Merc Code

Merc Code MERC CODE is a Web Designing, Graphic Designing, Social Media Marketing and IT related company.

Merccode Business Solutions, we are a digital services company providing online marketing and internet technology services that combine perfection and expertise. Our team works diligently to provide the best service for your business by identifying innovative trends and identifying different business catalysts and our primary objective is to provide our client’s satisfaction and idea as a service.

With years of experience in the digital services industry and the quality of our services, our services are self-evident, and we are a young, innovative and energetic group of people who will do our best to realize your business idea.

📝 SEO Article WritingAI වලින්වත්, කොහෙන්වත් අහුලගෙන වත් නෙමෙයි genuine විදියට plagiarism check කරලා Grammarly check කරලා...
13/07/2023

📝 SEO Article Writing

AI වලින්වත්, කොහෙන්වත් අහුලගෙන වත් නෙමෙයි genuine විදියට plagiarism check කරලා Grammarly check කරලා Yoast Plugin එකෙන් SEO & Readability check කරලා ලියන article මේවා..

☘️ SEO Optimized
☘️ 100% unique human writing
☘️ Grammarly checked
☘️ Plagiarism free content

🍄*Price: 3,000 LKR*

ඔනෑම niche එකකින් article ලියාගන්න පුළුවන්, ඒ වගේම අවශ්‍ය අයට keyword research කරලා දෙන්නත් පුළුවන්...

📝Article 3 ක package එකක් මේක, වචන 1200-1500ත් අතර ඒ හැම article එකකම තියනවා ඒ වගේම ඔයාට කැමති ඕනම niche එකකින් ඕනම keyword එකකින් article ලියලා දෙන්න පුළුවන්..

ඔයාගේ අවශ්‍යතාවය අපට කියන්න. අපි ලියපු article වලින් තමයි මගේ website 3ක්ම run වෙන්නේ Google 1st rank ගොඩක් තියෙන්නේ අපේ අය ලියපු article නිසා. විශ්වාසවන්තව නියමිත කාලය ඇතුලත වැඩේ බාරගෙන කරලා දෙන්නම්...

Whatsapp : 0712747888

SEO Article Writing Service Merccode Solutions
13/07/2023

SEO Article Writing Service

Merccode Solutions

Merc Code Business Solutions.
19/06/2023

Merc Code Business Solutions.

We wish you a joyous and prosperous Sinhala & Tamil New Year!
13/04/2023

We wish you a joyous and prosperous Sinhala & Tamil New Year!

📵 Iphone owner හොයාගන්න ලේසිම විදිය !! ගොඩක් වෙලාවට FB එකේ දකින දෙයක් තමයි "සැක හිතෙන කෙනෙක් iphone එකක් අරන් ආවා ලොක් එ...
12/04/2023

📵 Iphone owner හොයාගන්න ලේසිම විදිය !!
ගොඩක් වෙලාවට FB එකේ දකින දෙයක් තමයි "සැක හිතෙන කෙනෙක් iphone එකක් අරන් ආවා ලොක් එක කඩන්න මේකෙ අයිතිකාරයා හොයාගන්න උදවු කරන්න" , මේ iphone එකේ අයිතිකාරයා දකිනකන් share කරන්න වගේ පෝස්ට්. එහෙම කරන්න වෙලා තියෙන්නෙ iphone එකක් තියන ඔයාගෙම නොසැලකිල්ලෙන්. ඔයාටත් තියෙනෙ iphone එකක් නම් මේ පුංචි ටිප් එක ඔයාගෙ iphone එකෙත් කලානම් ඔයාගෙ iphone එක නැති උනොත් හරි ඔයාට කරදරයක් උනොත් හරි ඔයාගෙ iphone හම්බෙන කෙනාට ලේසියෙන්ම ඔයා කවුද කියලා අදුරග්න්න වගේම ඔයාගෙ ලගම කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න පුළුවන්. හැම iphone එකේම තියනවා health කියලා app එකක් ඒකට ගිහින් medical id එකේ ඔයාගෙ details add කරන්න. Settings වල health වලට ගිහිනුත් මේක ලේසියෙන්ම කරන්න පුලුවන් ..මතක ඇතුව emergency contact එකට ඔයාගෙ පවුලෙ කෙනෙක් හරි ඕන වෙලාවක phone calls ආන්ස්වර් කරන දෙන්නෙක් හෝ තුන් දෙනෙක්ගෙ phone numbers දාන්න.ඊට පස්සෙ එතන යට තියන emergency access කියන තැන show when locked කියන එකට enable කරන්න (කොල පාට ටික් එක දාන්න ) දැන් ඔයාගෙ iphone eka ලොක් කරලා තියෙද්දි පාස්වර්ඩ් ගහන තැන වම්පැත්තෙ emergency කියන එක click කරාම ඔයාගෙ medical id එක පෙන්නනවා. මතක ඇතුව දැන්ම මේ Settings හදාගන්න. ඒ වගේම ඔයාට කාගෙ හරි iphone එකක් හම්බුනොත් medical id තියනවද කියලා චෙක් කරලා iphone එක අයිතිකාරයට පරිස්සමට ලබාදන්න. මොකද සැහෙන්න කට්ටක් කාලා සැහෙන්න ගානක් දීලා iphone එකක් ගන්න කෙනෙක්ට ඒක නැති වෙන දුන දැනෙන්න හොද නෑ.

