13/01/2019
කැම්පස් පොත හරියට පුරවන්නේ කොහොමද ? -
ගොඩා...ක් අවුරුදු වල ගොඩා..ක් නංගිලා මල්ලිලාට ගැළපෙන Z ලකුණක් තිබිලත් කිසිම කැම්පස් එකකට තේරෙන්නේ නැතුව යනවා .....එහෙම නැත්නම් එයාට වඩා අඩු Z එකක් තියන කෙනෙක් හොඳ පාඨමාලාවකට (Course) එකකට ගිහින් ඔයාට ලැබෙන්නේ පහළ Course එකක්....මේක දේ හැම අවුරුද්දකම ගොඩාක් අයට වෙන දෙයක් .... ඉතින් මේ අවුරුද්දේ හරි මේ තත්වේ මග අරින්න හිතාගෙන මෙහෙම දෙයක් ලියන්න හිතුවේ නංගි මල්ලි ඔයාලා හැමෝගෙම කැම්පස් හීනෙට පොඩි හෝ තල්ලුවක් දෙන්න හිතාගෙනයි .....
මං මුලින් කිව්වා වගේ ගොඩාක් අය කිසිම කැම්පස් එකකට සිලෙක්ට් (Select) වෙන්නේ නැත්තේ එයාලාට සුදුසුකම් නැති නිසාම නෙවෙයි.....ඒ ඔයාලා කරන ප්‍රධානම වැරදි කීපයක් නිසයි නංගි මල්ලි...
ඒ අතරින් මූලිකම දේ තමයි "කැම්පස් පොත" .... ගොඩාක් අය කැම්පස් පොත පුරවන්නේ කිසිම අවබෝධයකින් නෙවෙයි .... ඒ නිසාම ගොඩාක් අයට නිකරුණේ සරසවි හීනය නැතිවෙලා යනවා....එහෙම නැත්නම් සුදුසුකම් තිබිලත් හොඳ Course එකකට යන්න බැරි වෙනවා....
නංගි මල්ලි කැම්පස් පොත් පුරවද්දි හරි කල්පනාවෙන් පුරවන්න මතක තියාගන්න....කැම්පස් පොත පුරවද්දි ඔයාලට මතුවෙන හැම ගැටලුවක්ම මං මේ සටහනට ඇතුල් කරන්නම්....
-------------------------------------
1. කැම්පස් පොතේ තියනවා නංගි මල්ලි "Uni-Codes" කියලා එකක්.....මොකද්ද මේ Uni- Codes කියන්නේ ???
--------------------------------------
මේක තමයි නංගි මල්ලි කැම්පස් පොතේ තියන වැදගත්ම දේ....මේ Uni- Codes මත තමා ඔයා යන කැම්පස් එක ඔයාට ලැබෙන පාඨමාලාව මේ හැමදෙයක්ම තීරණය වෙන්නේ ..... ඒ නිසා මේක හරියට ගළපගන්න / පෙලගස්සවගන්න බැරි උනොත් ඔයාට කැම්පස් යන්න බැරි වෙනවා....එහෙම නැත්නම් කලින් කීවා වගේ ඔයාට හොඳ Course එකකට යන්න තියන එක නැති වෙලා යනවා.... හැමදේම තීරණය කරන්නේ මේකෙන්...
Uni - Codes කියන්නේ කැම්පස් එකයි ඒකේ තියන පාඨමාලාවටයි තියන විශේෂ කේත වර්ගයක්....මේක කැම්පස් එකෙන් කැම්පස් එකට Course එකෙන් Course එකට වෙනස් ....
-------------------------------------------
2. අනිත් එක තමයි "කැමැත්තේ අනුපිළිවෙල" ... මොකද්ද මේ කැමැත්තේ අනුපිළිවෙල ??
-------------------------------------------
කැමැත්තේ අනුපිළිවෙල කියන්නේ නංගි මල්ලි ඔයා යන්න කැමති කැම්පස් , ඔයා කරන්න කැමති පාඨමාලාව වල අනුපිළිවෙල .... වෙන විදියකට කීවොත් "Uni - Codes " අනුපිළිවෙල .....
**** මේක තමා සැළකිලිමත්ම වෙන්න ඕනි දේ.....මේ කැමැත්තේ අනුපිළිවෙල නැත්නම් Uni - Codes අනුපිළිවෙල හරි පරිස්සමෙන් හදාගන්න ඕනි නංගි මල්ලි....ඕනවට එපාවට නම් ඒක හදන්න යන්න එපා.....මොකද මේ කැමැත්තේ අනුපිළිවෙල එක්ක බැඳුනු නීතී රීතී වගයක් තියනවා....ඒවා හටියට පිළිපදින්නේ නැති උනාමයි අර මං කලින් කිව්වා වගේ එක්කො ඔයාලට කැම්පස් එන්නේ නැතුව යනවා....එහෙම නැත්නම් යන්න වෙන්නේ පහළ Course එකකට....****
---------------------------------------------
3.මොනවද මේ Uni Codes / කැමැත්තේ අනුපිළිවෙල එක්ක බැඳුනු විශේෂ නීතී රීතී ???
