Computer Hacking Trics

Computer Hacking Trics Come here and Check out these tips

Windows 10 ඇක්ටිවේට් කරගමු==========================මේකෙන් ඔයාලට Windows 10 එක වගේම Office 2013ත් ඇක්ටිවේට් කරගන්න පුළුව...
03/08/2015

Windows 10 ඇක්ටිවේට් කරගමු
==========================

මේකෙන් ඔයාලට Windows 10 එක වගේම Office 2013ත් ඇක්ටිවේට් කරගන්න පුළුවන්...

Password එක : 153426

මෙතනින් බාගන්න
http://www.mediafire.com/download/jjm76g4n14d9jwk/Windows_10_Activator.rar

10/07/2015

BOTNET යනු කුමක් ද?
================

අද පවතින නොයෙක් රටවල පාවිච්චිකරන සාමාන්‍ය පරිගණක 3 එකක් පාලනය කරන්නේ සයිබර් අපරාද කරුවෙකු (cyber criminals ) විසිනි. මොවුන් අප ගේ ගෙදර තිබෙන පරිගණකය ඔවුන් ගේ යටතට ගෙනිමට විවිද උපක්‍රම යොදා ගනී .මෙලෙස මොවුන්ගේ යටතට ගෙන ඇති පරිගණක කොටි ගණනකි. ඇසෙම මොවුන් මේ පරිගණක සියල්ල එක්කොට එක ජාලයක් ලෙස ක්‍රියාත්මක කෙරේ .

මෙය (botnet) කියා හ්දුන්වයි . මෙය අද තාක්ෂනය අතින් තියෙන ලොකුම අර්බුදය වේ . (bot) යන වචනය එන්නේ (robot ) යන වචනයෙනි . (robot ) යනුවෙන් හදුන්වන්නේ යම් කාර්යක් ඉබේම කිරීමේ හෙකියව තිබිමටය . එනම් search Engine එකක සේවුමකට ගෙලපෙන web පිටුව සොයාදෙනු ලබන්නේ spiders නෙමෙති රොබෝ වෙඩසටහන මගෙනි. මෙය රොබෝ වැඩසටහනකට උදාහරණයක් වේ.රොබෝ වැඩසටහන් හදුන් වන්නේ (IRC bot) යන නමිනි . එනම් (internet relay chat ) මෙය සන්නිවේදනය කල හැකි තාක්ෂණයකි. එනම් ප්‍රොටෝකොළයකි. කටත් පහේ මේ (IRC bot) servers අකට සම්බන්ද විය හැක . botnet තෙනෙන්නේ මේ ජාල ඔස්සේ ස්වයන්ක්‍රියව විදාන හැසිරවීම තුලිනි.

මෙලෙස ජාල තෙනිමට පෙර බොට්නෙට් කරු කරන්නේ (botnet operator ) ගැලපෙන මෘදුකාන්ගයක් සොයා ගෙනිමය් . නෙතොහොත් ගැලපෙන මෘදුකාන්ගයක් සද ගෙනිමය් . සාමාන්‍ය පරිගණක බොට්නෙට් කරු (botnet operator ) මොවුන්ගේ යටතට ගන්නේ අයිටිකරුවට වත් නොදෙනෙන ලෙසය . එනම් (Trojan) මද්‍යයේ වෙඩසටහන් ලෙසය . මෙය ක්‍රියාත්මක වනවිට අයිටිකරුවට කිසිදුවෙනසක් නොදනිම මෙහි ඇති විශේසත්වය වේ . අනෙක් විශේසත්වය නම් බොට්නෙට් කරු අනුදෙනුමක් නොමෙතිව දෝෂ මගහරවා ගනිමින් යාවත්කාලින වෙන්න bot වැඩසටහනට පුළුවනි .

මෙසේ මොවුනට අසුවී ඇති පරිගණක (Zombia ) පරිගණක කියා හදුන්වති . සොම්බ් යන වචනය අප්‍රිකාවෙන් ගන්නාලද වචනයකි . මෙහි තේරුම වන්නේ මලගිය ප්‍රන කාරයෙක් ආවේශ වීම යන්නය්. මෙසේ තමං යටතට ගන්න ලද පරිගණක සියල්ල එක්කොට ජාලයක් තැන ගනී . මෙම ජාලයන් හි දාරිතාව ගෙන කිවහොත් සුළුපටු බලයක් නොවේ .මෙම ජාල විවිද ව්‍යාපාර සදහා මොහු 'පරිගණක බලය ' පෙයකට මෙපමණ මුදලක් කියා පැය ගන්නට විකිණීම සිදු කරිය් . තවද වෙබ් අඩවි අවහිර කිරීමට යම් ආයතන වලට ඕනේ වුන විට බොට්නෙට් කරු මුදල් ගෙවා ඔහුව මේ සදහා යොදවති .

