WELD DOC

WELD DOC all kind of welding machine repair arc mig tig plasma .welddoc electronic 0760891817, 0772849333
(2)

The two-month theory component of our Basic Electronic Inverter Welding Machine Repair Training Course has been successf...
05/09/2026

The two-month theory component of our Basic Electronic Inverter Welding Machine Repair Training Course has been successfully completed.

The remaining two months will be dedicated entirely to hands-on practical training, providing students with essential practical experience in diagnosing, troubleshooting, and repairing electronic inverter welding machines.

This is a basic-level training course, specially designed to build a strong foundation in electronic inverter welding machine repair through both theoretical knowledge and practical training.

Enrollment is now open for the next course.

To ensure that every student receives proper guidance and sufficient hands-on practical training, only 12 students will be accepted for the entire course.

Only 12 seats are available for the next batch.

For registration and more information:
WhatsApp: 076 221 2473

WELD DOC ELECTRONICS

මහත්වරුනී ,Arc එකක් නෑ... Electrode එකක් නෑ... Laser කිරණයකින් ලෝහ පෑස්සන්න පුළුවන් කියලා දන්නවද? Laser කියන වචනය ඇහුවම ...
04/09/2026

මහත්වරුනී ,

Arc එකක් නෑ... Electrode එකක් නෑ... Laser කිරණයකින් ලෝහ පෑස්සන්න පුළුවන් කියලා දන්නවද?

Laser කියන වචනය ඇහුවම අපිට මුලින්ම මතක් වෙන්නේ ලෝහ කපන එක.

හැබැයි Laser එකකින් ලෝහ කපන්න විතරක් නෙවෙයි...

ලෝහ කොටස් දෙකක් එකට පෑස්සන්නත් පුළුවන්.

අද ලංකාවෙත් Handheld Laser Welding Machines දකින්න ලැබෙනවා. ඉතින් සමහර විට ඔයාලා දැනටමත් පාවිච්චි කරනවත් ඇති!

හැබැයි මේ මැෂින් එක ඇතුළේ ඇත්තටම වෙන්නේ මොකක්ද?

Laser කිරණයකින් කොහොමද ලෝහ දෙකක් එකට සම්බන්ධ වෙන්නේ?

අද ඒ ගැන ටිකක් කතා කරමු...

Laser Beam Welding – LBW

Laser Beam Welding කියන්නේ Laser කිරණයක් තාප ප්‍රභවය ලෙස භාවිතා කරලා, සම්බන්ධ කළ යුතු ලෝහ ප්‍රදේශය දියකර Weld Joint එකක් නිර්මාණය කරන Fusion Welding ක්‍රමයක්.

Laser කිරණය ඉතා කුඩා ප්‍රදේශයකට නාභිගත කිරීමෙන් ඉහළ ශක්ති ඝනත්වයක් ලබාගන්න පුළුවන්.

මෙතන අපි කලින් කතා කළ FSW ක්‍රමයට වඩා ලොකු වෙනසක් තියෙනවා.

FSW වල මූලික ලෝහය දියකරන්නේ නැහැ.

හැබැයි Laser Welding වල සම්බන්ධ කළ යුතු ලෝහ ප්‍රදේශය දියවෙනවා.

ඒ නිසා මේක ලෝහය නොදියවා කරන Solid-State Welding ක්‍රමයක් නෙවෙයි.

LASER කියන්නේ මොකක්ද?

LASER කියන නම හැදිලා තියෙන්නේ,

Light Amplification by Stimulated Emission of Radiation

කියන වචන වලින්.

සරලව කිව්වොත්...

Laser මගින් නිපදවන ආලෝක ශක්තිය ඉතා කුඩා ප්‍රදේශයකට නාභිගත කරන්න පුළුවන්.

එවිට එම කුඩා ප්‍රදේශයට ඉහළ ශක්ති ඝනත්වයක් ලබාගන්න පුළුවන්.

Laser Welding වල ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ මෙන්න මේ හැකියාව. ඉතින් මම හිතනවා සරළව පොඩ්ඩක් හෝ අවබෝධ වෙන්න ඇති කියලා

Laser එකෙන් ලෝහය දියවෙන්නේ කොහොමද?

Laser කිරණය ලෝහ මතුපිටට වැටුණාම එහි ශක්තියෙන් කොටසක් ලෝහය අවශෝෂණය කරගන්නවා.

තවත් කොටසක් පරාවර්තනය වෙන්න පුළුවන්.

අවශෝෂණය වූ Laser ශක්තිය තාපය බවට පත්වෙනවා.

ඒ නිසා ඉතා කුඩා ප්‍රදේශයක උෂ්ණත්වය ඉක්මනින් ඉහළ යනවා.

ප්‍රමාණවත් ශක්තියක් ලබාදුන්නාම ලෝහය දියවෙලා Weld Pool එකක් නිර්මාණය වෙනවා.

Laser කිරණය Joint එක දිගේ ගෙනයන විට එය පසුකර ගිය ප්‍රදේශයේ දියවුණු ලෝහය සිසිල් වී නැවත ඝන වෙනවා.

එතකොට ලෝහ කොටස් දෙක එකට සම්බන්ධ කරමින් Weld Seam එක නිර්මාණය වෙනවා.

මේ තමයි Laser Welding වල මූලික ක්‍රියාවලිය.

Laser Welding හැමවිටම එකම විදිහට වෙන්නේ නෑ...

ප්‍රධාන ක්‍රියාකාරී ආකාර දෙකක් ගැන දැනගන්න ඕන.

01.Conduction Mode

මෙහි Laser ශක්තිය ලෝහ මතුපිට අවශෝෂණය වෙලා, එයින් ඇතිවන තාපය ලෝහය තුළට සන්නයනය වෙනවා.

ලෝහය දියවෙනවා.

හැබැයි ගැඹුරු Keyhole එකක් නිර්මාණය වෙන්නේ නැහැ.

ඒ නිසා සාමාන්‍යයෙන්,

01.සාපේක්ෂව පුළුල් Weld එකක්

02.සාපේක්ෂව අඩු Pe*******on එකක්

03.ගැඹුරට සාපේක්ෂව පළල වැඩි Weld එකක්

ලබාගන්න පුළුවන්.

02.Keyhole Mode

මෙන්න Laser Welding වල තියෙන විශේෂම කොටස.

Laser කිරණය ඉතා කුඩා ප්‍රදේශයකට නාභිගත කරලා ප්‍රමාණවත් ඉහළ ශක්ති ඝනත්වයක් ලබාදුන්නාම ලෝහය දියවීම පමණක් නෙවෙයි...

ලෝහයෙන් කොටසක් වාෂ්ප වෙන්නත් පුළුවන්.

එම ලෝහ වාෂ්පයේ පීඩනය සහ දියවුණු ලෝහයේ ගලායාම නිසා ලෝහය තුළ පටු කුහරයක් පවත්වාගෙන යන්න පුළුවන්.

මේකට තමයි Keyhole කියන්නේ.

Laser ශක්තිය මේ Keyhole එක තුළට ගැඹුරට ඇතුළු වෙන්න පුළුවන්.

Laser එක Joint එක දිගේ ගමන් කරන විට Keyhole එකත් ඒ සමඟ ගමන් කරනවා.

එය පසුකර ගිය පසු දියවුණු ලෝහය එකතු වී සිසිල්ව ඝන වෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස...

සාපේක්ෂව පටු සහ ගැඹුරු Weld එකක් ලබාගන්න පුළුවන්.

හැබැයි Keyhole එක ස්ථාවරව පවත්වාගන්න බැරි වුණොත් Porosity වගේ දෝෂ ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා Laser Power එක වැඩි කළා කියලා විතරක් හොඳ Weld එකක් ලැබෙන්නේ නෑ.