Article Credit De Silva

Social media ගැන ඉගෙනගමු!ඔයාත් උනන්දුනම් Social media ගැන ඉගෙන ගන්න, මේ පහලින් දාලා තියෙන links වලින් ඔයාට දැනුම රැස් කර...
11/04/2023

Social media ගැන ඉගෙනගමු!

ඔයාත් උනන්දුනම් Social media ගැන ඉගෙන ගන්න, මේ පහලින් දාලා තියෙන links වලින් ඔයාට දැනුම රැස් කරගන්න උපකාර වෙයි කියලා අප විශ්වාස කරනවා. මෙතන මම list කරලා තියෙන බොහොමයක් දේවල් ඔයාට මුදල් ගෙවිමකින් තොරව අධ්‍යනය කරන්නත් පුලුවන්.

කොහොම නමුත් මතක තියාගන්න, Social media කියන්නේ ඉගෙන ගෙන ඉවර කරන්න පුලුවන් විශයක් නෙමේ.

https://learndigital.withgoogle.com/digitalgarage/
https://skillshop.exceedlms.com/student/catalog/list?category_ids=2450-youtube
https://reutersdigitaljournalism.com/?l=en
https://academy.hubspot.com/courses/social-media
https://www.facebook.com/business/learn/courses
https://www.facebook.com/business/learn/certification
https://www.google.com/



copied from Laksha

Increase your sales with our social media promotion plans. Vist our website for more > www.merccode.com                 ...
10/04/2023

Increase your sales with our social media promotion plans.
Vist our website for more > www.merccode.com

We Are Now Hiring.
02/04/2023

We Are Now Hiring.

වෙබ් අඩවි පැකේජ හා මිළගණන් බලන්න.👇https://merccode.com/services/🎯 රු. 35,000 සිට ඉහළට පැකේජ පවතී.තෝරගන්නා පැකේජයේ සම්පූර...
21/03/2023

වෙබ් අඩවි පැකේජ හා මිළගණන් බලන්න.👇
https://merccode.com/services/

🎯 රු. 35,000 සිට ඉහළට පැකේජ පවතී.

තෝරගන්නා පැකේජයේ සම්පූර්ණ මුදලෙන් 40%ක් පමණක් මුලින් ගෙවා වෙබ් අඩවිය සෑදීමට ආරම්භ කළ හැක...

අපගේ package ගැන විස්තර බලන්න ඉහත Link එක click කරන්න.
👆👆👆

නැත්නම් call එකක් දෙන්න.
📲 0712747888

එහෙමත් නැත්නම් email කරන්න.
💻[email protected]

ඕනෑම ව්‍යවසායකයෙක් තමන්ගේ ව්‍යාපාරය පිළිබදව බොහෝ සිතනවා.. කරන්න සුදුසුම දේ මොකක්ද? හොඳ නැත්තේ මොකක්ද? කියන දේවල්.. මේ අත...
23/02/2023

ඕනෑම ව්‍යවසායකයෙක් තමන්ගේ ව්‍යාපාරය පිළිබදව බොහෝ සිතනවා.. කරන්න සුදුසුම දේ මොකක්ද? හොඳ නැත්තේ මොකක්ද? කියන දේවල්..

මේ අතර මොන තරම් ප්‍රවේසම් උනත් වව්‍යාපාරයේ loss ඒ වගේම හිතන්නේම නැති අවස්ථා වල ලැබෙන profit කියන දෙකම ලැබෙනවා..

ඉතින් අපි දන්නේ නැහැ මොන වගේ අභියෝග වලට ඔබේ ව්‍යාපාරය මුහුණ දේවිද කියලා. ඔයාගේ phone numbers නැති වෙන්න පුළුවන්, ඔයාගේ සැපයුම් කරුවන් නැති වෙන්න පුළුවන්, කොටින්ම ඔයා හිතන්නේ නැති වෙලාවක ඔයාගේ business එක කරන ස්ථානය වෙනස් කරන්න පවා සිදු වෙන්න පුළුවන්...

නමුත් මේ මොන ප්‍රශ්නය ආවත් ඔයාගේ customers ලට ඔයාගේ business එකේ updates දැන ගන්න පුළුවන් විදියක් තියෙන්න ඕන. ඔයා ලබා දෙන සේවාවන් ගැන හොඳින් දැනගන්න විදියක් ඕන,, ඒ වගේම ඔයාගෙන් දැනට සේවාව ලබාගෙන නැති කෙනෙක්ට උනත් ඔයා ගැන දැන ගන්නත් පහසුවෙන් ඔයාව සම්බන්ධ කරගන්නත් පුළුවන් වෙන්න ඕන...

මෙන්න මේ නිසා අපි කියන්නේ ඔයාගේ business එකට වටිනම ආයෝජනය website එකක් කියලා.. අපි ඔයාගේ website එකත් එක්ක facebook campaign වගේම social media integration කරලත් දෙන නිසා ඕනිව විදියකට ඔයාගේ ගණුදෙනුකරුවන්ව ඔයාව ලේසියෙන්ම සම්බන්ධ කරගන්න පුළුවන්.