ඒ බොට්නෙට් කරු ඔහුගේ ජලයේ ති පරිගණක ලක්ෂ ගණන හරහා එම web අඩවියට පිවිසීමට වෙර දරියි . එවිට මෙවෙන ව්‍යාජ තදබදය (net traffic) නිසා වෙස අයෙකුට යට පිවිසීමට නොහෙකිය . මෙලෙස වංචාකොට ebay , buyincoin වෙනි වෙබ් අඩවි ඔස්සී තමන්ට අවශ්‍ය උපකරණ ඉතාදු මුදලකට ගෙන්වා ගන්නවා ඉතා ඉහල මිලකට විකිණීමේ ව්‍යාපාර හා බැංකු වංචා කොට මුදල් ලබගේනිම වෙනි කාරයන් වටද මොවුන් බොට්නෙට් යොදාගන්නවා . මෙවෙනි (net traffic) ඇතිකිරීමක් හදුන් වන්නේ DDOS( Distribution denial of service) කියාය .දැනට තියෙන විශාලතම බොට්නෙට් ජාලය bredoLab වේ මෙහි ති පරිගණක ගණන 30 000 000 ටත් අදික වේ.

නමුත් මෙවෙනි ජාලයන් පවත්වාගෙන යන්නේ ඉතා සීමිත පිරිසක් විසිනි එනම් 2 ,3 වෙනි කිහිප දෙනෙකු එක්වීම තුලනි. එහෙත් මෙමගින් කල හැකි විනාශය සුළුපටු නැත

හැකර් කෙනෙක් වෙන්නෙ කොහොමද?==========================හැකර් කෙනෙක් වෙන්න ගොඩක් අය සිහින දකිනවා. නමුත් හැකර් කෙනෙක් වෙන එක...
26/06/2015

හැකර් කෙනෙක් වෙන්නෙ කොහොමද?
==========================

හැකර් කෙනෙක් වෙන්න ගොඩක් අය සිහින දකිනවා. නමුත් හැකර් කෙනෙක් වෙන එක ඒ තරම් ලේසි නම් නෑ. බොහෝ දෙනක් හිතන්නේ අන්තර්ජාලයෙන් හොයාගන්න මොනවා හරි මෘදුකාංගයක් බාවිතා කරලා මෙහෙයුම් පද්දතියක හෝ පරිගණක් ජාලයක වෙනසක් කලාම තමන් මහාලොකු හැකර් කෙනෙක් කියලා. ඇත්තටම හැක් කිරීම හා හැකර් කෙනෙක් වීම කාලයක් මුලුල්ලේ පරිගනක සමග ඉදාලා ලබාගන්නා වූ අත්දැකීම් වලින් ලැබෙන දෙයක් කියන එකයි මාගේ අදහස.

කෙසේ වෙතත් හැකර් කෙනෙක් වීමට ඕනේ කරන මූලික කරුණු කීපයක් තියනවා

* පරිගණක බාෂාවක් පිලිබද දැනුම
* පරිගණක මවු බාෂාව පිලිබද දැනුම
* පරිගණක ජාලකරණය පිලිබද දැනුම
* මෙහෙයුම් පද්දති හා තෙවන පාර්ශවීය මෘදුකාංග ගැන පෘතුල දැනුමක්
* පරිගණක ආරක්ශාව පිලිබද ගැබුරු දැනුමක්
* දැනට බාවිතා වන ප්‍රදාන රවුටර් ෆයර්වෝල් හැසිරවීම පිලිබද ප්‍රයෝගික දැනුම
* ජාල සබදතා ගැන දැනුම්
* යාවත්කාල වන දැනුම්
* නිර්මාණාත්මක සිතුවිලි
* පරිගණක පිස්සුවක්

ඉතින් මේ සියල්ල සහතිකපත් ඩිප්ලෝමා පාඨමාලාවකින් හෝ උපාධියකින් ලබාගත හැකි යැයි සිතන්න බෑ. කෙසේ නමුත් මෙයින් කීපයක් හෝ තමන් සන්තකයේ තිබෙනවා නම් හැකර් කෙනෙකු වීමට මූලික සුදුසුකම් තියෙනවා කියලා සෑහීමකට පත් වෙන්න පුලුවන්

මේ දැනුම ලබාගත් හැකර් කෙනෙක් තමන්ගේ දැනුම විනාශකාරී ලෙස බාවිතා කරනවා නම් ඔහු "බ්ලැක් හැට් හැකර්" කෙනෙක් ඒ වගේම සිය දැනුම පරිගණක ලෝකයේ උන්නතිය වෙනුවෙන් බාවිතා කරන කෙනෙක් නම් ඔහු "වයිට් හැට් හැකර්" කෙනෙක් ලෙසිනුයි හදුන්වන්නේ..