නිවැරදි පාලනය ඉතා වැදගත්.

Laser Welding මැෂින් එකක ප්‍රධාන කොටස් මොනවද?

මැෂින් වර්ගය අනුව වෙනස් වුණත් සාමාන්‍යයෙන්,

01.Laser එක නිපදවන කොටස

02.විදුලි සැපයුම සහ පාලන පද්ධතිය

03.Laser කිරණය ගෙනයන පද්ධතිය

04.Laser කිරණය නාභිගත කරන කොටස

05.Welding Head එක

06.අවශ්‍ය නම් ආවරණ වායු පද්ධතිය

07.සිසිලන පද්ධතිය

08. ස්වයංක්‍රීය මැෂින්වල චලන පාලන පද්ධතිය

වැනි කොටස් තියෙනවා.

අද භාවිතා වන බොහෝ නවීන Handheld Laser Welding Machines වල Fiber Laser තාක්ෂණය දකින්න පුළුවන්.

එහෙනම් Welding Wire අවශ්‍ය නැද්ද?

Laser Welding Filler Wire එක්ක හෝ නැතුව කරන්න පුළුවන්.

Wire නැතුව

ලෝහ කොටස් දෙකේම මූලික ලෝහය දියකරලා එකට සම්බන්ධ කරනවා.

මේකට Autogenous Laser Welding කියනවා.

Filler Wire එක්ක

අවශ්‍ය වැඩවලදී Filler Wire එකක් එකතු කරන්න පුළුවන්.

එමගින්,

01.Joint Gap එක පිරවීමට

02.Weld Metal එකේ සංයුතිය අවශ්‍ය පරිදි පාලනය කිරීමට

03.සමහර ලෝහවල Cracking අවදානම අඩු කිරීමට

04.අවශ්‍ය Weld හැඩය ලබාගැනීමට
උදව් වෙන්න පුළුවන්.

Laser Welding වල ආවරණ වායුව මොකටද?

වැඩේ සහ ලෝහ වර්ගය අනුව Laser Welding වලත් Shielding Gas – ආවරණ වායුව භාවිතා කරනවා.

එහි ප්‍රධාන කාර්යයක් තමයි දියවුණු සහ අධික උෂ්ණත්වයේ ඇති Weld ප්‍රදේශය වායුගෝලයේ බලපෑමෙන් ආරක්ෂා කිරීම.

එමගින්,

01.Oxidation අඩු කිරීමට

02. Weld මතුපිට ගුණාත්මකභාවය පාලනය කිරීමට

03. Weld Metal එකට අනවශ්‍ය වායුගෝලීය ද්‍රව්‍ය ඇතුළුවීම අඩු කිරීමට
උදව් වෙන්න පුළුවන්.

සමහර Laser ක්‍රියාවලීන්වල නිවැරදි වායු ප්‍රවාහය මගින් ලෝහ වාෂ්ප/දුම පාලනය කිරීමටත්, Welding Head එකේ ආරක්ෂිත Optical කොටස් දුම සහ Spatter වලින් ආරක්ෂා කිරීමටත් උදව් වෙන්න පුළුවන්.

මොන ආවරණ වායුවද භාවිතා කරන්නේ?

හැම ලෝහයකටම එකම Gas එක භාවිතා කරන්න බෑ.

01. Argon – Ar

රසායනිකව අක්‍රිය Inert Gas එකක්. විවිධ Laser Welding ක්‍රියාවලීන්වල ආවරණ වායුවක් ලෙස භාවිතා කරනවා.

02.Helium – He

මෙයත් Inert Gas එකක්. එහි ගුණ Argon වලට වෙනස් නිසා process එකට ඇති බලපෑමත් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් Helium මිල අධික විය හැකියි.

03.Nitrogen – N₂

සමහර Laser Welding වැඩවල භාවිතා කරන්න පුළුවන්.

හැබැයි...

Nitrogen කියන්නේ හැම ලෝහයකටම Inert Gas එකක් වගේ භාවිතා කරන්න පුළුවන් වායුවක් නෙවෙයි.

අධික උෂ්ණත්වයේදී ලෝහය සමඟ ඇතිවන ප්‍රතික්‍රියාව material එක අනුව වෙනස් වෙන්න පුළුවන්.

විශේෂයෙන් Titanium වැනි reactive ලෝහ සඳහා නිවැරදි ආවරණය ඉතා වැදගත්.

ඒ නිසා Argon, Helium, Nitrogen තුනෙන් කැමති එකක් දාලා Weld කරන්න පුළුවන් කියන අදහස වැරදියි.

Gas වර්ගය විතරක් නෙවෙයි...

Gas එකේ පිරිසිදුභාවය,Gas Flow එක,Nozzle එකේ පිහිටීම,Gas එක ගලායන දිශාව,ලෝහ වර්ග,Welding Speed,Laser ක්‍රියාවලිය

වැනි දේවල් එකට බලන්න ඕන.

Gas එක වැඩිපුර දුන්නාමත් හැමවිටම හොඳ නෑ.

අදාළ මැෂින් නිෂ්පාදකයාගේ සහ Welding Procedure එකේ නිර්දේශයට ගැලපෙන Gas එක සහ Flow එක භාවිතා කරන්න ඕන.

මොනවද Laser Welding කරන්න පුළුවන් ලෝහ වර්ග ?

නිවැරදි මැෂින් එකක් සහ නිවැරදි Welding Procedure එකක් යටතේ,

01. Mild / Carbon Steel

02.Stainless Steel

03.Aluminium Alloys

04.Titanium Alloys

05.Nickel Alloys

06.Copper සහ Copper Alloys

වැනි විවිධ ලෝහ Laser Welding කරන්න පුළුවන්.

හැබැයි...

“Laser එකක් තියෙනවා නම් ඕනෑම ලෝහයක් ලේසියෙන් පෑස්සන්න පුළුවන්”

කියන එක නිවැරදි නෑ.

ලෝහයේ Laser ශක්තිය අවශෝෂණය සහ පරාවර්තනය කරන ආකාරය, තාප සන්නායකතාව, සංයුතිය, ඝනකම, මතුපිට තත්ත්වය, Joint එකේ හැඩය සහ Gap එක වැනි දේවල් Welding ක්‍රියාවලියට බලපානවා.

එහෙනම් Welding Amperage සහ Voltage නැද්ද?

Laser Welding Machine එක ක්‍රියාත්මක කරන්න විදුලිය අවශ්‍යයි.

Machine එක ඇතුළේ Voltage සහ Current තියෙනවා.

හැබැයි MMA, MIG/MAG, TIG වගේ...

Electrode එක සහ Workpiece එක අතර Welding Current එකක් ගලා Arc එකක් නිර්මාණය කරලා Weld කරන ක්‍රමයක් Laser Welding වල නෑ.

මෙහි ලෝහයට Welding Energy ලබාදෙන ප්‍රධාන මාර්ගය Laser Beam එක.

ඒ නිසා වැදගත් සැකසුම් අතර,

01. Laser Power

02.Laser එක නාභිගත කරන ස්ථානය

03. Laser Spot එකේ ප්‍රමාණය

04.Welding Speed

05.ලෝහයේ ඝනකම සහ වර්ගය

06.Joint Gap සහ Fit-up

07.ආවරණ වායුව

08.Filler Wire භාවිතා කරනවා නම් එහි Feed Speed

වැනි දේවල් තියෙනවා.

Laser Welding වල විශේෂත්වය මොකක්ද?

