Tech & Hack

Tech & Hack Welcome to Tech and Hack.. සිංහලෙන් tech news, hacking, new gadgets, app review, ti

08/09/2025

රුසියාවේ පිළිකා
එන්නත සාර්ථකයිලු
🥺🙏

🔥 Facebook Monetization – ඔබේ පිටුවෙන් ආදායමක් ගන්න! 🔥*ඔබේ page එකෙන් *ආදායමක්* ගන්න දැන් ඉතා පහසුයි!  ඔබත් මේ ...
07/09/2025

🔥 Facebook Monetization – ඔබේ පිටුවෙන් ආදායමක් ගන්න! 🔥*

ඔබේ page එකෙන් *ආදායමක්* ගන්න දැන් ඉතා පහසුයි!
ඔබත් මේ ක්‍රම ඔස්සේ *monetize* වෙන්න පුළුවන්!

*📌 අවශ්‍ය මූලික කොන්දේසි:*
1. Page එකට *10,000 followers* +
2. *Engagement* (Likes, Shares, Comments) තියෙන විඩියෝ
3. *3-minute+ videos* with *1-minute views over 30K* in last 60 days
4. Facebook Policies & Community Guidelines වලට අනුගත වීම

*💰 Monetization Methods:*
- *In-stream Ads* (Video ads)
- *Stars* (Fans give money via stars)
- *Subscriptions* (Paid fan support)
- *Reels Bonus Program* (Selected regions only)

*🎯 වැඩේ පටන් ගන්න විදිය:*
1. Page එක grow කරන්න (quality content දාන්න!)
2. *Meta Creator Studio* හරහා insights බලන්න
3. Monetization tab එක check කරන්න eligibility තියෙනවද කියලා

---

**ඔබේ කැමැත්තේට පහලින් Comment කරන්න! 💬
Follow කරන්න තවත් tech tips වලට! 🔧💻**


🔥 Facebook Monetization – Start Earning from Your Page! 🔥*

Now it’s easier than ever to make *money from your page*!
You too can *monetize* with the right strategy.

*📌 Basic Requirements:*
1. A page with *10,000+ followers*
2. Good *engagement* (Likes, Shares, Comments) on your videos
3. *3-minute+ videos* with at least *30,000 1-minute views* in the last 60 days
4. Must follow Facebook’s Policies & Community Guidelines

*💰 Monetization Methods:*
- *In-stream Ads* (Video advertisements)
- *Stars* (Fans send money through stars)
- *Subscriptions* (Monthly fan support)
- *Reels Bonus Program* (Available in selected countries)

*🎯 How to Start:*
1. Grow your page (post quality content!)
2. Use *Meta Creator Studio* to track performance
3. Check the Monetization tab to see if you're eligible

---

**Comment below if you're interested! 💬
Follow us for more tech tips! 🔧💻**

23/06/2021
මේ article එක මම ලියන්න හිතුවේ ලංකාවේ තියන cybersecurity education mafia එක ගැන ඔයාලට අවබෝධයක් දෙන්න. cybersecurity කියන...
24/02/2021