හැකර් කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන කෙනෙක් එහෙම නැතිනම් Ethical hacker කෙනෙකුට සිය වෘත්තීය ජීවිතයේදී වගකීම කොටසක් තියනවා. ඒ කියන්නේ හැකර් කෙනෙක් උනත් සමාජගත වීමේදී හැසිරෙන්න ඕනේ විදියක් තියනවා.

1) ethical hacker කෙනෙක් එහෙම නැතිනම් "වයිට් හැට් හැකර්" කෙනෙක් අනිවාර්යයෙන්ම තම දැනුම හා අබවිතා කරන්නවූ මෙවලම් සියල්ල බාවිත කල යුත්තේ නීත්‍යානුකූල දේවල් වලට පමනයි.. ඒ වගේම සිය දැනුම පෞද්ගලික වාසි තකා යොදවන්නත් බෑ.. ඒ කියන්නේ ලෝකයට හොද මූණ එහෙම් නැත්නම් වයිට් හැට් හැකර් කෙනෙක් විදියට පෙන්නලා වෙනත් ආකාරයෙන් නරක වැඩ වලට සිය දැනුම බාවිතා කරන්න බෑ..

2) ethical hacker කෙනෙක් යමක් හැක් කිරීමට උත්සාහ කරනවා නම් එය කරන්න යන පරිගණක පද්දතියේ ආරක්ශාවට තර්ජනයක් නොවන ආකාරයෙන් කරන්න ඕනේ. පැහැදිලි මදි නේද? ඒ කියන්නේ හැක් කිරීමකදී වහල තියන දොරවල් එහෙම නැතිනම් පරිගණක ජාලයේ වහල තියන පෝර්ට් ඇරගන්න වෙනවා. තමන් අරින්නේ මොන පෝර්ට් ද කියන එක ගැන අවබෝදයෙන් ඉදල හැකින් අවසාන උනාම ඒ අදාල පෝර්ට් වසා දැමීමක් කරන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක්

3) යම් ethical hacker කෙනෙක් සිය දැනුම් යෙදවිය යුත්තේ යම් ආයතනයක පරිගණක ජාලයේ ඇති තොරතුරු ගැන අවබෝධයෙන්. ඒ වගේම අදාල ආයතනයේ කළමණාකාරීත්වය සපයන පහසුමක් යටතේ අදාල හැක් කිරීම කරනවා හැර වෙනත් දේවල් කරන්න බෑ. ඒ කියන්නෙ අපි හිතමු යම් ආයතනයක් ගිණුම් වලට අදාල පරිගනකයක් හැක් වෙලා. වයිට් හැට් හැකර් කෙනෙකුගේ උදවු ඕනේ වෙනවා එය නිවැරදි කරගන්න. ඔහු ගිණුම් වලට අදාල සර්වරයට පිවිස දෝෂ නිරාකරණයි කරනවා හැර අදාල ආයතනයේ ඉන්ට්‍රානෙට් එකට හෝ මේල් සර්වරයට පිවිසීමට ඕනේ කරන්නේ නෑ.

4) ethical hacker කෙනෙක් යම් ජාලයකට එල්ල උන හැකින් ප්‍රහාරයකට විසදුම් සොයනවා නම් ඒ සෙවීමේදී අදාල ජාලයේ හමුවන අනාරක්ෂිත කවුලු ගැන අදාල පාර්ශවයන් දැනුවත් කරන්න තරම් කාරුණික වෙන්න ඕනේ. එහෙම නැතිව ඒ අනාරක්ෂිත තැන් වලින් පසුව ජාලයට රිංගීම වයිට් හැට් හැකර් කෙනෙකුගේ හොද වැඩක් වන්නෙ නේ. ඒ කියන්නේ අපි හිතමු බැංකුවක දත්ත ගබඩාවක් වෙත හැකින් ප්‍රහාරයක් එල්ල කරලා එහි දත්ත විනාශ කරලා නම් එය නිවැරදි කරන්න උත්සාහා කරන වයිට් හැට් හැකර් ට හැකියාව පවතින්න ඕනේ ඒ දත්ත රිකවර් කරලා පද්දතිය යතා තත්වයට පත් කරන්න. එසේම අදාල දත්ත වල බැකප් විම් සිදු වන්නෙ නැතිනම් බැකප් ගැන දැනුවත් කර ඒවා බාවිතයට ගන්නා ලෙස අදාල අංශ උනන්දු කරවන්න ඕනේ

5) ethical hacker කෙනෙක් නම් ඔහු සිය රාමුවේ සිට වැඩ කරන්න පුලුවන් වගකීමක් සහිත කෙනෙක් වෙන්න් ඕනේ. කිසිවෙකුගේ බලපෑමට සිය රාමුවෙන් පිට දේවල් කරන්න පෙලෙබෙන්න හොද නෑ.

