවෙන් පිළිතුරු දුන්නා.

“යකෝ… කුස්සි අම්මගෙ කෑම කාලම බලපන් කටවහගෙන. උඹලා වගේ ලොකු මහත්තුරු මෙහෙම කෑමක් කාලවත් නැතුව ඇති.”

තුන් දෙනාම එකට හිනාවුණා.

කෑම මේසෙ වටේ අමුතු උණුසුමක් පිරුණා. වලව්වෙ තිබ්බ බර ගුප්ත නිහඬතාවයත් ටික ටික දියවෙලා යනවා වගේ රාවන්ට හැගුණා.

රාවන් කෑම කන අතරෙ හෙමින් කතා කළා.

“උඹලා දෙන්නා ආවෙ නැත්තම් මේ ගෙදර ඉන්නවත් බෑ බං… පාලත් නෑනි. පිස්සු හැදිලා නවතින්නෙ.”

ජෙරාඩ් පිඟාන තබලා හිනාවුණා.

“ඒකනෙ… අද අපි නැත්තං මේ වලව්ව හොල්මන් ගෙයක් වගේ. ඇයි බං මිනිස්සු මේ වගේ පට්ට ලොකු ගෙවල් හදන්නෙ. බලපන් මේක අතුගාන්නම වෙනම කෙනෙක් ඉන්න ඕනිනි. උඹට මේක නඩත්තු කරන එක ලේසි වෙන එකක් නෑ රාවා.”

මාලන් අතක් ඔසවලා රාවන් දිහා බැලුවා.

“ඒත් බං… උඹ අද ටිකක් වෙනස් වගේ. උඹ සීරියස් දේකට අද අපිට එන්න කියන්න ඇත්තෙ කියලා නම් මන් මූටත් මගදිම කිව්වා.”

රාවන් තත්පරයක් නිහඬ වුණා.

ඊට පස්සේ හෙමින් හිනාවුණා.

“වෙනස්ද… නැත්තං උඹලාට පේන විදිහද දන්නෑ බං. කාපන්කො. කියන්න දේවල් ගොඩක් තියෙයි. බැල්කනියට ගිහින් සෙට් වෙමු....”

රාවන් කිව්වෙ සිනාසෙමින් සැහැල්ලුවෙන්..

ඒ හිනාව ඇතුළේ මොනවහරි හංගපු ගැඹුරු බවක් තිබුණත්… ඒ වෙලාවේ මේසෙ වටේ හිටපු අනිත් දෙන්නගෙන් කෙනෙකවත් ඒක තදින් අල්ලගත්තෙ නෑ.

එකම දෙයක් විතරයි පැහැදිලිව තිබුණේ,

මේ වලව්වෙ රාවන් ගෙවූ බර දවස් ටිකක් ටික ටික සැහැල්ලු වෙන්න පටන් අරන් තිබුණා.

ඒ වෙලාවේම පඩිපෙළ දෙසින් හෙමින් අඩිය තියලා ඩැනී පරාක්‍රම සූරියබණ්ඩාර කෑම කාමරේට ඇතුළුවුණා.

ඔහුගේ ඇස් එකපාරටම මේසෙ වටේ හිටපු කොල්ලෝ තුන් දෙනා දිහා ගියා.

ඒ තුන්දෙනාත් එක් වරම නිහඩවෙලා පුදුමෙන් ඔහු දෙස බැලුවා.

“අගසව්වො දෙන්නා ඇවිත් ..ඒක තමයි මේ.මන් බැළුවා මොකද මේ වලව්ව දෙදරන්න සද්දෙ කියලා?”

ඒ හඩේ තිබ්බේ තදකමක් නෙවෙයි, තාත්තා කෙනෙක්ගේ අමුතු ආදරයක්.

ඊළඟ මොහොතේ ඔහුගේ ඇස් රාවන්ට නතර වුණා.

"අන්කල්...."

ජෙරාඩ් සහ මාලන් එක්වරම සිනාසී ඩැනීව ඇමතුවත් රාවන් කිසිසේත්ම ඔහුව සැලකිල්ලට ගත්තෙ නැති බවක් පෙන්වූවා.

“සුදු පුතාට උණ කියලා මතකවත් නෑ වගේ…”

රාවන් පිඟාන අතේ තියාගෙනම ඩැනී දෙස හෙමින් බැලුවා.

“උණ තිබ්බට බඩගින්න නැතිවෙන්නෙ නෑ පප්පා.”

ඒක කියද්දිම ජෙරාඩ්ට හිනාවක් ගියා.

ඩැනී හෙමින් මේසෙ ලඟට ඇවිත් පිඟානක් අතට ගත්තා.

“මටත් මේ ගෝන මස් සුවඳට ඉවසන්න බෑ ..මට කියන්නෙවත් නැතුව යාලුවො දෙන්නා එක්ක හොරෙන් පාටි දාන්නද හැදුවෙ...ම්...”

ඩැනී සිනාසිසී කියද්දිම මාලන් හිනාවෙලා රාවන් දෙස බැලුවා.

“ඒක තමයි… ලොකු හාමුත් මෙන්න හොරෙන්ම ගෝන මස් කනවා.”

ඩැනී එකපාරටම රාවන් දිහා බැලුවෙ , ඇස්වල හිනාවක් එක්ක.

“හොරා පප්පා නැතිවෙලාවටම කුස්සි අම්මට කියලා රස රස කෑම හදන් කනවා.”

රාවන් හිනාවක් දාගෙන පිඟාන දිහාම බැලුවා.