අපි දෙනවා ඔයාට,,,,

🎯Free Domain
🎯Free Hosting
🎯Free SSL Certificate
🎯1-5 Web Pages
🎯E-mail Accounts
🎯Control Panel (C Panel)
🎯Search Engine Submission
🎯Search Engine Optimization (SEO)
🎯Free Stock Images
🎯Social Media Integration
🎯Video Galley
🎯Google Analytics Account
🎯Google Search Console Account
🎯Accelerated Mobile Pages (AMP)
🎯Website Training Sessions
🎯24/7 Client Support
🎯1 Year Warranty

ඉතින් තවත් බලන් ඉන්නේ නැතුව,
අපගේ package ගැන විස්තර බලන්න පහත ලින්ක් එක click කරන්න.
👇👇👇
https://merccode.com/blog-informative-web-design-packages-in-sri-lanka/

නැත්නම් Whatsapp Message එකක් දන්න.
📲 071 723 7393

එහෙමත් නැත්නම් email කරන්න.
💻[email protected]

⚠️ ශ්‍රී ලංකා ඉතිහාසයෙ සිද්ධ වුනු ලොකුම මුල්‍ය වංචාවක් බවට අනාගතයේ පත්වීමට නියමිත දැනටත් බොහෝ පිරිසක් රැවටිලා ඉන්න Onema...
08/02/2023

⚠️ ශ්‍රී ලංකා ඉතිහාසයෙ සිද්ධ වුනු ලොකුම මුල්‍ය වංචාවක් බවට අනාගතයේ පත්වීමට නියමිත දැනටත් බොහෝ පිරිසක් රැවටිලා ඉන්න Onemax DT ජාවාරම ගැන තමයි මේ කියන්න හදන්නෙ. ටිකක් දිග වැඩි වෙන්න පුළුවන්. මීට වඩා කෙටි කරොත් තේරෙන්නෙ නැති අය ඉන්නත් පුළුවන් නිසා වැදගත් හැම දෙයක්ම කෙටියෙන් සහ සරලව කියන්න උත්සාහ කරන්නම්.

මේ වංචාවට ගොදුරු වුන කෙනෙකුට ඇත්ත පැහැදිලි කරන්න මොන තරම් අමාරුද කියල දන්න කෙනෙක් නම් මේ සටහන දිග වැඩියි කියන එකක් නෑ. තව කෙනෙක්ව ගලවගන්න උවමනාව තියෙන අයගෙන් ඉල්ලන්නෙ මේ පොස්ට් එක උස්සල අදාළ කරුණු විතරක් වෙනස් නොකර ඕනෑම තැනක පළකරන්න. කිසිම ගැටළුවක් නැහැ. ඒ සේවය අගය කරනව.

⭕ මේක Best Life, Global Lifestyle, Q Net වගේ pyramid scheme එකක්ද ?

ටිකක් Pyramid scheme වගේ තමයි ඒත් එහෙම නෙවෙයි. මේකට කියන්නෙ Ponzi scheme. Whale Boost මේකට උදාහරණයක්. මේ කිව්ව විදි දෙකම බරපතල මුදල් වංචා. ඒ අතරින් මේ Ponzi scheme එක තමයි දරුණුම. වැඩි විස්තර ඕනනම් පහල ලින්ක් එකේ ලිපිය කියවන්න.
https://m.facebook.com/story.php?story_fbid=5816941201726156&id=100002310018580&mibextid=Nif5oz

⭕ Onmax dt එක කරන්නෙ සක්විති, දඩුවම් මුදලාලි, තිලිණි ප්‍රියමාලි තරම් මුදල් වන්චාවක්ද?

නෑ නෑ ඊට වඩා ගොඩක් ලොකු බරපතල ගනයේ මුල්‍ය වංචාවක්. හොරකමක්, මංකොල්ලකෑමක් කියන්නත් පුළුවන්. මම විශ්වාස කරන විදියට දවසක නිවැරදි ගණනක් ඉදිරිපත් කරන්න බැරි වුනත් (හේතුව පසුවට) මේ වගේ වංචාවකින් මෙතෙක් ඉතිහාසයේ සොරකම් කරපු ලොකුම මුදල මෙය වේවි.

⭕ එයාල මිනිස්සු අල්ලගන්නෙ කොහොමද?

