08/01/2025
Part 3
🎉️සෑම තැනම දියුණුවිම අරුමුණු කරමු🎉️
ලස්සනට ඉන්න,හොදට කන්න,විනෝද වෙන්න කවුද අකමැති.
නමුත් එහෙම ජිවත් වෙන්නේ කියෙන් කී දෙනාද?
"මහන්සි විය යුතු කාලයේ හාන්සි උනොත් හාන්සි විය යුතු කාලයේ මහන්සි විය යුතු යැයි" කතාවකුත් අප අසා ඇත.
එසේ නොවෙන්නට සැප විඳින්නට අපි මුලින්ම දියුණු මනසකින් දියුණුව උදෙසා වැඩ කල යුතු වේ.
🎉️කල යුත්තේ කුමක්ද🎉️
මනස දියුණු මඟට හැරවිමයි.
අපිට නැනේ කියන මතය වෙනස් කල යුතුයි.එ කොහොමද?
අපිට තියෙන දේ දකින්න,අනෙකා සමඟ සන්සන්ඳනය නොකර සිටින්න.අපට ඇති දේ අනෙක් අයට නැති විමටද,අනෙක් අයට ඇති දේ අපිට නැති වෙන්න පුළුවන්.
මෙහෙම හිතමුකො අපි ගොඩාක් සල්ලි තියෙන ව්‍යාපාරයක් කරන කෙනෙක් ඉන්නවා,
එ වගේම මුදල් රහිත ව්‍යාපාර නොකරන කෙනෙක් ඉන්නවා.
මේ දෙන්නගෙන් දෙන්නට අැති නැති දේ බැලුවොත් සල්ලි තියෙන කෙනාට,ව්‍යාපාර වැඩ නිසා නිදහස අල්පයි.
සල්ලි නැති කෙනාට නිදහස වෙලාව තියෙනවා.
ඉතින් සන්සන්ඳනය වනාහි සිදු කල යුත්තක්ම නොවෙි.
කල යුත්තේ අප සතු දේ වර්ධනය කිරිමයි.වෙගවත් වු තරමට දියුණුවන්නට හැකි නොවේ.තම අරමුණ තුල දිර්ඝ කාලයක් ගමන් කිරිම දියුණුවිමේ නියම මඟයි.එකපාර කෝටිපතියන් ලොව පහල වි නැ. අපි වගේම පුංචි මිනිස්සු කල කැප කිරිම්වල වින්ද වෙදනාවල ප්‍රථිඵල තමයි අද කෝටිපතියන් බවට පත්ව ඇත්තේ.එ ඔවුන්ගේ උත්සහයේ ප්රථිඵලයට හදවතින්ම සුභ පතන්න,එ දියුණුවට ආශිර්වාද කරන්න.අපිට තිබුණ පැය 24 අපි නිදනකොට එයාලා ඇහැරගෙන කරපු කැපකිරිමේ ප්‍රතිඵල ඔවුන් භුක්තිවිදින කල අප නිදාගැනිමෙන් ලද දුප්පත්කම භුක්ති විදි..
විටද අපි කියන සමහර වචන නිසා අප අපටම වරදවා ගනි.
අහලා,වගේම අපි කියලා ඇති ඔවුන් මහ ලොභයි තිබුණට දෙන් නැ,මහ කුණු ජාතියක්,මැරුණත් මල ගෙදරවත් යන් නැ වගේ දෙවල්.
එ කතා ඇතුලේ ඊර්ෂියාව වෛරය ක්‍රොධය පිරිලා නේද?
මෙහෙම කියන අපි පුංචි කාලයක් අරන් එ මුදල් සොයන්න එ පිරිස මහන්සි වුණ තරම සිතුවනම් එය කොතරම් දෙයක්ද?
දැන ගන්න කතාවක් කියන්නම්
මහන්සි වි මුදල් හොයපු කිසිවෙක් කවදාවත් නිකමෙක්ට සල්ලි පුදන් නැ.එ ඔවුන් එම මුදල සොයන් වින්ද දුක් දන්න නිසයි.එය ලෝභකමක් සේ දකින්නේ මුදල් සෙවිමට මහන්සි නොවුන අය.අපි රුපියල ගනන්ගන්නේ නැ නේද?ඔබම ඔබෙන් අහල බලන්න.උත්තරය නැ.
ඉතිම් රුපියලට වටිනාකමක් නොදි කෝටිපතියෙක් වෙන්න පුළුවන්ද?
මුදලේ වටිනාකම හදුනගන්න,එයට ආදරය කරන්න,එවිට මුදල් අප ලඟට ඇදි එනවා.දැන් අපි ගෙදර හඳන සුරතලාට ආදරෙන් කතා කලොත් ආදරය කලොත් නේද ලගට එන්නේ. එ වගේමයි මුදල් උනත් අගයක් දෙන අාදරයක් ආසාවක් තියෙන කෙනා ලග තියෙනවා,එහෙම නැති කෙනාට මුදල් ලැබුණද එය ඉක්මණින් වියදම් වෙනවා.
තවකෙකුගේ දියුණුවට හඳවතින් සුභ පතන්න බැරි එ දැක සතුටු වෙන්න බැරි නම් දියුණුව කියන්නේ හීනයක්..
තමන් තමන්ගේ වගකීම ගන්න.දුප්පත් නම් ඇයි පොසත් නොවන්නේ
ඇයි ඉලක්කය පසු පස නොදුවන්නේ
ඉපදුනේ දුප්පත් වෙලා නම් එය ගැටලුවක් නැ.නමුත් මැරෙන්නෙත් දුප්පත් වෙලා නම් එ වගකිම ඔබ සතුයි. ඇයි ලොකු දෙවල් කරන්න නොසිතන්නේ,යම් සිමාවකට කොටු වෙලා අනේ අපිට බැනේ එවා කියලා හිතන්නේ ඇයි.