මේ article එක මම ලියන්න හිතුවේ ලංකාවේ තියන cybersecurity education mafia එක ගැන ඔයාලට අවබෝධයක් දෙන්න. cybersecurity කියන්නේ local and international job market එකේ ලොකු demand එකක් තියන field එකක්. ඒ නිසා අද කාලේ ගොඩක් දෙනා ඒ ගැන ඉගෙනගන්නවා. මම මේ article එක ලියන්නේ අවුරුදු 5කට වඩා cybersecurity industry එකේ job කරලා, anonymous operations වල ඉදලා මට තියන experience වලින්.
ලංකාවේ ගොඩක් cybersecurity courses තියනවා මේ වෙනකොට නමුත් මේ කිසිම course එකකින් හරි resources buildup වෙන්නේ නෑ. හේතූ දෙකක් මේකට බලපානවා.
1.Instructors ලට understanding එකක් නෑ මොනවද එයාලා ඉගෙනගන්නේ කියලා
2. Students ලට understanding එකක් නෑ මොනවද එයාලා ඉගෙනගන්නේ කියලා
මේ දේට අපිත් වගකියන්න ඕනේ. මොකද industry එකේ ඉන්න professionals ලා එලියට එන්නේ නෑ. ලංකාවේ cybersecurity job එකක් කරනවා කියන්නේ ලොකු responsibility එකක් ඒ නිසා professionals ලා එයාලගේ වැඩ එක්ක ගොඩක් busy.
මෙතන ගොඩක් අය හිතනවා ඇති CEH, OSCP කලාම නියම hackers ලා කියලා. මේකේ ඇති CEH, OSCP කරපු අය. ඒ කවුරුහරි කිව්වොත් ඒ course එකකින් exploitation එකක් කරලා database එකක් hack කරන විදිය database එකක් remote server එකකට copy කරන විදිය sql database එකක structure එක කියලා දෙනවා කියලා පිළිගන්න මම බොරු කියන්නේ කියලා.
මට කියන ඕන උනේ ලක්ෂ ගණන් වල courses කරලා hacker කෙනෙක් වෙන්නේ නෑ paper qualifications තියන කෙනෙක් ඒකට skill එක ඕනේ. කට්ට කාලා වැඩ කරන්න ඕනේ. database එකක් hack කරන්න කලින් ඉගෙනගන්න database එකක් හදන විදිය, webserver එකක් hack කරන්න කලින් ඉගෙන ගන්න webserver එකක් host කරන විදිය apache, php එහෙම දාලා. Hacking ගැන ඔයාලා හිතන විදිය වෙනස් වෙන්න ඕනේ. ගොඩක් අයට තියෙන්නේ වැරදි idea එකක් hacking ගැන.
අපිට පුළුවන් විදියට අපි support කරන්නම් opensource cybersecurity education platform එකක් හදන්න. අපේ knowledge අපිට පුළුවන් විදියට අපි share කරගන්නම්. Windows වලට වඩා Linux දියුණු උනේ Linux opensource උන නිසා ලංකාවේ cybersecurity education mafia එක බිදින්න ඕන නම් හැමෝටම හරි cybersecurity education platform එකක් හැදෙන්න ඕන නම් ඒකට interest අය ඉස්සරහට එන්න ඕනේ.
#ⁱˢᵘʳᵘ

NEWS UPDATE 🟣සයිබර් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් ගූගල් ඩොට් එල් කේ ඇතුලු එල් කේ ඩොමේන නාමය සහිත වෙබ් අඩවි කිහිපයක් බිඳ වැ...
06/02/2021

NEWS UPDATE 🟣

සයිබර් ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් ගූගල් ඩොට් එල් කේ ඇතුලු එල් කේ ඩොමේන නාමය සහිත වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය සහ එල් කේ ඩොමේන නාම ලේඛකාධිකාරිය සමග එක්ව එය යථා තත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පැමිණිලි වෙතොත් 011-4216061 යන අංකයට යොමු කරන ලෙස එම කොමිෂන් සභාව ඉල්ලීමක් කරනවා.

මේ හේතුවෙන් යම් ගැටළුවකට මුහුණ දී සිටින පුද්ගලයන්ට එන් අයි සී ඩොට් එල් කේ වෙබ් අඩවියට පිවිසීමෙන් ද පැමිණිලි යොමු කල හැකියි.

මතකද මෙයාව.. 😁❤MS Office Assistantඒ කාලේ කොම්පියුටර් එකක් එක්ක පොඩි හරි ගනුදෙනුවක් තිබුන අයට නම් මේ සුන්දර මතකය අමතක වෙන...
02/02/2021

මතකද මෙයාව.. 😁❤

MS Office Assistant

ඒ කාලේ කොම්පියුටර් එකක් එක්ක පොඩි හරි ගනුදෙනුවක් තිබුන අයට නම් මේ සුන්දර මතකය අමතක වෙන්න විදිහක් නෑ.මතකද ඒ කාලේ MS Office 97, 98 වල හිටපු ෆයිල් කටුව.Word, excel වල මෙලෝ දෙයක් දන්නෙ නැති උනාට මේ ෆයිල් කටුව බලන්නම ඔය ඇප්ලිකේෂන් එක රන් කරපු අය කොච්චර ඇද්ද?

