11/08/2026
කලාකරුවෙකුට ලැබෙන සැබෑ සතුටක් වන්නේ, උසස් කලා නිර්මාණ බිහිකරමින් කලාවට අගනා සේවයක් කරන නිර්මාණශීලීන් සමඟ එකම වේදිකාව බෙදාගැනීමට ලැබීමයි.
අප හිතවත් සංගීත අධ්‍යක්ෂක හා ශබ්ද පරිපාලක ඉන්ද්‍රජිත් මිරිහාන සහ වික්‍රම අබේසිංහ විසින් සංවිධානය කරන “මා නොගැයූ මගේ ගී” ප්‍රසංග මාලාවේ, ගී පද රචක සුනිල් ආර්. ගමගේ ශූරීන් ඇගයෙන මෙම සුවිශේෂී සැඳෑවේ ගීතයක් ගායනා කරමින් ඒ උතුම් කාර්යයට දායක වීමට ලැබීම මට මහත් ගෞරවයක් මෙන්ම අතිශය සතුටක් විය.
මෙම අපූරු ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා අසීමිත කැපවීමෙන් කටයුතු කළ සියලු සංවිධායකයන්ටත්, තම අතිදක්ෂ වාදනයෙන් වේදිකාව සොබාදම් කළ විශිෂ්ට වාදක මණ්ඩලයටත්, මාගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරමි.
මෙම ගීතය මුලින්ම ගායනා කළේ කරුණාරත්න දිවුල්ගනේ ශූරීන් විසිනි. එහි අමරණීය තනුව හා සංගීත නිර්මාණය ගුණදාස කපුගේ ශූරීන්ගේය. අර්ථවත් පදමාලාව සුනිල් ආර්. ගමගේ ශූරීන්ගේය.
🎤 ඉදිරිපත් කිරීම: ඉන්ද්‍රසිරි සුරවීර සමඟ පැතුම් තිලකසිරි
🎥 වීඩියෝගත කිරීම: Melbourne TV – නුවන් සමරපති
ඔබ සැමගේ ආදරය, ප්‍රතිචාර සහ ආශිර්වාදය සැමවිටම මගේ කලා ගමනට ලැබෙන විශාල ශක්තියකි.
ආදරයෙන්… ❤️🎶 Chandra Dissanayaka
Sunilr Gamage