ඉතින් අද වෙනෙකොට මේ Ethical hacking කියන දේ වයාපාරයක් බවට පත් වෙලා. මං දැක්කා Ethical hacking ගැන සහතික පත් පාඨමාලාවක් විශාල මිලකට කරන බවට අන්තර්ජාල වෙබ් අඩවි වල ඇඩ් එකක් පවා දාලා තියනවා. හැක් උන දෙයක් බේරගන්න ආයතන හෝ පුද්ගලයින් තමන්ට හැකි හැමදේම කරනවා. ඒ තරමට හැකි ප්‍රහාර ත් වැඩි වෙලා. කොහොම උනත් හැකර් කෙනෙකු වෙන්න ලෙසි නැතුවා වගේම අලුත් වෙන තාක්ශණයත් එක්ක හැකින් කියන දේ ඉදිරි අනාගතයේදී පවතිද කියන එකත් සැක සහිතයි. නමුත් සමාජයේ හැකර් කෙනෙක් කියලා හදුන්වන කෙනාට උරුම නියමිත රැකියා තත්වය වන පද්දති ආරක්ෂක ඉංජිනේරු (වෙනත් නමක් වෙන්නත් පුලුවන් කොහොම හරි නමේ අර්ථය පද්දතිය ආරක්ෂා කරනා යන එකයි) කියන පදවිය ඉදිරි කාලයේදී සෑම සෑම අයතනයකම වැදගත් රැකියා අවස්තාවක් වේවි.

අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි

* මචං මගේ FB account එක Hack උනා නැත්තන්,
* උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා

කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.
ඉතින් මං දන්න Hacking මගුලක් නෑනෙ. දන්නෙ නෑ කිවුවට උන් තේරුම් ගන්නෙත් නෑනෙ.ඉතින් මාත් මුකුත් නොකියා ඉන්නවා.දැන් උඹලා හිතයි මූ Hacking ගැන දන්නෙවත් නැතුවද අපිට Hacking කියලා දෙන්නෙ කියලා.
ඉතින් මං දන්න Hacking මගුලක් නෑනෙ. දන්නෙ නෑ කිවුවට උන් තේරුම් ගන්නෙත් නෑනෙ.ඉතින් මාත් මුකුත් නොකියා ඉන්නවා.දැන් උඹලා හිතයි මූ Hacking ගැන දන්නෙවත් නැතුවද අපිට Hacking කියලා දෙන්නෙ කියලා.
මට Hacking බැරි උනාට මම දන්නවා ලංකාවේ මහ ලොකු හැකර්ලා කියලා කියාගන්න දෙකයි පනහේ අයියලාගෙන් බේරෙන විදිය.මං කියන්නෙ ලංකාවෙ හැකර්ලා නෑ කියලා නම් නෙමෙයි.ලංකාවේ හැකර්ලට ඔය වගේ ගොන් ආතල් ගන්න වෙලාවක් නෑ.ඒ වගෙ මෝඩ ජෝක් දාන්නෙ අර දෙකයි පනහේ අය තමා.
ඉතින් මං කියලා දෙන්නෙ තමන්ගෙ FB account එක අනුන්ගෙන් ආරක්ශා කරගන්නෙ කොහොමද කියන එක තමයි.එහෙනම් අපි ඉස්සෙලම බලමු අපිව Hack වෙන්න පුලුවන් අවස්ථා මොනවද කියලා.

මේ ක්‍රම 3 තමා ඔය දෙකයි පනහෙ අය Use කරන්නෙ.මාත් Practically කරන්න දන්නෙ ඔය 3 තමයි ( හැබැයි ඔන්න මම නම් දෙකයි පනහෙ හැකර් කෙනෙක් නෙමෙයි හරිද,අහිංසකයි,රටක් වටී )

Phishing ( ෆිශින්ග් )
------------------------

මේ ක්‍රමයට දාපු නමත් මේකට හොදට ගැලපෙනවා.මේක ඇත්තටම බොරදියේ මාලු බානවා වගේ වැඩක් තමයි.මේ ක්‍රමයෙදි වෙන්නෙ ඔයාව රවට්ටලා බොරු FB LogIn Page එකක Log කරවන එක.ඒ කියන්නෙ ඔයාව Facebook Login Page එක වගේම හදපු බොරු Page එකකට ඔයාව ගෙනියනවා.ඇත්තටම මේ දෙක අතරෙ අපිට වෙනසක් පේන්නෙ නෑ.ඒත් හොදට බැලුවොත් පේනවා පොඩි වෙනස්කම් දෙක තුනක්.