ඔෆිස් ඕපන් කරද්දීම කොළයක් උඩින් ලිස්සල ඇවිත් ස්ක්‍රීන් එකේ පැත්තකින් ඉඳන් බලන් ඉන්න හැටි.ඒ වගේම මොනාහරි අවුලක් උනොත් අපිට උදව් කරන්න ආපු හැටි.අනේ ඉතින් ඒවා නම් අද කොම්පියුටර් පාවිච්චි කරන අයට මිස් වෙච්ච සුන්දරම මතක තමයි.ආහ් සමහරු මෙයාව අයින් කරලා එකේ හිටපු වෙන වෙන අයවත් දාගෙන හිටියා.Merlin කියල සීය කෙනෙක්, The Genius කියල කොණ්ඩේ අවුල් වෙච්ච අන්කල් කෙනෙක් එහෙම හිටිය මතක ඇති නේහ්..?

- Copied

11/01/2021
💥නැවතත් Huawei අලුගසා දමමින් නැගිටීමට සූදානම් වන ලකුණු😮                                    🔰Huawei සමාගම මේ වනවිට ටිකෙන්...
11/01/2021

💥නැවතත් Huawei අලුගසා දමමින් නැගිටීමට සූදානම් වන ලකුණු😮



🔰Huawei සමාගම මේ වනවිට ටිකෙන් ටික ඇදවැටෙමින් පවතින බව නොරහසක්. අද දිනයේ නිකුත් වූ වාර්තාවකට අනුව Huawei සමාගමේ නිර්මාතෲ මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ද වන රෙන්ග් ශෙන්ෆෙයි විසින් තම සමාගමේ උසස් නිලධාරීන්ට පවසා ඇත්තේ Huawei සමාගමේ ව්‍යාපාර පිළිබඳ නැවත වරක් අවධානය යොමු කරන ලෙසයි. එහිදී උපායමාර්ගික ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු විසින් උසස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

🔰Globle Times සඟරාවකට අනුව ප්‍රධාන විධායක නිලධාරියා විසින් Email පණිවිඩයක් මගින් මේ පිළිබඳව සිය කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ඔහු විසින් පවසා ඇත්තේ ඉදිරියේදී Huawei වෙත පැමිණෙන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය උපාය මාර්ග තවදුරටත් සකස් කරන ලෙසයි . තවද ඔහු මෙසේද පවසා සිටියා . " අප සමාගම සීමිත බලයක් සහිත සමාගමක් වන බැවින් අප යම්කිසි ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ නම් එම ව්‍යාපෘති හොඳින් සකස්කර ඒවාට හොඳින් සූදානම් විය යුතු බවයි". තවද " අපට හැකි ප්‍රදේශවල සහ අපට කළ කලහැකි දේවල් වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන නැවතත් බිම් මට්ටමේ සිට සමාගම ගොඩනැගීම මගින් අන් අයට වඩා හොඳ විසඳුම් තම සමාගමට ලබා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

🔰නිර්මාතෘ විසින් සමාගමේ Cloud Computing Business පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ Microsoft , Amazon වැනි සමාගම් වලින් Huawei සමාගමට බොහෝ දේ ඉගෙන ගැනීමට ඇති බවද සඳහන් කර ඇත .

🔰Software Business , Online Shopping Store වැනි ව්‍යාපාර සදහා ඉදිරියේදී Huawei සමාගම යොමුවන බවයි නවතම තොරතුරු වලට අනුව නම් සදහන් වන්නේ .

තවත් අලුත් Tech Update එකකින් ඉක්මනින්ම හමුවෙමු . එකතු වෙලා ඉන්න 𝐭𝐞𝐜𝐡&𝐡𝐚𝐜𝐤 එක්ක
ඔයාලට සුභ දවසක් ❤️❤️❤️
-𝐢𝐬𝐮𝐫𝐮 𝐦𝐚𝐝𝐡𝐮𝐬𝐚𝐧𝐤𝐚-

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Tech & Hack posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share