A Vlog

A Vlog ලෝකය වෙනස් කරන අලුත්ම තාක්ෂණය සහ විශ්මිත සොයාගැනීම්
Join with me to explore the future of Tech!

Tech Enthusiast | Content Creator | Helping you understand technology in Sinhala 🇱🇰

ඔබ තාක්ෂණයට ආදරය කරන කෙනෙක්ද? එහෙනම් මේ ඔබ සොයන තැනයි! "Tech with Amila" හරහා නවීන Gadgets, Artificial Intelligence (AI), අභ්‍යවකාශය සහ ලෝකය වෙනස් කරන අලුත්ම සොයාගැනීම් ගැන රසවත් තොරතුරු මම ඔබ වෙත සමීප කරනවා.

සිංහල  ගීත සාහිත්‍යයේ අසහාය යතිවරයාණන් වූ ගේය පද රචක පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණෝ අපවත් වෙති.සම්මානනීය ගේය පද රචක හ...
18/08/2026

සිංහල ගීත සාහිත්‍යයේ අසහාය යතිවරයාණන් වූ ගේය පද රචක පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණෝ අපවත් වෙති.

සම්මානනීය ගේය පද රචක හා කතුවර පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ අද දින අපවත් වූහ.

1987 වර්ෂයේදී ‘සංසාරේ අපි’ කැසට් පටය නිකුත් කරමින් ඇරඹුණු හිමිපාණන්ගේ ගීතාවලෝකනය තුළ ‘ගම්මානේ අපි’, ‘සමනල කන්ද’, ‘සංසාරේ ගී යාතිකා’, ‘බුදු අමා වැස්ස’ සහ ‘සංසාර චාරිකා’ වැනි අමරණීය නිර්මාණ මෙන්ම ‘සසර දනව්ව’ වැනි සම්මානනීය ගේය පද සංග්‍රහයන් ද උන්වහන්සේ විසින් අපගේ සුගම ගීත සාහිත්‍යයට දායාද කරන ලදී.

‘සඳකඩපහණ’ චිත්‍රපටයේ ‘පෙර සංසාරේ’ ගීතයට සරසවිය සම්මානයෙන් ද, ‘අලෝකෝ උදපාදී’ චිත්‍රපටයේ ‘සැඩ පහරක් සේ එකමුතු වූ දා’ ගීතයට දෙරණ සිනමා සම්මානයෙන් ද පිදුම් ලැබූ උන්වහන්සේ; ගුණදාස කපුගේ, වික්ටර් රත්නායක, එඩ්වඩ් ජයකොඩි, ටී.එම්. ජයරත්න, කරුණාරත්න දිවුල්ගනේ, මාලනී බුලත්සිංහල, අබේවර්ධන බාලසූරිය ආදී ප්‍රමුඛ පෙළේ ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් අමරණීය ගීත විශාල ප්‍රමාණයක් රචනා කළහ.

උන්වහන්සේගේ පෑනෙන් උපන් ජනප්‍රිය ගීත නිර්මාණ කිහිපයක්:

ගුණදාස කපුගේ: පිහිටක් නැති සරණක් නැති, සද්ධර්ම මකරන්ද

වික්ටර් රත්නායක: බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, කඳුළු පැන් කෙණ්ඩියේ, කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ

මාලනී බුලත්සිංහල: හිමි සනරාමර, සෙනෙහස පුදා, පිපෙනා මලකට, බුදු බණ ඇසුවා නිරන්තරේ

එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී: පන්සලේ පල්ලියේ

එඩ්වඩ් ජයකොඩි: මේ ඉර හඳ යට, මේ ප්‍රේම කතා, බණ කියන රටක්, නුඹට හිතැති

ටී.එම්. ජයරත්න: සියක් ආයු ලැබ, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, සඳ වතුරක් සේ

අබේවර්ධන බාලසූරිය: මලක මෙලෙක සිතාගන්න

නිරංජලා සරෝජනී: අනුරාධපුරේ අනුරාව නැගූ

කරුණාරත්න දිවුල්ගනේ: ළා දළු බෝපත්, වෙහෙරක් වගේ

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව: සඳ තරු මල්

සිංහල සුගම ගීත කෙත අස්වැද්දූ, හදවත් සුවපත් කළ අපවත් වී වදාළ පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට අජරාමර සුඛ නිවනම අත්වේවා!

