10/05/2026
ඒ එක වචනය දැක්ක මොහොතේ රාවන්ගේ ලෝකෙම නතර වුණා…
නේහාගේ කඳුළු… රාවන්ගේ හුස්ම…
ඒ රෑට පස්සෙ කාගෙවත් ජීවිත කලින් වගේ තිබ්බෙ නැහැ.....
විසිහය වැනි කොටස🌹
නේහා… නේහා…
රාවන්ගේ හිත කුතුහලයෙන් මිරිකුණා.දුරකථනයෙන් ඇසෙන
නේහාගේ ඉකිබිඳුමන් සමඟ ඇති වූ නිහඬතාවය ඔහුගේ සිත තවත් දවාලනු ලැබුවා.
“නේහා…?”
“අනේ… මට ඉන්න බෑ… රාවන්…”
ඇගේ හඬ බිඳී බිඳී ගලා ආවා.
රාවන් තත්පරයක් නිහඬව සිට හඩ අවදිකළා.
“මේ අහන්නකො… ළමයො… අඩන්නෙ ඇයි කියන්නකො.ඔයාට තේරෙන්නෙ නැද්ද… මං බයවෙලා ඉන්නෙ හොදටම…”
ඔහුගේ හඬේ තිබුණේ තදබල කරුණාවක්.රාවන් ඉතා ඉවසීමෙන් කතා කළා.ඒ අතර ඔහුගේ නෙත් විටින් විට හැදි ගෑරුප්පු ගැටෙන හඩත් සමග මිශ්‍රවී ඇසෙන සිනහ හඩවල් පිරුණු කෑම කාමරය දෙසටද යොමුවුණා .
“ඔයාට තේරෙන්නෙ නැද්ද…නේහා මන් කියන එක...?”
නේහාගේ හඬ නැවතත් බිඳුණා.
“ආ… රා....රාවන්…”
රාවන් දෙනෙත් සෙමින් පියාගත්තා.
ඔහුගේ හදවත වේගයෙන් කම්පනය වුණා.
“නේහා… කියන්න…”
ඔහුගේ මෘදු ආමන්ත්‍රණය නිසාවෙන්,
ඇගේ දුර්වල කටහඬත් කෙමෙන් සන්සුන් වෙමින්,
අනෙක් පසින් හෙමින් නැවතත් ඇසෙන්නට වුණා…
“මට සනීප නැහැ රාවන්...මට ටිකක් අමාරුයි ......”
..........................................................................
රාත්‍රීය වෙනදාටත් වඩා නිහඬයි.
විශාල හෝටල් සංකීර්ණයේ අති සුඛෝපභෝගී රාවන්ගේ පුද්ගලික
කාමරයේ තිබුණු මඳ එළිය අතරෙ නේහා සැප පහසු ඇඳේ හාන්සිවෙලා හිටියේ ඇස් පියාගෙනමයි.
ඇගේ දකුණු අත මත රාවන්ට ඇමතුම ගත් ජංගම දුරකථනය තවමත් රැදී තිබුණා…
ඇගේ හුස්ම ටිකක් බරයි…
හිතත් අමුතු විදිහට නොසන්සුන්.
උදේ ඉඳන්ම ඇඟට හරි නැහැ කියලා දැනුණත්, රෑ වෙද්දි ඒ අපහසුකම තවත් වැඩිවෙලා තිබුණා.
බඩ ඇතුළෙ අමුතු පෙරළීමක් වගේම,
වමනය එනවා වගේ හැඟීමක්…
විටින් විට ඇයට දැනෙන්නට ගත්තා.
ඔළුවත් වෙනදට වඩා මහ බරක් ලෙස ඇයට දැණුනා…
එකපාරටම ඇය ඇඳ විට්ටම අල්ලගෙන නැගිට්ටා.
“අහ්…”
හිස කැරකෙනවා වගේ දැනෙද්දි
නේහා ඉක්මනට නානකාමරය පැත්තට දිව්වා.
මිනිත්තු කිහිපයකට පස්සේ
ඇය ආයෙමත් බිත්තියට හේත්තු වෙලා හෙමින් බිමට වාඩිවුණා.
ඇයට හුස්ම ගන්නත් අපහසුයි වගේ.
“මොකද්ද මේ මට වෙන්නෙ…”
ඇය තනිවම මුමුණා ගත්තා.
නළලත් රිදෙනවා… මුළු ඇඟටම පණ නෑ වගේ… බඩ ඇතුළෙත් සැරින් සැරේට රිදෙනවා.
නේහා දෑස් පියාගෙන හිස බිත්තියට තියාගත්තා.
හිත ඇතුළෙ බියක් හෙමින් වැඩිවෙන්න පටන් ගත්තා .
“අසනීපයක්වත්ද…?”
ඇයටම තේරුණේ නැහැ ඇයගේ අපහසුව..
ඒත්,ඇගේ හිතේ ගැඹුරු තැනක
නමක් නොකියපු සැකයක් හෙමින් ඇහැරෙමින් තිබුණා…
ඇගේ සැකයත් සමග ඇගේ වේදනාවන් මැකී ගියේ ආයාසයෙන් .
.............................................................. ............
කාමරේ දොර එකපාරටම ඇරුණා.
“නේහා…!”
නිවසට ඇද සිටි ටී ශර්ට් එක සහ කොට කලිසම පිටින්ම කිසිම සූදානමකින් තොරව
පැමිණි රාවන් අවුල්වූ හිසකෙස් අතරින් ඇගිලි යවමින් අතින් හිසකෙස් සකසමින් කලබලෙන් කාමරය ඇතුළට ආවා.
දුරකථනය ඔස්සේ ඇහුණ ඇගේ ඇඬිල්ලත්,
කාමරේ ඇතුළේ තිබුණු අමුතු නිහඬතාවයත්
ඔහුගේ හිත හොඳටම අවුල් කරලා තිබුණා.
ඇඳ අයිනටම ඇවිත් නතර වුණ ඔහුගේ ඇස්
එකපාරටම නේහා මත නතර වුණා.
ඇය ඇඳේ හාන්සිවෙලා ඉන්නවා.
මුහුණ සුදුමැලි වෙලා… දෑස් අඩවසාගෙන…
හුස්ම ගන්නෙත් අපහසුවෙන් වගේ.
ඇගේ උදෑසන තිබූ කෙළිලොල් දඟකාර ගතිය
සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා තිබුණා.
රාවන්ගේ පපුව ඇතුළෙ මොකක්දෝ
දෙයක් තදවෙලා වගේ දැනුනා..
“නේහා මොකක්ද වෙලා තියෙන්නෙ…?”
ඔහු ඇඳ අයිනටම වාඩිවෙලා
ඇගේ නළලට අත තිබ්බා.
“නේහා… ඇස් අරින්නකො…”
ඔහුගේ කටහඬේ තිබුණේ පැහැදිලි බියක්.
කොච්චර තරහා තිබුණත්…
කොච්චර නපුරු විදිහට හැසිරුණත්…
“අමාරුයි” කියන එක ඇහුණු මොහොතේ
ඔහුට ඉවසගෙන ඉන්න බැරිවුණා.
පණ කඩාගෙනම වාහනෙත් වේගෙන්ම
අරන් පප්පටත් බොරු කියලා කාමරේට දිව්වෙ ඒ නිසාමයි.
“වාහනේ තව පොඩ්ඩෙන් හැපිලා මාත් මැරිලා ......"