විශේෂයෙන් Keyhole Welding වල Laser ශක්තිය ඉතා කුඩා ප්‍රදේශයකට නාභිගත කරන්න පුළුවන්.

ඒ නිසා නිවැරදි වැඩකදී...

සාපේක්ෂව පටු Weld එකක් සමඟ ගැඹුරු Pe*******on එකක් ලබාගන්න පුළුවන්.

සමහර Arc Welding වැඩවලට සාපේක්ෂව,

01.Welding Speed වැඩි කරගන්න පුළුවන්.

02. ලෝහයට ලබාදෙන සමස්ත තාප බලපෑම අඩු කරගන්න පුළුවන්.

03.Heat Affected Zone එක අඩු කරගන්න පුළුවන්.

04.ලෝහයේ ඇදවීම සහ හැඩ වෙනස්වීම අඩු කරගන්න පුළුවන්.

05.ඉතා නිරවද්‍ය Weld එකක් ලබාගන්න පුළුවන්.

හැබැයි මේවා හැම Laser Welding වැඩකටම අනිවාර්යයෙන් ලැබෙන ප්‍රතිඵල නෙවෙයි.

Laser Welding භාවිතා කරන අවස්ථා, මොනවද කියලත් බලමුකො!

අද මේ තාක්ෂණය,

01.වාහන නිෂ්පාදනය

02. Battery නිෂ්පාදනය

03.විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංග

04.ගුවන් යානා හා අභ්‍යවකාශ කර්මාන්තය

05.නිරවද්‍ය කාර්මික නිෂ්පාදන

06. ලෝහ නිෂ්පාදන

07.Robot සහ ස්වයංක්‍රීය නිෂ්පාදන පද්ධති

08.ඇතැම් වෛද්‍ය උපකරණ නිෂ්පාදනය

වැනි ක්ෂේත්‍ර ගණනාවක භාවිතා වෙනවා.

Handheld Laser Welding Machines නිසා සාමාන්‍ය fabrication වැඩපොළවල්වලටත් මේ තාක්ෂණය පැමිණෙමින් තියෙනවා.

Laser Welding වල ප්‍රධාන වාසි

නිවැරදි වැඩකට සහ නිවැරදි සැකසුම් යටතේ,

01.ඉහළ Welding Speed එකක් ලබාගන්න පුළුවන්.

02.ඉතා නිරවද්‍ය Weld එකක් ලබාගන්න පුළුවන්.

03.Keyhole ක්‍රමයෙන් පටු සහ ගැඹුරු Weld ලබාගන්න පුළුවන්.

04.සමහර Arc Welding වැඩවලට සාපේක්ෂව තාප බලපෑම අඩු කරගන්න පුළුවන්.

05.Heat Affected Zone සහ ලෝහයේ ඇදවීම අඩු කරගන්න පුළුවන්.

06.Robot සහ ස්වයංක්‍රීය Welding සඳහා ඉතා සුදුසුයි.

07.සමහර Joint වල Filler Wire නැතුව Weld කරන්න පුළුවන්.

Laser Welding වල අවාසිත් තියෙනවා,ඉතින්

Laser Welding හැම වැඩකටම හොඳම Welding ක්‍රමය නෙවෙයි.

01. මැෂින් සහ උපකරණවල මිල ඉහළ වෙන්න පුළුවන්.

02.Laser Focus එක සහ සැකසුම් නිවැරදි වෙන්න ඕන.

03.විශේෂයෙන් Wire නැතුව කරන Welding වල Joint Gap සහ Fit-up ඉතා වැදගත්.

04.ලෝහ මතුපිට තත්ත්වය සහ අපිරිසිදුකම Weld Quality එකට බලපාන්න පුළුවන්.

05.වැරදි සැකසුම් නිසා Porosity, Lack of Fusion, Incomplete Pe*******on, Undercut, Spatter සහ Cracking වැනි දෝෂ ඇතිවෙන්න පුළුවන්.

07.Keyhole එක අස්ථාවර වීම Porosity ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්.

08.Optical කොටස් නිසි ලෙස නඩත්තු කරන්න ඕන.

Laser Welding වල ආරක්ෂාව ගැන විශේෂයෙන් දැනගන්න ඕන!

මේක මේ Post එකේ වැදගත්ම කොටසක්.

High-Power Handheld Laser Welding Machine එකක් සාමාන්‍ය Welding Machine එකක් වගේ පෙනුණත් එහි Laser අවදානම වෙනස්.

බොහෝ high-power industrial welding lasers Class 4 කාණ්ඩයට අයත් වෙනවා.

Class 4 Laser එකක...

01.සෘජු Laser Beam එක

02.ලෝහයකින් පරාවර්තනය වූ Beam එක

03.ඇතැම් අවස්ථාවල විසිරුණු Laser Radiation එක

ඇස් සහ සමට අනතුරුදායක වෙන්න පුළුවන්.

ඒ වගේම Fire Hazard එකක් ඇතිවෙන්නත් පුළුවන්.

ඇස් ආරක්ෂාව ඉතාම වැදගත්!

Laser Welding වල වැඩිපුරම අවධානය දෙන්න ඕන තැනක් තමයි ඇස්.

විශේෂයෙන් බොහෝ Fiber Laser Welding Systems වල Near-Infrared Laser radiation භාවිතා වෙනවා.

එය අපේ ඇසට නොපෙනෙන්න පුළුවන්.

Laser කිරණය පේන්නේ නැති නිසා ඒක Safe කියලා හිතන්න එපා.

ඒ වගේම Laser එක ඇසට කෙළින්ම වැටෙන්නම ඕන නෑ.

Stainless Steel, Aluminium, Copper සහ වෙනත් ලෝහ මතුපිටවලින් Laser radiation පරාවර්තනය වෙන්න පුළුවන්.

ඒ පරාවර්තනයත් ඇස්වලට අනතුරුදායක වෙන්න පුළුවන්.

ඒ නිසා Laser Weld කරන තැන දිහා ආරක්ෂාවක් නැතුව නිකම් බලාගෙන ඉන්න එකත් සුදුසු නෑ.

සාමාන්‍ය Welding Helmet එකක් දැම්මම ඇතිද?

එහෙම හිතන්න එපා.

MMA, MIG/MAG හෝ TIG සඳහා නිර්මාණය කළ සාමාන්‍ය Welding Helmet එකේ Shade Number එක තිබුණා කියලා...

ඒක Laser Radiation එකටත් නිවැරදි ආරක්ෂාව ලබාදෙනවා කියලා කියන්න බෑ.

Laser සඳහා භාවිතා කරන ඇස් ආවරණය අදාළ Laser එකේ,

01.Wavelength – තරංග දිග

02.Laser output සහ exposure තත්ත්වය

03.අවශ්‍ය Optical Density – OD

අනුව නිවැරදිව තෝරාගත් Laser Protective Eyewear එකක් වෙන්න ඕන.

ඒ ආරක්ෂිත ඇස් ආවරණයේ එය ආරක්ෂා කරන Wavelength සහ OD අගයන් නිවැරදිව සඳහන් වෙලා තියෙන්න ඕන.

සාමාන්‍ය අඳුරු කණ්ණාඩියක්, Safety Glass එකක් හෝ Welding Shade එකක් Laser Safety Glass එකකට ආදේශකයක් නෙවෙයි.

ඒ වගේම ඇස් කණ්ණාඩිය පමණක් මත රඳා නොසිට Beam එක පාලනය කිරීම, ආවරණය කිරීම සහ ප්‍රදේශයට ප්‍රවේශය පාලනය කිරීම තමයි මුල් ආරක්ෂාව.