20/07/2026

අපේ පෘථිවිය මතුපිට ඉඳන් අපි දකින ලෝකයට වඩා, අභ්‍යවකාශයේ ඉඳන් බලද්දී පෙනෙන ලෝකය කොච්චර අද්විතීයද?

NASA (National Aeronautics and Space Administration) ආයතනයේ චන්ද්‍රිකා සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) මගින් ලබාගන්නා අති-විශිෂ්ට ඡායාරූප සහ Timelapses හරහා, මුළු මහත් පෘථිවියේම සුන්දරත්වය තත්පර 45ක වැනි කෙටි කාලයකදී අපූරුවට අත්විඳින්න පුළුවන්!
👀👇

Beyond the World We See from Earth: How Extraordinary Does Our Planet Look from Space? 🌍✨

Through breathtaking imagery and timelapses captured by NASA (National Aeronautics and Space Administration) satellites and the International Space Station (ISS), experience the immense beauty of the entire planet in just 45 seconds! 👀👇

20/07/2026

අපේ පෘථිවිය මතුපිට ඉඳන් අපි දකින ලෝකයට වඩා, අභ්‍යවකාශයේ ඉඳන් බලද්දී පෙනෙන ලෝකය කොච්චර අද්විතීයද?

පින්බර පොසොන් දිනයක් වේවා! පොසොන් උදාවී  තුන් ලොව සැනහේ සදහම් සුවදේ සිල් මල් සුවඳේ.අනන්ත වූ බුදු ගුණ ශක්තියෙන් සහ මිහිඳු...
29/06/2026

පින්බර පොසොන් දිනයක් වේවා!

පොසොන් උදාවී තුන් ලොව සැනහේ සදහම් සුවදේ සිල් මල් සුවඳේ.

අනන්ත වූ බුදු ගුණ ශක්තියෙන් සහ මිහිඳු හිමි දෙසූ නිවැරදි දහම් මඟින්, ඔබ සැමගේ සිත් සතන් තුළ කරුණාව, දයාව සහ ප්‍රඥාව ඇතිවේවා!"

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට දායාද කළ උතුම් ලෝකෝත්තර දහම් පණිවිඩය ජීවිතයට එකතු කරගන්නට මේ පොසොන් පෝය දින අධිෂ්ඨාන කරගනිමු.

🌸 ඔබ සැමට ශාන්ත වූ පොසොන් පොහොය දිනයක් වේවා! 🌸

🍯🌿 කිරි ඉතිරෙන නව වසරක් වේවා - ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද  ඔබ සැමටත්, ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ නිදුක් ...
14/04/2026

🍯🌿 කිරි ඉතිරෙන නව වසරක් වේවා -

ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමටත්, ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ නිදුක් නිරෝගී සම්පත පිරුණු වාසනාවන්ත නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 🤗

අපේ සංස්කෘතියට ගරු කරමින්, හැමෝම එක්ක සතුට බෙදාගන්නා ලස්සන අවුරුද්දක් වේවා! ✨

🍯🌿 May the New Year bring you overflowing milk (prosperity) -

I heartily wish that the dawn of the Sinhala and Tamil New Year brings a lucky New Year filled with peace, happiness, and the treasure of health for all of you and all of your families! 🤗

While respecting our culture, may it be a beautiful New Year where happiness is shared with everyone! ✨

𝐒𝐓𝐎𝐏 𝐖𝐀𝐒𝐓𝐈𝐍𝐆 𝐓𝐈𝐌𝐄 𝐎𝐍 𝐆𝐌𝐀𝐈𝐋! 📧 𝐀𝐈 𝐈𝐒 𝐇𝐄𝐑𝐄 𝐓𝐎 𝐒𝐀𝐕𝐄 𝐘𝐎𝐔 𝐇𝐎𝐔𝐑𝐒. 🚀ලෝකය පුරා බිලියන 3ක ජනතාවක් Gmail පාවිච්චි කළත්, ඒකේ තියෙන ...
23/03/2026