Onmax නියෝජිතයෙක් (මේ දැනටම මේකට අහුවෙලා ඉන්න ඔයාගෙම යාලුවෙක් වෙන්නත් පුළුවන්) ඔයාලට කියන්නෙ
"මේක අවරුදු 15 පරණ Australian Company එකක්. Owner ඉන්නෙ Australia. එයා ලොකු සල්ලිකාරයෙක්. මේකෙන් රටවල් ලොකු ගණනක අය සල්ලි හොයනව. ඔයාල ආයෝජනය කරන සල්ලි වලින් company එක Binance එකේ, crypto වලින් සහ Forex market එකේ trade කරල හොයන මුදල් වලින් කොටසක් ඔයාලට දවසට 0.75% - 1.25% ඒ කියන්නෙ ආසන්නව 1% ක්, trading තියෙන්නෙ සතියට දවස් 5 නිසා මාසෙකට 20% ඔයාලට ලාබය ලැබෙනව. මාස 5 න් ඔයාලගෙ මුදල දෙගුණයක් වෙනව. මේක මාස 15 ක ආයෝජනයක්. ඒ කියන්නෙ මුල් ආයෝජනය වගේ හතර ගුණයක් ලැබෙනව.😇 ඔයා දක්ෂයි නම් අලුතෙන් අය හදුන්වල දෙන තරමට දාපු මුදල වගේ හතර ගුණයක මුදල මාස කිහිපයකින් වුනත් ගන්න පුළුවන් level up bonus එක වැඩි වෙන නිසා. USDT වලින් තමයි ඔයාලට ගෙවන්නෙ. ඔයාල දන්නවද crypto currency ගැන? Bitcoin ගැන? USDT කියන්නෙ USD වල විද්‍යුත් මුදල් ඒකකය. තව කෙනෙක්ව සම්බන්ධ කරගන්නකොට 10% commission එකක් ගන්න පුළුවන්. අහවල් කෙනා මෙච්චර හම්බ කරනව මම මෙච්චර හම්බ කරනව. Risk එකක් නැතුව ජීවිතේ ගොඩයන්න බෑ" 🤮
වගේ තඩි motivational හෑල්ලකුත් කියාගෙන සම්ප්‍රදායික පිරමීඩ පරපුරේ පාරාවෝ ටෝක්ස් වගේම නොදන්නා අහිංසක මිනිස්සු රැවටෙන විදියට නොතේරෙන ඉංග්‍රීසි වචන එක්ක රට බයිලයක් තමයි කියාගෙන එන්නෙ. වෙන වෙන ප්‍රොජෙක්ට් වලිනුත් එයාල සල්ලි හොයනව කියලත් කියනව. කෙටියෙන්ම කියනවනම් කලින් පිරමීඩ වලට අහුවෙලා නාස්තිවෙච්ච් උන්ගෙ පවා ඇස් උඩ ගිහින් කෝටිපති සිහිනයක් මැවිල පේන පට්ට දේවල් ගැන ටෝක්ස් ටිකක් දෙනව onmax එක ගැන. 😂😂 තව ටිකෙන් අමතක වෙනව. DT coin එක කියල crypto currency එකකුත් ළඟදීම නිකුත් කරනවලු. 🤭

⭕ Crypto, forex සහ නීතිය -

මේ දෙකම ලංකාවෙ නීතියෙන් අවසර දීල නැති දේවල් 2ක්. ඒ කියන්නෙ කෙලවුන වෙලාවට නීතිය ඉදිරියෙදි ඔයත් නීතී විරෝධී දේකට මුදල් යොදවපු වැරදිකාරයෙක් විතරයි. තවත් අයව ඒ සඳහා පෙළඹවීම කියන චෝදනාවත් එන්න පුළුවන්. (සැ.යු. - Real market traders ලා ට්‍රිගර් වෙන්න එපා )

⭕ Crypto/forex market වල මාසෙකට 20% හොයන්න පුලුවන්ද?

මේ දෙකම අධි අවදානම් ව්‍යාපාර. විශේෂයෙන්ම crypto trading. මේ ගැන ප්‍රාමාණික දැණුමක් තියෙන අය දන්නව නිවරැදි risk reward ratio එකක් එක්ක නොකඩවා මාසිකව ලාබයක් උපයන වෘත්තිමය ට්‍රේඩර් කෙනෙකුට වුනත් මේක කරන්න බැරි බව සහ නොකරන බව. ඒ වුණත් ඉතින් මෙයාලගෙ ට්‍රේඩර්ල ඔස්ට්‍රේලියා, ඩුබායි, ඇමෙරිකා එහෙම ඉන්නවලු ඊටත් වඩා ලාභ හොයන්න පුළුවන් අය.🤣🤣
ට්‍රේඩ් කරන්නෙ රොබෝවරු කියලත් කියනව. 😜😆 මේ කියන්නේ Expert Adviser එහෙම නැත්නම් bots ල ගැන. දන්නෝ දනිති. ඒ ගැන මුකුත් නොලිය ඉන්නම් වැඩක් නැති නිසා.