ඔහු තමාටම කියා ගත්තෙ නේහා දෙස බලාගෙනමයි. නේහා හෙමින් ඇස් ඇරලා ඔහු දිහා බැලුවා.
“රාවන්…”
ඇගේ හඬ හරිම දුර්වලයි.
“මගෙ ඇගට… හරි නෑ…”
ඒ වචන ටික ඇහෙද්දි රාවන්ගේ හිත නිකන්ම උණුවෙලා ගියා.
ඔහු ඇගේ කෙස් අතරින් අත යවලා හෙමින් නළල පිරිමැද්දා.
“ඒ කිව්වෙ.. රිදෙනවාද ඔළුව …?”
එකපාරට ප්‍රශ්න අහද්දි
ඔහුගේ කටහඬත් එක්ක සෙලවෙන ඒ ආකර්ෂණීය දෙතොල් දෙස
අපහසු ඇස් වලින් නේහා බලාගෙනම සිටියා..
නේහා එයට ප්‍රතිචාරයක් ලෙස හිස සෙලවුවා.
“ඔළුවත් රිදෙනවා… ඇඟටත් පණ නෑ…
බඩත් අමුතුයි…”
රාවන් තවත් ලංවෙලා ඇගේ අත තදින් අල්ලගත්තා.
ඒ අත හරිම සීතලයි. ඔහුගේ හිතට නමක් නැති බයක් හෙමින් ඇතුල් වුණා.
“අඬන්න එපා… මම ආවනි…”
ඔහු හෙමින් කිව්වෙ නේහාගෙ අත ටිකක් තද කරගනිමින්.
ඒ වචන ටික කියද්දිම ඔහුගේ ඇස්වල තිබුණු තද ගතිය නේහාටත් හොඳටම පෙනුණා.
රාවන්ට ඒ මොහොතේ දැනුණේ එක දෙයක් විතරයි, තමන් බලන්න කියලා ආපු නේහාට මොනවහරි වෙලා තියෙනවානම්
ඇයව බලාගන්න එක ඔහුගෙ වගකීමක් බව.
ඒක ඔහුට දරාගන්න බැරිඋණා …
නේහා හෙමින් ඇස් පියාගෙන රාවන්ට තව ටිකක් ලංවුණා.
ඊළඟ මොහොතේ, ඇය ඔහුගේ ඔඩොක්කුව මත හිස තියාගත්තා.
රාවන්ගේ හුස්ම මොහොතකට නතර වුණා වගේ.
ඔහු කිසිම දෙයක් නොකියා නිහඬව ඇය දිහා බලන් හිටියා.
නේහාගේ උණුසුම් හුස්ම ඔහුගේ අතට වැදි වැදි ගියා. ඒ එක්කම රාවන්ගේ හිත දෙලොවක අතරමන් වුණා.
රත් පැහැ කෙටි, සැහැල්ලු නිදන ඇඳුමකින් සැරසී සිටි ඇයගේ ආකර්ෂණීය රූපය දෙස
රාවන් ගැහෙන හදවතින් මොහොතක් බලා සිට දෙනෙත් හෙමින් පියාගත්තා. මිනිත්තු කිහිපයකට කලින්, කෑම මේසයේ පප්පා එක්කත්, යාලුවො දෙන්නත් එක්කත්
හිනාවෙවී කෑම කකා සිටි හැටිත්,
නේහාගෙන් ඇමතුම ලැබුණු හැටිත්,
ඔහු වලව්වෙන් කළබලෙන් පිටවන්නට සූදානම් වූ හැටිත්, මිතුරන් දෙදෙනා ඔහු ගැන මනා අවබෝධයක් ඇතිව නිහඩවම සිටි හැටිත්,
“බාගෙට කාලා කොහෙද යන්නෙ?”
කියලා පප්පා ඇහුවත් ඔහු බොරුවක් කියලා එතනින් පැනලා, නේහාට මොකක්හරි කරදරයක් වෙලාද බලන්න කලබලෙන් වාහනේ අරන් පැමිණි සැටිත්
එකින් එක සිහිකළා.
ඒ තරම් කලබල වුණේ ඇයි කියලා
දැන් ඔහුටම තේරෙන්නෙ නැහැ.
කොච්චර තරහා තිබුණත්…
කොච්චර ඇයව මගහැරලා ඉන්න හැදුවත්…
නේහා අසනීපෙන් කියලා දැනුණු ගමන්
ඔහුගේ හිත නිකන්ම බිඳිලා ගියා.
රාවන් හෙමින් ඇගේ කෙස් අතරින් අත යැව්වා.
“දැන්වත් ටිකක් හොඳයිද?”
ඔහු මෘදු හඬින් ඇහුවා. නේහා දෑස් පියාගෙනම ඔහුගේ ටී ශර්ට් එක අල්ලගත්තා.
“යන්න එපා…”
ඇගේ දුර්වල හඬ රාවන්ගේ පපුව ඇතුළෙ කොහෙදෝ තැනක් හිරිවැට්ටුවා.
ඔහු මොහොතක් නිහඬව හිටියා.
පස්සේ ක්නේහාගේ නළලට හෙමින් අත තියාගෙන ඉතා පහත් හඬින් කිව්වා.
“හ්ම්…”
ඒ වචන ටිකත් එක්ක නේහා තව ටිකක් ඔහුට තුරුල් වුණා.
රාවන් නිහඬවම ඇයගේ හිස පිරිමදිමින් හිටියා. ඒත්, ඔහුගේ හිත ඇතුළෙ
නමක් නැති බයක් තවමත් හෙමින් ඇවිළෙනවා…
නෙළුම් ....
රාවන්ගේ ඇස් ඉදිරිපිට නෙළුම්ගේ අවිහින්සක මුහුණ මැවි මැවී පෙනෙන්නට ගත්තා.
රාවන් නේහාගේ නළල මත අත තියාගෙන
තව මොහොතක් නිහඬව හිටියා. ඇගේ හුස්ම තවමත් බරයි වගේම උණුසුම්. මුහුණත් සුදුමැලි වෙලා. ඔහුගේ හිතට ඒක හරි නැහැ.
ඔහු සැමවිටම තමාට ආදරණීයව සලකන්න් වෙනුවෙන් මතුපිටින් නොපෙන්වූවත්
හදවතින්ම හිත යටින්ම හඩාවැටුණා.
“නේහා… නැගිටින්න…”
රාවන් හෙමින් නේහාගේ පිටට තට්ටුවක් දමමින් කියද්දි, නේහා දෑස් අඩව වසාගෙන ඔහු දිහා බැලුවා.
“ඇයි…”
“ඔයා අදුමක් මාරු කරගන්න.
ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න ඕනි…
මගෙ ඩොක්ටර්ව මන් ගෙන්නන්ම්”
ඒ වචන ටික ඇහුණු ගමන් නේහාගේ මුහුණ වෙනස් වුණා.
“එපා…”
ඇය ඉක්මනින්ම කිව්වා.
“මට දැන් ටිකක් හොඳයි… තව ටිකකින් ඇරිලා යයි…”
රාවන්ගේ ඇස් ටිකක් තද වුණා. ඔහුගේ මෙතෙක් තිබූ මෘදු ස්වභාවය මොහොතකින් අතුරුදහන් වුණා.
“නේහා… ඔයාගෙ ඇගට හරි නැහැ. මූනෙන් ඒක පේනවා. මන් ආසම නැත්තෙ ඔයාගෙ ඔය හිතුවක්කාරකමට ..."
"අසනීපක් තියෙනවා නම් බෙහෙත් ගන්න ඕනි. අනික ඔයා මගෙ තැනක ඉන්නෙ.