---------------------------------------------
>> කැමැත්තේ අනුපිළිවෙල ඔයාට කැමති විදියකට හදාගන්න අවසර දීලා තියනවා....ඒ කියන්නේ Uni - Codes පිළිවෙල ඔයාට කැමති අනුපිළිවෙලකට හදාගන්න පුලුවන් නංගි මල්ලි....ඒක තීරණය වෙන්නේ ඔයාගේ කැමැත්ත මත....හැබයි Uni-Codes අනුපිළිවෙල (කැමැත්තේ අනුපිළිවෙල ) හදන්න කලින් ඔයාලාගේ හිතේ පුංචි හෝ අවබෝධයක් තියගන්න ඒ ඒ කැම්පස් ගැන වගේම ඔයා ආස Courses ගැන....
* මුලින්ම ඔයා කරන්න ආශාවෙන් ඉන්න...කරන්න කැමැත්තේන් ඉන්න... Courses ටිකයි ඒවා තියන කැම්පස් ටිකයි තෝරගන්න.....හොඳම දේ කොලේක වගේ ලියාගෙන යන්න කටුවට වගේ.... වැදගත්ම දේ ඔයාගේ රිසාල්ට් ගැනයි Z Score එකයි ගැනනම් හිතන්නවත් එපා.... ඒ ගැන බලන්නෙවත් නැතුව ඔයා යන්න ආස කැම්පස් ටික කරන්න ආස Course ටිකයි පිළිවෙලට හදාගන්න.... ඔයාගේ රිසාල්ට් එකට ඒ කැම්පස් එයිද කියලා හිතන්න යන්න එපා...ඒ ඇයි කියලා මං පස්සෙ කියන්නම්....
උදාහරණයක් විදියට S 3 ක් තියන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි රුහුණේ වෛද්‍ය විද්‍යාව කරන්න ආසයි කියලා හිතන්න....ඒත් S 3 ට එන්නේ නෑ කියලා දන්න නිසා නොදා ඉන්න හදන්න එපා .... ඔයාට අයිතියක් තියනවා ඒක ඉල්ලන්න.....නොදා ඉන්න එපා....ඒ නිසා රිසාල්ට් එක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඔයාලා කැමති පාඨමාලා ටික තෝරගන්න.....
>> මේකේ Uni Codes අනුපිළිවෙලේ (කැමැත්තේ අනුපිළිවෙල ) තියන විශේෂම නීතිය තමයි නංගි මල්ලි ඔයාලා කැමති එක තමයි එයාලා දෙන්නේ... මුලින් සලකා බලන්නේ ඔයාලගේ කැමැත්ත..... හිතන්න ඔයාල මෙන්න මේ විදියට Uni - Codes පෙල ගැස්සුවා කියලා....
1.කොළඹ විශ්වවිද්‍යාලය - වෛද්‍ය විද්‍යාව
2.රුහුණ විශ්වවිද්‍යාලය - වෛද්‍ය විද්‍යාව
3.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - වෛද්‍ය විද්‍යාව
4. වයඹ විශ්වවිද්‍යාලය - ආහාර විද්‍යාව හා පෝෂණය
5.පේරාදෙණිය විශ්වවිද්‍යාලය - දන්ත වෛද්‍ය විද්‍යව
6.පේරාදෙණිය විශ්වවිද්‍යාලය - පශු වෛද්‍ය විද්‍යාව
7.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - ජීව විද්‍යාව
8.නැගෙනහිර විශ්වවිද්‍යාලය - වෛද්‍ය විද්‍යාව
9.පේරාදෙණිය විශ්වවිද්‍යාලය - කෘෂි
ඔයා මේ විදියට ඔයා කැමති විශ්වවිද්‍යාල ටික කැමති Courses ටික හැදුවා කියලා හිතන්න....දැන් UGC එකෙන් ඔයාව කැම්පස් තෝරන්නේ ඔයා හදපු ලිස්ට් එකේ විදියට......
ඒ කියන්නේ එයාලා ඔයාගේ ලිස්ට් එකට යනවා....මුලින්ම යන්නේ ඔයා පළවෙනියට ඉල්ලපු එකට (1)....ඒ කියන්නේ "වෛද්‍ය විද්‍යාව - කොළඹ විශ්වවිද්‍යාලය " ඒකට ගිහින් බලනවා ඒ Course එකයි ඒ විශ්වවිද්‍යාලයටයි සුදුසු z Score එකක් (Cutt Off Mark) ඔයාට තියනවාද කියලා .... ඔයාගේ Z එක් ඒකට ගැලපෙනවානම් ඔයාට ඒ පාඨමාලාව එවනවා ඒ කිය්න්නේ ඔයා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාවට තේරෙනවා....එතනින් එහාට ඔයාගේ ලිස්ට් එක ආයේ බලන්නේ නැහැ...මොකද් ඔයා මුලින්ම ඉල්ලපු එක ඔයාට ආව නිසා...ඔයාගේ වැඩි කැමැත්ත තිබුණේ එකට නිසා...පහළ ඒවා ආයෙම සලකා බලන්නේ නැහැ ...