1.Login Page එකේ URL එක වෙනස්.ඇත්ත Page එක නම් URL එක www.facebook.com වෙන්න ඕන.Phishing Page එකක් නම් Address Bar එකේ තියෙන්නෙ එයාලගෙ Domain එකක් හරි free hosting සයිට් එකක Link එකක් හරි.
උදා:- www.facebooook.com
www.facelink.hostfree.com
www.fbtricks.site98.com

2.URL එකේ https කියල තියෙන්න ඕන අනිවාරෙන්ම. Phishing සයිට් එකක් නම් ඔයාට පෙන්නන්නෙ http කියල.

3.ඔයා Original page එකේ Log උනා නම් ඔයාව කෙලින්ම Redirect වෙන්නෙ Facebook Home එකට හෝ ඔයා Reqest කරපු page එකට. ඒත් ඔයා Phishing Page එකක Log උනොත් (බොහෝ විට) ඔයාව ආපහු Facebook Login Page එකට හෝ Hacker ගේ Page එකකට Redirect වෙනවා. සමහරු නම් කෙලින්ම Home Page එකටම Redirect කරනවා.
මේ Phishing වලට ගොඩක් අහුවෙන්නෙ කෙල්ලො තමයි. මොලේ හැදි මිට සයිස් නිසා වෙන්න ඇති. කොල්ලොන්ගෙන් ඕකට අහුවෙන්නෙ Likes පෙරේතයො, Facebook Games වල Coins/Credits ගන්න දගලන අය තමයි. ඒ වගේ එකෙක්ට Phishing Site එකක Link එකක් දීලා මචං මේකෙන් Likes/Coins එහෙම ගන්න පුලුවන් කිව්ව ගමන් උන් ගිහින් ලණුව කනවා. ඉතින් මේ Phishing වලින් බේරෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. උඩින් කියලා තියෙන කරුණු ගැන අවදානෙන් ඉන්න. තව හැම Browser එකකම වගේ Phishing Warning තියෙනවා. ඒක Enable කරගෙන ඉන්න.

Keylogging ( කී ලොගින් )
------------------------------

මේක Phishing වගේ බැලූ බැල්මට අදුරගන්න අමාරු එකක්.මොකද Key Logger එකක් Run වෙන්නෙ අපිට හොරෙන්.මේකෙදි වෙන්නෙ අපි කරන දේවල් හොරකම් කරන එක.ඒ කියන්නෙ හැකර් ඔයාගේ කම්පියුටර් එකේ හෝ ෆෝන් එකේ වෙන දේවල් තමන්ට ගෙන්න ගන්න පුලුවන් පොඩි වැඩසටහනක් ඔයාගේ Device එකේ install කරනවා.
කී ලොගර් අදුරගන්න නම් ටිකක් අමාරුයි.මොකද මේවා අපිට දෙන්නෙ තවත් වැඩසටහන්ක් හෝ ෆයිල් එකක් එක්ක Bind කරලා. උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු හැකර් ඔයාට දෙනවා IDM Key Gen එකක්. ඉතින් ඒක install කරන්න ඔයාගේ Virus Guard එක Disable කරන්න ඕන. හැකර් කපටිය. ඌ ඒකට උගේ Key Logger Server එකකුත් Bind කරලා තියෙන්නෙ. ඉතින් අපි Key Gen එක Install කරනකොට අපිටත් හොරෙන් Key Logger එකත් install වෙනවා. ඊට පස්සෙ ඉතින් ඔයා Facebook ගිහින් E-mail,Password ගහලා Log උනාම හැකර්ට mail එකක් යනවා ඔයා ලොග් උන වෙලාවයි,ඔයාගේ E-mail Address එකයි Password එකයිත් එක්කම.
ඒ නිසා මං කියන්නෙ කවදාවත් Virus Guard එකක් නැතුව PC එක Use කරන්න එපා. Virus Guard එක උනත් Up to Date තියාගන්න. මොකද Key Loggers වලින් 98% ක්ම Virus Guard එකෙන් අල්ලනවා.
මොකක් හරි install කරනකොට Virus Guard එක off කරන්න කියනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න. ඔයාට ඒක ලැබුන කෙනා විශ්වාස නම් ඒක install කරාට කමක් නෑ. මොකද Virus Guard වලින් අල්ලන හැම එකක්ම Virus/Key Logger නෙමෙයි නිසා.
Mobile Phones වලදි නම් මේකට ගොඩාක් Use කරන්නෙ Key Pad එක. ඔයාට Trust කරන්න බැරි Vender කෙනෙක්ගෙන් ලැබෙන Apps නම් කීයටවත් විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම Key Pads. මොකද Key Pad App එකකින් පුලුවන් ලේසියෙන්ම ඔයාගේ විස්තර Hack කරන්න.