ඒක හොදට මතක තියාගන්න . ....කියන දේ ඇහුවෙනැත්නම් හෙටම ගිහින් දානවා ගෙදරට.."
රාවන්ගේ හිත අස්සෙ හිටපු රාක්ෂයාගේ ස්වරූපය නැවත එළියට පැන්නා..
ඇස් ටිකක් කෝපෙන් රත් වෙද්දි
කම්මුල් රත් පැහැ ගැන්වුණා.
“අනේ රාවන්… ඩොක්ටර් කෙනෙක් ඕනි නෑ…
ඔයා ටිකක් මෙතන ඉන්නකො…
එතකොට හරියයි.....”
ඇය ඔහුගේ අත තව ටිකක් තදින්අල්ලගත්තා.
රාවන් ගැඹුරු හුස්මක් ගත්තා. ඔහු දැන් ඉන්නෙ පුදුම අවුල්සහගත තත්වයක..
වලව්වෙ පප්පා, ජෙරාඩ් එක්ක මාලන්
තවමත් ඔහු එනකන් බලන් ඉන්නවා.
පප්පාත් ඒ එක්කම අවුලෙන් ඇත්තෙ ඔහුට හිතුණා, රාවන් හිටපු ගමන් මහ රෑ දොළහටත් වාහනෙත් අරන් වලව්වෙන් අතුරුදහන් වෙන්නෙ අද ඊයෙ නෙවෙයි.
සුක්කානම අතට හුරුවූ දිනයේ සිට
ඔහුට රෑට රෑට අමුතු අමුතු ගමන් තිබ්බා.
ඩැනී ඒ ගැන ඉවසීමෙන් සිටියෙ
රාවන් කොලුකමට කරන හිතුවක්කාර දේවල් වලට දඩුවම් කරන්න තරම් හිතේ හයියක්
වගේම හැකියාවකුත් නොතිබූ නිසාමයි.
කාලෙකින් හතර දෙනා එකට හිනා වෙවී
කෑමක් කන්න ලැබුණ වෙලාවක් නිසා
අද ඩැනී හිටියෙ ගොඩක් සතුටින්.
ඒ රාවන්ගෙ මුහුනෙ කාලෙකට පස්සෙ තිබ්බ
අමුතුම හිනහව දැකලා.
ඒ වගේම රාවන් ඉන්නෙ සතුටින් කියලා
ඔහුට තේරුණ නිසා.
ඒත් රාවන් එක පාරටම මේසෙන් නැගිටලා ආවෙ ,නේහාගෙ අසනීපය ඇහුණු නිසා
දැන් වලව්වෙ ඒ තුන්දෙනාම ඔහු එනකන් බලන් ඉන්නවා. ඒ හැමදේම හිතේ තිබුණත්,
නේහා මේ විදිහට ඉද්දි ඇයව දාලා යන්න ඔහුගේ හිත එකපාරටවත් හදාගන්න බැරි වුණා. විශේෂයෙන්… නෙලුම්ගෙන් පස්සෙ
තමන් මෙච්චර හිත කම්පා වෙලා
කෙනෙක් ගැන බයවෙලා ඉන්නෙ ඇයි කියලා
රාවන්ටම තේරෙන්නෙ නැහැ.
ඔහු දෑස් පියාගෙන හුස්මක් ගත්තා.
“හරි… ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්නෙත් නැත්තම්... නැගිටලා ඇඳුමක් මාරු කරගන්න…”
“රාවන්…”
“නේහා… Please…”
ඔහුගේ හඬ දැන් ටිකක් මෘදුයි.
“ඔයා ඔහොම ඉද්දි මට බය හිතෙනවා…”
නේහා නිහඬව ඔහු දිහා බලන් හිටියා.
ඒ ඇස්වල තිබුණේ දුර්වල උණුසුමක්.
රාවන් ඇඳ අයිනෙන් නැගිටලා ඔහුගේ අල්මාරිය ඇරියා. සුදු පාට මෘදු අත් දිග කමිසයක් අතට අරගෙන ඇය ළඟට ආවා.
“කෝ… මේක ඇඳගන්න…”
නේහා මොහොතක් ඒ දිහා බලන් හිටියා.
ඊට පස්සේ හෙමින් ඔහුට මුමුණුවා.
“ඔයා යන්නෙ නෑ නේද…?”
රාවන්ගේ හිත ඇතුළෙ මොකක්දෝ දෙයක් ඇදිලා ගියා. ඒතේ එක්කම නෙළුම්ගෙ උණුසුමත් ඔහුගේ හදවතට නැවත නැවත දැනෙන්න ගත්තා. දෙලොවක් අතර අතරමංව, ඔහු ඇය දිහා බලාගෙනම
හෙමින් හිස හෙලවුවා.
“නෑ… ටිකක් ඉදලා යන්නම්...”
නේහා ඇඳේ අයිනට හේත්තු වෙලා ඔහු දීපු ශර්ට් එකත් අතැතිව නිහඬව හිටියා. රාවන් නම් කාමරේ මැදට ගිහින් දෙලොවක අතරමන් වගේ හිටියේ.
ඔහුට නේහා එක්ක මෙහෙම තනිව ඉන්න හිත හදාගන්න බෑ. හිත තවමත් අවුල්.
කොච්චර ඇය ගැන බය හිතුණත්…
කොච්චර හිත උණුවෙලා තිබුණත්…
මේ හැමදේම ඔහුට අමුතුයි.
විශේෂයෙන් රෑ වෙලා කෙල්ලෙක්ව තමන්ගෙම කාමරේ තියාගෙන ඉන්න එක.
අනික ලොකු පප්පාගේ හෝටලේ. මෙතන වෙන හැමදේම අවසානයේ ලොකු පප්පාට දැනගන්න පුළුවන් කියලා රාවන් හොඳටම දන්නවා.
“ශිට්…”
ඔහු නළල අතගාගෙන හෙමින් මුමුණුවා.
පප්පාට කේලම ගියොත්?
“රාවන් කෙල්ලෙක් ගෙනත් රෑ තියාගෙන ඉන්නවා… අනික කසාද බැඳපු තමන්ටත් වඩා වැඩිමහල් ගෑණියෙක්…කියලා ආරංචි වුණොත්?..."
ඔහුටම හිනා යන්නත් වගේ.ඒත් ලොකු පප්පා නම් ඕවාට කලබල වෙන කෙනෙක් නෙවෙයි. ඔහු හරිම ඕපන් විදිහට හිතන මනුස්සයෙක්. ලොකු මම්මාත් එහෙමයි.රාවන් රුසියාවේ ඉද්දිත් ඔහුගේ නිදහස ගැන හිතුවේ ඒ දෙන්නා.
“කොල්ලට ඕන විදිහට ජීවත් වෙන්න දෙන්න…”
කියන මතේ හිටපු දෙන්නෙක්.ඒකට හේතුවක් තිබුණා.ඔවුන්ට කවදාවත් දරුවො හිටියේ නැහැ. ඒ නිසා රාවන්ට සැලකුවේ තමන්ගේම දරුවෙක් වගේ.
ඔහුගේ හිනාවට කේන්තියට දඩබ්බරකම්වලට පවා… ඒ දෙන්නා ආදරේ කළා.ඔහුගේ නොයෙක් අරුමෝසම් මෝස්තරවලට, නොයෙක් දේවල්වලට නොමසුරුව ඔවුන් වියදම් කළා.