ඔයාගේ Z එක ඒකට ගැලපෙන්නේ නැතිනම් ඔයා දෙවනියට ඉල්ලපු එකට යනවා .... ඒ කියන්නේ රුහුනේ වෛද්‍ය විද්‍යාව....ඔයාට 1 ට ඉල්ලපු Course එකට Z එක මදි උනත් දෙවනියට ඉල්ලපු එකට Z එක ඇති නිසා ඔයාව තෝරගන්නවා රුහුණේ වෛද්‍ය විද්‍යාවට...2 න් පස්සේ පහළින් ඉල්ලපු Courses එකක් ගැනවත් UGC එක ආයෙම ඔයාව සලකා බල්න්නේ නැහැ.....හැබයි ඊට උඩින් ඉල්ලපු අංක 1 ඒ කියන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාව අයින් වෙන්නෙ නැහැ ඔයාගේ ලිස්ට් එකෙන්.... ඒකේන් ඔයාට ලොකු වාසියක් වෙනවා නංගි මල්ලි.....හිතන්න කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යවට කෙනෙක්ට යන්න බැරි උනා කියලා.....ඊට ප්ස්සේ ඒ කොළඹ වෙන අඩුව පුරවන්න මුලින් දීපු Z එක / Cutt - Off එකට ටිකක් අඩු Z තියන ළමයින්ට කතාකරන්වා..බෝට්ටු එවනවා කියන්නේ...අන්න ඒක කරනවා (* පුරප්පාඩු පිරවීම )..
දැන් ....UGC එකෙන් එයාලා එවපු පහළ Z එක තියනවාද බලන්න ඔයාගේ Uni- Codes ලිස්ට් එකට ආයෙම යනවා...ඔයාට දැන් ඇවිත් තියෙන්නේ (2) රුහුණේ වෛද්‍ය විද්යාවනේ....දැන් එයාලා බල්න්නේ (2) ට උඩින් තියන ඒවා විතර්යි....පහළ ඒවා බලන්නේ නැහැ මොනම දෙයක් නිසාවත්....මොක්ද පහළින් දාලා තියෙන්නේ ඔයාගේ කැමැත්ත අඩු ඒවනේ...Uni Codes පිලිවෙලේ දෙකට උඩින් තියෙන්නේ 1 නේ....එකට යනවා ඒ කියන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාව ඒකට එයාලා දැන් එවපු අඩු Z එක ඔයාට තියනවානම් ඔයාව තෝරගන්නවා 1 වෙනි පාඨමාලාවට...ඒ කිව්වේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාවට...පස්සේ ඔයාට Uni - Codes පිලිවෙලේ 4 වෙනියට තියන එකකට යන්න ආස උනත්....ඔයාට යන්න බැරි වෙන්වා..... ඔයාව බොට්ටු වට් (පුරප්පාඩු පිරවීම) වල්ට තෝර්ග්න්නේ මුලින් තේරුණ එකේන් උඩ ඒවට විතරයි....
ඒ නිසා Uni - Codes පිලිවෙල හදද්දි සිය වතාවක් විතර පරිස්සම් වෙන්න....,t
ඔන්න හිතන්න ඔයා හත් වෙනියට (7) කැමත්ත දාලා තියන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව (Bio Science ) වලට තේරුණා කියලා.....ඔන්න දැන් පුරප්පාඩු පිරවීම් වලින් (බෝට්ටු) ඔයාලව් කැම්පස් ගන්න බෝට්ටු වට එවනවා....ඔන්න නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යවට පුරප්පාඩු වක් එනවා....මුලින් දාපු Z වලින් B**h එක සම්පූර්ණ කරගන්න බැරි උන නිසා පහළ Z Score මට්ටමක් එයාලා තෝරලා ඒකට ගැළපෙන අය ඉන්නවද බලනවා..... ඔන්න දැන් ඔයාගේ Uni-Codes අනුපිළිවෙලේ List එක ugc එකෙන් බලනවා...දැන් එවපු අඩු Z ලකුණ ඔයාගේ Z ළකුණ හරියටම ගැලපෙනවා නැගෙනහිර විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යා පාඨමාලාවට....ඒත් ඔයාට කලින් ඇවිලලා තිබුණේ 7 වෙනියට තිබුණු ජයවර්ධනපුර ජීව විද්‍යාව hපාඨමාලාවනේ....එයාලා බලනවා ඔයා 7 ට කලින් (1,2,3,4,5,6 ඇතුළත ) නැගෙනහිර විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාව ඔයා ඉල්ලලා තියනවද කියලා....
නැහැ ඔයා ඒක ඉල්ලලා තියෙන්නේ 7 ට පස්සේ 8 වෙනියට....ඒ කියන්නේ 7 වෙනි Uni- Codes එකට පහළින්....ඒත් UGC එකෙන් සුදුසුකම් ලබපු ඒවට පහළින් තියන ඒවා ගැන සලකා බලන්නේ නැහැ....එතකොට ඔයාට නැගෙනහිර වෛද්‍ය විද්‍යාව හදාරන්න බැරිව යනවා....ඒ කියන්නේ ඔයාට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් එක Uni - Codes නිසා නැති වෙලා යනවා....ඒක තමා Uni- Codes අනුපිළිවෙලේ තියන භයානකකම.....හැමදෙයක්ම තීරණය කරන්නේ මේ Uni - Codes අනුපිළිවෙල... ඒ නිසා ආයෙම වතාවක් කියන්නේ ඒක හරිගස්සද්දි ගොඩාක් කල්පනා කාරී වෙන්න..ඕනාවට එපාවට කරන්න එපා....ගොඩාක් කල්පනාකාරි වෙන්න...