Weld කරන කෙනා විතරක් නෙවෙයි... අනිත් අයත් ආරක්ෂා කරන්න ඕන

Laser Welding කරන කෙනා ආරක්ෂිත ඇස් ආවරණ දාගෙන හිටියා කියලා වැඩේ ඉවර නෑ.

අසල ඉන්න අයත් Laser Radiation වලට නිරාවරණය වෙන්න පුළුවන්.

ඒ නිසා...

01.Laser Welding සඳහා වෙන් කළ ආරක්ෂිත ප්‍රදේශයක් භාවිතා කරන්න.

02.අනවශ්‍ය පුද්ගලයන් ඇතුල්වීම පාලනය කරන්න.

03.නිවැරදි Laser Warning Signs භාවිතා කරන්න.

04.අවශ්‍ය Laser-rated barriers / screens / enclosure භාවිතා කරන්න.

05. දොරවල්, කවුළු හෝ මිනිස්සු ගමන් කරන දිශාවකට Beam එක පිටවෙන්න ඉඩ දෙන්න එපා.

සාමාන්‍ය Arc Welding Curtain එකක් තියෙනවා කියලා ඒක Laser Barrier එකක් කියලා හිතන්නත් එපා.

Laser එකේ wavelength සහ power එකට සුදුසු ආරක්ෂක barrier එකක් වෙන්න ඕන.

පරාවර්තනය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න

Laser Beam එක ආසන්නයේ අනවශ්‍ය දිලිසෙන දේවල් තබන්න එපා.

01.Mirror

02.Polished Metal

03.දිලිසෙන Tools

04.Jewellery

05.අනවශ්‍ය Reflective Surfaces

වැනි දේවල් Beam path එක ආසන්නයෙන් ඉවත් කරන්න.

Laser එක Workpiece එකෙන් වැරදි දිශාවකට පරාවර්තනය වීමත් අනතුරක්.

ඒ නිසා Beam එක අවසානයේ ආරක්ෂිතව අවශෝෂණය/නවත්වන නිවැරදි Beam Stop හෝ enclosure එකක් අවශ්‍ය වෙන අවස්ථාවල භාවිතා කරන්න.

Machine එකේ Safety System අක්‍රීය කරන්න එපා

Machine එකේ තිබෙන,

01.Safety Interlock

02.Emergency Stop

03. Trigger Safety

04 Key / Access Control

05.Beam Enable Control

06. Workpiece/contact detection වැනි තිබෙන ආරක්ෂක පද්ධති

Bypass කරන්න එපා.

Machine එකේ ආරක්ෂක පද්ධතියක් අක්‍රීය කරලා වැඩේ ලේසි කරගන්න එක ඉතාම භයානකයි.

සම සහ ශරීරයත් ආරක්ෂා කරන්න

Laser Radiation ඇස්වලට විතරක් නෙවෙයි.

සමටත් හානි කරන්න පුළුවන්.

ඒ නිසා අදාළ අවදානමට ගැලපෙන,

01. ආරක්ෂිත Gloves

02.සම්පූර්ණ අත් ආවරණය වන ඇඳුම්

03.ගිනි ප්‍රතිරෝධී සුදුසු වැඩ ඇඳුම්

04.ආරක්ෂිත පාවහන්

05.අවශ්‍ය Face Protection

භාවිතා කරන්න.

Laser එකක් නිසා Fumes නෑ කියලා හිතන්න එපා

Laser Welding වලදීත් ලෝහය දියවෙනවා.

Keyhole ක්‍රියාවලියේදී ලෝහයේ කොටසක් වාෂ්ප වෙන්නත් පුළුවන්.

ඒ නිසා...

01.Metal Fumes

02.ඉතා කුඩා අංශු

03.Paint, Plating, Oil හෝ වෙනත් surface coating වලින් ඇතිවන දුම් සහ වායු

නිකුත් වෙන්න පුළුවන්.

ඒ නිසා Weld කරන තැනට ආසන්නව Local Fume Extraction සහ නිසි වාතාශ්‍රය අවශ්‍යයි.

ආවරණ වායුවත් අවදානමක් වෙන්න පුළුවන්

Argon සහ Helium වගේ වායු ගිනි ගන්නේ නැති වුණත්...

ඒවා වැඩි ප්‍රමාණයකින් එකතු වුණොත් වාතයේ Oxygen ප්‍රමාණය අඩු කරලා හුස්ම ගැනීමේ අවදානමක් ඇති කරන්න පුළුවන්.

විශේෂයෙන්,

01.Tank

02.Pit

03.කුඩා වසා ඇති ස්ථාන

04. වාතාශ්‍රය අඩු කාමර

වල වැඩ කරනකොට මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන.

Gas Cylinder, Regulator, Hose සහ Connections වල Leak තියෙනවද කියලාත් පරීක්ෂා කරන්න.

ගිනි අවදානමත් අමතක කරන්න එපා

High-Power Laser Beam එක ගිනිගන්නා ද්‍රව්‍යයකට වැටුණොත් ගිනි ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා Welding Area එකෙන්,

01. ඉන්ධන වර්ග

02.තිනර්

03.කඩදාසි

04.රෙදි

05.Plastic සහ වෙනත් ගිනිගන්නා ද්‍රව්‍ය

ඉවත් කරන්න.

අදාළ වැඩපොළට සුදුසු Fire Extinguisher එකක් පහසුවෙන් ලබාගත හැකි තැනක තබන්න.

Weld කරන්න කලින් Machine එකත් පරීක්ෂා කරන්න

වැඩ පටන්ගන්න කලින්,

01.Welding Head

02.Protective Lens / Window

03.Fiber / Beam Delivery Cable

04.Electrical Cables

05.Cooling System

06.Gas Connections

07.Emergency Stop

08.Safety Interlocks

නිවැරදිද කියලා පරීක්ෂා කරන්න.

Fiber Cable එක අධික ලෙස නමන්න, තලන්න හෝ හානි කරන්න එපා.

Machine Manufacturer දීලා තියෙන අවම නැමීමේ සීමාව සහ Service Instructions අනුගමනය කරන්න.

වැඩ ඉවර වුණාමත් Safety එක ඉවර නෑ

Welding අවසන් කළාම,

01.Laser emission එක Disable කරන්න.

02. Machine එක active තත්ත්වයේ unattended තබන්න එපා.

03.Key Control තිබෙනවා නම් අනවසර භාවිතය වළක්වන්න.

04.Gas supply නිසි ලෙස වසාදමන්න.

05.උණුසුම් Workpiece එක අනිත් අයට Burn Hazard එකක් නොවන ලෙස තබන්න.

06. පුහුණුව සහ අවසර නැති කෙනෙකුට Machine එක භාවිතා කරන්න දෙන්න එපා.

WELD DOC අපෙන් ඔබට ආරක්ෂක උපදෙසක්

High-Power Laser Welding Machine එකක්...

“සාමාන්‍ය Welding Machine එකක් — Arc එක වෙනුවට Laser එකක් තියෙනවා”

කියලා සරලව හිතන්න එපා.

විශේෂයෙන් ඇස් ආරක්ෂාව ගැන කිසිම අවදානමක් ගන්න එපා.

Laser එක පේන්නේ නැති වෙන්න පුළුවන්...

පරාවර්තනය වෙන දිශාව පේන්නේ නැති වෙන්න පුළුවන්...

ඒත් හානිය බරපතළ වෙන්න පුළුවන්.

Laser Safety කියන්නේ කණ්ණාඩියක් දාගන්න එක විතරක් නෙවෙයි.

නිවැරදි Laser Eye Protection + Beam Control + ආරක්ෂිත Enclosure/Barrier + Interlocks + Fume Extraction + ශරීර ආරක්ෂාව + පුහුණුව ලැබූ Operator

කියන සියල්ලම එකට අවශ්‍යයි.