මේ හෝටල්… දේපළ… ව්‍යාපාර…
කවදාහරි ඔක්කොම රාවන්ට අයිති වෙනවා කියලත් හැමෝම දන්නවා.ඒත් ඒ හැමදේම අතරේ වුණත්, නේහා එක්ක මේ කාමරේ තනිව ඉන්න එක රාවන්ගේ හිතට තවමත් අමුතුයි.
ඔහු ආයෙමත් හැරිලා නේහා දිහා බැලුවා.
ඇය නිහඬව ඔහු දිහාම බලන් ඉන්නෙ දුර්වල ඇස් දෙකෙන් උනත්, ඒ ඇස් අතරින් ඔහුට ආරාධනා ගෙන ආවා.ඒ බැල්ම දැක්ක ගමන්,
“හරි… මං යනවා…”
කියලා කටින් පිටවෙන්න ගිය වචන ටික ඔහුටම ගිලගන්න සිද්ධ වුණා.රාවන් ගැඹුරු හුස්මක් ගත්තා.
“මොන මගුලක්ද මේ…”
ඔහු හෙමින් තමන්ටම මුමුණා ගත්තා…
රාවන් කාමරේ ජනේලය ළඟට ගිහින් හිටගත්තා.
පිටත රෑ අඳුර නිහඬව පැතිරී තිබුණා. ඒ අතරින් පහළ පිහිනුම් තටාකය මතට විදුලි පහන් ආලෝකය වැටී දිලිසෙමින් තිබෙනු ඔහුගේ ඇස් අල්ලාගත්තා.
ඒත් ඔහුගේ හිත ඇතුළෙ නම් තිබුණේ සම්පූර්ණ අවුලක්.
ඒ අතරෙ එකින් එක මැවි මැවී පෙනුණේ නෙලුම්ගේ අහිංසක මුහුණ.
ඒ කෙල්ල…
තමන් වෙනුවෙන් ඕන දෙයක් පූජා කරන්න ලෑස්ති කෙල්ලෙක්.
තමන් කවදාහරි අවංකව ආදරේ කරයි කියලා පොඩි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන නිහඬවම තමන් පස්සෙන් එන, තමන්ගෙ උවමනා එපාකම් ඉටුකරන කෙල්ලෙක්.
රාවන්ගේ පපුව ඇතුළෙ අමුතු බරක් තදවුණා.
“හෙට උදේ ඒකිගෙ මූණ බලන්නෙ කොහොමද…”
ඔහු හෙමින් තමන්ටම මිමිණුවා.
වෙන කෙල්ලෙක් එක්ක රෑක් ගත කරලා… ඊට පස්සේ ගිහින් නෙලුම් ඉස්සරහ සාමාන්‍ය විදිහට හිටගන්න පුළුවන්ද?
ඔහුටම තමන්ව අප්පිරිය හිතුණා.
අනික අර අපතයො දෙන්නා…
ජෙරාඩ්යි මාලනුයි.
උන් දෙන්නාව වලව්වට ගෙන්න ගත්තෙත් තමන්ට තනිය මැකෙන්න.
පොඩි කාලෙ ඉඳන් ඕනම දේකට තමන් එක්ක හිටියේ ඒ දෙන්නා.
දැන් උන් දෙන්නව තනියම දාලා මෙතන නතර වෙලා මේ ළඟදි අදුරගත්ත කෙල්ලෙක්ට තනි රකිනවා.
“මොන මගුලක්ද මේ…”
රාවන් නළල අතගෑවා.
“මේක මටම අයිතිවෙන්න තියෙන හෝටලේ ප්‍රයිවට් රූම් එක…
මං මොන එහෙකටද මේකිව මෙහෙටම ඇදගෙන ආවෙ…”
ඔහු හිත ඇතුළෙන්ම තමන්ටම බැන්නා.
“ශික්… රාවන්… උඹ වගේ ගොනෙක්…”
ඔහු හෙමින් දත් මිටි කෑවා.ඒ අතරේ, නේහා නිහඬවම ඔහු දිහා බලන් හිටියා.
අමාරුවෙන් වුණත් ඇගේ ඇස්වල තිබුණේ අමුතු ආසාවක්.
රාවන් මෙච්චර කලබල වෙලා ඉන්න එක…
තමන් වෙනුවෙන් බයවෙන එක…
ඇය නිහඬවම විඳිමින් හිටියා.
ඒ අතරෙ ඇය රාවන්ගෙ කඩවසම් සිරුර දෙස බලා සිටියේ පොඩි දුකකුත් එක්ක.
රාවන් ආයෙමත් හැරිලා බලද්දි නේහා ඉක්මනට ඇස් පහත් කරගත්තා.
ඒත් ඒ මොහොතට කලින් ඇගේ ඇස්වල තිබුණු හැඟීම ඔහුට හොඳටම පෙනුණා.
රාවන් හුස්මක් හෙළලා තව ටිකක් ඇඳ අයිනට ආවා.
“ඔයාට තාම අමාරුද…?”
ඔහු අහපු හඬ දැන් ටිකක් නිවිලා කියලා නේහට දැණුනා.
නේහා හිස හෙමින් හෙලවුවා.
“ටිකක්…”
රාවන් තවත් මොහොතක් ඇය දිහා බලන් හිටියා.
ඒත් ඔහුගේ හිත ඇතුළෙ නම් තවමත් එකම යුද්ධයක්…
රාවන් ඇඳ අයිනේ තිබුණු සැප පුටුවක හෙමින් වාඩිවුණා.
නේහා තවමත් නිහඬව ඔහු දිහා බලන් ඉන්නවා.
ඒ බැල්ම දැක්කම ඔහුගේ හිත තවත් අවුල් වුණා.
රාවන් කියන්නෙ කෙල්ලෙක්ව අමාරුවේ දාන්න කැමති කොල්ලෙක් නෙවෙයි.
ඔහු මෙතෙක් කලක් කවදාවත් කෙල්ලෙක්ට බොරු බලාපොරොත්තු දීලා නැහැ.
කොලුකමට කරන්න පුළුවන් හැම දඩබ්බර වැඩක්ම කළත්, කෙල්ලන් සමග ඔහුගෙ තිබුණෙ ඉතා අතේ දුරින් තිබූ ඇසුරක් පමණයි.
ඒ අතරෙ නේහා ඉහළින්ම සිටියා.
ඔහු කෙනෙක්ව ලං කරගෙන පස්සෙ අතරමඟ දාලා ගිය කෙනෙකුත් නෙවෙයි.
ඔහුගේ නපුරුකම…
කටකාරකම…
දඩබ්බර ගති කොතරම් තිබුණත්…
හිත ඇතුළෙ තිබුණේ පුදුම තරම් අවංකකමක්.
ඒ නිසාම නේහා මේ විදිහට තමන් පස්සෙන් එන එක ඔහුට තේරෙන්නෙ නැහැ.
“මං එයාට වැරැද්දක් කරෙත් නෑ…”
රාවන් හෙමින් හිතෙන් මුමුණුවා.
“බලාපොරොත්තුවක් දුන්නෙත් නෑ…”
ඒත් නේහා…
ඇය නිකන් අතහැරලා යන්න පුළුවන් කෙල්ලෙක් නෙවෙයි.
ඇත්තටම…
නේහා කියන්නෙ දැක්කම ආයෙත් හැරිලා බලන්න හිතෙන තරම් ලස්සන කෙල්ලෙක්.