ඒ දේ නිසාමයි ඔයාලට වඩා අඩු Z එකක් තියන කෙනෙක් ඔයාට වඩා ඉහළ Course එකකට ගිහින් ඔයාට පහළ Course එකකට යන්න වෙන්නේ......මොකද ඔයා පහළින් හොඳ Course ඉල්ලලා උඩ එකකට ඔයා සුදුසුකම් ලැබුවොත් කිසිම බොට්ටු වටයකින් ඔයා පහළින් ඉල්ලපු ඒවට යන්න ලැබෙන්නේ නැහැ.....u
---------------------------------------------
4 . "Uni - Codes අනුපිළිවෙල / කැමැත්තේ අනුපිළිවෙල පෙළ ගස්සද්දි ඔයාගේ Z එක ගැනවත් රිසාල්ට් එක ගැනවත් හිතන්න යන්න එපා " ..... ඇයි එහෙම කියන්නේ ??
---------------------------------------------
ගොඩා....ක් අවුරුදු වල නංගිලා මල්ලිලා කරන ලොකු වරදක් තමයි මේක....මේ දේ නිසාම ගොඩාක් අයට කැම්පස් එකකට සුදුසුකම් ලබන්නේ නැතුව යනවා....දැන් බලමු කොහොමද එහෙම වෙන්නෙ කියලා....
බහුතරයක් අය Uni- Codes හරිගස්සන්නේ මෙන්න මෙහෙම.....එයාලා මුලින්ම කරන්නේ කැම්පස් පොතේ ගිය අවුරුද්දේ ඒ ඒ කැම්පස් වල ඒ ඒ Courses වලට දීපු Z Score (Cut Off Mark - කඩයිම් ලකුණු ) ටික දාලා තියනවා...එයාලා ඒක බලනවා.....ඊට පස්සේ එයාලගේ Z එකයි ගිය පාර එයාගේ Z එකට සමාන Z එකකින් ඇවිත් තියන Courses ටිකයි ඒ Z එකට ආසන්න Courses ටිකයි විතරයි දාන්නේ..... ඒ කියන්නේ ඔයාගේ Z එක 1.2 කියලා හිතන්න....ගිය පාර 1.2 ට ආව Courses ටිකයි ඒ හා සමානව ආව ටිකයි විතරයි දාන්නේ....ඊට උඩ Z වල ඒවට දාන්න දෙගිඩියාවක් තියාගන්නවා....සමහරු දාන්නෙත් නෑ......
මොණරාගල දිස්ත්‍රික් එකෙන් ලියන කෙනෙක්ගේ Maths වලින් Z එක 0.1 කියලා හිතන්න.....ඒත් මොණරාගලින් ගිය පාර ඉල්ලලා තියන අවම Z එකත් 0.5 යි.....එතකොට 0.1 ගත්ත කෙනා හිතන්නේ එයාට කැම්පස් එන්නෙ නෑ කියලා....එහම උනාම ස්මහර අය කැම්පස් පොත දාන්නෙත් නෑ.....සමහරු ඕනවට එපාවට උඩින් පල්ලෙන් Courses ටිකක් තෝරලා දාලා යවනවා.....
එහෙම කරන්න එපාs...ඒකට හේතුවක් තියනවා....මං මුලිනුත් කිව්වා වගේ ඔයාලා ගිය අවුරුදු වල Z සැලකිල්ලට අරගෙනම ඔයාලගේ Uni- Codes අනුපිළිවෙල හදන්න යන්න එපා....ඒහෙම කියන්න විශේෂ හේතුවක් තියනවා නංගි මල්ලි.....
හැම අවුරුද්දකම ඒ ඒ පාඨමාලාවට ඒ ඒ කැම්පස් එකට සුවිශේෂ Z එකක් (Cut Off Mark) එකක් Release කලත් අන්තිමට ඒ එවපු Z එකට වඩා ගොඩාක් පහළ Z තියන අයත් කැම්පස් වලට තේරෙනවා....නැත්නම් ඔයාගේ Z එකට Cut Off Mark වලින් ලැබෙන කැම්පස් එකයි Course එකටයි වඩා හොඳ Course එකක් අන්තිම වෙද්දි ලැබෙන්වා ....එහම වෙන්නෙ මෙන්න මෙහෙමයිh.....
හිතන්න Maths කරලා මොණරාගලින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ Physical Science වලට එවන Cut - Off Mark එක 0.6 යි කියලා.....එත් අන්තිමට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඒ පාඨමාලාවට ගන්න අයගේ අවම Z එක වෙන්නෙ 0.1 ....විශ්වාස කරන්න අමාරුයි නේද ... ඒත් ඒක ඇත්ත....මේ කැම්පස් එකයි මේ Course එකයි ගත්තේ පැහැදිලි කරන්න ලේසි නිසයි....ඒක වෙන්නෙ මෙන්න මෙහෙම දෙයකින් නංගි මල්ලි.....