* ප්‍රසිද්ධ කී ලොගර් කිහිපයක්

SpyAgent
KidLogger
Ardamax KeyLogger
Emmisary KeyLogger
Actual KeyLogger
Total Spy
All in One KeyLogger

SideJacking ( සයිඩ් ජැකින් )
---------------------------------

මේකත් ඔයාව Haclk වෙන්න පුලුවන් තවත් විදියක්. මේක වෙන්නෙ Wi-Fi Network එකක් හෝ Local Area Network එකක් තුලදි. මේකෙදි වෙන්නෙ ඔයාගේ Login Session එක හොරකම් කිරීමක්. ඒ කියන්නෙ ඔයාගේ Facebook එකට Jack එකක් ගහනව වගේ වැඩක්. මේකට ගොඩක් අය Use කරන්නෙ FireSheep කියලා AddOn එකක්. ඒ Extention එක වැඩ කරන්නෙ Firefox එකේ එක Version එකක් එක්ක විතරයි.( දැන් මගෙන් අහන්න එපා මොන Version එකද කියලා ) ඔයා Wi-Fi Network එකක හරි LAN එකක හරි Connect කරලා Facebook යනකොට හැකර්ට FireSheep Add-On එක හරහා ඒ Network එකට Join වෙලා ඔයාගේ Facebook Account එකට Log වෙන්න. මේකෙන් බේරෙන්න නම් ඔයා අනිවාරෙන්ම facebook එකේ Secure Browsing කියන එක On කරගෙන ඉන්න. නිතරම ඔයාගේ Connection එක https ද බලන්න. පුලුවන් නම් Public Wi-Fi එකකදි හරි LAN එකක හරි Facebook යනකොට Privert Browsing On කරගන්න. මේ විදියට වැඩ කරොත් ඔයාට ඔයාගේ Facebook Account එක Hack වීමෙන් වලක්වාගන්න පුලුවන්.

Facebook Account එක Hack වෙන්න පුලුවන් අනෙකුත් විධි කිහිපයක්
-----------------------------------------------------------------------------

1:Brute Force Attacks
2:Dictionary Attacks
3:Cracking Facebook Accounts
4:Hijacking Facebook Fan Pages
5:Stealers
6:Session Hijacking
7:DNS Spoofing
8:USB Hacking
9:Man In the Middle Attacks
10:Botnets

මේ ගැනත් සැලකිලිමත් වෙන්න

Facebook කියන්නෙ ලෝකෙ හොදම Security Systems භාවිතා කරන සමාගමක්. ඒක Hack කරන්න ලේසි පාසු කෙනෙකුට බෑ. බොහෝ විට මේ හැකර්ලා කරන්නෙ Userලගෙන් Password හොරකම් කරනවා වගේ වැඩක්. ඒ නිසා ඔයාල දැනුවත් නම් ඔයාලගේ Accounts Hack කරන්න බෑ. අනික මං දන්න තරමින් හැකර්ලා " මම හැකර් ,මම හැකර්" කියලා කියව කියවා යන්නෙ නෑ. අනික Hacking කියන නම ඇහුන ගමන් අපිට එන්නෙ කලු චරිතයක්. ඒත් Black Hat කියන්නෙ හැකර්ලගේ එක වර්ගයක් විතරයි. අනිත් වර්ගය තමයි White Hat කියන්නෙ. එයාල කරන්නෙ පරිගණක පද්ධති ආරක්ශා කරන එක.ඒ කියන්නෙ Ethical Hacking.