ඇගේ සුදුමැලි මූණට වැටුණු කෙස් රැලි…
රතු පාටට පිරුණු තොල්…
අඬලා නිසා තවත් තෙත් වෙලා දිලිසෙන ඇස්…
ඒ හැමදේම කෙනෙක්ව පිස්සු වට්ටන්න තරම් ලස්සනයි.ඒ බැල්ම…ඒත්,
රාවන්ගේ ඇස් දෙක ඒ හැම ලස්සනක්ම පහුකරලා වෙනමම බරක් උසුලනවා.
ගැඹුරු තද දුඹුරු පාට ඇස් දෙකක්.
බලන කෙනෙක්ව එකපාරටම නිහඬ කරවන බැල්මක්.
කේන්තියෙන් බලද්දි ගිනි වගේ දැවෙනවා.
හිනාවෙද්දි,ඒ ඇස් දෙකේ අමුතු උණුසුමක් පිරෙනවා.
නේහාට හැමවෙලේම හිතෙන්නෙ රාවන්ගේ ඇස් දෙක ඔහු කියන්නෙ නැති හැම හැඟීමක්ම හංගගෙන ඉන්නවා කියලා.
දැන් ඒ ඇස් දෙක තමන් දිහා බලාගෙන ඉද්දි, නේහාගේ හදවත තවත් වේගෙන් ගැහෙන්න පටන් ගත්තා.රාවන් හෙමින් හුස්මක් ගත්තා.
“මොන මගුලක්ද මේ…”
ඔහු තවමත් තමන් එක්කම යුද්ධ කරනවා…
“රාවන්… ඔයා ඉන්නවා නේද අද…? ප්ලීස්… කියන්නකෝ…”
රත් පැහැති සිනිඳු නිදන ඇඳුමෙන් සැරසිලා හිටපු නේහා, ඇඳේ කොනක ඉඳගෙන රාවන් දිහා බැලුවේ අසරණ ආරාධනාවක් පිරුණු ඇස් දෙකකින්.
රාවන් නම් ඒ වෙලාවේ හිටියේ මෙතනින් පැනගන්නෙ කොහොමද කියලා හිත හිත.
ඔහු ඇය දිහා නොබලාම හෙමින් හුස්මක් පිට කළා.
“නේහා… ඔයාගේ හස්බන්ඩ් දැනගත්තොත්…?”
ඔහු අමාරුවෙන් වචන තෝරමින් ඇහුවා.
“ඇයි ඔයා ඔහොම එයාට රිද්දන්නෙ…?”
නේහා කට කොනකින් හිනාවුණා.ඒ හිනාවේ තිබුණේ දුකද…? නැත්තම් නොසන්සුන් ආසාවක්ද…?රාවන්ට තේරුම් ගන්න බැරි වුණා.
“රාවන්… එයාට මාව ඕනි නෑ…”
ඇය හෙමින් කිව්වා.
“එයා මට වඩා ගොඩක් වැඩිමහල්… අපි ගැලපෙන්නෙ නෑ… එයාට ඕනි සල්ලි විතරයි. එයාට මාව තේරෙන්නෙ නැහැ…”
රාවන් ඇස් පියාගෙන මොහොතක් නිහඬව හිටියා.
“ඉතින් නේහා… ඔයා එයාව මැරි කරන්න කලින් නේද ඕවා හිතන්න තිබ්බෙ…”
ඔහුගේ කටහඬ මෘදුයි.තරහක් එහි තිබුණේ නෑ.
තේරුම් කරවන්න හදන අසරණ උත්සාහයක් විතරක් එහි රැඳිලා තිබුණා.
“එයා ඔයාට වැරැද්දක් කරලා නැහැනේ…”
නේහා තොල් සොලවමින් රාවන් දිහා බැලුවා.
“අනේ රාවන්…”
ඇය හෙමින් ඇඳ උඩින් ඉස්සරහට ලංවුණා.
“ඔයා හරි වෙනස්…”
රාවන් කණ්ණාඩිය අයිනට හැරිලා හිටිය.
නේහාගේ සුවඳ… ඇගේ උණුසුම් හුස්ම…
ඒ කාමරේ පුරාම පැතිරෙමින් තිබුණා.
“මං හිතුවේ… ඔයා වගේ කොල්ලෙක් නම් කිසි දෙයක් ගණන් ගන්නෙ නැති වෙයි කියලා…”
නේහා හිනාවෙමින් කිව්වා.
“ඒත් ඔයා…”
ඇය ටිකක් නවතිලා ඔහුගේ ඇස් දෙක දිහා බැලුවා.
“ඔයා ඇතුළෙන් හරි සොෆ්ට්. පොඩි ළමෙක් වගේනේ… බයයිනේ…”
රාවන්ට ඒ කතාවට හිනා යන්නත් කේන්ති යන්නත් දෙකම එකට වගේ දැනුණා.
“සොෆ්ට් නෙවෙයි නේහා…
මට මිනිස්සු අමාරුවේ දාන්න බෑ…”
ඔහු හෙමින් කිව්වා.
“කවදාවත්…”
නේහා ඒ වචන ටික අහලා තවත් නිහඬවුණා.
ඇයට ඕනි වුණේ රාවන් වගේ නපුරු, අහංකාර, කවුරුත් ගණන් නොගන්න යක්ෂ කොල්ලෙක්.
ඒත්,
මේ මනුස්සයා ඇතුළේ ඇය හිතපු තරම් නපුරක් තිබුණේ නෑ.
ඒකයි නේහා තවත් තවත් ඔහුට ඇදිලා ගියේ…
නේහා තවමත් රාවන්ගේ අතින් අල්ලගෙන හිටියේ බයවෙච්ච පොඩි ළමයෙක් වගේ.
රාවන් හෙමින්ම ඇගේ ඇඟිලි තම අතෙන් ඉවත් කළා.
ඒ ස්පර්ශයවත් නේහාට අමුතුම වේදනාවක් වගේ දැනුණා.
“නේහා…
ප්ලීස්. මාව වැරැද්දට පොළඹවා ගන්නත් එපා. මාත් මනුස්සයෙක්.මගෙත් ඉවසීමෙ සීමාවක් තියෙනවා…”
රාවන් ඉතා මෘදු හඬින් කිව්වා.ඔහුගේ කටහඬේ තරහක් තිබුණේ නෑ.
තිබුණේ, හිත රිදවගත්ත කෙනෙක්ගේ බරක්.
“කවදාවත්…
ඔයාට ආදරේ කරන කෙනාට ඔහොම රිද්දන්න එපා…”
නේහා නිහඬව ඔහු දිහාම බලන් හිටියා.
රාවන්ගේ ඇස් දෙකේ වෙනදට තිබුණු දඩබ්බර ගිනියම අද ටිකක් වෙනස්.
ඒ ඇස් ඇතුළේ තිබුණේ අමුතුම අවංක බවක්.
“එයා ඔයාගෙ හස්බන්ඩ් නේහා…”
ඔහු හෙමින්ම කිව්වා.
“ඔයාලා පවුලක්…”
නේහාගේ දෑස් හිමිහිට තෙත් වෙන්න ගත්තා.
“ඔයාලා දෙන්නා එකට ඉන්න ඕනි…”
රාවන් කතා කළේ හිතෙන්ම තේරුම් කරවන්න උත්සාහ කරන කෙනෙක් වගේ.
“ගෑණියෙක් පිට යන එක හොඳ නෑ…”
ඔහු ටිකක් නිහඬව නේහා දිහා බැලුවා.
“ගැහැනිය තමා පවුලක් රකින්න ඕනි.පිරිමියෙක් වගේ නෙවෙයි…”
නේහාගේ දෙතොල් හෙමින් වෙව්ලුවා.