සාමාන්‍යයෙන් අවුරුද්දකට කැම්පස් වලට සුදුසුකම් ලබන ප්‍රමාණ වලින් ගොඩා...ක් අය කැම්පස් අයදුම් කරන්නේ නැහැ....එයාලා ඊට වඩා හොඳ රිසාල්ට් එකක් බලාපොරොත්තුවෙන් ආයේ කරනවා....එත් හැම අවුරුද්දකම හැම කැම්පස් එකක්ම ඒ පාඨමාලාව කරගෙන යන්න නිශ්චිත ගාණක් ඉල්ලනවා.....හරියට අවුරුද්දකට රුහුණ කැම්පස් එකේ විද්‍යා පාඨමාලාවට (ජීව/භෞතීය) 350-370 ක් වගේ ප්‍රමාණයක් කැම්පස් ගන්නවා වගේ.....UGC එකෙන් මුල්ම Cut - Off - Mark නිකුත් කලාට පස්සේ ගොඩාක් වෙලාවට සම්පූර්ණ වෙන්නේ වෛද්‍ය පීඨ / ඉංජිනේරු පීඨ / ජයවර්ධනපුර කළමනාකරණ පීඨ / කොළඹ නීති පීඨ / තව ශාස්ත්‍ර පීඨ වගේ පීඨ කීපයක් විතරයි.... මොකද අඩු Z තියන අයගෙන් ගොඩ..ක් අය ආයේ කරන නිසා කැම්පස් ඒ අවුරුද්දේ කැම්පස් ඉල්ලන්නේ නැතුව යනවා.. ඒ හේතුයි තව හේතූ කීපයකුයි නිසා පහළ Courses වල Batch එක මුල්ම Z Score (Cut Off Mark) වටයෙන් සම්පූර්ණ කරගන්න බැරුව යනවා...
එතකොට ඒ ඒ විශ්වවිද්‍යාල ඒ ඒ පාඨමාලාවන් වල පුරප්පාඩු ඇති වෙනවා....ඒ පුරප්පාඩු මග අරවගන්න ඊට පහළ Z අයට කතාකරනවා..... බෝට්ටු එවනවා කියන්නේ අන්න ඒකට.....එතකොට UGC එකෙන් කරන්නේ ඒ අඩුව උන තැන් පුරවන්න මුලින් එවපු Cut Off Mark එකට වඩා අඩු Z එකක් නිකුත් කරනවා....(ඒ ඒ Z අගයන් නම් බලන්න බැහැ ) නිකුත් කරලා එයාලට කතා කරනවා....ඊට පස්සේ එයාලගෙන් සම්පූර්ණ කරගන්න පුලුවන්ද බලනවා.....එහෙම පුරප්පාඩු පුරවද්දි මෙන්න මෙහම දෙයකුත් වෙනවා නංගි මල්ලි.....
හිතන්න ඔයා මුල්ම Cut Off Mark වලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාවට (Z=1.5).... තව කෙනෙක් තේරිලා ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යා පාඨමාලාවට (Z=1.6).... ඒත් මේ අණුක ජීව විද්‍යාවට තේරුණ කෙනා ආයෙම Exm ලියන්න තීරනේ කරලා....ඒ පාඨමාලාවට ලියාපදිංචි වෙන්නෙ නැතුව යනවා....ඊට ප්ස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යාව පාඨමාලාවට එකකෙනෙක්ගේ අඩුවක් එනවා....ඊට පස්සෙ UGC එකෙන් ඒට පහළ Z එකක් නිකුත් කරනවා....බොට්ටුවක් එවනවා.....ඒ පහළ Z එක ඔයාගේ Z එකට හරියටම ගැලපෙනවා නැත්නම් ඒ එවපු පහළ Z එකට වඩා ඔයාගේ Z එක වැඩියි..ඔයාගේ Uni-Codes ලිස්ට් එකට එයාලා ගිහින් බලනවා ඔයා කොළඹ අණුක ජීව විද්‍යා පාඨමාලාවට ඉල්ලලා තියද...ඒක ඉල්ලලා තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රසායනාගාර පාඨමාලාවට වඩා උඩින්ද කියලා...එහම උනොත එතකොට ඔයා සුදුසුකම් ලබනවා කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යා පාඨමාලාවට..(පේනවා නේද Uni-Codes පිළිවෙල කොයිතරම් වැදගත්ද කියලා)...ඊට පස්සේ ඔයා තේරුණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාඨමාලාවේ පුරප්පාඩුව ඇති උනාම අඩු Z තිබුණ කෙනෙක්ට ඒ පාඨමාලාව හදාරන්න අවස්ථාව ලැබෙනවා..
