10/08/2026
වාහනේ Roof එකේ තියෙන "Shark Fin" එක කියන්නේ ඇත්තටම මොකක්ද? 🦈
අලුත් වාහන ගොඩක වහලේ උඩ මෝර වරලක් වගේ පොඩි කෑල්ලක් තියෙනවා දැකලා තියෙනවා නේද? ගොඩක් අය හිතන්නේ මේක නිකම්ම radio antenna එකක් කියලා. ඒත් ඇත්තටම ඒක ඊට වඩා ගොඩක් වෙනස්.
මේක නිකම්ම එක Antenna එකක් නෙවෙයි
Shark fin එකක් කියන්නේ antennas කීපයක් එකට දාලා වහපු කවරයක් (housing එකක්).
Original OEM fin එකක් ඇතුළේ මේ දේවල් තියෙන්න පුළුවන්:
📻 AM/FM element එකක්
📍 GPS/GNSS patch එකක්
📶 Telematics වලට GSM/4G element එකක්
🔗 අලුත් models වල නම් WiFi සහ V2X elements පවා තියෙනවා.
මේ හැම එකකින්ම ගන්න signals වෙන වෙනම coaxial cables හරහා තමයි වාහනේ dashboard එකට යන්නේ.
💡 ඇයි ඉස්සර තිබ්බ දිග Antenna පොල්ල අයින් කළේ?
ගොඩක් අය හිතන්නේ aerodynamics නිසා (හුළඟ කැපෙන එක ලේසි වෙන්න) කියලා. ඒත් engineers ගොඩක් දෙනෙක් කියන්නේ mast එකෙන් එන drag එකයි, ඒකෙන් fuel එකට වෙන වෙනසයි ගණන් ගන්න තරම්වත් ලොකු නෑ කියලයි.
මේක අලුත් වාහනවලට එන්න ඇත්තම හේතු මේවා:
1️⃣ ඉඩ කළමනාකරණය (Packaging) ➡️ අද කාලේ සමහර වාහනවලට antennas 5ක් 6ක් වත් ඕන වෙනවා. Roof එකේ පොලු 6ක් හයි කරන්නේ නැතුව එක housing එකක් ඇතුළට ඔක්කොම දාන්න පුළුවන් නිසා මේ ක්‍රමේ ගොඩක් ලේසියි.
2️⃣ කැඩෙන එක අඩුයි ➡️ Car wash එකකට දැම්මම, parking වලදී, එහෙමත් නැත්නම් පාරේ යනකොට අත්තක වැදිලා පරණ mast antennas ලේසියෙන්ම කැඩෙනවා. Fin එකට ඒ ප්‍රශ්නෙ නෑ.
3️⃣ පෙනුම (Style) ➡️ වාහනේට clean, modern look එකක් එනවා.
මේකෙන් Radio Signal වැඩි වෙනවද?
කවුරුහරි "shark fin එකක් දැම්මම radio signal වැඩි වෙනවා" කියලා විකුණන්න ආවොත්, ඒක සාමාන්‍යයෙන් ඇත්තක් නෙවෙයි.
ඇත්තටම FM wavelength එකට හරියන්න නම් antenna එකක් ටිකක් දිග වෙන්න ඕන. Fin එකක් ඇතුළේ තියෙන element එක ගොඩක් කොට නිසා, ඒකෙ අඩුව වහගන්න amplifier එකක් පාවිච්චි කරන්න වෙනවා.
සමහර වාහන models වල AM/FM antenna එක එන්නේ rear glass එකේ (පිටිපස්සේ වීදුරුවේ) printed lines විදිහට. එතකොට roof එකේ තියෙන fin එකේ තියෙන්නේ GPS සහ අනිත් telematics දේවල් විතරයි. ඒක ගැලෙව්වා කියලත් radio එකට මුකුත් වෙන්නේ නෑ.
අපේ පාරේ දුවන ගොඩක් වාහන Japan එකෙන් එන ඒවා. ඒවායේ FM band එක 76 සිට 90MHz, ඒත් ලංකාවේ FM band එක TRCSL යටතේ තියෙන්නේ 87.5 සිට 108MHz.
ඒ නිසා ගොඩක් JDM වාහනවල antenna cable එකයි radio එකයි අතරේ band expander එකක් දාලා තියෙනවා.
ඉතින් ඊළඟ පාර වාහනේක මේ වගේ fin එකක් දැක්කම, ඔයා දන්නවා ඒක නිකම්ම radio කෑල්ලක් නෙවෙයි, වාහනේට ඕන කරන ගොඩක් signals අල්ලන 'Smart Hub' එකක් කියලා!
ඔයාගේ choice එක මොකක්ද? වාහනේට එන Clean look එකද, නැත්නම් හොඳ Radio signal එකක්ද? පරණ දිග Antenna එකද, අලුත් Shark fin එකද කියලා Comment එකකින් කියමු! 👇