“ඒත්… රාවන්… ඔයාට තේරෙන්නෙ නෑ…”
ඇය අමාරුවෙන් වචන ගැලපුවා.
“මං… ඒ ගෙදර හුස්ම ගන්නෙත් තනියම…”
රාවන්ගේ හිත එක මොහොතකට ගැස්සුණා.
ඒත් ඔහු තමන්වම පාලනය කරගත්තා.
නේහා ලස්සනයි…
ඒ රතු පැහැ නිදන ඇඳුම ඇඟට ඇලී තිබුණ හැටි… තෙත් ඇස්… වෙව්ලන තොල්…
ඕනෑම පිරිමියෙක්ව අසරණ කරවන්න තරම්.
ඒත්,රාවන්ට කවදාවත් කාගෙවත් ජීවිතයක් කඩන්න ඕනි වුණේ නෑ.
“ඔයා දැන් රෙස්ට් කරන්න…”
ඔහු හෙමින් කිව්වා.
“හෙට උදේට හැමදේම හරි යයි…”
නේහා ඒ වචන අහලා නිහඬවම ඇඳ අයිනට වෙලා හිටියා.ඇගේ හිතට නම් තවමත් ඕනි වුණේ,රාවන් එතනින් යන්නෙ නැතුව තමන් ළඟම ඉන්නවා දකින්න…
නේහා නිහඬව ඇඳ අයිනට වෙලා හිටියා.
ඇගේ දෑස් තවමත් තෙත්.
රාවන් නම් කාමරේ මැද නවතිලා එක මොහොතක්වත් ඇය දිහා නොබලා හිටියා.
ඒ ඇතුළේ ඔහුගේ හිත දැන් සටනක.
කොච්චර හැඟීම් ඇතුළට එනවා වුණත්, රාවන්ට ඒවා පාලනය කරගන්න පුළුවන් හේතු ගොඩක් තිබුණා.
පළවෙනි එක…
පවුල.ඒ තමා කුඩා කළ සිටම මම්මා වෙනුවෙන්.ඔහු හැමවෙලේම උත්සාහ කළේ තම පවුලේ නම්බුව රැකගන්න.
“කවදාවත් ඒකට කැළලක් වෙන්න දෙන්නෙ නෑ…”ඔහු තමන්ටම වචනයක් දීලා තිබුණා.
දෙවෙනි එක… තමන්ගේ හැසිරීම.
රාවන්ට ඕනි වුණේ කවදාවත් කාටවත් රිදවන්නෙ නැති අවංක මනුස්සයෙක් වෙන්න.
දඩබ්බර වුණත්,හිතුවක්කාරයා වුණත්,
බලවත් වුණත්… කටකාර වුණත්…
හිත ඇතුළේ තිබුණේ අනෙක් අයට ගෞරව කරන හැඟීමක්.
“මං කවදාවත් කෙනෙක්ව අමාරුවේ දාන්නෙ නෑ…”
ඔහු ඒක නිතරම තමන්ටම කියාගත්තා.
ඒ මම්මා පප්පාගෙ සමහර වැරදි හැසිරීම් නිසා විඳපු දුක් වේදනා ඔහු කුඩා කළ හොඳින්ම දුටු නිසා.
තෙවනුව...නෙළුම්.පළමුව හදවතට දැනුණු ඒ අවංක, නිර්වියාජ, උණුසුම් ආදරේ වෙනුවෙන්.
නේහා දිහා බැලුවත් ඔහු තවත් ටිකක් පස්සට ගියා.
ඇයව ලං කරගන්න හිතුණත්… ඒකට ඉඩ දෙන්න පුළුවන් තැනක ඔහු හිටියේ නෑ.
“රාවන්…”
නේහා හෙමින් ඔහුගේ නම කතා කළා.
ඒ හඬට ඔහුගේ පපුව ටිකක් තද වුණා.
ඒත් ඔහු හැරිලා බැලුවේ නෑ.
“ඔයා රෙස්ට් කරන්න…”
ඔහු හෙමින් කිව්වා.
“මට තේරෙන්නෙ මේක වැරදි වැඩක්. ඔයා හෙට උදෙන්ම මම එක්කන් යන්නම් ගෙදර…”
ඔහුගේ හඬ දැන් ටිකක් බරයි.
ඇතුළේ තියෙන හැඟීම් පිටතට එන්න හදනවා වගේ.ඒත් ඔහු ඒවා තද කරගත්තා.
කොච්චර ආදරෙන් හැසිරුණත්…
කොච්චර හිත උණුවුණත්…රාවන් තමන්ව පාලනය කරගන්න පුළුවන් කෙනෙක්.
නේහා තවමත් ඔහු දිහාම බලන් හිටියා.
ඒ ඇස්වල තිබුණේ ඉල්ලීමක්ද…?
නැත්තම් තේරුම් ගන්න බැරි ආදරයක්ද…
රාවන් හෙමින් හුස්මක් අරගෙන දොර පැත්තට හැරුණා.
“ඔයා රෙස්ට් කරන්න…”
ඒ වචන ටිකත් එක්ක ඔහු කාමරෙන් පිටවෙන්න ලෑස්ති වුණා.
ඒත් පිටවෙන්න හිතද්දිත් ඔහුගේ හිත ඇතුළේ නේහාගේ අඬන ඇස් තවමත් හිටියා…
නෙලුම්…ඒ නම රාවන්ගේ හිත ඇතුළේ හෙමින්ම ඇදිලා ආවා.ඔහු ඇඳ අයිනෙන් නැගිටලා ජනේලය දිහා බැලුවා.
රාත්‍රී අඳුර ඇතුළේ නගරේ විදුලි පහන් මදක් දීප්තිමත් වෙලා දිලිසුණා.
ඒත් ඔහුගේ හිත ඇතුළේ නම් එළියක් නෙවෙයි,අමුතු බරක්.
නෙලුම්…රාවන්ට ඕනි වුණේ ඇයට පිරිසිදු ආදරයක් දෙන්න.එක හිතින්ම.බොරුවක් නැතිව… කවදාවත් රිද්දන්නෙ නැතිව…
ඇයව ආරක්ෂා කරන ආදරයක්.
ඒක ඔහුට හොඳටම දැනුණේ නෙලුම් කියන්නේ තමන් හැම අතින්ම බලාපොරොත්තු වෙච්ච ගතිගුණ පිරුණු කෙල්ලක් නිසා.
නිහතමානී… ආදරණීය…
කවදාවත් වංචාවක් නොහිතන හදවතක්.
“ඒ වගේ කෙනෙක් නැති කරගන්න බෑ…”
ඔහු හෙමින්ම තමන්ටම මුමුණුවා.ඒත් අද ,නේහා…
ඇයගේ උණුසුම් හුස්ම තවමත් ඔහුගේ මතකයේ.ඇයගේ අහිංසක ඇස්…
බයත්, බලාපොරොත්තුවත් එකට මිශ්‍ර වෙච්ච ඒ බැල්ම…
“රාවන්…”
කියලා ඇය කියපු හැම වචනයක්ම ඔහුගේ කණේ තවමත් ඇහෙනවා වගේ.
ඇයගේ ඇඟේ තිබුණු උණුසුම…
ඇයගේ වෙව්ලන හුස්ම…
ඔහුගේ මතකේ අස්සේ අමුතුම තරමක සන්සුන් බවක්ත්, කැළඹීමක්ත් එකට ගැටෙමින් තිබුණා.