.ඔය විදියට පුරප්පාඩු පුරවගන්න බලනවා.....බෝට්ටු එවලා....ඔය විදියේ වට 7 /8 ක්ම එවනවා ඒ ඇති වෙන පුරප්පාඩු සම්පූර්ණ කරගන්න....එතකොට Rotation එකක් යනවා...පහළ හිටපු අය උඩ කැම්පස් වලට හොඳ Course වලටත් කැම්පස් නොතේරෙන අයට අර පහළ අය උඩට ගිය නිසා ඒ කැම්පස් වල ඇති වෙන පුරප්පාඩු පුරවගන්නත් මාරු වෙනවා....
අන්තිම බොට්ටු වට එද්දි ගොඩා...ක් පහළ හිටපු අයට හිතුවේ නැති විදියට කැම්පස් ඇවිල්ලා.....හිතපු නැති අයට ගොඩා..ක් හොඳ Course ඇවිල්ලා...... හැබයි මේ දෙගෙල්ලොම Uni- Codes හරි අනුපිළිවෙලට හරි ගස්සගන්න ඕනි....මොනවද හොඳ Course කියන එක ගැන ඔයාලා අවබෝධයක් තියාගන්න....අපි ඒ ගැන පුලුවන් විදියට උදව් කරන්නම්....
සමාන්‍යයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලය Bio/Physical මුලින් තේරුන කෙනෙක් අන්තිමට නතර් වෙන්නෙ කැළණිය / රුහුණ Bio/ Physical පාඨමාලා වල....
සමහර කැම්පස් වල සමහර පාඨමාලාවන් වලට මුලින් නිකුත් කරන කඩයිම් ලකුණ (Cut Off Mark) 0.7 ගාණන්....එත් අන්තිම පුරප්පාඩු පිරවීමේදී ඒ කැම්පස් වලට ඒ පාඨමාලාවට 0.1 Z ලකුණු තියන අයත් තේරෙනවා......
දැන් පැහැදිලි ඇති ඔයාලගේ Z ල්කුණ ගැන හිතලා හොඳ පාඨමාලාවන් ඉල්ල්න්නේ නැතුව ඉන්න එපා කීව්වේ ඇයි කියලා....අඩු Z තියන අයත් කැම්පස් ඉල්ලන්නෙ නැතුව ඉන්න එපා.....
පුලුවන් හැම කැම්පස් එකක්ම හැම Course එකක්ම ඉල්ලන්න....හරි අනුපිළිවෙලකට.....
----------------------------------------------------
5. Uni - Codes අනුපිළිවෙල හදද්දි සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරන්න එපා.... මොනවද මේ සාම්ප්‍රදායික ක්‍රම ?
---------------------------------------------------
ගොඩා....ක් අය් පුරුදු වෙලා ඉන්නේ ලේසියට සාම්ප්‍රදායික ක්‍රම වලින් Uni- Codes ලිස්ට් හදාලා දන්න...ඒ කියන්නෙ එකම Course එක කැම්පස් එක මරු කර කර පිළිවෙලට දාගෙන යනවා....ඊට පස්සේ අනිත් Course එකෙන් පටන් ගෙන ඒක t කැම්පස් එක වෙන්ස් කර කර් පේලියට දාගෙන යනවා...මෙන්න මේ වගේ...
1.භෞතීය විද්‍යාව - කොළඹ විශ්වවිද්‍යාලය
2.භෞතීය විද්‍යාව - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
3.භෞතීය විද්‍යාව - කැළණිය විශ්වවිද්‍යාලය
4.භෞතීය විද්‍යාව - පේරාදෙණිය විශ්වවිද්‍යාලය
5.භෞතීය විද්‍යාව - රුහුණ විශ්වවිද්‍යාලය
6.භෞතීය විද්‍යාව - නැගෙනහිර විශ්වවිද්‍යාලය
7.භෞතීය විද්‍යාව - අග්නිදිග විශ්වවිද්‍යාලය
8.භෞතීය විද්‍යාව - යාපනය විශ්වවිද්‍යාලය
ඊට පස්සෙ ඒක ඉවර උනම...
9.ව්‍යවහාරික විද්‍යාව - රජරට විශ්වවිද්‍යාලය
10.ව්‍යවහාරික විද්‍යාව - වයඹ විශ්වවිද්‍යාලය
11.ව්‍යවහාරික විද්‍යාව - සබරගමු විශ්වවිද්‍යාලය
12.ව්‍යවහාරික විද්‍යාව - යාපනය විශ්වවිද්‍යාලය - වව්නියා මණ්ඩපය
13.ව්‍යවහාරික විද්‍යාව - නැගෙනහිර විශ්වවිද්‍යාලය - ත්‍රීකුණාමල මණ්ඩපය
ඔන්න ඔය විදියටh දාගෙන යන්න ගොඩා...ක් අය් පෙළඹෙනවා....එහෙම කරන්න යන්න එපා නංගි මල්ලි....