⭕ 20% ගෙවන කතාවෙ හොඳම බොරුව -

ඉතින් මෙයාල අපිට 20% ගෙවන්න වගේම අලුත් කෙනෙක් වෙනුවෙන් 10% කොමිස් ගෙවන්නත්, අලුතෙන් අය බඳවන තරමට ඉක්මණට එයාගෙ හතර ගුණයක මුදලත් ගෙවන්න වගේම එයාලගෙ ලාබයක් උපයගන්න නම් onmax එක මාසෙකට 20% වඩා නොකඩවා උපයන්න ඕන කියල මතක් කරන්න උවමනා නැහැනෙ.
හොඳම විහිලුව තමයි මේ කියන්න හදන්නෙ. ලොකු ගණන් අතෑරල මාසෙකට 20% ප්‍රතිලාබ හොයන්න පුළුවන් එකෙක් ගැන බලමු. වෙන කාගෙවත් සල්ලි නැතුව අවරුදු කිහිපයක් ඇතුලත ලෝකේ ලොකුම කෝටිපතිය වෙන්න පුළුවන්කම තියාගෙන අපේ රටේ මිනිස්සු ගැන සත්ත්ව කරුණාව පහලවීම.😢
අපි හිතමු ඇ.ඩො.1000 ක්, ඒ කියන්නෙ රුපියල් 36000 ක් වගේ දාල මාසෙකට 20% හොයන්න පුළුවන් කෙනෙකුට අවරුදු 8 මාස 9 යනකොට ඇ.ඩො. බිලියන 184ක් තියෙන Elon Musk ව පහු කරල ඇ.ඩො. බිලියන 206 ක් හොයන්න පුළුවන්. හෝටල් කිහිපයක අයිතිය තියෙනව කියන සමරකෝන් බස්නායකට ඇ.ඩො.100000 ක්, ඒ කියන්නෙ රුපියල් කෝටි 36 ක් වගේ ගානක් තනියම දාල මාසෙකට 25% ක් හෙව්වොත් අවරුදු 5 මාස 5 ක් යනකොට ඇ.ඩො. බිලියන 199 ක් හොයල Elon Musk ව පහු කරන්න පුළුවන්. දවසේ ලාභය මුල් මුදලට එකතු වෙන විදියට බැලුවොත් අවරුදු 4 මාස 6 ක් යනකොට ඇ.ඩො. බිලියන 210 ක් හොයන්න පුළුවන්. (රූප සටහන් බලන්න)
පහල ලින්ක් එකෙන් ගිහින් ඔයාටම පුළුවන් ඒ ගැන තහවුරු කරගන්න. අවුරුදු කිහිපයක් ඇතුලත ලෝකේ ලොකුම කෝටිපතිය වෙන්න පුළුවන්කම තියාගෙන සමරකෝන් බස්නායක අපේ රටේ මිනිස්සු ගැන සත්ත්ව කරුණාව පහල වෙලා දෙවියෙක් වගේ අපි වෙනුවෙන් කරන මේ සේවය ගැන කියන්න වචන නෑ මිත්‍රවරුණි. 🤭🤣
https://www.thecalculatorsite.com/finance/calculators/compoundinterestcalculator.php

⚠️▶️ එහෙම පෙන්නල දීලත් නොතේරෙන උදවිය වෙනුවෙන් තමයි මෙතනින් එහාට කියවන්න තියෙන්නෙ.

⭕ කවුද මේකේ chairman ?

මෙයා තමයි අර කියන ඕස්ට්‍රේලියාවේ ඉන්නව කියන ලොකු සල්ලිකාරය. සෑම් බස්නායක නැත්නම් සමරකෝන් බස්නායක කියන කෙනා. මෙයා දැනට ඉන්නව කියන්නෙ ඕස්ට්‍රේලියාවේ. මෙයාට හෝටල් කිහිපයක අයිතිය තියෙනව කියල තමයි කියන්නෙ. මෙයා ලංකාවෙ මුල්ම විශාල පිරමිඩ වංචාව වන Best Life එකේ උඩම හිටිය කෙනෙක් වගේ මතකයි.😇 මේ කියන තරම් මුදල් එයාට තියෙනවනම් ඒ Best Life එකෙන් රවට්ටපු අහිංසක මිනිසුන්ගෙ සල්ලිම වෙන්නත් පුළුවන්.

⭕ Onmax dt එක අවරුදු 15ක් පරණද?

නෑ නෑ හැබැයි මුලදී කිව්වෙ එහෙම තමයි.😁 Onmax dt කියල ආයතනයක් ලියාපදිංචි කරල තියෙන්නෙ 2021 සැප්තැම්බර් 02. දැන් කියන්නෙ ඉතින් සෑම් බස්නායකගෙ ව්‍යාපාර වලට තමයි අවුරුදු 15ක් වෙන්නෙ කියල. 😅 එයාලගෙ වෙබ් එකේ නම් තියෙන්නෙ onmax පටන්ගත්තේ 2016 කියල. 🤣🤣

⭕ Onmax dt කියන්නෙ ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි ආයතනයක්ද ?

ඔව්. ONMAXDT PTY LTD කියල ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කරල තියෙනවනම් තමයි. ඒත් ඔයාල දන්නව මෙතෙක් ආපු හැම පිරමිඩයකටම ලියාපදිංචිය තිබුණ බව. ලියාපදිංචි කරන්නෙ එයාල ඇත්තටම කරන දේ නෙවෙයි. බොහෝවිට වෙනත් සාමාන්‍ය වෙළඳ ආයතනයක් විදියට. Onmax එකත් එහෙමයි කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.
එයාලගෙන් ඇහුවම සමහරු කියන්නෙනම් ලංකාවෙත් ලියාපදිංචිය වගේම මහබැංකුවේ ලියපදිචිය තියෙනවා කියල. තව සමහරු කියනව මේක ඕස්ට්‍රේලියාවේ නිසා එහෙම ඕන නෑ කියල.😇 කොහොමවුනත් එයාලට ලංකාවෙ ලියාපදිංචිය නැති බව පහල ලින්ක් එකෙන් අදාළ නම සඳහන් කරල ඔබටම බලාගන්න පුළුවන්.😂
https://eroc.drc.gov.lk/home/search

⭕ ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි ආයතනයක් නිසා ප්‍රශ්නයක් නැහැ නේද?

