Synergy Life

Synergy Life A community where human connection and natural balance meet.

"Synergy Life" is dedicated to fostering harmony, wellness, and community in a supportive environment.

20/07/2026
19/07/2026

Maharahama clock tower

17/07/2026

♥️🫶🏻

15/07/2026

ඊයේ මම දැක්කා කොළඹ එක්තරා විශ්ව විද්‍යාල පරිශ්‍රයක් පිරිසිදු කරනව ශ්‍රීලංකා යුද හමුදාවෙ භට පිරිස් ඩෙංගු මර්ධන පියවරක් විදියට.

ඒක දකිද්දි හිතුනු දෙයක් මේ.

යුද හමුදාව ඕනෑම ව්‍යසනයකදී රටේ ජනතාව එයින් මුදා ගැනීමට කටයුතු කිරීම සාමාන්‍ය තත්වයක්. ඒකෙ කිසි වරදකුත් නෑ.

හැබැයි ඕකෙ මෙන්න මෙහෙම පැත්තකුත් තියෙනවා.

දැන් විශ්ව විද්‍යාල වල ඉන්නෙත් 'යෞවනයේ පොපියන චමත්කාරය' උපරිමයෙන්ම වැඩකරන වයසෙ දරුවන්නෙ. එයාල හරිම උද්‍යෝගිමත් සහ සටන්කාමීයින්නේ ඔය පාරෙ දක්වන විරෝධතා වලදි එහෙම. මට නම් හිතෙනව මේ වගේ ශ්‍රමදාන වැඩවලදි මහා ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීව ඉදිරිපත් වෙනව නම් තම තමන්ගේ පරිශ්‍ර පිරිසිදු කරන්න හමුදාව කැඳවන්න අවශ්‍යතාවයක් නෑ කියල.

මේ තරම්ම විසේකාර වයසෙ ශ්‍රම බලකායක් විශ්ව විද්‍යාලෙ ඇතුලෙම තියාගෙන ඒක පිරිසිදු කරගන්න පිටින් හමුදාව කැඳවන එක නම් ඒ තරම් තර්කානුකූල නෑ. නිදහසේ ලැබෙන අධ්‍යාපනය වෙනුවෙන් තමනුත් යම් දායකත්වයක් දෙන්න ඕන බව ඒ අයගෙ ඔළුවලටත් දාන්න ඕන. නිදහස් අධ්‍යාපනය රැකගන්න විශාල පරිශ්‍රමයක් දරන ඒ දරුවන්ට එහිම අනුශාංගීය දිගුවක් වන මේ වගේ වැඩකට පොඩිම පොඩි දායකත්වයක් ලබාදෙන එක සුළු සුළුම දෙයක්නෙ.

විශ්ව විද්‍යාල දරුවො මම දැකල තියෙනව 'ප්‍රජා සත්කාර ව්‍යාපෘති' හැටියට ගිහිල්ල ගම්වල ශ්‍රමදාන කරනවත්. ඒ අයම හිතල කවුරු හරි නායකත්වය ගන්න විතරයි ඕනෙ. හැම දේටම හමුදාව කැඳවන්නෙ නැතුව. හමුදාව ඉතින් 'කෝකටත් තෛලෙ' නිසා කැඳෙව්වට කමක් නෑ තමන්ට කරගන්න බැරි තරමෙ බරපතල ව්‍යසනයකදි. පහසුවෙන්ම කොරගන්න හැකියාව තියෙන මේ වගේ කුණු ඇදිලි හැම එකකටම හමුදාව කැඳවන එකේ කිසිම ලොජික් එකක් නම් නෑ.

අපි පොඩිකාලෙ ඉඳලම දරුවො පුහුණු කරවන්න ඕන තම තමන්ගේ ජීවිත වල වගකීම බාරගන්න. ඒවායේ වගකීම ආණ්ඩුවටම බාරදීල බලන් ඉන්නෙ නැතුව.

සටහන : ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න (විශ්‍රාමික)

#කාලීන ゚viralシ

Address

Kadawatha
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Synergy Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share