Laser එකත් එක්ක අත්හදා බලලා Safety ඉගෙනගන්න එපා.

Machine එකේ නිෂ්පාදකයා ලබාදෙන ආරක්ෂක උපදෙස් සහ අදාළ Laser Safety Procedure එක හරියට දැනගෙන තමයි භාවිතා කරන්න ඕන. ❤️

Laser Welding සහ MIG/TIG අතර වෙනස මොකක්ද?

MIG/MAG සහ TIG වල ලෝහය දියකරන ප්‍රධාන තාප ප්‍රභවය Electric Arc එක.

Laser Welding වල ඒ කාර්යය කරන්නේ Laser Beam එක.

MIG/MAG වල Wire Electrode එකෙන් Arc එක පවත්වාගෙන යන අතර එම Wire එකම සාමාන්‍යයෙන් Filler Metal එකත් වෙනවා.

TIG වල Tungsten Electrode එකෙන් Arc එක නිර්මාණය කරන අතර අවශ්‍ය නම් Filler Wire එක වෙනම ලබාදෙනවා.

Laser Welding වල මේ ආකාරයේ Electric Arc එකක් අවශ්‍ය නැහැ.

හැබැයි Laser එක සහ MIG/MAG වැනි Arc Welding ක්‍රමයක් එකට භාවිතා කරන Laser-Hybrid Welding ක්‍රමත් තියෙනවා.

WELD DOC අපගෙ අවසාන සටහන

අපි LASER කියන වචනය ඇහුවම බොහෝ වෙලාවට හිතන්නේ...

“ඒකෙන් ලෝහ කපනවා”

කියලා.

හැබැයි ඒ Laser කිරණය නිවැරදිව නාභිගත කරලා, එහි බලය සහ Welding Speed එක නිවැරදිව පාලනය කළාම...

ලෝහය දියකරන්නත්...

Weld Pool එකක් නිර්මාණය කරන්නත්...

පටු සහ ගැඹුරු Weld එකක් ලබාගන්නත්...

ඉතා නිරවද්‍ය Weld Joint එකක් නිර්මාණය කරන්නත් පුළුවන්.

Wire නැතුව කරන Laser Welding තියෙනවා...

Wire එක්ක කරන Laser Weldingත් තියෙනවා...

භාවිතා කරන ආවරණ වායුවත් ලෝහය සහ Welding ක්‍රියාවලිය අනුව වෙනස් වෙනවා.

Laser එක Arc Welding එක්ක එකතු කරලා කරන Hybrid Weldingත් තියෙනවා.

හැබැයි මේ තාක්ෂණය කොච්චර දියුණු වුණත්...

Safety එකට Shortcut එකක් නෑ. ❤️

තාක්ෂණය දියුණු වෙනකොට Welding කියන ලෝකයත් අපි හිතනවට වඩා ගොඩක් විශාල වෙනවා.

Machine එකක් Operate කරන්න ඉගෙනගන්න එක විතරක් නෙවෙයි...

ඒ Machine එක ඇතුළේ සිදුවන තාක්ෂණයත්, ඒක ආරක්ෂිතව භාවිතා කරන විදිහත් තේරුම්ගන්න එක තමයි වැදගත්. ❤️

ජයවේවා ඔබ සැමට! ❤️

WELD DOC ELECTRONICS

ඉතින් අද පෝස්ට්ටුවත් හොදයි නම් අපිව follow කරන්නත් අමතක කරන්න එපා මහත්වරුනී 🌹❤ ඔබගෙ අදහසත් කමෙන්ට් කරන්න , ලයික් එකක් දාන්න❤ යාලුවන්ට බලන්න shear කරන්නත් අමතක කරන්න එපා🌹




මහත්වරුනී අපි ලෝකයෙ විවිද පෑස්සුම් ක්‍රම ගැන කතා කරා, නමුත් අද කතා කරන්නේ අමුතුම ක්‍රමයකට ලෝහ පාස්සන ක්‍රමයක් ගැන, ගින්ද...
02/09/2026

මහත්වරුනී අපි ලෝකයෙ විවිද පෑස්සුම් ක්‍රම ගැන කතා කරා, නමුත් අද කතා කරන්නේ අමුතුම ක්‍රමයකට ලෝහ පාස්සන ක්‍රමයක් ගැන,

ගින්දරක් නෑ... Welding Arc එකක් නෑ... Welding Wire එකකුත් නෑ... එහෙනම් ලෝහ දෙකක් පෑස්සෙන්නේ කොහොමද?

අපි සාමාන්‍යයෙන් Welding කියනකොට හිතන්නේ MMA, MIG/MAG, TIG වගේ Electric Arc එකක් ඇති කරලා ලෝහය දියකරලා එකතු කරන ක්‍රියාවලියක් ගැන.

හැබැයි...

ලෝහය දියකරන්නේ නැතුවත් Weld Joint එකක් නිර්මාණය කරන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවා.

ඒ තමයි...

Friction Stir Welding – FSW

මේ ක්‍රියාවලියේ විශේෂත්වය මොකක්ද දන්නවද?

01.Electric Welding Arc එකක් නෑ

02.සාම්ප්‍රදායික Welding Electrode එකක් නෑ

03.සාමාන්‍ය Aluminium FSW සඳහා Filler Wire එකක් නෑ

04.සාමාන්‍ය Aluminium FSW සඳහා Shielding Gas එකක් නෑ

05.Flux එකක් නෑ

06.Base Metal එක දියකරලා Weld Pool එකක් හදන්නෙත් නෑ

එහෙනම් කොහොමද ලෝහ දෙකක් එකට සම්බන්ධ කරන්නේ?

අන්න ඒක තමයි FSW තාක්ෂණයේ තියෙන විශේෂත්වය.

FSW කියන්නේ මොකක්ද?

Friction Stir Welding කියන්නේ Solid-State Joining Process එකක්.

ඒ කියන්නේ Weld Joint එක නිර්මාණය කරනකොට Base Metal එක දියවුණු තත්ත්වයට පත් කරන්නේ නැහැ.

සාමාන්‍ය MIG/MAG, TIG වැනි Fusion Welding ක්‍රියාවලියකදී Base Metal එකේ කොටසක් දියවෙලා Weld Pool එකක් නිර්මාණය වෙනවා.

නමුත් FSW වලදී එහෙම Weld Pool එකක් නිර්මාණය වෙන්නේ නෑ.

ඒ වෙනුවට විශේෂයෙන් නිර්මාණය කළ Non-Consumable Rotating Tool එකක් භාවිතා කරනවා.

මේ Tool එක භ්‍රමණය කරමින් ලෝහ කොටස් දෙක සම්බන්ධ වන Joint Line එකට ඇතුල් කරනවා.

Tool එක සහ Workpiece එක අතර ඇතිවන Frictional Heating සහ Tool එක නිසා ලෝහයට සිදුවන දැඩි Deformation Heating නිසා Tool එක අවට ලෝහයේ උෂ්ණත්වය ඉහළ යනවා.

එවිට ලෝහයේ ශක්තිය අඩුවෙලා, දිය නොවී පහසුවෙන් ස්ථිරව හැඩ වෙනස් කළ හැකි මෘදු තත්ත්වයකට පත්වෙනවා.

මේ තත්ත්වය අපි Plasticized State එකක් කියලා හඳුන්වනවා.

මෙතන වැදගත්ම දේ...

ලෝහය රත් වෙලා මෘදු වෙනවා. හැබැයි දියවෙන්නේ නෑ.

FSW Tool එක කොහොමද?

සාම්ප්‍රදායික FSW Tool එකක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.