“පප්පා නැතිවෙලාවෙ නෙවෙයි… පප්පා ඕනි තරම් කුස්සි අම්මා උයන ඒවා කනවනි..හරියට කාලාම නෑ වගේ කියවන්නෙ...”

ඒකට මේසෙ වටේම හිනාව පිරුණා.

ඩැනී හෙමින් හුස්මක් ඇදලා අසුනකට ඉඳගත්තා.

“මන් කියන්නෙ සුදු පුතා මාත් එක්ක එකට මේ මේසෙ ඉදන් කන්නෙ නැති එක...”

එවිට අනික් තිදෙනාම නිහඩවුණා.

ඩැනී හෙමින් පිඟානෙන් මස් කෑල්ලක් අරගෙන කටට දාගෙන හිස හෙල්ලුවා.

“හ්ම්… නරකමත් නෑ .....”

රාවන් පිඟාන අතේ තියාගෙනම පප්පා දිහා බැලුවා.

“කුස්සි අම්මා උයන දේවල් නරක වෙන්නෙ කොහොමද පප්පා…”

ඒක කියද්දි ජෙරාඩ් අත උස්සලා හිනාවුණා.

“අනේ මේ… ඔය දෙන්නා පටන් ගත්තොත් කතාව ඉවර වෙන්නෙ නැහැ.”

මාලන් පිඟාන තල්ලු කරලා හිනාවෙලා ඉල්ලීමක් කරා.

“ඒකනෙ… අපි කන එකවත් ඉවර කරගමුද? ඊට පස්සෙ ඔය දෙන්නගෙ විවාදෙ පටන් ගමු අපේ ඩෙසර්ට් එකට....”

ඒ අතරේ ඩැනීගේ ඇස් හෙමින් රාවන්ගේ මූණ දිහා නතර වුණා.

ටිකක් වෙලා බලාගෙන හිටියා.

“සුදු පුතා අද ටිකක් වෙනස්.”

රාවන් එක වචනයක්වත් නැතුව පිඟාන දිහා බැලුවා.

“වෙනස් කියන්නේ…?”

ඩැනී හෙමින් හිනාවෙලා,

“ඇස් වලින් පේනවා .… හිතත් වෙන කොහෙහරි වගේ....”

මේසෙ මොහොතක් නිහඬ වුණා.

ජෙරාඩ් කටේ තිබ්බ බත් ටික කන එක නවත්තගෙන රාවන් දිහා බැලුවා.

මාලන්ගෙත් මුහුණෙ හිනාව අඩු වුණා.

රාවන් හෙමින් හුස්මක් ගත්තා.

ඊළඟට හිනාවෙලා පිඟාන අතට ගත්තා.

“උණ තියෙන මනුස්සයෙක්ගෙ මුහුණ කියවන්න පප්පට දැන් පුළුවන් .....”

ඩැනී එකපාරටම හිනාවුණා.

“සුදු පුතා වෙනදා වගේ නෙවෙයිනෙ… ඒකයි.”

රාවන් ඒකට උත්තර නොදී පිඟානෙන් පපඩම් කෑල්ලක් අරගෙන කටට දාගත්තා.

ඒත් ඔහුගේ ඇස් ටිකක් වෙලාවකට කවුළුව දිහා ගියා.

එතනින් පිටත වත්ත දිහාට…

ඒ ඇස් වලට හෙමින්ම ආව එකම නමක්

නෙලුම්.

ජෙරාඩ් ඒක දැක්කා.

ඒත් කිව්වෙ නෑ.

මාලන්ත් ඒ දිහා බලලා හෙමින් හිනාවෙලා පිඟාන දිහා බැලුවා.

ඩැනී ආයෙත් කතා කළා.

“කෑම ඉවර කරලා ටිකක් විවේක ගන්න. මේ වයිරස්ත් උණ එක්ක සෙල්ලම් කරන්න බෑ.”

රාවන් හෙමින් හිස සැලුවා.

“හරි පප්පා…”

ඒත් ඒ “හරි” ඇතුළේ තිබ්බේ තාත්තාව සතුටු කරන එකක් නෙවෙයි…

හිත ඇතුළේ වෙනම ලෝකෙකට හිරවෙලා ඉන්න කෙනෙක්ගෙ නිහඬ එකඟතාවයක්.

“සුදු පුතා අද හරි සතුටින් වගේ…”

ඩැනී ඒක කිව්වෙ රාවන් දිහා හිතෙන්ම බලාගෙන.

අවුරුදු ගානකට පස්සෙ…

මේ කෑම මේසෙ වටේ ඉඳගෙන, මිනිස්සු එක්ක හිනා වෙවී, කතා කර කර, හරිම නිදහසේ කෑම කන රාවන්ව දැක්කේ අද.

ඒක තාත්තෙක්ට දැනෙන සතුටක්.

රාවන් කටේ තිබ්බ බත් කට ගිලලා, කෙටි හිනාවක් මවාගෙන පප්පා දිහා බැලුවා.

කොච්චර හිනාවක් මුහුණෙ මවාගත්තත්, ඒ ඇස් ඇතුළේ තිබුණේ වෙනම කතාවක්.

ඩැනී සූරියබණ්ඩාර,
වයස පනස් පහක් වටිනවා කියල

Address

8/113,LadySmith Watta,, Rassagala Rd
Balangoda
70100

Telephone

+94742602092

Website

Alerts

Be the first to know and let us send you an email when SAYU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SAYU:

Share