𝐒𝐓𝐎𝐏 𝐖𝐀𝐒𝐓𝐈𝐍𝐆 𝐓𝐈𝐌𝐄 𝐎𝐍 𝐆𝐌𝐀𝐈𝐋! 📧 𝐀𝐈 𝐈𝐒 𝐇𝐄𝐑𝐄 𝐓𝐎 𝐒𝐀𝐕𝐄 𝐘𝐎𝐔 𝐇𝐎𝐔𝐑𝐒. 🚀

ලෝකය පුරා බිලියන 3ක ජනතාවක් Gmail පාවිච්චි කළත්, ඒකේ තියෙන මේ සුපිරි "AI රහස්" දන්නේ 1%ක් වගේ සුළු පිරිසක් විතරයි. අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ වැඩ ලේසි කරගන්න පුළුවන් Gmail Hacks 5ක් ගැනයි! 💡🔥

1️⃣ AI ලවා ඊමේල් ලියවගන්න (Help Me Write):
දැන් ඔයාට ඊමේල් ලියන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. Gemini AI එකට පොඩි විස්තරයක් දුන්නම ඒක මුළු ඊමේල් එකම ලස්සනට ලියලා දෙනවා. ✨✍️
2️⃣ දිග ඊමේල් වල සාරාංශය (AI Summaries):
රිප්ලයි 50ක් විතර තියෙන දිග ඊමේල් කියව කියව ඉන්න වෙලාවක් නැද්ද? AI එක මගින් තත්පර ගණනකින් එහි කෙටි සාරාංශයක් ලබාගන්න. 📝⚡

3️⃣ confidential mode (ආරක්ෂිත ඊමේල්):
ඔයා යවන ඊමේල් එකක් Copy කරන්න, Print කරන්න හෝ Forward කරන්න බැරි වෙන්න Lock එකක් දාලා යවන්න පුළුවන් කියලා දන්නවාද? 🔒🛡️
4️⃣ ඊමේල් එකෙන්ම ප්‍රශ්න අහන්න (AI Overviews):
පරණ ඉන්වොයිස් එකක් හෝ විස්තරයක් හොයන්න ඕනේ නම්, නිකන්ම "ගිය අවුරුද්දේ බිල් එක එවුවේ කවුද?" කියලා ඇහුවම AI එක ඒක හොයලා දෙනවා. 🔍🤖

5️⃣ පසුව යැවීමට සැකසීම (Schedule Send): රෑ 12ට ලියන ඊමේල් එක උදේ 8ට යන විදිහට Schedule කරන්න. එතකොට ඔයා වැඩ කරන්නේ නියම වෙලාවටයි! 🕗📅

අද පණිවිඩය (Today's Wisdom):
"තාක්ෂණය දියුණු වෙන්නේ අපේ ජීවිතේ ලේසි කරන්නයි. ඒ දේවල් ඉගෙන ගන්න එක අද කාලේ ලොකු ආයෝජනයක්. අදම මේ එකක් හරි ට්‍රයි කරලා බලන්න!" 🧠💡
**************************************************************************

Did you know that 99% of users don't know these Gmail AI features exist? Save hours of work with these 5 hacks:

1️⃣ Help Me Write: Let Gemini AI draft your entire email. ✨
2️⃣ AI Summaries: Get the key points of long threads in seconds. 📝
3️⃣ Confidential Mode: Secure your sensitive emails with a passcode. 🔒
4️⃣ AI Overviews: Ask natural questions to find anything in your inbox. 🔍
5️⃣ Schedule Send: Write now, send at the perfect time later. 🕗

"Work smarter, not harder. Let AI handle the boring stuff while you focus on what matters! Join me on Amila Vlog to learn more." 🧠💡

ඔයා මේකෙන් කලින් දැනගෙන හිටියේ මොනවාද? පහළින් Comment එකක් දාන්න! 👇

ඔබේ දක්ෂතාවයෙන් ව්‍යවසායකයෙකු වෙමු! / Unlock Your Potential: Skills to Entrepreneurship! >අපේක්ෂාවන් හඹා යන ඔබ වෙනුවෙන්ම...
23/03/2026

ඔබේ දක්ෂතාවයෙන් ව්‍යවසායකයෙකු වෙමු! / Unlock Your Potential: Skills to Entrepreneurship! >
අපේක්ෂාවන් හඹා යන ඔබ වෙනුවෙන්ම Amila Vlog වෙතින් ගෙන එන අලුත්ම වීඩියෝ මාලාව: "Empower to Entrepreneur"

ඔබ තුළ සැඟවී ඇති කුසලතාවයන් (Skills) හඳුනාගෙන, ඒවා සාර්ථක ව්‍යාපාරික ගමනක් (Entrepreneurship) දක්වා ගෙනයන්නේ කොහොමද? මේ වීඩියෝ මාලාවෙන් මම ඒ ගැන පියවරෙන් පියවර කතා කරනවා.