පහල පළමු ලින්ක් එකෙන් ABN No - 34653360957 යටතේ බලන්න. නැත්නම් ACN No - 653360957 යටතේ සොයා බලන්න. නමුත් GST registration නැහැ කියන එක වගේම ASIC ලියාපදිංචිය තිබෙන බව දෙවන ලින්ක් එකෙන් බලාගන්න පුළුවන් වුනත් මුල්‍ය ආයෝජන සම්බන්ධ සමාගමක් නිසා අනිවාර්ය Australian Financial Services (AFS) license එක නොමැති බව තුන්වන ලින්ක් එකෙන් ACN අංකය සහ AFS යන්න තෝරාගැනීමෙන් බලාගන්න පුළුවන්. මුල්‍ය ආයෝජන සමාගමක් ලෙස සක්‍රීයව ඔස්ට්‍රේලියාව තුල මෙය පවතින්නක්ද සහ පැවතිය හැකිද යන බව අවබෝධ කර ගැනීම ඔබ සතුයි.
https://abr.business.gov.au/ABN/View?id=34653360957

https://connectonline.asic.gov.au/RegistrySearch/faces/landing/panelSearch.jspx?searchText=653360957&searchType=OrgAndBusNm&_adf.ctrl-state=2zn6bgfat_15

https://connectonline.asic.gov.au/RegistrySearch/faces/landing/ProfessionalRegisters.jspx?_adf.ctrl-state=2zn6bgfat_212

⭕ මෙයාල ප්‍රතිලාභ ගෙවන්නෙ කොහොමද?

ප්‍රතිලාභ කියල දෙයක් නැහැ මිතුරනි. 😁 මේ ගෙවන්නෙ මිනිස්සු මේකට දාන සල්ලිම තමයි. නිතරම සිද්දවෙන්නෙ අලුතෙන් අහුවෙන සහ මොවුන්ට මුදල් පුදන පිරිස සහ පැරණි උදවිය පුදන මුදලත් ගුණාකාර වශයෙන් වැඩිවෙන නිසා ඒ සල්ලි වලින්ම ප්‍රතිලාභ ගෙවනව කියල පෙන්නන එක අමාරු දෙයක් නෙවෙයි.🤮
💔 අනුන්ගෙ දියුණුව බලාගෙන ඉන්න බැරි කුහකයො අකුල් හෙලනව කියල කෑගහන මෝඩයන්ට කියන්න තියෙන්නෙ onmax එක සල්ලි හොයන්නෙ එයාල කියන trading වලින් නම්, ඔයාට ඒ ගැන විශ්වාස නම්, මොකා උඩ පැන්නත් මොකද? අලුතෙන් තව එකෙක් වත් රුපියලක් වත් සල්ලි දැම්මෙ නැතත් onmax එක දිගටම කරගෙන යන්න පුළුවන් වේව් එයාලට trade කරල ප්‍රතිලාභ ගෙවන්න පුළුවන් නිසා. ඒ නිසා බය නොවී ඉන්න. 🐃

⭕ මුලින් සල්ලි දාන අය බේරෙනවද?

නැහැ. ප්‍රතිලාභ විදියට පෙන්නල ගෙවන මුදලුත් onmax එකේම රඳවගන්න විදියත් කලින්ම සැලසුම් කරල ඉවරයි. කලින් කිව්ව වගේ එයාලගෙන් ලැබෙන බෝනස් තුන් ආකාරයකින් ලැබෙන එක ප්‍රතිලාබ ගනිපු කෙනෙකුට නැවත මුදල් යොදනකොටත් ඒ විදියටම ලැබෙනව. වාසි පිට වාසි.💰💵 ඉතින් මම දන්න උදවියනම් එයාලට ලැබුන හතරගුණය විතරක් නෙවෙයි වැඩේ විශ්වාස නිසා තවත් ලොකු මුදලක් එක්ක ලැබුන මුදලත් නැවත onmax එකට පුදපු එකම තමයි කරල තියෙන්නෙ. 🐰 වැඩි වැඩියෙන් අලුතෙන් කට්ටිය බඳවාගන්න උදවියට නම් බෝනස් කතාවක් එක්ක සල්ලි ඉක්මණට ගෙවන්නෙ ඉතින් advertisement එක වෙනුවෙන් කියන එකත්, ඒකෙන් පාඩුවක් වෙනවද කියන එකත් තේරුම් ගන්න එක ඔබට බාරයි.

⭕ Scam වෙන්නෙ කවදද?