“ඇය හරි අහිංසකයි…”
රාවන් හෙමින් හිතුවා.
“මං කියන ඕනම දේකට ඉඩ දෙන තරම්…”
ඒ හිතුවිල්ලත් එක්කම ඔහුගේ පපුව තවත් තද වුණා.ඔහු දන්නවා මේ හැමදේම පාලනය කරගන්න ඕනේ.නෙලුම්ව රැකගන්න ඕනේ.
තමන්ගේ පවුලේ නම්බුවත්… තමන්ගේ ජීවිතේ තීරණත්…ඒ හැමදේම මැද රාවන් නැවතත් හුස්මක් ගත්තා.ඇතුළේ තිබුණේ ආදරයත්… බයත්… අසම්පූර්ණ හැඟීම් ගොඩක්…
නේහා ඇඳ අයිනේ හිටගෙනම රාවන් දිහා බැලුවා. ඔහුගේ හඬ සාමාන්‍ය වුණත්, ඇතුළේ තිබුණේ බරක්. එය ඇයට හොඳින්ම දැනුණා.
“නේහා… මං දැන් යන්න ඕන…”
රාවන් ටිකක් නැවතිලා ඇය දිහා බැලුවා.
“ඒත් ඔයාට එක දෙයක් කියන්න ඕන…”
ඔහුගේ හඬ තවත් මෘදු වුණා.
“ඔයා කලබල වෙන්න එපා… ඒත් මේක ඔයා දැනගන්නම ඕනේ…”
නේහාගේ ඇස් තවත් විශාල වුණා.
“මොකක්ද…?”
ඇය කුතුහලයෙන් ඇහුවා.
රාවන් හොඳ හුස්මක් අරගෙන තත්පරයක් නිහඬව හිටියා.
“නේහා…”
ඔහු හෙමින් කිව්වා.
“මට කෙල්ලෙක් ඉන්නවා…”
ඒ වචන ටික කාමරේ ඇතුළේම නතර වුණා වගේ.
නේහා එක මොහොතකට චලනය වුණේ නෑ.
ඇගේ හුස්ම නතරවුණා වගේ දැනුණා.
රාවන් දිගටම කතා කළා.
“මං එයාට ඇත්තටම ගොඩක් ආදරෙයි…”
“එයත් එහෙමයි…”
ඔහුගේ ඇස් දැන් ටිකක් දුර බලනවා.
ඒ ඇස්වල අමුතුම ආදරණීය බවක් ඇතිවෙලා තියෙනවා කියලා නේහා දැක්කා.
“එයාට වංචාවක් කරන්න බෑ මට…”
නේහාගේ ඇස් ටික ටික තෙත් වුණා.
“මොකද… එයා ගොඩක් අහිංසකයි…”
රාවන්ගේ හඬ තවමත් නිවුණු එකක්.
“ජීවිතේ සැප කියන්නෙ මොකද්ද කියලා
හරියට දැකලවත් නැති කෙල්ලෙක්…”
ඔහු හෙමින් හුස්මක් පිට කළා.
“ඒ තරම්ම අසරණ කෙල්ලෙක්.මොනදේ ඒත් මාව ජීවත් කරන්න තරම් ආදරේ හිතේ පිරිච්ච කෙල්ලෙක්...…”
නේහාගේ දෙතොල් වෙව්ලන්න ගත්තා.
“එයාගේ එකම බලාපොරොත්තුව මං…”
රාවන් කතා කළේ බර හදවතකින්.
“එයාට මං නැතිවුණොත්…
එයත් මේ ලෝකෙන් නැතිවෙයි නේහා…”
ඒ වචන ටිකත් එක්කම නේහා ඉකි ගසන්න ගත්තා.ඇගේ හුස්ම බිඳිලා ගියා.
“රාවන්…”
ඇය අමාරුවෙන් ඔහුගේ නම කියාගත්තා.
රාවන් ඇය දිහා බලලා තවත් කිසිම වචනයක් නොකියා හෙමින් දොර පැත්තට හැරුණා.
කාමරේ ඇතුළේ නේහාගේ ඉකිගැසීම විතරයි ඉතිරි වුණේ.
රාවන්ගේ හදවතත් ඒ එක්කම හෙමින් බර වුණා…
.......................................................
රාවන් දොර අයිනටම ආවා.දොර හැරෙන්නත් කලින් ඔහු මොහොතක් නතර වුණා.
පිටත රාත්‍රිය තවමත් නිහඬයි.
හීනි සුළඟක් ජනේලයේ විවර අතරින් ඇතුළට එනවා.
කාමරේ ඇතුළේ නේහා තවමත් ඉකි ගසනවා.
ඒ හඬ රාවන්ගේ පපුව ඇතුළේම ඇලෙමින් තිබුණා.
ඔහුටත් දුකයි. ඒක පැහැදිලිවම දැනෙන හැඟීමක්.ඒත් ඒ දුක මැද තවත් බරක් තිබුණා.
“නේහා වෙන කෙනෙක්ගෙ…”
ඔහු හෙමින් හිතුවා.
“මමත්… තව කෙනෙක්ගෙ…”
ඒ දෙකම අතරේ ඔහු නවතිලා හිටියේ අතරමං වෙලා වගේ.
ආදරය කියන එක එක පාර්ශ්වයකින් විතරක් ඉදිරියට ගන්න බැරි දෙයක් කියලා රාවන් දන්නවා.
ඔහුගේ ඇතුළේ අවංකකම තියෙනවා.
නේහාට වංචාවක් කරන්න බැරි හිතක්.
නෙලුම් ඉස්සරහ පිරිසිදු වෙන්න ඕන හිතක්.
ඒත් අද,ඒ හැමදේම අතර ඔහුගේ හදවත දෙකට කැඩිලා වගේ.
පිටත පරිසරය තවමත් සන්සුන්.
නාන තටාකය පැත්තෙන් හීනි ජල හඬක් ඇහෙනවා. දුරින් ගස්වල කොළ එකට ගැටෙන ශබ්දයක්.ඒ නිහඬ ලෝකේ
රාවන්ගේ හිතේ කුණාටුවක්.
“අනියම් ඇසුරක විපාක…”
ඔහු හෙමින් තමන්ටම මුමිණුවා.ඇසුර කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඇදගන්න ලේසි… ඒත් ගැලවෙන්න අමාරු.
බොරුවක් එක්ක ගොඩනැගෙන හැම බැඳීමක්ම අන්තිමට කෙනෙක්ව රිදවලාම ඒක ඉවර කරනවා…ඔහු හිතුවා.රාවන් දොර අල්ලලා හෙමින්ම බැල්කනියට පිටවුණා.
පියවරක් තියද්දිත් පිටිපස්සෙන් නේහාගේ ඉකිගැසීම තවමත් ඔහුගේ කණේ ඇහුණා.
ඒ හඬ රෑ අඳුරත් එක්කම
ඔහුගේ හිත ඇතුළේ හෙමින් හෙමින් අතුරුදහන් වෙන්න පටන් ගත්තා…
.......................................................
බැල්කනිය මතට වී ඇඳ මත ඉකිගසමින් සිටින නේහා දෙස ඔහු දුකින් බලාගෙන සිටියා.නේහා අඩමින් හිටියේ
රාවන්ගේ වචන අහගෙන.
කාමරේ ඇතුළේ විදුලි පහන්
මදක් අඩු ආලෝකයකින් දැල්වෙලා තිබුණා.
බිත්තිය දිගේ වැටුණු සෙවනැලිත් එක්ක
ඒ අවකාශය තවත් බර වෙලා වගේ.