Introducing the newest video series on Amila Vlog: "Empower to Entrepreneur", specifically designed for aspiring dreamers like you!

Do you have hidden skills? Let's unlock them and transform them into a thriving business. In this series, I'll guide you step-by-step from skill identification to entrepreneurial success.

📽️ පළමු පියවර (Episode 01) දැන් නැරඹිය හැකියි / Episode 01 is LIVE now:
[https://www.youtube.com/watch?v=HkoSzHqDb1g&t=12s]

ව්‍යවසායකයෙකු වීමේ ඔබේ සිහිනයට පණ දෙන්න අදම එකතු වන්න. වීඩියෝව නරඹා ඔබේ අදහස් Comment කරන්න! ✨

Join me to turn your entrepreneurial dream into reality. Watch the video and share your thoughts in the comments!

අද අපේ සාකච්ඡාව: ඔබ සතු ඕනෑම කුසලතාවයක් (Skill) නිවැරදි ව්‍යාපාරික ගමනක් (Entrepreneurship) දක්වා ගෙනයන්නේ කෙසේද?මෙම වීඩියෝවෙන් .....

DAY 05: START YOUR MORNING BY LEVELING UP YOUR TECH SKILLS! ☀️💻Tech With Amila - දින 30ක අභියෝගය: දවස 05" 🗓️🚀-"Tech With...
19/01/2026

DAY 05: START YOUR MORNING BY LEVELING UP YOUR TECH SKILLS! ☀️💻

Tech With Amila - දින 30ක අභියෝගය: දවස 05" 🗓️🚀-"Tech With Amila - 30 Day Challenge: DAY 05 🗓️🚀

අද අලුත් දවසක්. අද අපි කතා කරන්නේ ඔයාගේ තාක්ෂණික දැනුම අලුත් මට්ටමකට ගෙනියන්න පුළුවන්, ඔයාගේම කියලා "Home Lab" එකක් හදාගන්න උදව් වෙන Free Tools 6ක් ගැනයි.

ඔයා IT ශිෂ්‍යයෙක් වුණත්, වැඩ කරන කෙනෙක් වුණත් මේවා ඉගෙන ගන්න එක අනාගතයට මාරම ආයෝජනයක්:

1️⃣ Proxmox: Virtual Machines ගොඩක් එක තැනක දුවවන්න(Best for virtualization.).
2️⃣ Docker: ඇප්ස් ලේසියෙන්ම රන් කරන්න (ndustry-standard for containers).
3️⃣ Pi-hole: මුළු ගෙදරම Ads බ්ලොක් කරන්න.(Network-wide ad blocking)
4️⃣ Home Assistant: Smart Home එක පාලනය කරන්න(Ultimate smart home hub).
5️⃣ TrueNAS: ඔයාගේම Cloud Storage එකක් හදාගන්න(Build your own private cloud).
6️⃣ Tailscale: ලෝකේ කොහේ හිටියත් ආරක්ෂිතව සම්බන්ධ වෙන්න(Secure remote access anywhere).

අද පණිවිඩය (The Mindset):
"සෑම උදෑසනක්ම අපිට අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක්. මිල අධික පාඨමාලා වලට කලින්, මේ වගේ නොමිලේ ලැබෙන මෙවලම් පාවිච්චි කරලා ප්‍රායෝගිකව වැඩ කරන්න පටන් ගන්න. අත්දැකීම් තමයි ඔයාව වැඩ්ඩෙක් කරන්නේ!" 🧠💡

"Every morning is an opportunity to learn something new. Start experimenting with these free tools today. Experience is your best teacher!" 🧠💡

සුබ දවසක් වේවා! මේ Tools වලින් ඔයා මුලින්ම පටන් ගන්න කැමති මොකෙන්ද? Comment එකක් දාන්න! 👇

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when A Vlog posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share