18/01/2026
ඇයි ඔයාගේ CV එක Reject වෙන්නේ
Reason Nu 1 #
What is the Situation (මොකක්ද තත්වය)
සාමාන්යෙන් වර්තමානයේ ලංකාව ඇතුලේ Gradute ලා, Undergraduate ල ට, තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ එයාලා Apply කරන Jobs වලින් එයාලට අවම වශයෙන් Interview වලින් අඩුම ඒකේන් Reject වෙන්න හරි ඇයි Shortlisted වෙන්නෙ නැත්තේ? ඇයි Call එකක් වත් දෙන්නේ නැත්තේ කියන එක. සරලවම මටත් ඕක තිබ්බ ලොකු ප්‍රශ්නයක්. මාත් අවුරුදු ගානක් කට්ට කාගෙන එක එක ජාතියේ CV හැදුවා. Intern වලට, Jobs වලට එක එක විදිහේ CV හැදුවා. පස්සේ CV ගැන Research කළා. මොකක්ද මේ CV එක? ඇයි මේ තරම් CV එක Jobs ලැබෙන්න, නොලැබෙන්න බලපාන්නේ කියලා.
What is the Reason (මොකක්ද හේතුව)
ඒකේදි මම හොයාගත්ත දෙයක් තමයි. 'ATS' (Applicants Tracking System) ඒ කියන්නේ අයදුම් කරන්නන් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් වගේ දෙයක්. මේක Fully Automated. මේක Humana Evaluation එකක් නෙවෙයි. දැනට දශකයකට විතර කලින් තමයි මේ Fully Human Evaluation එහෙමත් නැත්තන් සම්පූර්ණයෙන් කාර්යමණ්ඩල අධීක්ෂණයකින් පස්සේ, අපි Post කරලා යවන හෝ Email කරන අපේ ජීව දත්ත සටහන් එහෙමත් නැත්තන් අපි කියන විදිහට CV තෝරගන්නේ. ඒක ගොඩක් Compilcated. සාමාන්යෙන් දැන් රටේ ඇතිවෙලා තියෙන රැකියා අර්බුධයත් එක්ක මේ ක්‍රමය ටිකක් අමාරුයි. ඒ නිසා තාක්ෂණේ දියුණුවත් එක්ක ගොඩක් ආයතන Softwares විදිහට මේ 'ATS' ක්‍රමවේදය භාවිතා කරනවා. මේකෙදි වෙන්නේ, අපේ CV එක මනුස්සයෙක්ගේ අතට යන්න කලින් හරියට නිකන් Robo කෙනෙක් අතට යනවා වගේ වැඩක්. මේ System එක එයාගේ Database එකේ තියෙන, memory එකේ තියෙන Key recognizing Points වලට විතරයි Focus කරන්නේ. එහෙමත් නැත්තන්, ආයතනය විසින් යොමුකරලා තියෙන Job Advertisement එකේ තියෙන රැකියාව සඳහා අයදුම්කරනු ලබන පුද්ගලයන් සතුව තිබිය යුතු Qualifications සහ වෙනත් Keywords විතරයි අඳුරන්නේ. ඒ නිසා මේ මොහොතෙදි ගොඩදෙනෙක්ගේ CV Hiring Manager කෙනෙක් අතට යන්නත් කලින් Reject වෙලා ඉවරයි.
What is the Solution (මොකක්ද පිලියම)
ඉතින් මේකට හරියනම පිලියමක් කියන්න අමාරුයි.එක එක අය, එක එක විදිහේ Solutions දෙනවා. නමුත් සරලවම
අංක 1: Jobs බදාගන්න එපා.
