Tharaka Tech Solutions

Tharaka Tech Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharaka Tech Solutions, Information Technology Company, No. 98/1, Uadayapura Road, Koswatte, Battaramulla, Colombo.

Welcome to Tharaka Tech Solutions 👨‍💻
With 10+ years of industry experience, we deliver innovative and reliable IT consultancy, system development, and support solutions tailored to your needs.

27/12/2025
06/11/2025

✅ කලින් අපි WD HDD (Hard Disk Drive) වල පාටින් වෙනස් වෙන Devices ගැන විස්තර ගෙනාවා අද අපි Seagate Hdd වල තියෙන පාට වෙනස්වීම කියන්නේ මොනවද කියලා විස්තර බලමු...

🟩 Seagate BarraCuda (Green or Light Green Label)භාවිතය: සාමාන්‍ය පරිගණක / Home PC / Laptop සඳහා.විශේෂත්වය: දෛනික භාවිතය, gaming, file storage වලට සුදුසුයි.RPM: 5400rpm – 7200rpm.විශේෂ ගුණය: ඉතාමත් ශබ්ද අඩුයි, power consumption අඩුයි.

🔵 Seagate SkyHawk (Blue Label)

භාවිතය: CCTV DVR / NVR recording systems (Security camera systems).විශේෂත්වය: 24x7 continuous video recording සඳහා design කරලා තියෙනවා.විශේෂ ගුණය: දිගු කාලයක් non-stop වැඩ කරන හැකියාව.

🔴 Seagate IronWolf (Red Label)

භාවිතය: NAS (Network Attached Storage) systems.විශේෂත්වය: එක HDD එකකට වඩා system එකකට සම්බන්ධ කරන NAS server වලට සුදුසුයි.විශේෂ ගුණය: vibration-resistant, multi-drive setup වලට හොඳ durability.

⚫ Seagate Exos (Black Label)

භාවිතය: Enterprise / Data Center / Server usage.
විශේෂත්වය: වැඩි performance, 24x7 workload support.RPM: 7200rpm or higher.විශේෂ ගුණය: දිගු කාලීන, වැඩි තාක්ෂණික පරිසර සඳහා.

🟠 Seagate FireCuda (Orange Label)

භාවිතය: Gaming & high-speed computing.
විශේෂත්වය: Hybrid drive (SSHD) — HDD + SSD එකතු කරලා තියෙන නිසා වේගවත්.විශේෂ ගුණය: Fast load times, gaming PCs සඳහා ideal.

🧠 සාමාන්‍යයෙන් කියනකොට:

පාට නම භාවිතය

🟩 Green BarraCuda සාමාන්‍ය පරිගණක
🔵 Blue SkyHawk CCTV DVR/NVR
🔴 Red IronWolf NAS server
⚫ Black Exos Enterprise/Server
🟠 Orange FireCuda Gaming (SSHD)

( Toshiba HDD ) වලත් මේ වගේම color code system එකක් තියෙනවා, හැබැයි එවයෙ විස්තර ටිකක් වෙනස් වෙන්න පුලුවන්.ඊලග Post එකෙන් Toshiba Hdd වල විස්තර අරගෙන එන්නම්

MPC TECH අපිව Follow කරලා තියාගන්න

06/11/2025

🎮💻 “Bottleneck කියන්නෙ මොකක්ද?”
බොහෝ ගේමර්ලට FPS drop, lag, හෝ PC එක slow වෙලා යන ගැටලුවක් තියෙනව නේද? 😅
ඒකට හේතුව තමයි Bottleneck කියන එක!

🧠 Bottleneck කියන්නෙ මොකක්ද?
Bottleneck කියන්නෙ ඔබේ computer එකේ CPU එක හෝ GPU එක එකට එකක් ගැලපෙන්නෙ නැති එක, එකත් එක්කම එකට එකක් speed අඩු කරන තත්ත්වයක් එන එක

උදාහරණයක් විදියට:

ඔයාට තියෙන්නෙ Powerful VGA එකක් (graphics card එකක්)

නමුත් CPU එක පරණ එකක්
එතකොට CPU එකට graphics card එකට data දෙන වේගය අඩු වෙන නිසා game එක ලොකු FPS එකක් දාන්න බැ

💥 ඒක තමයි CPU Bottleneck කියන්නෙ!

තවත් පැත්තකින් බැලුවොත්—
ඔයාට තියෙන්නෙ හොඳ CPU එකක්,ඒත් ලොකු graphics card එකක් නෙමෙයි නම්,
එතනදි GPU එකය තමයි slow වෙන්නෙ 😬
👉 ඒක තමයි GPU Bottleneck කියන්නෙ!

🔍Bottleneck එක බලපාන්නෙ මොන වෙලාවටද
Game එකක් play කරද්දි එකේ FPS වලට
Rendering time එකට
Lag
Heat build-up
Power usage

🧩 Bottleneck හදුනාගන්න විදිය බලමුද

ඔයාගේ CPU usage 100% යනව, නමුත් GPU එකෙ usage අඩු නම් – CPU Bottleneck
GPU usage 100% යනව, නමුත් CPU usage අඩු නම් – GPU Bottleneck

💡 Bottleneck වලින් බේරෙන්න නම්:

Processor එකට ගැලපෙන VGA එකක් තෝරන්න
RAM capacity සහ speed එක හොඳට match කරන්න,Cooling system එක හොඳට තියාගන්න
FPS cap හදාගන්න

🔥 ඉතින් ඊලඟ පාර PC එක upgrade කරනකොට හරි Pc එකක් Build කරද්දි හරි ඔයා බලන්න CPU එකත්, GPU එකත් එකට balance වෙනවද කියලා!

