17/02/2026
ඔයාගෙ ගෙදර ආරක්ෂාව කියන්නේ සෙල්ලමකට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වගේ බාල කැමරා වල තියෙන ඔයාල නොහිතන අනාරක්ෂිත පැති ගොඩක් තියෙනවා.
මම ඒවයින් ටිකක් සරලව විස්තර කරන්නම්
1. බොරු මෙගා පික්සල් ගාන
මේවා පැකේජ් එකේ සඳහන් කරල එන්නෙ 5mp 6mp එහෙමත් නැත්නම් 8mp වගේ ලොකු මෙගා පික්සල් ගනන්. හැබැයි රෙකෝඩ් වෙන වීඩියෝ එකේ resolution එක 720p. Zoom කරද්දි රූපය සම්පූර්ණයෙන්ම පික්සල් වෙලා (Pixelated) කිසිම දෙයක් හඳුනාගන්න බැරි වෙනවා.
2. ඉතාමත් දුර්වල Storage පද්ධතිය (Memory Card Issues)
මේ කැමරා වලට දාන Memory Card එක හරිම ඉක්මනට "Corrupt" වෙනවා.
Overwrite වෙන්නේ නැහැ: කාඩ් එක පිරුණාම පරණ ඒව මැකිලා අලුත් ඒව record වෙන්න ඕනේ වුණත්, මේ කැමරා වල මෘදුකාංග දෝෂ නිසා ගොඩක් වෙලාවට ඒක හරියට සිද්ද වෙන්නේ නැහැ.
Recordings නැති වීම: වැදගත්ම හොරකමක් වුණු වෙලාවට රෙකෝඩින් එක බලන්න ගියොත්, එතැන "No video found" කියලා වැටෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩියි.
3. රාත්‍රී දර්ශන වල ඇති අසාර්ථක බව (Poor Night Vision)
මේකෙ තියෙන IR (Infrared) ලයිට් හෝ LED ලයිට් වැඩිකල් යන්න කලින් පිච්චිලා යනවා. එතකොට රෑට තබා හවස් වෙද්දී පවා මේ කැමරාව අන්ධයි. අනික මේවායේ තියෙන LED ලයිට් වල එළිය වටේට විහිදෙන්නේ නැහැ, ඒක එක තැනකට විතරක් යොමු වෙන නිසා මුළු පරිසරයම කළුවරට පෙනිලා මැද විතරක් සුදු පාටට පේනවා (White wash effect).
4. Hardware වල තියෙන බාල තත්ත්වය
Motor Failures: මේක PTZ (කැරකෙන) කැමරාවක් වුණාට, මාස දෙක තුනක් යද්දී ඇතුළේ තියෙන ප්ලාස්ටික් ගියර් ගෙවිලා යනවා. ඊට පස්සේ කැමරාව එක පැත්තකට හැරිලා හිර වෙනවා.
Overheating: පැය 24ම වැඩ කරද්දී ඇතුළේ තියෙන බාල Circuit board එක රත් වෙනවා. රත් වුණාම කැමරාව Restart වෙනවා ගොඩක් වෙලාවට, ගොඩක් වෙලාවට මාස හයේ වොරන්ටි එක ඉවරවෙනකොටම කැමරාවත් අවසන් ගමන් යනවා.
5. Internet Data නාස්තිය
මේවායේ වීඩියෝ දර්ශන සම්පීඩනය (Video Compression) කරන්නේ නැහැ. H.265 වගේ තාක්ෂණයන් මේවායේ නැති නිසා ඔබේ Data පැකේජය ඉතා ඉක්මනින් අවසන් කරනවා වගේම, Internet speed එක ටිකක් අඩු වුණ ගමන් ඇප් එකෙන් කැමරාව බලන්න බැරි වෙනවා.
6.Unic app එකක් නැති එක
මේ කැමරාවට පාවිච්චි කරන V380 pro app එක universal ඇප් එකක්. ඒ කියන්නෙ ඔය ජාතියක් ජන්මයක් නැති කැමරා වර්ග ගොඩක්ම එයාලගෙ කැමරා වලට පාවිච්චි කරන්නෙ මේ v380 pro කියන ඇප් එක. එතකොට ඉතින් ඇප් එක හරහා customer support එකක් වගේ ගන්න එක නම් ගොඩක් වෙලාවට හීනයක් තමයි
7.loading time and advertisement
V380 pro කැමරා පාවිච්චි කරන අය නම් මේක හොඳටම දන්නවා ඇති. ඇප් එක ඕපන් කරද්දි ෆුල් ස්ක්‍රීන් ඇඩ් එකක් pop up වෙනවා. ඒක ප්ලේ වෙලා ඉවර වෙනකන් ඉඳලා skip කරලා තමයි ඇප් එකට යන්න වෙන්නෙ. ඒ ගියත් කොච්චර හොඳට සිග්නල් තියෙන තැනකදි උණත් කැමරාව ලෝඩ් වෙලා ඕපන් වෙන්නෙ ඇප් එකට හිතුණු වෙලාවට මිසක් අපිට ඕන වෙලාවට නම් නෙවෙයි.