01.Shoulder

Tool එකේ විශාල පිටත කොටස තමයි Shoulder එක.

මෙය Workpiece එකේ මතුපිට සමඟ සම්බන්ධ වෙනවා.

Shoulder එකේ භ්‍රමණය සහ Workpiece එක සමඟ ඇතිවන සම්බන්ධතාවය තාපය නිපදවීමට දායක වෙනවා.

ඒ වගේම මෘදු වූ material එක Weld Zone එකෙන් පිටතට අධික ලෙස ගලායාම පාලනය කරමින්, material එක consolidate කිරීමටත් Shoulder එක වැදගත් වෙනවා.

03.Probe / Pin

මේ තමයි Joint එක ඇතුළට යන Tool එකේ කොටස.

Rotating Probe එක නිසා Joint එක අවට මෘදු වූ ලෝහයේ දැඩි Material Flow එකක් ඇතිවෙනවා.

Tool එක Joint Line එක දිගේ ඉදිරියට ගමන් කරන විට මේ material flow එක හරහා Joint එකේ දෙපස material එක Tool එක වටා ගමන් කර එහි පිටුපසට පැමිණෙනවා.

ඇත්තටම ලෝහ දෙක එකතු වෙන්නේ කොහොමද?

හිතන්න Aluminium තහඩු දෙකක් Butt Joint එකක් විදිහට එකට තබලා තියෙනවා කියලා.

පළමුව තහඩු දෙක ශක්තිමත්ව Clamp කරනවා.

ඒවා සාමාන්‍යයෙන් ශක්තිමත් Backing Support එකක් මත රඳවාගන්නවා.

ඊට පස්සේ FSW Tool එක වේගයෙන් භ්‍රමණය කරමින් Joint Line එකට Plunge කරනවා.

Probe එක material එක තුළට ඇතුල් වෙන අතර Shoulder එක Workpiece මතුපිටට සම්බන්ධ වෙනවා.

මෙහිදී,

Tool සහ Workpiece අතර ඇතිවන Friction සහ Material එකේ දැඩි Plastic Deformation දෙකම තාපය ඇතිවීමට දායක වෙනවා.

මේ Thermo-Mechanical ක්‍රියාව නිසා Tool එක අවට Aluminium එක මෘදු වෙලා පහසුවෙන් ගලායා හැකි Plasticized තත්ත්වයකට පත්වෙනවා.

හැබැයි...

Aluminium එක දියවුණු Weld Pool එකක් බවට පත්වෙන්නේ නෑ.

Tool එක භ්‍රමණය වෙමින් Joint Line එක දිගේ ඉදිරියට ගමන් කරන විට මෘදු වූ material එක Tool එක වටා චලනය වෙනවා.

Tool එක පසුකර ගිය පසු එම material එක Tool සහ Shoulder එකෙන් ඇතිවන pressure/forging action යටතේ එකට consolidate වෙනවා.

අවසානයේ Solid-State Weld Joint එකක් නිර්මාණය වෙනවා.

සරලව කිව්වොත්...

ලෝහය දියකරලා එකතු කරනවා වෙනුවට, තාපයෙන් මෘදු කරලා, භ්‍රමණය වන Tool එකකින් material එක චලනය කරමින් හා තද කරමින් එකට සම්බන්ධ කරන ක්‍රමයක්.

එහෙනම් Welding Voltage සහ Amperage නැද්ද?

මෙන්න සාමාන්‍ය Arc Welding වලට වඩා තියෙන ලොකු වෙනස.

MMA, MIG/MAG, TIG වල වගේ,

Welding Voltage සහ Welding Current භාවිතා කර Electric Arc එකක් නිර්මාණය කර Base Metal එක දියකරන ක්‍රමයක් FSW වල නෑ.

FSW Machine එකේ,

01.Spindle Motor

02. Drive System

03.Travel System

04. Force / Position Control System

05. Electronic Control System

වැනි කොටස් ක්‍රියාත්මක කිරීමට විදුලි බලය අවශ්‍යයි.

හැබැයි Workpiece එක හරහා Welding Current එකක් යවලා Electric Arc එකක් නිර්මාණය කරන්නේ නැහැ.

FSW වල වැදගත් Process Parameters අතර,

01. Tool Rotation Speed

02.Travel / Traverse Speed

03.Axial Force හෝ Tool Position

04.Plunge Depth

05.Tool Geometry

06.Tool Tilt

07. Material Type

08. Material Thickness

වැනි දේවල් තියෙනවා.

මේ parameters නිවැරදිව පාලනය කිරීම Weld Quality එකට ඉතා වැදගත්.

එහෙනම් Welding Arc එක ඇස්වලට වදින්නේ නැද්ද?

FSW වල Electric Welding Arc එකක් නැහැ.

ඒ නිසා MMA, MIG/MAG, TIG වැනි Arc Welding ක්‍රියාවලිවල electric arc එකෙන් ඇතිවන තීව්‍ර Arc-generated UV Radiation අවදානම FSW වල නැහැ.

ඒ වගේම,

Electric Arc එකක් නෑ

සාම්ප්‍රදායික Arc-Welding Spatter නෑ

Arc-generated UV Radiation නෑ

හැබැයි...

FSW කියන්නේ අවදානම් නැති ක්‍රියාවලියක් නෙවෙයි.

01.වේගයෙන් භ්‍රමණය වන Tool

02.උණුසුම් වන Workpiece

03.විශාල Mechanical Forces

04.Pinch / Crush Points

05. Moving Machinery

06. Tool failure හෝ material ejection වැනි Mechanical Hazards

තියෙන්න පුළුවන්.

ඒ නිසා නිසි Machine Guarding සහ අවශ්‍ය PPE භාවිතය අනිවාර්යයි.

Shielding Gas, Filler Wire සහ Flux අවශ්‍යද?

විශේෂයෙන් සාමාන්‍ය Aluminium FSW ගැන කතා කළොත්,

Shielding Gas අවශ්‍ය නැහැ

Filler Wire අවශ්‍ය නැහැ

Flux අවශ්‍ය නැහැ

මෙය FSW වල තියෙන විශාල වාසියක්.

Filler Wire භාවිතා නොකරන නිසා Joint Fit-up සහ තහඩු අතර Gap එක පාලනය කිරීමත් වැදගත්.

හැබැයි විශේෂ FSW variations සහ විශේෂ materials/process conditions සඳහා වෙනස් arrangements භාවිතා කළ හැකි නිසා,

“ලෝකයේ තියෙන සෑම FSW application එකකම කිසිම ආකාරයක shielding හෝ additional material භාවිතා කරන්නේ නෑ”
(කියන absolute statement එක නිවැරදි නැහැ.)

මොන ලෝහ FSW කරන්න පුළුවන්ද?

FSW වඩාත්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Aluminium සහ Aluminium Alloys සඳහා.

නමුත් FSW මගින්,

01. Aluminium Alloys

02.Magnesium Alloys

03.Copper

04.Titanium Alloys

05. Nickel Alloys

06. Steel Alloys

වැනි materials ද සාර්ථකව සම්බන්ධ කර තිබෙනවා.

විශේෂයෙන් සාම්ප්‍රදායික Fusion Welding වලින් weld කිරීම අපහසු විය හැකි සමහර 2### සහ 7### Series Aluminium Alloys සම්බන්ධ කිරීමේදී FSW ඉතා වැදගත් තාක්ෂණයක්.

කොච්චර ඝන Aluminium පෑස්සිය හැකිද?

මේකට එකම Thickness Limit එකක් දෙන්න බෑ.