අනික මේ ලෝකෙ කොහෙවත් Hack කරන Software කියලා ජාතියක් නෑ. ඒවා ඔක්කොම බොරු Softwares. ඒ නිසා මං කියන්නෙ ඒවා Download කරලා MB නාස්ති කරගන්නෙ නැතුව, ඒවා Install කරලා තමන්ගෙ Account එක Hack කරගන්නෙත් නැතුව ඉන්න කියලයි

" අනුන්ව Hack කරන්න ගියොත්, දන්නෙම
නැතුව තමන්වම Hack වෙයි "

ඔන්න ඉතින් මං දන්න දේවල් ඔයාලට කිව්වෙ දන්නෙ නැති අයට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් මේ Post එකෙන් ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් උනා නම් පහලින් Comment එකක් දාල යන්න. ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. මේ ගැන අනිත් යාලුවොන්ටත් දැනගන්න මේ Post එක Share කරන්නත් අමතක කරන්න එපා

නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

22/06/2015

Computer එක on වෙද්දී අපේ නම කියවෙන්න හදමුද
======================================

මුලින්ම notepad එකක් open කරගෙන ඒකෙ පහල තියන කෝඩ් එක කොපි කරලා paste කරන්න..
ඊට පස්සේ ඒක Speak.vbs ලෙස save කරගන්න.. (මෙහිදී extension එක vbs විය යුතුයි. නම මොකක් උනත් කමක් නෑ..)

Dim speaks, speach
speaks="welcome to john’s computer"
Set speach=CreateObject("sapi.spvoice")
speach.Speak speaks

දැන් Run එක අරගෙන (Windows key + R) මේ command එක type කරන්න..

Shell:startup

දැන් open වෙන folder එකට අර file එක දාන්න.. දැන් restart කරලා බලන්නකෝ...

15/06/2015

පරිඝනකයේ වේගය වැඩි කරමු
======================

Computer එකක් ගත්තම ටික දවසක් යනකොට slow වෙනව කියල ගොඩක් අය කියනවා මම අහල තියනවා. ඒක එහෙම වෙන්න හේතු ගොඩක් තියනවා.

01. Desktop එක පිස්සන්කො‍ටුව වගේ නිසා
02. Computer එක start වෙනකොට ගොඩක් file, softwares open වෙන නිසා
03. Hard disk එක fragment වී ඇති නිසා
04. System file damage වීම නිසා
05. වැඩකට නැති programs නිතරම පරිගනකයේ ක්‍රියාත්මක වීම නිසා
06. පරිගනක්යේ processor, RAM speed මදි නිසා
07. Hard disk එක full වීම නිසා
08. Hard disk එකේ memory dumps ඇති නිසා
09. Registry අවුල් සහගත නිසා
10. වයිරස් පරිගනකයේ ක්‍රියාත්මක වන නිසා

Disk clean up සහ Disk defragment
--------------------------------------------

මේක කලාට පස්සෙ මගේ computer එකේ slow ගතිය අඩු වුනා විතරක් නෙමෙයි 6.7GB ක space එකකුත් වැඩි වුනා.

Disk Cleanup
----------------
ඔයා මේක කරලම නැත්නම් අනිවාර්යෙන්ම 5GB විතර space එකකුත් එකතු වේවි.

✔ දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා

මුලින්ම My Computer එක open කරලා ඔයාලගේ OS එක දාලා තියන Partition එක (ගොඩාක් වෙලාවට හැමෝගෙම OS එක දාල තියෙන්නෙ C Drive එකට ) උඩ right click කරලා properties යන්න... ඊට පස්සේ General කියන ටැබ් එකේ Disk Cleanup කියලා තියනවා.. එක දෙන්න.. ඊට පස්සේ ඔයාලට window එකක් ඒවි.. බය නැතුව ඒකෙ ඔක්කොම සිලෙක්ට් කරන්න.. (මේ ඔක්කොම අයින් කරන්න.. මොකුත් වෙන්නේ නෑ.. මේ ඔක්කොම වැඩකට නැති Files..) ඊට පස්සේ මේ ඔක්කොම Select කරලා OK කරන්න.. ඊට පස්සේ Delete Files දෙන්න..

Defragment
-----------------

ඇතැම් අවස්ථාවල පරිගණකයේ ක්‍රියාකාරීත්වය මන්දගාමීවීම නිසා කිසිදු කාර්යයක් කළ නොහැකි තත්ත්වයන්ට පත්වෙයි. එසේම පරිගණකයේ වැඩසටහන් එකවරම නතරවීම්, අවසන් වීම් වැනි අවස්ථාවල ද ඔබට දැනටමත් මුහුණදීමට සිදුවී තිබෙන්නට පුලුවන්... එසේ නම් පරිගණකය Defragment කිරීමට කාළය එළඹී
ඇති බව මෙම දෝෂවලින් ඔබට දැනුම් දෙනු ලබයි.. පරිගණකයක් කිරීමට මූලිකවන හේතුව
වන්නේ දෘඪ තැටියේ ඇත්ළත්ව ඇති වැඩසටහන් වල කොටස් විවිධ කැන්වල තැන්පත් වී ඇතිනිසා,
ඒවා නැවත එක්තරා පිළිවෙලකට සකස් කිරීමයි. මෙවැනි Defragment වැඩසටහන් මගින්
සිදුකෙරෙනුයේ එළෙස තැන තැන තැන්පත් වී ඇති කොටස් එක්තැනකට පිළිවෙළකට එක්රැස්
කිරීමයි...