මේ කියන්නෙ බස්නායක සල්ලි අරගෙන පනින්නෙ කවදද කියල.🏃 ඔයාලගෙන් ගන්න සල්ලි මාස 15ක් මෙයාල තියාගන්නෙම එයාලගෙ හරි වෙලාව එනකල් කාලය ගන්න.
මේ විදියට යනකොට එකතුවෙච්ච මුදල ඇති කියල හිතුන වෙලාවට හෝ අලුතෙන් බැඳෙන පිරිස සහ ඔවුන් පුදන මුදල් අඩුවෙනකොට හෝ මහබැංකුව ඇතුළු අදාල ආයතන මගින් හෝ වෙනත් පිරිසකගෙන් මීට එරෙහිව ක්‍රියාමාර්ග සිද්ධ වෙන වෙලාවට තමයි බස්නායක සල්ලි ටික අරන් පනින්නෙ.
දැනටමත් සූරියවැව ප්‍රදේශයේ අයට මුදල් ගෙවන එක නවත්තල ඉවරයි එහෙන් අලුතෙන් මුදල් යොදන පිරිස අඩුවෙලා නිසා. මෙයාල මුලින්ම ගොදුරු කරගත්තෙ තරමක් නොදියුණු දුෂ්කර පැති වල මිනිස්සු. ඉතින් එයාලටම තමයි මුලින්ම කෙලවිම සිද්ධ වෙන්නෙත් තොරතුරු ඉක්මණින් සමාජගත වෙන්නෙත් නැති නිසා. 😡

⭕ ප්‍රතිලාභ අරගෙන අයින් වුනානම් ගොඩ නේද?

කෙලින්ම හොරකමක් කරන එකෙයි හොරු කල්ලියකට අනුබල දීල සල්ලි හොයන එකෙයි වෙනසක් තේරෙන්නෙ නැත්නම්, මුන්ගෙ බොරු වලට රැවටුන මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරන එක සාධාරණයි කියල හිතෙනව නම් අවුලක් නෑ. කොටියෙක් දඩයමක් කරනකන් බලාගෙන ඉඳල සුන්බුන් ටික කන නරි සහ ඔබගෙ කිසි වෙනසක් නෑ.🤮🤮🤮
ඒ වගේම බස්නායක සල්ලි අරගෙන පනින වෙලාව දන්නෙ එයයි එයාගෙ ළඟම ගෝලයෝ ටිකයි විතරක් නිසා ඔයාට ටොපිය හම්බවෙන වෙලාව ඔයා දන්නෙත් නෑ. අනිත් හේතුව තමයි මුදල් ඔයාගේ අතට ගත්තත් තන්හාව නිසා කලින් කිව්ව වගේ නැවත මුදල් යොදන්න ඔයාටම ඒ වෙලාවට පාලනය කරන්න ටිකක් අමාරු සිතිවිල්ලක් පහල වෙන එක.

⭕ මෙයාල වංචා කරපු මුදල හරියටම හොයාගන්න බැරි වෙන්නෙ ඇයි?

කිසි කෙනෙක් ආයෝජනය කරන මුදල කීයක්ද කියන එක onmax එකේ වෙබ් සයිට් එකේ හැර වෙන කිසිම තැනක සටහන් වෙන්නෙ නෑ. කිසිඳු ආකාරයක බැංකු සටහනක් හෝ රිසිට් පතක් කාටවත් ලැබෙන්නෙ නෑ. එහිදී තැන්පත් කරන මුදල් USDT බවට පත් කරන නිසා ඊට පසුව එම මුදල් කීයක්ද පවතින්නේ කුමන තැනකද යන්න කිසිඳු ආකාරයකට නැවත සොයාගැනීමට නොහැකි වන විදියට සඟවන්න පුළුවන් බව විද්‍යුත් මුදල් ඒකක ගැන ප්‍රමාණික දැනුමක් ඇති උදවිය දන්නව.
onmax වෙබ් පිටුව මකා දැමීමෙන් එහි යම් ආකාරයක මුදල් පිලිබඳ සටහන් ලබා ගැනීමටද නොහැකි ආකාරයට පත් කල හැකි ක්‍රම ඇති බවද අමුතුවෙන් කියන්න උවමනා නැහැ. ඒ නිසා දවසක නීතිය ක්‍රියාත්මක වෙලා මොවුන් අත්අඩංගුවට ගත්තත් සාක්ෂි නොමැති නිසා නිදහස් වෙන්න ලොකුම අවස්ථාවක් තියෙනව.
කියන්න තියෙන්නෙ well planned scam ⚠️ කියල තමයි.

⭕ පිරමිඩ භයානක ඇයි ?

ඇල්බේනියා කියන රටේ 1997 පිරමිඩ ව්‍යාපාරයක් නිසා සිවිල් යුද්ධයක් පවා ඇතිවෙලා තියෙනව. පිරමිඩ වෙනුවෙන් යෙදවෙන මුදල සීමාකාරී වුණත්, onmax කියන්නෙ එවැනි සීමාවක් නැති, දාපු මුළු මුදලම වුණත් නැති වෙන්න පුළුවන් පොන්සි ස්කෑම් එකක් නිසා ඒ වගේ බරපතල දෙයක් වෙන්න තියෙන ඉඩකඩ ඊට වඩා බොහොම විශාලයි.
තොරතුරු දන්නා උදවිය දන්නව සමහර පුද්ගලයො onmax එකේ මොනතරම් ලොකු මුදල් දාල තියෙනවද කියන එක. අඩුම වශයෙන් ලක්ෂ කහිපයක ඉඳල කෝටි ගණන් වෙනකන් මුදල් යොදවපු අය තමයි ඉන්නෙ. රුපියල් බිලියනයක්වත් බස්නායක මේ වෙනකොට එකතු කරල ඉවරයි කියන එක තමයි මගේනම් අදහස. 💔 කොතරම් පිරිසක් ගොදුරු වෙලා ඉන්නවද සහ කොපමණ විශාල වශයෙන් මුදල් යොදල කියන එක ගැන දල අදහසක් තියෙන කෙනෙකුට නම් ඒක පුදුමයක් වෙන්නෙ නෑ.