ඊලග post එකෙන් අපි ගේන්නම් Processors වලට ගැලපෙනම Vga Card මොනවද කියලා

MPC TECH අපිව Follow කරලා තියාගන්න

06/11/2025

අපි අද බලමුද Bottleneck නැති🎮 Intel Processor වලට ගැලපෙනම VGA List එක 🔰 (4th Gen → 15th Gen)

🧠 4th – 5th Gen (Haswell / Broadwell)

GTX 750 / 750 Ti
GTX 950 / 960
GTX 1050 / 1050 Ti
RX 550 / 560

⚙️ 6th – 7th Gen (Skylake / Kaby Lake)

GTX 960 / 970
GTX 1060
RX 570 / 580 / 590

💪 8th – 9th Gen (Coffee Lake)

GTX 1060 / 1070 / 1080
GTX 1660 / 1660 Ti
RTX 2060 / 2070

🚀 10th – 11th Gen (Comet / Rocket Lake)

GTX 1660 Super / Ti
RTX 2060 / 2070 / 2080
RTX 3060 / 3060 Ti

⚡ 12th – 13th Gen (Alder / Raptor Lake)

RTX 3060 / 3070 / 3080
RTX 4060 / 4070 / 4070 Ti

🔥 14th – 15th Gen (Meteor / Arrow Lake)

RTX 4070 / 4080 / 4090
RX 7700 XT / RX 7800 XT / RX 7900 XTX
RTX 5060 Ti
RTX 5070
RTX 5070 Ti
RTX 5080
RTX 5090

Processor එක පරණ එකක් නම් RTX 3000+ series වගෙ ඒවට යන්න එපා, bottleneck වෙනවා Botlnek කියන්නෙ මොකක්ද කියලා අපි වෙනම Post එකක් ගෙනවා Botlnek ගැන Idea එකක් නැත්නම් අපෙ එ post එකත් බලලා ඉන්න

Power Supply එක 500W+නම් GTX series හොඳයි, 600W+ 700w නම් RTX හොඳයි 🔋හැබැයි use Power suply ගන්නවනම් ඒකත් හොඳට බලල ගන්න ඕන



මෙ වගෙ විස්තර ගේන MPC TECH අපිව Like කරලා FOLLOW කරලා තියාගන්න

06/11/2025

MPC TECH අද අපි ගෙන්නෙ Data store කරලා තියාගන්න හොඳම Device එක මොකක්ද කියලා කියන්න

💡 Data දාන්න හොඳම එක SSD එකද HDD එකද?

අද almost හැමෝමට තියෙන ප්‍රශ්නයක් තමයි මේ.ඔයාගේ computer එකට හෝ laptop එකට data, photos, videos, games දාන්න හොඳම Device එක මොකක්ද කියලා තේරුම් ගන්න එක

🔷 HDD කියන්නෙ මොකක්ද?

HDD කියන්නෙ “Hard Disk Drive” කියන එක.
මෙක පරණ තාක්ෂණයකට අයත්, ඇතුලේ තැටියක් (disk) තියෙන එකක්.
ඒ තැටිය Read කරලා data ලියන එකක්.

🟢 HDD එකේ වාසි:

වැඩි space තියෙනවා (1TB, 2TB වගේ)මිල අඩු
Movies, photos, documents වගේ data store කරන්න සුදුසුයි..

🔴 HDD එකේ අවාසි:

වේගය අඩුයි – computer එක on වෙන්න, files open වෙන්න slow, ශබ්ද වැඩියි වැටුනොත් data corrupt වෙන්න ඉඩ තියෙනවා,උණුසුම වැඩියි

🔷 SSD කියන්නෙ මොකක්ද?

SSD කියන්නෙ “Solid State Drive” කියන එක.
මෙකේ කිසිම ගැලවෙන කොටසක් නැහැ. Data තියෙන්නෙ electronic chips වල.ඒ නිසා මෙක වේගවත්, නිහඬයි, සහ විශ්වාසවන්තයි.

🟢 SSD එකේ වාසි:

අතිශය වේගවත් – Windows seconds කිහිපයකින් load වෙනවා,ශබ්ද නැහැ,උණුසුම අඩුයි,Power consumption අඩුයි

🔴 SSD එකේ අවාසි:

GB එකකට මිල වැඩිය,දිගු කාලයකට හැමදාම data ලියන/මකන එක වැඩි නම් lifespan අඩු වෙන්න පුළුවන්

⚖️ එහෙනම් හොඳම එක මොකක්ද?

👉 ඔයාට අවශ්‍ය වැඩේ අනුව තෝරගන්න.

ඔයාට Speed, Performance, සහ Fast Windows ඕන නම් — ✅ SSD එක තමයි හොඳම එක.

ඔයාට වැඩි Space, Data Store කිරීම, Movies, Backups ඕන නම් — ✅ HDD එක හොඳයි.

🧠 Windows සහ වැඩ කරන programs වලට– SSD එකේ දාන්න.
📦 Movies, Photos, Backup files Games setups – HDD එකේ දාන්න.

ඒ විදිහට කරොත් computer එකත් වේගවත්, data වලටත් අවදානමක් එනවා අඩුයි.

🔹 SSD = වේගය සහ Performance.
🔹 HDD = Storage සහ අඩු මිල.

💬 ඔයාගේ PC එකේ මේ දවස්වල data store කරලා තියාගන්න මොකක්ද තියන drive එක?Comment එකක් දාලා කියන්න! ❤️

29/12/2022
07/06/2021

Motherboard

07/06/2021
07/06/2021

Save your mobile Data

Address

No. 98/1, Uadayapura Road, Koswatte, Battaramulla
Colombo

Telephone

+94765502926

Website

Alerts

Be the first to know and let us send you an email when Tharaka Tech Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharaka Tech Solutions:

Share