අවදිවන්න පටන් ගන්න අරමුණ වෙනුවෙන් කැප වෙන්න
දවස ගානේ අරමුණට ලං වෙන්න..
අද අරඹණ දේ ප්‍රථිඵල අදම ලැබෙන්නේ නැ කාලයක් යනවා ඉවසන්න...
පාසල් ගියා මතකද අකුරු බැරිව පාසල් ගිය ඔයා ක්‍රමිකව අකුරෙන් අකුර,වචනෙන් වචනේ,කියවා වාක්‍ය ඡේද කියෙවුවා.එක එකපාර උනාද නැ වසර ගණනාවක ප්‍රථිඵල නේද?
දියුණු විමද අන්න එ වගේ
රුපියල එකතු කරන්න එය රුපියල් දෙක,තුන,හතර විධියට වර්ධනය වේ.
දවසක දිනන්න අදම අරමුණු වෙනුවෙන් වැඩ කරන්න..අනුන් සමඟ කතා කරමින් එ අයත් සමඟ දියුණුවෙන්න සිතිම අතහරින්න.අපි හිතන පතන ලෝකය තව කෙනෙකුට කිම අවශ්‍ය වන්නේ නැ...කාලය,මුදල නිසි අයුරින් කලමනාකරණය කොට යම් අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න.
🎉️වැදගත්ම දේ🎉️
හීන කන්දක් හිතේ තියාගෙන ඔබ වැඩක් නොකර දියුණුව නිකම්ම වෙනකම් බලන් ඉන්න කෙනෙක් නම් අපරාදේ මේ ලිපිය කියවන කාලය..
වැඩ කරන කෙනාට තමා දියුණුවෙන්න පුළුවන් වෙන්නේ..
දවසට මිරිස් ගහක් හිටවන්න ගෙවත්ත අර්ථවත් තැනක් බවට පත් කරන්න..මුදල් වෙනුවෙන්න නොකරත් එය මුදල් බවට පත් වෙවි..එ කොහොමද ගෙදරට එළවලු ගෙනවා නේද? එ වෙනුවෙන් මුදල් වියදම් කරනවා නේද? එහෙනම් එ එලවලු ගෙවත්තෙන් නිවසට ගන්න පුළුවන්නම් එ මුදල ඉතුරු වෙනවා නේද?
🎉️ දියුණුවිම කියන්නේ මුදල් විතරද?🎉️
ඇත්තටම නැ..මනස පිරිසිදු නැත්තම් දියුණුවෙන්නම බැ..
අපි හිතමු මෙහෙම
අපි වගාවක් කරනවා ගෝවා.
අස්වනු නෙලනකොට අපිට ලැබෙන්නේ ගෝවම තමයි නේද?
එ වගේමයි අපි කරන දෙයට අනුව තමයි ප්‍රථිඵල ලැබෙන්නේ.
යමෙක් තව අයෙකුගේ දියුණුවට වල කපනවානම් එ කෙනාටත් එ ප්‍රථිඵලයම ලැබෙනවා.එය එසේ නොවන්නේ යැයි සිතේ නම් එ තමාගේ අනුවනකමයි..
සිතේ කහට පුරවා ගත් අනිකාගේ අඩුලුහුඬුකම් සොයන අනුවන අයට දියුණුවිය යුතු මුත් හිතේ ඇති කහට නිසාම දියුණු මං පෙත් විවර වන්නේ නොවේ...
ඉතින් පිරිසිදු සිතින් සැමට සාර්ථකත්වය පතන තමාද සාර්ථකත්වය උදේසා කැපවන්නේ නම් ජය නියතයි..
ඇත්තටම මට කරන්න දෙයක් නැනේ කියලා දැන් ඔයාට සිතෙනවා ඇති..හිතන්න නිදහස් මනසින් දකින්න. ඔයා කවුද මට කරන්න පුළුවන් මොනවද?
හමු වේවි ඔයාට ඔයාව,දැනගනීවි ඔයාට කරන්න පුළුවන් දේවල්...අන්න එ දවසට ඔබව නතර කරන්න කිසිවෙක් නැ..
ලංකාව වගේ රටක රැකියාව මත ජිවත්විම මිස ඉන් එහාට දේයක් දකින්න මිනිසාට මනසට අවස්ථාව අඩුයි..එ පුංචි කාලයේ ඉදන් ජොබ් එකක් කියන වචනයට හුරුව ඇති නිසා...
ඇත්තටම ජොබ් නොකර ජිවත් වෙන්න බැරිද?
පුළුවන් එත් පහසු නැ...ජොබ් එක කලා ගෙදර අවා අය පහුවදා වැඩට ගියා.එක මනසට පහසුයි... නමුත් හැමදාම එකම තැන
ඉන් එහාට යාම අවධානම්.. අවධානයක් ගන්න බැරි නම් ජොබ් එක කිරිමම තමා වටින්නේ..
අවධානමක් ගැනිමට පුළුවන් නම් එ කෙනාට දියුණුවෙන්න අසාවක් කැමත්තක් ඇති කෙනෙක්
මනස ධනාත්මක කරගෙන අභියෝග භාරගන්න හැකි නම් යමු ඉදිරියට
URL STORE Pallebowala ඇත්දැකිම් කැටි කොට ගත් තෙවන සටහන මින් හමාර කරන්නනේමු..