⭕ Onmax හොරු නම් ලොකු උත්සව එහෙම පවත්වන්නේ කොහොමද?

😀 මෙහෙම හිතෙනව නම් ඔයා මීට කලින් best life වගේ පිරමීඩ ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක්. ලොකු හෝටල් වල පොලිස්‌ ලොක්කන් සහ ප්‍රසිද්ධ චරිත එක්ක ඔවුන්ගේ උත්සව මොන තරම් පැවැත්වූවාද බව නොදන්නා කෙනෙක් විය යුතුයි.

⭕ මහ බැංකුව මේ ගැන හොයන්නෙ නැත්තෙ ඇයි ?

මේක මෙච්චර භයානක දරුණු වංචාවක් නම් මහ බැංකුව හෝ අදාල ආයතන මේ ගැන හොයන්නෙ නැත්තෙ ඇයි කියල ඔයාට හිතෙනව නම් ඔයා ලංකාවෙ කෙනෙක් වෙන්න බැහැ.😂 ඕස්ට්‍රේලියාවේ සමාගමක් 😇ලංකාවෙ මේ වගේ වැඩක් කරන්නෙ ඇයි කියන එක ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවෙ නීති, නීති පිලිබඳ ආයතන සහ නිලධාරීන් වැඩ කටයුතු සිදු වන ආකාරය දුෂණ, වංචා, පගාව ගැනීම ගැන හිතල තේරුම් ගන්නකො. 😀🙏නෙත් එෆ්එම් බැලුම්ගල වැඩසටහන් අහල තව වැඩිදුර විස්තර තීරණය කරන්න ඔබට පුළුවන්.

⚠️ මෙච්චර කියලත් තේරෙන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් පහල ලින්ක් එකෙන් ගිහින් නැවත මතක් කරගන්න මීට මාස කිහිපයකට කලින් 'කෝටි 1400 වංචා කර පනින්න හැදූ චීන යුවල' සිරස්තලය යතතේ විකාශය වුන පුවත ගැන. නම Onmax dt නොවුනට මේ වංචාවම මීට සමානම ආකාරයකින් වෙනත් නමකින් වෙනත් පිරිසක් කරපු පුවතක් තමයි මේ.
https://www.youtube.com/watch?v=C9YA48KNgP4&t=10s

⚠️ onmaxdt.com කියන මෙයාලගේ වෙබ් එකෙන් හදුනාගන්න පුළුවන් තවත් බොරු ටිකක් ගැන ලිපියක් පහල ලින්ක් එකෙන්.
https://m.facebook.com/story.php?story_fbid=2072169669645986&id=100005589184897&mibextid=Nif5oz

⚠️ Onmax dt ගැන පළවූ වෙනත් වැඩසටහන් සහ ලිපි පහතින් දක්වා ඇත.

➡️ අද පුවත්පතේ 2022.11.28 පළවූ ලිපිය -

shorturl.at/bjyH9

➡️ Dailymirror පුවත්පතේ 2022.12.01 පළවූ ලිපිය -

https://www.dailymirror.lk/breaking_news/Sri-Lankans-falling-prey-to-Pyramid-racket-called-Onmaxdt/108-249657

➡️ නෙත් එෆ්එම් බැලුම්ගල වැඩසටහනේ මාස 4කට පෙර සිට පළවූ වැඩසටහන් හතර (ඒවගෙ comments කියවන්නත් අමතක කරන්න එපා) -

https://youtube.com/watch?v=Epo0MLqviTU&si=EnSIkaIECMiOmarE
https://youtube.com/watch?v=8GCcfGhyfwc&si=EnSIkaIECMiOmarE
https://youtube.com/watch?v=eHanIAMhRk4&si=EnSIkaIECMiOmarE
https://youtube.com/watch?v=S-ERDaglHjw&si=EnSIkaIECMiOmarE

🙏 අවසානයට කියන්න තියෙන්නෙත් මේ වගේ වංචා වලින් තව කෙනෙක්ව ගලවගන්න උවමනාව තියෙන අයගෙන් මේ පොස්ට් එක උස්සල අදාළ කරුණු විතරක් වෙනස් නොකර ඕනෑම තැනක ඕනෑම ආකාරයකට පළකරන්න. කිසිම ගැටළුවක් නැහැ. ඒ සේවය අගය කරනව. ඒ වගේම තමයි මේ තරම් සාක්ෂි ඉදිරිපත් කරලත් තවමත් Onmax DT එක හොඳයි කියල හිතෙනව නම් 🖕

🙏

Online Entrepreneur Group එකේ පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගන්නා ලද්දකි.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Merc Code posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Merc Code:

Share