රාවන් බරාදය අයිනේ නතර වෙලා හිටියා.
රාත්‍රියේ ශීත සුළඟ හෙමින් හෙමින් ගලාගෙන එනවා. පිටත ගස් කොළ හෙමින් ගැටෙන හඬක් ඇහෙනවා.
ඔහු හෙමින් හුස්මක් අරගෙන කතා කළා.
“නේහා…”
ඔහුගේ හඬ දැන් ටිකක් තදයි.
ඒත් ඇතුළේ තිබුණේ පාලනයක්.
“ඔයා තේරුම් ගන්න…”
ඔහු ටිකක් කතාව නවත්තලා ඇය දිහා බැලුවා.නේහා ඇඳ අයිනේම හිටගෙන
ඔහුගේ වචන එකින් එක අහගෙන හිටියා.
“මට අයිති නැති දේවල්…”
රාවන් හෙමින් කියාගෙන ගියා.
“මට මගේ කරගන්න ඕනේ නෑ…”
ඔහුගේ ඇස් තත්පරයක් අඩුවෙන් තද වුණා.
“ඒත්…”
ඔහු හුස්මක් අරගෙන තවත් එක වචනයක් එකතු කළා.
“මට ඕනම දෙයක් නම්…
මං කොහොමහරි අයිති කරගන්නවා.”
කාමරේ නිහඬ වුණා.
ඒ වචනවල බර වටපිටාවම පිරෙන්න වගේ දැනුණා.
ඊළඟ මොහොතේ ඔහු හඬ ටිකක් මෘදු කළා.
“ඒත්… අනුන්ට අයිති දේවල් නෙවෙයි…”
නේහාගේ දෑස් ටිකක් තෙත් වුණා.රාවන් ඇය දිහා නොබලාම වචන දිගටම කිව්වා.
“ඒක තේරුම් ගන්න…”
කතාව අතරමඟ නවතිලා වගේ.
පිටත සුළඟ තව ටිකක් තද වුණා.
ගස් කොළ හෙමින් සලන හඬ වැඩි වුණා.
රාවන් ඈත බලලා තවත් එක තීරණයක් ගත්තාවගේ හුස්මක් ගත්තා.
“මිස්ට දංගල්ල…”
ඔහු හෙමින් කියාගෙන ගියා.
“ලංකාවට ආව ගමන් ඔයා එයා එක්ක සෙට්ල් වෙන්න, නේහා…”
ඒ වචන ටිකත් එක්ක නේහාගේ හිත එක මොහොතකට හිස් වුණා වගේ.
ඇය කිසිවක් නොකියා ඔහු දිහාම බලාගෙන හිටියා.රාවන් නම් ඇස් ඇයට නොහරවාම පහළින් පෙනෙන පිහිනුම් තටාකය දිහාවට හැරුණා.
රාත්‍රිය තවමත් නිහඬයි.ඒ නිහඬතාවය ඇතුළේ කවුරුත් නොකියන දේවල් ගොඩක්
හෙමින් හෙමින් පාවෙමින් තිබුණා…
.......................................................
නේහාගේ ඇස්වලින් කඳුළු එකින් එක වැටුණා.ඒ කාමරේ නිහඬතාවය ඒ කඳුළු වැටෙන හඬත් එක්ක තවත් බර වුණා වගේ.
රාවන් තවමත් හිටියේ බරාදය අයිනේ.
පිටත රාත්‍රිය සීතලයි. ගස් කොළ සුළඟට
හෙමින් ඇලෙමින් ගැටෙනවා.නේහා හෙමින් කතා කළා.
“එතකොට… ඔයා මට ලං වුණේ ආදරේට නෙවෙයිද රාවන්…?”
ඇගේ හඬ බිඳිලා ගියා.
“ප්ලීස්… මට කියන්න…”
රාවන් ටිකක් නිහඬව හිටියා.
ඔහුගේ ඇස් තවමත් ගොඩනැගිල්ලෙන් එහා.ඊට පස්සේ හෙමින් හැරිලා ඇය දිහා බැලුවා.
“නේහා…”
ඔහුගේ හඬ ඉතා මෘදුයි.
“අපි එක දවසයි දැක්කෙත්…”
ඔහු ටිකක් නැවතිලා හුස්මක් ගත්තා.
“අපි කතා කළා… ඩාන්ස් කළා… ටිකක් ලං වුණා…”
නේහාගේ ඇස් තවමත් ඔහුටම නැවතිලා.
රාවන්ගේ හඬ තවත් පහළට ගියා.
“ඒත්… ඒකෙන් අපි අතරේ අමතක කරන්න බැරි බැඳීමක් ඇතිවුණා කියලා
මට හිතෙන්නෙ නෑ, නේහා…”
කාමරේ තවමත් නිහඬයි.රාවන් හෙමින් අත ඔසවලා තමන්ගේ හදවත පෙන්වලා වගේ කතා කළා.
“ඔයාට එහෙම දැනුණා නම්… සොරි…”
ඇය තවත් අඬන්න ගත්තා.රාවන්ගේ හඬ තවත් බර වුණා.
“මගේත් වැරැද්දක් තියෙනවා…”
ඔහු ඇස් ටිකක් පහත් කළා.
“එහෙමවත් ඔයාට ලං නොවී ඉන්න තිබ්බා මට…”
ඒ වචන ටිකත් එක්ක ඔහුගේ හිතත් බර වුණා.
“එහෙම වුණානම්… ඔයාට මෙහෙම දුකක් නැහැ…”
නේහා තවමත් ඉකි ගසමින් බැල්කනිය දෙසට ආවා.රාවන් ඇයට කිසිම ලංවීමක් නොකර
මදක් පස්සට ගියා.
“ප්ලීස් නේහා…”
ඔහු හෙමින් කිව්වා.
“අයිම් සොරි…”
පිටත සුළඟ තද වුණා.
ඒත් සමගම අඳුරු රාත්‍රිය තවත් ගැඹුරු වුණා.
.......................................................
රාවන් හෙමින් කාමරයට ගියා.
නේහාත් නැවත ඔහු පසුපසින්ම ගමන් කළා.
ඒ කාමරේ ඇතුළේ කඳුළුත්, නිහඬතාවයත්, නොකියන හැඟීම්ත් එකට මිශ්‍ර වෙලා තිබුණා…රාවන්ගේ සාක්කුවේ තිබුණ දුරකථනය එක දිගටම නාද වෙන්න ගත්තා.නිහඬ කාමරේ ඒ හඬ තව ටිකක් උණුසුම්ව කැඩිලා ගියා.ඔහු ටිකක් නැවතිලා
දුරකථනය අතට ගත්තා.තත්පරයක් ඒ දෙස බැලුවා.
“පප්පා calling…”
ඔහුගේ මුහුණේ මදක් වෙනස්වීමක්.
“ශික්…”
හෙමින්ම ඔහු මුමුණුවා.නේහා තවමත් ඇඳ අයිනේ හිටගෙන ඔහු දිහාම බලාගෙන හිටියා.රාවන් ඇමතුම ගෙන කතා කළා.
“යෙස් පප්පා…”
ඔහුගේ මුහුණෙ තිබුණෙ නොසන්සුන්කමක්.
“නෑ… නෑ පප්පා… මං ඉක්මනට එනවා…”
තත්පර කිහිපයකට ඔහු ඇහුම්කන් දුන්නා.
“ඕකේ… ඕකේ…”
“ශුවර්… ශුවර්…”
ඇමතුම විසන්ධ