හදිස්සියෙ හොරෙක් ආපු වෙලාවක ඔයා ඇප් එක ඕපන් කරොත් ඔයා ඇප් එක ලෝඩ් වෙලා කැමරාවෙන් එතන දකිද්දි හොරා ආපු වැඩේ කරගෙන ගිහිල්ලත් ඉවරයි 🫠👌
8.stream encryption
මේ v380 කැමරා පාවිච්චි කරන කෙනෙක්ගෙන් හරි විකුණන කෙනෙක්ගෙන් එහෙම එකක් තියෙනවද ඇහුවොත් ඒ මොකද්ද කියල අපෙන් අහනවා. මේකෙන් වෙන්නෙ වැරදිලා හරි අපේ acc එකේ ෆෝන් නම්බර් එක හරි පාස්වර්ඩ් එක හරි කවුරු හරි ගෙස් කරල හරි, එහෙම නැත්නම් කොහොමහරි අපෙන් දැනගෙන හරි acc එකට ලොග් උණත් එයාට කැමරාවෙන් පේන දේවල් වගේම රෙකෝඩ් වෙන දේවල් බලන්න බැරිවෙන්න ලොක් කරන එක.
හැබැයි මේ කැමරාවල ඒ පහසුකම ඇත්තෙ නෑ
9.password protection
මේ කැමරාවල සාමාන්‍යෙන් එන්නෙ 123456 වගේ හරිම සරල ඩිෆෝල්ට් පාස්වර්ඩ් එකක්. ඒක ඕනම කෙනෙක්ට ගෙස් කරලා ටයිප් කරන්න උණත් පුලුවන්.
10. Unbinding
මේ කැමරාව හයිකරපු තැනකින් හොරෙන් ගලවගන්න කෙනෙක්ට උණත් කැමරාව රීසෙට් කරලා තමන්ගෙ සිම් එකක් දාල තමන්ගෙ ෆෝන් එකකට ඇඩ් කරගෙන පාවිච්චි කරන්න හරිම ලේසියි.
🛡️ ඇයි Ezviz හෝ Imou වගේ බ්‍රෑන්ඩ් වල කැමරා මීට වඩා දහස් ගුණයක් වටින්නේ?
ඔයා වියදම් කරන රුපියල් දහස් ගාණ අපරාධයක් නොවෙන්න නම් මේ වගේ Global Brands වලට යන්නම ඕනේ
Smart AI Detection: මේවායේ මිනිස්සුන්ව විතරක් හඳුනාගන්න පුළුවන් (Human Detection). අර බාල කැමරා වගේ හුළඟට ගහක් හෙලවුණත්, බල්ලෙක් ගියත් ෆෝන් එකට Notification එවලා කරදර කරන්නේ නැහැ.
Cloud Storage: මෙන්න මේකයි වටිනම දේ. හොරෙක් ඇවිත් කැමරාව ගලවගෙන ගියත්, ඒ වෙලාව වෙනකම් රෙකෝඩ් වුණු දර්ශන Cloud එකේ සුරක්ෂිතව තියෙනවා. බාල කැමරා වල කැමරාව ගියොත් දර්ශනත් ඉවරයි.
මේ කැමරාවක් හයිකරපු තැනකින් කවුරුහරි ගලවගත්තා කියලා එයාලට වෙන ෆෝන් එකක හදපු ගිණුමකට ඇඩ් කරගන්න හැකියාවක් නැහැ. කැමරාව Reset කරත් ඒක කලින් ඇඩ් කරපු ගිණුමෙන් (ෆෝන් එකෙන්) අයින් වෙන්නෙ නෑ
එයාලටම කියල කැමරා ඇප් තියෙනවා මාරම user friendly වගේම හරිම ස්මූත් විදියට ලෝඩ්වෙනවා. හදිස්සියක් උනොත් තත්පර කිහිපයක් ඇතුලත ඔයාගෙ කැමරාවෙ දර්ශන නැරඹීමේ හැකියාව තියෙනවා
Build Quality: මේවා හදලා තියෙන්නේ අවුරුදු ගාණක් අව්වට වැස්සට ඔරොත්තු දෙන්න. වීදුරු කාච පාවිච්චි කරන නිසා කාලයක් යද්දී රූපය බොඳ වෙන්නේ නැහැ.
මම මේ උඩ කියපු කැමරාවලට කරන paid promotion එකක් නෙවෙයි. මට කම්පැනි වලින් සතපහක්වත් ගෙවන්නෙ නෑ.
මේ ටික ලිවුවෙ මහන්සිවෙලා හම්බකරන ඔයාලගෙ සල්ලි අපරාදෙ නාස්තිකරගන්න කලින් දැනුවත් කරන්න ඕන කියල හිතුණු නිසා. ආරක්ෂාව කියන්නේ "සෙල්ලමක්" නෙවෙයි. බාල කැමරාවක් හයි කරලා හිතේ නිදහස නැති කරගන්නවට වඩා, විශ්වාසවන්ත සන්නාමයක කැමරාවක් හයි කරලා සැනසිල්ලේ නිදාගන්න.
ජයවේවා!
Dilshan Eranga