අපි දවසට Apply කරනවා නම් jobs 20ට විතර ඒක 5කට වගේ අඩුකරන්න. මොකද ගොඩක් Jobs වලට ඉල්ලන්නේ එක එක ජාතියේ Qualifications. හිතන්න සරලවම ඔයාට Bachelor Degree එකක් තියෙනවා Marketing වල. ඔයාට Intern එකක් හොයාගන්න ඕන. ඔයා Topjobs.lk / Expressjobs.lk හෝ වෙනත් Platforms වල තියෙන Interns හොයනවා. මේ හැම එකටම ඔයාගෙන් ඉල්ලන Qualification එක Marketing විතරක්ම නොවෙන්න පුළුවන්. සමහරවිට ඔයාට HRM සම්බන්ධව දැනුම තියෙනවද කියලත් අහන්න පුළුවන් වගේම ගොඩක් ආයතනය බලන්නේ Work under Pressure කියන වචනේ ඔයාගේ CV එකේ Prfile Description එකේ තියෙනවද කියලා බලන එක. සමගරවිට එයාලා ATS Monitoring කරන්න Keyword එකක් විදිහට ඒ වගේ දේවල් දාන්න පුළුවන්. ඉතින් ඔයා දවසට jobs 20tට වගේ Apply කරනවා කියන්නේ ඔයාට ඒ ආයතන වල Advertisement එක හෝ ආයතනය රැකියා අයදුම්කරන්නාගේ බලන Minimum Qualifications පවා Miss වෙන්න පුළුවන්. ඒ නිසා දවසට Jobs 5ක වගේ ප්‍රමාණයකට, ඒ ආයතන සහ ඔවුනගේ Advertisements අධ්‍යනය කරමින් හරි ආකාරව Apply කරන්න ඕන.
අංක 2: CV එක හදන Software එක
අපි ගොඩක් වෙලාවට CV හදන්නේ ලේසියට Canva වලින්. ගොඩක් CV මුදලට හදලා දෙන අය ලේසියට හදන්නෙ Canva වලින්. ඉතින් ඒක ගොඩක් අසාධාරණ වැඩක්. මා කියන්නම් ඒ ඇයි කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේකට බලපාන ප්‍රධාන කාරණයක් තමයි අපි CV එකක් හදන Software එක. අපි ලේසියට, කම්මැලිකමට ඔහේ හදලා දානවා. Internet එකේ Search කරලා බැලුවොත් CV templates කියලා, ගොඩක් එන්නේ, මේ තොරොම්බල් කෑලි අටවපු, පාට පාට CV. Canva කියන්නේ Graphic Design වලට Focus වුන Software එකක්. ගොඩදෙනෙක් Use කරන විදිහට නම් Service එකක්. ඒකේ ගොඩක් විවිධාකාර Fonts තියෙනවා. ඒවා බැලූ බැල්මට මාර ලස්සනයි. ඇත්තටම Design වැඩවලට ඒවා වටිනවා. නමුත් CV එකක් කියන්නේ M416 AR Weapon එකක් නෙවෙයි, ඒක හරියට AWM Sniper එකක් වගේ. හරි විදිහට හැදුවොත් ගොඩ, නැත්තන් ඉතින් වැඩක් වෙන්නේ නෑ. ATS Softwares ගොඩක් වෙලාවට Text තමා Recognize කරගන්නෙ. ඉතින් මේ Canva වල තියෙන Fonts Text විදිහට ATS Softwares වලට Recognize කරගන්න අමාරුයි. ඒ නිසා එතනින් එහෙම්ම ඔයාගේ CV එක Reject වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට Text Focus වුන Software Use කරන්න.
ඉතින් මේ 2 තමා ඔයාගේ CV එකක් ATS වලින් තේරිලා Shortlisted ගොඩට වැටෙන්න ප්‍රධාන හේතූන් විදිහට ගන්නේ. තව පොඩි පොඩි කාරනා තියෙනවා. ඒවා පස්සේ කියන්නම්. ඔයාලත් මේ කාරණා 2ට හොඳට Focus කරලා CV එකක් හදාගන්න ඕන නම්
මගේ Whatsapp එකට Message එකක් දාන්න, ATS Friendly CV කියලා. මම ඔයාලට සුලු ගානකට හොඳම වර්ගේ CV එකක් හදලා එන්නම්.
📞 078 980 22 55
මම Prime Docs