එය,

01. Aluminium Alloy එක

02.Machine Capacity

03. Machine Power සහ Structural Stiffness

04. Tool Design

05.Available Force / Torque

06. Process Parameters

වැනි සාධක මත වෙනස් වෙනවා.

කෙසේ වෙතත් 0.3 mm සිට 75 mm දක්වා Aluminium Alloy Butt Joints Single Pass එකකින් FSW කර ඇති බව TWI වාර්තා කර තිබෙනවා.

හැබැයි මේක,

“සෑම FSW Machine එකකටම 0.3–75 mm Aluminium weld කරන්න පුළුවන්”

කියන Machine Rating එකක් නෙවෙයි.

Material එක සහ FSW Machine එකේ හැකියාව අනුව එය වෙනස් වෙනවා.

FSW භාවිතා කරන්නේ කොහේද?

අද FSW තාක්ෂණය විවිධ කර්මාන්තවල භාවිතා වෙනවා.

01.Aerospace

02.Space Structures

03.Automotive

04.Railway

05.Shipbuilding / Marine

06.Industrial Manufacturing

වැනි ක්ෂේත්‍ර ඒ අතර තියෙනවා.

විශේෂයෙන් Aluminium Structures සහ සාම්ප්‍රදායික Fusion Welding වලින් සම්බන්ධ කිරීම අභියෝගාත්මක alloys සඳහා FSW වලට විශාල වටිනාකමක් තියෙනවා.

FSW වල ප්‍රධාන වාසි

විශේෂයෙන් Aluminium FSW ගැන කතා කළොත්,

01.Base Metal එක Melt කරන්නේ නැහැ.

02.සාමාන්‍යයෙන් Filler Wire අවශ්‍ය නැහැ.

03.සාමාන්‍යයෙන් Shielding Gas අවශ්‍ය නැහැ.

04.Flux අවශ්‍ය නැහැ.

05.Electric Arc එකක් නැහැ.

06.සාම්ප්‍රදායික Arc-Welding Spatter නැහැ.

07.Arc-generated UV Radiation නැහැ.

08.Fusion Welding වලට සාපේක්ෂව Distortion සහ Shrinkage අඩු කළ හැකියි.

09.Base Metal එක Melt නොවන නිසා Solidification Cracking වැනි solidification-related defects මඟහැරෙනවා.

10.සාම්ප්‍රදායික Fusion Welding වල solidification සමඟ සම්බන්ධ Porosity ගැටලු මඟහැරිය හැකියි.

11.Automation සඳහා ඉතා සුදුසුයි.

12.නිවැරදි Process Control එකක් යටතේ ඉහළ Repeatability එකක් ලබාගන්න පුළුවන්.

එහෙනම් FSW එකේ අවාසි නැද්ද?

තියෙනවා.

සෑම Welding වැඩකටම FSW තමයි හොඳම ක්‍රමය කියලා දෙයක් නෑ.

01.Machine එක විශාල Down Force සහ Traverse Forces දරාගන්න පුළුවන් වෙන්න ඕන.

02.Workpiece එක ශක්තිමත්ව Clamp කරන්න ඕන.

03.Conventional FSW සඳහා සාමාන්‍යයෙන් ශක්තිමත් Backing Support / Anvil එකක් අවශ්‍ය වෙනවා.

04.Joint Gap සහ Fit-up පාලනය වැදගත්.

05.Tool Position සහ Process Parameters නිවැරදිව පාලනය කරන්න ඕන.

06.Conventional FSW වල Tool එක ඉවත් කරන අවසාන ස්ථානයේ Exit Hole එකක් ඉතිරි වෙනවා.

07.Steel, Titanium වැනි ඉහළ උෂ්ණත්ව සහ ශක්තිය ඇති materials සඳහා Tool Material සහ Tool Wear විශාල engineering challenge එකක්.

08.වැරදි Tool Design හෝ Process Parameters නිසා Internal Voids, Tunnel-type flaws සහ Root/Joint-line bonding ගැටලු වැනි අඩුපාඩු ඇතිවිය හැකියි.

ඒ නිසා FSW පිටතින් බලද්දී සරල Process එකක් වගේ පෙනුණත්,

Tool Design + Machine Rigidity + Clamping + Process Control

ඉතා වැදගත්.

අපි සාමාන්‍යයෙන් Welding කියන වචනය ඇහුවම හිතන්නේ,

ගින්දර,Electric Arc,Sparks,Welding Wire,Shielding Gas
ගැන.

හැබැයි Friction Stir Welding අපිට පෙන්වන වැදගත්ම දෙයක් තියෙනවා.

Welding කියන්නේ හැමවිටම ලෝහය දියකරලා එකතු කිරීමක් නෙවෙයි.

Electric Arc එකක් නැතුව...

සාම්ප්‍රදායික Electrode එකක් නැතුව...

සාමාන්‍ය Aluminium FSW සඳහා Shielding Gas එකක් නැතුව...

Filler Wire එකක් නැතුව...

Base Metal එක දියකරන්නේත් නැතුව...

ලෝහ කොටස් දෙකක් Solid-State Weld Joint එකක් ලෙස සම්බන්ධ කරන්න පුළුවන්.

මේ තමයි Friction Stir Welding.

ඉතින් FSW welding කියලා youtube තුලින් බලන්නකෝ

තාක්ෂණය ගැන ඉගෙනගන්න තරමට අපිට තේරෙන එක දෙයක් තියෙනවා...

“Welding” කියන ලෝකය අපි හිතනවට වඩා ගොඩක් විශාලයි.

ජයවේවා ඔබ සැමට! ❤️

WELD DOC ELECTRONICS




මහත්වරුනී   UNDERWATER WELDING වතුර යට වෙල්ඩින් කිරීම ගැන පොඩ්ඩක් දැනගමුද?ලෝකයේ ඇති ඉතාමත් සංකීර්ණ සහ අවදානම් වෙල්ඩින් ත...
31/08/2026

මහත්වරුනී UNDERWATER WELDING වතුර යට වෙල්ඩින් කිරීම ගැන පොඩ්ඩක් දැනගමුද?

ලෝකයේ ඇති ඉතාමත් සංකීර්ණ සහ අවදානම් වෙල්ඩින් තාක්ෂණයන්ගෙන් එකක් වන මෙය,

නැව් Ships, Offshore Oil & Gas Platforms, Subsea Pipelines, මුහුදු පාලම්, වරාය ව්‍යුහ Harbour Structures, Subsea Installations සහ අනෙකුත් සමුද්‍ර ව්‍යුහයන් ඉදිකිරීම, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා භාවිතා කරන විශේෂ වෙල්ඩින් ක්‍රමය Underwater Welding ලෙස හැඳින්වේ.

මෙම ක්ෂේත්‍රයේ සේවය කරන පුද්ගලයා Diver-Welder ලෙස හඳුන්වයි. ඔහු දක්ෂ වෙල්ඩර් කෙනෙකු පමණක් නොව, පුහුණුව ලත් Commercial Diver කෙනෙකුද විය යුතුය.

Underwater Welding ප්‍රධාන වර්ග

01.Wet Underwater Welding

මෙහිදී වෙල්ඩර් සහ වැඩ කොටස දෙකම සම්පූර්ණයෙන්ම ජලය තුළ පවතී.

මෙය හදිසි අලුත්වැඩියා, Marine Salvage සහ අඩු කාලයකින් සිදු කළ යුතු කාර්යයන් සඳහා බහුලව භාවිතා කරයි.

මෙහි බහුලව භාවිතා කරන වෙල්ඩින් ක්‍රමය:

SMAW (Shielded Metal Arc Welding / Manual Metal Arc Welding)

02.Dry Hyperbaric Welding

මෙහිදී වෙල්ඩින් කරන ස්ථානය වටා පීඩනයට ඔරොත්තු දෙන Hyperbaric Chamber එකක් සවි කර ජලය ඉවත් කරයි.