මොකද එක එක කැම්පස් වල එක එක Courses වලට තියන පිළිගැනීම වෙනස්....ස්මහර වෙලාවට අග්නිදිග / නැගෙනහිර Physical වලට වඩා රජරට Applied හොඳයි....(මං මේ කීවේ ඒ දෙක හොඳ නෑ කියලා නෙවෙයි....උදාහරණයක් විතරයි ) ඒ නිසා රුහුණේ භෞතීය විද්‍යාවට ප්ස්සේ රජරට Applied ඉල්ලන්න පුලුවන් ඔයාට....නැත්නම් වයඹ ඉල්ලන්න පුලුවන්....ඒ නිසා හොඳ පාඨමාලාව මුලින් ඉල්ලන්න....පෙලගස්වද්දි ඔය විදියේ සාම්ප්‍රදායික ක්‍රම පාවිච්චි කරන්න යන්න එපා....ඒකෙන් අවාසිය වෙන්නෙ ඔයාටමයී....අග්නිදිග Physical ආව කෙනෙක්ට රජරටට Z Match උනත් බෝට්ටු වටයකින් ඔයාට රජරට යන්න බැරි වෙනවා...මොකද ඔයා රජරට Applied ඉල්ලලා තියෙන්නේ අග්නිදිග Physical වලට වඩා පහළින්....මං මේ උදාහරණයක් විතරයි කීවේ තේරුම් කරන්න්නu ලේසි වෙන නිසා...අනිත් පාඨමාලාවන් වලටත් එහෙමයි......
ඒ නිසා ආයෙම කියන්නේ Uni- Codes පෙලගස්වද්දි පරිස්සමෙන් කල්පනාවෙන් පුරවන්නs....
----------------------------------------------------
6. රිසාල්ට් එක මොකක් උනත් (අවමය S-3) තියන කෙනෙක් නම් කැම්පස් පොත නොදා ඉන්න එපා....ඇයි ඒ ??
----------------------------------------------------
එහෙම කියන්නෙ නංගි මල්ලි Maths කරපු කෙනෙක්ට අවම S-3 වගේ රිසාල් එකකින් Bio කරපු කෙනෙක්ට C-1 ,S- 2 නුත් කැම්පස් සෙට් වෙනවා....පුදුම වෙයි කිව්වොත් එහෙම රිසාල්ට් වලින් කැම්පස් අරගෙනත් සමහර කැම්පස් වල Batch එක සම්පූර්ණ කරගන්න කට්ටිය මදි.... ගොඩා...ක් වෙලාවට හම්බන්තොට / ගම්පහ / අනුරාධපුර වගේ දිස්ත්‍රික් වලින් Bio කරල 0.4 Z වලිනුත් කැම්පස් අහු වෙනවා නංගි මල්ලි....ගොඩා...ක් වෙලාවට....ඒත් ගොඩා...ක් අය එන්නෙ නැති වෙයි කියලා ඉල්ලන්නෙ නැහැ...නැගෙනහිර කෘෂි විද්‍යා පාඨමාලාවට සමහර දිස්ත්‍රික් වලින් 0.3 ට ආසන්න Z ලකුණු අයත් තේරෙනවා....ඒ නිසා කැම්පස් පොත නොදා ඉන්න එපා....
නැගෙනහිර විශ්වවිද්‍යාලය / අග්නිදිග විශ්වවිද්‍යාල / යාපනය විශ්වවිද්‍යාල /ත්‍රීකුණාමල මණ්ඩපය / වවුනියාව මණ්ඩපය ගැන අඩු තක්සේරුවක් හිතේ තියාගෙන ඒ කැම්පස් වල Course වලට ඉල්ලන්නේ නැතුව ඉන්නත් එපා.....අනිවාරෙන්ම ඒ කැම්පසුත් ඉල්ලන්න.......කල්පනාවෙන් පුරවන්න .....එතකොට නොහිතන විදියට ඔයාලා කැම්පස් තේරෙයි....අඩු තක්සේරුවක් හිතන්න එපා...ඒවයේ ස්මහර කැම්පස් වල නැති සුන්දරත්වයෙන් තියනවා..වරප්‍රසාද තියනවා..ඒ නිසා පහතට දාලා ඉල්ලන්නෙ නැතුව ඉන්න එපා....ඒවත් අනිවාරෙන්ම ඉල්ලන්න......කොහොම හරි ඔයාලගේ කැම්පස් හීනේ හැබෑ කරගන්න......
-----------------------------------------------------
7.Art කරන කෙනෙක්ට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හදාරන්න පාඨමාලාවක් තියද ??
------------------------------------------------------
නංගි මල්ලි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කොටස් දෙකක් තියනවා....එකක් මූලික කැම්පස් එක...අනිත් එක ත්‍රීකුණාමල මණ්ඩපය....
ඔය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නැත්නම් මූලික කැම්පස් එකේ Art පාඨමාලාව තියෙන්නේ දමිළ මාධ්‍යයෙන් (Tamil Medium) වලින්...ඒ නිසා ඔයාලට ඒක ඉල්ලන්න බැහැ...හැබැයි ත්‍රීකුණාමල මණ්ඩපයේ Communication & Business Studies කියලා පාඨමාලාවක් තියනවා Art කරපු අයට කරන්න , ඒක සිංහල අය තමා කරන්නේ.....හැබැයි ඒකට ඔයාලගේ O/L English වලට සම්මානයක් තියෙන්නෙ ඕනි....
