BNJ Electronics

BNJ Electronics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BNJ Electronics, Electronics, No 15/b wadinagala Ampara, Ampara.

⚡ නිවසකට සිදුවිය හැකි අකුණු අනතුරු වලක්වා ගැනිමට S.P.D බවිතා කෙරේ❗SPD කියන්නේ Surge Protection Device.සිංහලට කියනවනම් “අ...
16/06/2026

⚡ නිවසකට සිදුවිය හැකි අකුණු අනතුරු වලක්වා ගැනිමට S.P.D බවිතා කෙරේ
❗SPD කියන්නේ Surge Protection Device.
සිංහලට කියනවනම් “අකුණු/වෝල්ටේජ් surge වලින් ආරක්ෂා කරන උපකරණයක්”.
ගෙදර හෝ building එකකට අකුණු වැදුනොත්, නැත්නම් EB line වල sudden voltage jump එකක් ආවොත්, TV, Fridge, Router, CCTV, Computer වගේ electronic devices burn වෙන්න පුළුවන්. SPD එකේ වැඩේ තමයි ඒ extra voltage එක earth line එකට divert කරලා appliances බේරන එක.
⚠️නිවසේ උපකරන වලට සවිවන Earth line S.P.D එකට සම්බන්ද නොකර වෙනත් Earth line සිටුවා සම්බන්ද කර යුතුයි Earth line දෙක අතර පරතරය 10M ක් වත් විය යුතුය
⚡SPD Types
Type 1
Direct lightning protection
Building එකට lightning arrester තියෙනවා නම් මෙය use කරනවා
Industrial / big buildings වල common
Type 2
Homes සහ offices වල වැඩිපුර use වෙන type එක
EB surge + nearby lightning surge වලට protection
Type 3
Sensitive devices ළඟ
Computer, TV, server වගේ devices සඳහා extra protection
ගෙදරකට සාමාන්‍යයෙන් Type 2 SPD එකක් හොඳයි.
⚡ගෙදරකට වැඩිපුර recommend කරන්නේ Type 2 SPD එක.
ඒකට හේතුව තමයි ගෙදර electrical system එකට එන surge වල nature එක.
Type 2 SPD එකේ main වැඩේ
Type 2 SPD එක designed කරලා තියෙන්නේ:
EB line වල voltage surge
Nearby lightning strikes
Switching surges
වගේ දේවල් handle කරන්න.
ගෙවල් වල වැඩිපුරම වෙන්නේ මේ surge types තමයි.
ඇයි Type 1 නෙවෙයි?
Type 1 SPD
මේක direct lightning current handle කරන්න හදපු එකක්.
එක usually use කරන්නේ:
Lightning arrester system තියෙන buildings
Factories
Towers
Large commercial buildings
Type 1 SPD:
Expensive
Heavy duty
High lightning discharge current handle කරනවා
සාමාන්‍ය ගෙදරකට direct lightning protection system නැති නිසා බොහෝ වෙලාවට ඒක overkill.

♥️ "පිටතින් පෙනෙන ලස්සන නිමාව පිටුපස තියෙන්නේ,ඇඟිලි රිදෙනකන් කරන ලොකු කැපකිරීමක්.... ( ඒ වගේ තමයි මුල කියලා දුන්න ගුරුවර...
16/06/2026

♥️ "පිටතින් පෙනෙන ලස්සන නිමාව පිටුපස තියෙන්නේ,ඇඟිලි රිදෙනකන් කරන ලොකු කැපකිරීමක්.... ( ඒ වගේ තමයි මුල කියලා දුන්න ගුරුවරු අමතක කරන්න එපා Kumara Dissanayaka ඔයාටත් 🫂🙏🏻🙏🏻🙏🏻)

Rewinding Maintenance *all kind Electronics Repair Ampara wadinagala

SMPS Power Supply Repair ගැන මුල සිට සරලව (A Beginner's Guide to SMPS Repair) 🛠️⚡විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කරන කෙනෙකුට...
24/05/2026

SMPS Power Supply Repair ගැන මුල සිට සරලව (A Beginner's Guide to SMPS Repair) 🛠️⚡

විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කරන කෙනෙකුට නැතුවම බැරි, ඒ වගේම නිතරම ලෙඩ දෙන කොටසක් තමයි SMPS (Switched-Mode Power Supply) කියන්නේ. CRT/LCD/LED TV, Computers, Amplifiers වගේ හැම තැනකම අද තියෙන්නේ SMPS power boards.