ඉන්පසු පීඩනය පාලනය කරන ලද වියළි පරිසරයක් තුළ වෙල්ඩින් සිදු කරයි.

මෙම ක්‍රමය මඟින් සාමාන්‍යයෙන් Wet Welding වලට වඩා ඉහළ ගුණාත්මක Weld ලබාගත හැකි බැවින් Critical Structural Repairs සඳහා බහුලව භාවිතා කරයි.

භාවිතා කරන වෙල්ඩින් ක්‍රම

Wet Welding

SMAW (Stick Welding)

Dry Hyperbaric Welding

කාර්යය, ද්‍රව්‍ය, ජල ගැඹුර සහ Welding Procedure Specification (WPS) අනුව, වෙල්ඩින් මහත්වරුනී "WPS" ගැනත් පෝස්ට්ටුවක් අවශ්‍යයී නම් කමෙන්ට් එකක් දාන්න,

01.GTAW (TIG)

02.GMAW (MIG)

03.FCAW

04.SMAW

ඇතුළු Arc Welding ක්‍රම භාවිතා කළ හැක.

භාවිතා කරන උපකරණ

01.Constant Current (CC) DC Welding Power Source

02.Surface Control Unit

03.Heavy Duty Insulated Welding Cables

04.Waterproof Electrode Holder

05.Knife-Type Isolation Switch

06.Emergency Disconnect System

Wet Underwater Welding සඳහා සාමාන්‍යයෙන් Direct Current (DC) භාවිතා කරයි.

බොහෝ අවස්ථාවල DCEN (Straight Polarity) භාවිතා කරන අතර, අවශ්‍යතාව අනුව DCEP ද භාවිතා කළ හැක.

මහත්වරුනී AC සාමාන්‍යයෙන් භාවිතා නොකරන්නේ විදුලි කම්පනයේ අවදානම වැඩි බැවිනි.

භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩ

Wet Underwater Welding සඳහා,

AWS A5.35/A5.35M ප්‍රමිතියට අනුකූල,

01.Waterproof Covered Electrodes

භාවිතා කරයි.

මෙම ඉලෙක්ට්‍රෝඩ ජලය යට Arc එක ස්ථාවරව පවත්වා ගැනීමට සහ Weld Pool එක ආරක්ෂා කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇත.

Arc එක වතුර යට ඇතිවෙන්නේ කොහොමද?

Arc එක ඇති වූ විට,

Flux Coating දහනය වීමෙන් සහ ජලය අධික උෂ්ණත්වයට පත්වීමෙන්,

Steam සහ Shielding Gases එකතුවෙන් Gas Bubble එකක් සෑදේ.

Arc එක සහ Molten Weld Pool එක මෙම Gas Bubble එක තුළ පවතින අතර, Slag එක මඟින් Weld Metal එකට අමතර ආරක්ෂාවක් ලැබේ.

Diver-Welder හුස්ම ගන්නේ කොහොමද?

වෘත්තීය Underwater Welding සඳහා බහුලව භාවිතා කරන්නේ,

01 Surface-Supplied Diving System යන ක්‍රමය වේ

ගැඹුර සහ කාර්යය අනුව,

02.Compressed Air

හෝ

03.Helium-පදනම් වූ Breathing Gas Mixtures

භාවිතා කළ හැක.

ආරක්ෂක පද්ධතිය

01.Commercial Diving Helmet

02.Diving Suit

03.Umbilical (Air / Gas, Communication සහ අනෙකුත් සේවා සපයන සම්බන්ධකය)

04.Bailout Cylinder

05.Waterproof Welding Equipment

06.Surface Voice Communication

07. Lifeline

08.Surface Tender

09. Standby Diver

10.Electrical Isolation System

11. Lock-out / Tag-out Procedure

12. Emergency Disconnect Switch

ප්‍රධාන අවදානම් මොනවද කියලත් බලමුකෝ

01.Electric Shock

02.Decompression Sickness (The Bends)

03. Nitrogen Narcosis (සුදුසු ගැඹුරේදී)

04.Oxygen Toxicity (සුදුසු තත්ත්වයන්හි)

05. Hydrogen සහ Oxygen Gas Accumulation

06.Hypothermia

07. Poor Visibility

08. Strong Water Current

09.Marine Life Hazards

ශාරීරික අපහසුතා

01.අධික පීඩනය

02.අඩු උෂ්ණත්වය

03. අධික ශාරීරික වෙහෙස

04. මාංශ පේශි තෙහෙට්ටුව

05.දිගු Decompression ක්‍රියාවලිය

06.මානසික පීඩනය

Wet Welding වාසි

01. Dry Dock නොමැතිව අලුත්වැඩියා කළ හැක.

02.හදිසි අලුත්වැඩියා සඳහා ඉතා සුදුසුය.

03.කාලය සහ පිරිවැය අඩු කරයි.

04. සීමිත ප්‍රවේශයක් ඇති ස්ථානවල පහසුවෙන් වැඩ කළ හැක.

Wet Welding අවාසි

01. Rapid Cooling හේතුවෙන් Hydrogen Cracking අවදානම වැඩි වේ.

02.Porosity සහ අනෙකුත් Weld Defects ඇති විය හැක.

03.Wet Welding වල ගුණාත්මකභාවය Dry Hyperbaric Welding වලට වඩා සාමාන්‍යයෙන් අඩු වේ.

04. Inspection සහ Quality Verification වඩාත් අපහසු වේ.

Dry Hyperbaric Welding වාසි

01. ඉතා උසස් Weld Quality

02.Critical Structural Repairs සඳහා සුදුසුය.

03.Radiographic Testing (RT), Ultrasonic Testing (UT) ඇතුළු NDT පරීක්ෂණ වඩාත් පහසුවෙන් සිදු කළ හැක.

04.දිගුකාලීන සේවා විශ්වසනීයත්වය වැඩි වේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්

01.AWS D3.6M – Underwater Welding Code

02.AWS A5.35/A5.35M – Covered Electrodes for Underwater Wet Welding

මෙම ප්‍රමිතීන් තුළ,

Wet සහ Dry Welding

Welding Procedure Qualification

Diver-Welder Qualification

Weld Quality Classes

Inspection

Weld Acceptance Criteria

ඇතුළු ප්‍රධාන තාක්ෂණික අවශ්‍යතා නියම කර ඇත.

Underwater Welding යනු වෙල්ඩින් තාක්ෂණය, Commercial Diving, Metallurgy, Marine Engineering, Electrical Safety සහ Pressure Physiology එකට එකතු වූ ඉතාමත් විශේෂිත ඉංජිනේරු ක්ෂේත්‍රයකි.

මෙම කාර්යය සාර්ථකව හා ආරක්ෂිතව සිදු කළ හැක්කේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පුහුණුව ලත්, සහතික කළ Diver-Welder කණ්ඩායමකට පමණි.

WELD DOC ELECTRONICS

"නිවැරදි තාක්ෂණික දැනුම සමඟ වෙල්ඩින් ඉගෙන ගනිමු."

ඉතින් පෝස්ට්ටුව හොදයි නම් අපිවත් follow කරන්න ❤ ඔයාගෙ අදහසත් කමෙන්ට් එකක් දාන්න , ලයික් එකක් දාලා යාලුවන්ට බලන්න shear කරන්න , ඔබට❤ ජය




Address

Meegalewa
Galgamuwa
60750

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94760891817

Alerts

Be the first to know and let us send you an email when WELD DOC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WELD DOC:

Shortcuts

Share

Category