03/08/2026
Update❗
🔺 නවතම කාලගුණ නිවේදනය🔺
Fisherman Bulletin
Fleet/Shipping
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2026 අගෝස්තු මස 03 දින ප.ව. 2.00 ට නිකුත් කරන ලදී
වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ:
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
ගාල්ල සිට සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ. එබැවින්, මෙම මුහුදු ප්රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට රළු වේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS
Issued at 2.00 p.m. on 03 August 2026
Condition of Rain:
Showers or thundershowers will occur at several places in the sea areas off the coast extending from Puttalam to Trincomalee via Colombo, Galle, Hambantota and Batticaloa.
Winds:
Winds will be south-westerly. Wind speed will be (30-40) kmph.
Wind speed can increase up to (60-70) kmph at times in the sea areas off the coast extending from Galle to Pottuvil via Hambantota. Wind speed can increase up to (50-60) kmph at times in the sea areas off the coast extending from Puttalam to Galle via Colombo.
State of Sea:
The sea areas off the coasts extending from Galle to Pottuvil via Hambantota will be rough or very rough at times. Naval and fishing communities are advised not to venture into these sea areas, until further notice.
The sea areas off the coasts extending from Puttalam to Galle via Colombo will be rough at times.
The wave height may increase about (2.5 – 3.0) meters in the sea areas off the coast extending from Puttalam to Pottuvil via Colombo, Galle and Hambantota.
Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers