26/08/2026
⏳ Button එක Click කළා… ඒත් App එක නිහඬයි. වැඩ කරනවද, කැඩිලාද User දන්නේ කොහොමද?
User Form එක fill කරලා Save click කරනවා.
තත්පරයක් යනවා…
Spinner එකක් නැහැ.
Message එකක් නැහැ.
Button එකේ වෙනසක් නැහැ.
User හිතනවා:
“මම Button එක click කළාද?”
ඊට පස්සේ ආයෙත් click කරනවා.
Result?
Duplicate Records.
Emails කිහිපයක්.
Order එක දෙවරක්.
Payment Request එකත් repeat වෙන්න පුළුවන්.
Problem එක Userගේ අතේ නෙවෙයි.
App එක communicate කළේ නැති එකේ.
Loading State කියන්නේ Decoration එකක් නෙවෙයි.
ඒ Userට කියන Message එකක්:
“ඔයාගේ Action එක ලැබුණා. මම වැඩ කරනවා. ටිකක් ඉන්න.”
Professional Save Button එක:
Save → Saving…
Spinner එකක් පෙන්වනවා.
Button එක temporarily disable කරනවා.
Success නම්:
✅ Saved Successfully
Fail නම්:
❌ Could not save. Please try again.
මේ small detail එකෙන් Duplicate Clicks, User Confusion සහ Data Problems අඩු වෙනවා.
Dashboard එකේ Blank Screen එකක් වෙනුවට Loading/Skeleton State එකක් දෙන්න.
File Upload එකක් නම් Progress එක පෙන්වන්න.
Invisible Work එක Visible කරන්න.
Professional Feature එකකට:
Default → Loading → Success → Error → Empty → Disabled
වගේ States ගැන හිතන්න ඕනේ.
Beginner කෙනෙක් කියනවා:
“Button එක වැඩ.”
Professional Developer කෙනෙක් අහනවා:
“Button එක වැඩ කරන අතර Userට මොනවද පේන්නේ?”
User click කරනකොට silent question එකක් අහනවා:
“දැන් මොකක්ද වෙන්නේ?”
Loading State එක ඒකට උත්තර දෙනවා.
අන්න ඒක Communication.
අන්න ඒක Trust.
අන්න ඒක Professional Software.
CMNexa - Learn. Debug. Build.