SMPS එකක් සාර්ථකව රෙපයාර් කරන්න නම්, කලබල නොවී ඒකේ මූලික ක්‍රියාකාරීත්වය සහ පියවරෙන් පියවර පරීක්ෂා කරන ක්‍රමය දැනගන්න ඕනේ. අද අපි කතා කරමු SMPS එකක ප්‍රධාන කොටස් සහ ලෙඩක් ආවම මුලින්ම බලන්න ඕනේ මොනවාද කියලා.

1. SMPS එකක ප්‍රධාන කොටස් (Main Sections) 🧩
ඕනෑම SMPS එකක් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්: Hot Side (Primary) සහ Cold Side (Secondary). මේ දෙක වෙන් කරන්නේ පවර් ට්‍රාන්ස්ෆෝමරය (Chopper Transformer) සහ Optocoupler එක මඟින්.

Input Protection & EMI Filter: AC ඇතුළු වෙන තැන තියෙන Fuse, MOV (Metal Oxide Varistor) සහ Thermistor (NTC) මඟින් පරිපථය ආරක්ෂා කරනවා. Line Filter coil එකෙන් line noise අයින් කරනවා.

Bridge Rectifier & Main Capacitor: AC වෝල්ටීයතාවය DC කරනවා. ප්‍රධාන Filter Capacitor එකේ (සාමාන්‍යයෙන් 400V වගේ) 300V–350V වගේ ඉහළ DC වෝල්ටීයතාවයක් ගබඩා වෙනවා. (පරිස්සම් වන්න: මෙතන කරන්ට් එක වදින්න පුළුවන්!)

Switching Section (PWM IC & MOSFET): මේක තමයි SMPS එකේ හෘදය වස්තුව. ඉහළ වෝල්ටීයතා DC එක ඉතා වේගයෙන් (High Frequency) සක්‍රිය/අක්‍රිය (Switch) කරමින් ට්‍රාන්ස්ෆෝමරයට ලබා දෙනවා.

Secondary Rectifier & Filter: ට්‍රාන්ස්ෆෝමරයෙන් අවුට්පුට් වෙන අඩු වෝල්ටීයතා AC එක, Fast Recovery Diodes සහ Capacitors මඟින් පිරිසිදු 12V, 5V, 24V වැනි ස්ථාවර DC වෝල්ටීයතා බවට පත් කරනවා.

Feedback Circuit (Optocoupler & TL431): අවුට්පුට් වෝල්ටීයතාවය හරියටම තියෙනවාද කියලා බලලා, PWM IC එකට සංඥා යවලා වෝල්ටීයතාවය පාලනය කරන්නේ මේ කොටසින්.

2. SMPS රෙපයාර් කිරීමේදී මූලික පියවර (Step-by-Step Troubleshooting) 🔍
ලෙඩක් ආපු බෝඩ් එකක් අතට ගත්ත ගමන් ප්ලග් කරන්න එපා! මේ පියවර අනුගමනය කරන්න:

පියවර A: ඇසින් බලා හඳුනාගැනීම (Visual Inspection)
පිපිරුණු හෝ ඉදිමුණු ඉලෙක්ට්‍රොලිටික් කැපෑසිටර් (Blown/Blated Capacitors) තියෙනවාද?

කළු වුණු හෝ පිලිස්සුණු රෙසිස්ටර්, ඩයෝඩ, හෝ IC තියෙනවාද?

PCB එකේ Track කැඩිලාද? Co

17/05/2026

7.5 මෝටර් වයින්ඩින්

3ph / 7.5 hp Re winding ( Thanks for you kumara Dissanayaka Teach of Re winding 🙏🏻🙏🏻🙏🏻)
17/05/2026

3ph / 7.5 hp Re winding ( Thanks for you kumara Dissanayaka Teach of Re winding 🙏🏻🙏🏻🙏🏻)

විදුලි සැර වැදීම ගැන හරියටම දැනගනිමු..විදුලි සැර වැදීම (Electric Shock)විදුලි සැර වැදීම කියලා කියන්නේ ශරීරය හරහා විදුලිධ...
11/12/2025

විදුලි සැර වැදීම ගැන හරියටම දැනගනිමු..