Art කරන සමහර නංගිලා මල්ලිලා රජරට / සබරගමු වගේ කැම්පස් ඉල්ලන්නෙත් නැහැ....එහම කරන්න එපා....හැම කැම්පස් එකක්ම ඉල්ලන්න.....ඒවා ඉල්ලන්නේ නැතුව ඉන්න හේතු වෙච්ච ඔයාල්ගේ පෞද්ගලික ප්‍රශ්න ගැන පස්සේ හිතන්න....මුලින් කැම්පස් හීනේ හැබෑ කරගන්න.....ඒ නිසා මොනම කැම්පස් එකක්වත් අත අරින්න එපා....
----------------------------------------------
8. Uni - Codes ලිස්ට් යැව්වට පස්සේ වෙනස් කරගන්න බැරිද ??
----------------------------------------------
මෙහෙමයි නංගි මල්ලි ඔයාලා Uni - Codes ලිස්ට් එක UGC එකට යැව්වටt පස්සේ පුරව්ලා යවන්න තියන අන්තිම දවසේ ඉඳලා මාසයක් ඇතුළත ඔයාලට වෙනස් කිරීමක් කරගන්න පුලුවන්....ඒකට ඔයාල හදන UGC එකේ Account එකට Log වෙලා වෙනස් කරගන්න් පුලුවන්....
ඒත් නංගි මල්ලි Cut - Off - Mark දාන්නේ ඒ මාසෙත් පහු වෙලා ගොඩා...ක් කල් ගියාම....
Cut - Off - Mark දැම්මම තමා ගොඩාක් අයට මතක් වෙන්නේ අපරාදේ අර Course එක දැම්මනම් එනවනේ කියල්....මේක් ගොඩාක් අයට වෙන වැඩක්....ඒට ප්ස්සේ කට්ටියන හතර අතේ දුවනවා පිස්සුh වැටිලා වගේ Uni Codes ටික වෙනස් කරගන්න....ඉල්ලපු නැතිව හිටපුවා ඉල්ලන්න....එතකොට ඇපීල් දාන්න හදනවා....ඒහෙම ඇපීල් ගොඩාක් අය දානවා.....ඒත් අවාසනාවකට එහෙම ඇපීල් සලකා බල්න්නේ නැති තරම්....කලාතුරකින් සාධාරණ හේතු මත විතරයි බලන්නේ.....
ගොඩා...ක් අයගේ ඇපීල් බලන්නෙවත් නැහැ....ඒ නිසා එක පාර හරි අවබෝධයක් තියාගෙන Uni - Codes පෙලගස්සවගන්නu ....නැත්නම් පස්සෙ පසු තැවෙන්න තමා වෙන්නේ....එහම අවුරුද්දට සෑහෙන්න පිරිසක් අමාරුවේ වැටෙනවා....😢
ඔයලා හ්දන Uni - Codes ලිස්ට් එකේ කොපියක් ඔයාල sගාව තියාගන්නත් අමතක කරන්න එපා 🙂
මේ සටහන ලියන්න හිතුවේ පහුගිය අවුරුදු කීපයේම ගොඩාක් අයට මූලික උන ප්‍රශ්න කීපයක් වගේම ගොඩාක් අය කරපු වැරදි අඩු පාඩු නිසා එයාලට කැම්පස් යන්න බැරි උන දේ යාම් තාක් දුරට හෝ මග අරින්න හිතාගෙනයි.... ස්මහර අවුරුදු වල ගොඩා...ක් අයට හොඳ පාඨමාලාවට තේරෙන්න පුලුවන් කම තියෙද්දිත් එයාල කරන වැරදි නිසා යන්න වෙන්නෙ පහළ පාඨමාලාවන් වලට.... ඒ නිසා හරි අවබෝධයෙන් කැම්පස් පොත පුරවන්න.....
* වැදගත් - නංගි මල්ලි මෙතන කැම්පස් පොත පුරවනවා කියල අදහස් කරලා තියෙන්නේ කැම්පස් පොතේ Uni - Codes පිළිවෙලට හදලා ඒක අන්තර්ජාල අයදුම්පත්රට හරියාකාරව ඇතුළ් කරන එකයී....මොකද දැන් කැම්පස් පොත පුරවන්නේ අන්තර්ජාලය හරහා....UGC එකේ වෙබ් එකෙන්.....කැම්පස් පොත පුරවනවා කියලා අදහස් කරලා තියෙන්නේ අන්න ඒ අන්තර්ජාල පිරවීම ගැනයි .....**
- - - ❤ අනිවාරෙන්ම මේක ඔයාලගේ යාලුවෝ අතරත් බෙදා හරින්න...Share කරන්නත් අමතක කරන්න එපා....ෆේස්බුක් නැති යාලුවන්ට Whatapp මාර්ග හෝ වෙනත් මාරග වලින් බෙදා හැරලා...එයාලටත් මේ ගැන දැනුවත් කරලා හැමෝගෙම කැම්පස් හීනේ සැබෑ කරගන්න....❤ - - -
** තොරතුරු හා සටහන : Thushanga Pramod
(අනවසරයෙන් උපුටා ගැනීම හෝ වෙනත් තැන් වල පල අයිතිය වෙනස් කර පල නොකරන්න...)