විදුලි සැර වැදීම (Electric Shock)

විදුලි සැර වැදීම කියලා කියන්නේ ශරීරය හරහා විදුලිධාරාවක් ගමන් කිරීම නිසා, ක්ෂණිකව ශරීරයේ ඇතිවනඋත්තේජනයකටයි. අපට විදුලි සැර වැදීමනිසා හිරිවැටීම,වේදනාව,පිළිස්සුම් තුවාල මෙන්ම මරණයද සිදුවීමට පුළුවන්.
විදුලිධාරාවක් ගලායාම සදහා සෑමවිටම විභව අන්තරයක් (V) හා සංවෘතපරිපථයක් අවශ්‍ය වෙනවා. ඒවගේම විදුලිය සෑමවිටම ප්‍රතිරෝධය අඩුම මාර්ගයේ ගමන්කිරීමට උත්සාහකරනවා.
ඉතින් අපට විදුලි සැර වැදීමක් සිද්ධවෙන්නේ බොහෝවිට අපගේ ශරීරයේ කොටසක් විදුලිය ගමන්කරනපරිපථයේ කොටසක් වූ විටයි. එවගේම පොළොව සෑමවිටම ශූන්‍ය විභවයක් (0V) දරන නිසා, යම් හෙයකින් විදුලිය ගෙනියන පරිවරණය නොකල සන්නායකයක් අපේ ඇගේ ගෑවුනොත් ඒ ස්ථානයේ සිට අපේ ශරීරයහරහා පොළොව දක්වා විභව අන්තරයක් ඇතිවේ.
සාමාන්‍ය නිවසක විදුලි රැහැනක් මෙලෙස ස්පර්ශ වූවානම් 230V පමණ විභව අන්තරයක් අප ශරිරය හරහාඇතිවේ. එවිට අපේ “ශරිරයේ ඇති ප්‍රතිරෝධ මට්ටම” අනුව ඊට සරිලන ධාරා ප්‍රමාණයක් අප ශරීරය හරහා භූගත වෙනවා. සරලව කියනවනම් ඔය විදියට තම අපේ ශරීරය හරහා විදුලිය ගමන්කිරීමක් සිද්ධවෙන්නේ.

මිනිස් ශරීරයේ ඇති ප්‍රතිරෝධ ප්‍රමාණය

පහත රූපයෙන් දැක්වෙන්නේ සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ශරීර අභ්‍යන්තරයේ විවිධ අවයවවල පවතින ප්‍රතිරෝධ ප්‍රමාණය පිලීබද දළ සටහනක්වේ.
සාමාන්‍යයෙන් එය 1000Ω (1kΩ) පමණ වෙනවා යැයි උපකල්පණය කරනවා. නමුත් එය එක් එක් පුද්ගලයාගේ ශරීරය අනුව, ශරීර අභ‍යන්තරයේ ඇති ප්‍රතිරෝධය වෙනස්වෙනවා.
උදාහරණයක් විදියට වියලි සමක් ඇති පුද්ගලයන්ගේ අභ‍යන්තර ශරීර ප්‍රතිරෝධය 100000Ω (100kΩ)පමණ ඉහල අගයක් ගන්නවා. ඒවගේම නිතර නිතර දහඩිය දමන තෙත් සමක් ඇති පුද්ගලයන්ගේ ශරීරඅභ‍යන්තර ප්‍රතිරෝධය 500Ω හෝ ඊටත් අඩු අගයක් තිබිය හැක.
(තවද අප ශරීරයේ ජලය ස්පර්ශ වී තිබේනම් එයින්ද අපේ ශරීරයේ ඇති ප්‍රතිරෝධ ප්‍රමාණය අඩුවෙනවා.)
‘ප්‍රතිරෝධය’ කියලා කියන්නේ විදුලි ධාරාවක් ගලායාමට ඇතිකරන බාධාවටයි. ප්‍රතිරෝධය අඩුවන විට වැඩිවිදුලි ධාරාවක් ගලායන අතර, ප්‍රතිරෝධය වැඩිවන විට අඩු විදුලි ධාරාවක් ගලායාම සිදුවේ. ඒඅනුව ඕම්ගේනියමය (V=IR) භාවිතයෙන් කිසියම් විභව අන්තරයකදි ගලායන ධාරාව අපට සොයාගැනීමට පුළුවන්.

විදුලි සැර වදින ආකාර

අපට විදුලි සැර වැදීම දෙආකාරයකට සිදුවෙන්න පුළුවන්.

1)ඍජු විදුලි සැර වැදීම
2)අනියම් විදුලි සැර වැදීම
යන දෙආකාරයටම විදුලි සැර වැදී

මේ වර්ගයේ ඇම්ප් එකක් හෝ ආදේශ කල හැකි ඇම්ප් එකක් අවශ්‍යයි
28/03/2025

මේ වර්ගයේ ඇම්ප් එකක් හෝ ආදේශ කල හැකි ඇම්ප් එකක් අවශ්‍යයි

Address

No 15/b Wadinagala Ampara
Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when BNJ Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category