✔ Defragment මෘදුකාංගය වීවෘත කරගනිමු

Run ----> dfrgui.exe

මෙමගින් ඔබට ඔබගේ පරිඝනකය Defragment කරගත හැක.

විශේෂයෙන් Defragment කිරීමට ප්‍රථම සැළකිල්ලට ගතයුතු කරැණු කිහිපයක් වෙයි. මේ සදහා බොහෝ වේලාවක් ගතවීම ප්‍රමුඛ කාරණයයි.

එමෙන්ම Defragment කරන අවස්ථාවේ දී පරිගණකය දෘඪ තැටියේ අඩාගු දත්තයන් නැවත සකස් කරන තුරු Ram එකෙහි රදවාගන්නා බැවින් මෙවැනි අවස්ථාවකදී විදුලිබලය ඇණහිටීමක් සිදුවුවහොත්
එය පරිගණකයේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇතිකරන බැවින් විශේෂයෙන් අකුණුගසන
අවසිථාවන්හීදි මෙය සිදු නොකිරීමට සැළකිලිමත් වියයුතුය

Startup Program ඉවත් කිරීම
-----------------------------------

Control Panel System and security Administrative tools System Configuration Statup මෙතනින් ඔයාලට Startup එකේදී ඕන වෙන්නෙ නැති program විතරක් disable කරන්න.. (ඔක්කොම අයින් කරන්න එපා.. ඕන නැති ඒවා විතරක් අයින් කරන්න. ex: photoshop, skype, adobe reader, etc)

දැන් ඔයාගේ Computer එක restart කරලා බලන්න.. වෙනස කොහොමද කියල... :)

ෆේස්බුක් හැක් කරමු==============හායි යාලුවනේ කෝමද ඔයාලට.... පිෂිං ගැන දන්න යාලුවො ඕන තරම් ඉන්නවනේ... නොදන්න අයත් ඉන්නව ම...
14/06/2015

ෆේස්බුක් හැක් කරමු
==============

හායි යාලුවනේ කෝමද ඔයාලට.... පිෂිං ගැන දන්න යාලුවො ඕන තරම් ඉන්නවනේ... නොදන්න අයත් ඉන්නව මං වගේ....එයාලටයි පොඩ්ඩක් පිෂිං ගැන කියල දෙන්න හිතුවෙ...දන්න ‍සමහර යාලුවන්ටත් වැදගත් වෙන්න පුලුවන් හැබැයි..... පිෂිං

මාර්ගයෙන් හැක් කරනව කියන්නෙ කෙනෙක්ව රවට්ටලා අපි පාස්වර්ඩ් එක අපේ අතට ගන්න එක...
හැබැයි දැං කාලෙ එහෙම ගොනාට ඇන්දෙන උන් නෑනෙ බං....ඒත් අපේ උන්ට අන්දන එව්ව සුලු දේවල්නේ....අපේ උන්ට ගොනාට අන්දල ගොඩක් උපාධි එහෙමත් තියෙනවනේ...
හරි මේ පිෂිං වලින් කෙරෙන්නෙ එෆ් බී වල ලොගින් හෝම් පේජ් එක වගේ බොරු පේජ් එකක් හදන එක... ලින්ක් විතරයි වගේ වෙනස්....අනිත් අයට ලින්ක් එකෙන් ඇරෙන්න ඒක අඳුරගන්න බෑ...
හරි එහෙනම් කතා ඕන නෑනේ..කරන හැටිම බලමුකෝ.... මුල ඉඳල සරලව කියල දෙන්නම් එහෙනම් වැඩේ පටන් ගමු.........

(google chrome අනුව)

1).. මුලින්ම face book login page 1ට යන්නකෝ.......(www.facebook.com)
ගිහිලා page 1 කොහේ හරි right click කරලා ඔයාට පේන "view source page" කියන ඒක click කරන්නකෝ.........

2).. හරි දැන් අලුත් ටැබ් එකක හරි,පොප් අප් පේජ් එකක හරි contain a source code එක ඕපන් වෙයි....
එතකොට ඒ source page 1 අපි මුළුමනින්ම copy කරගන්න ඕනි, එකට ctrl+a ප්‍රෙස් කරලා mark කරලා ctrl+c ප්‍රෙස් කරලා copy කරගන්න....ඒකලේසි.

3)..ඊටපස්සෙ ඔයාගෙ හාර්ඩ් එකේහරි,ඩෙස්ක්ටොප් එකේ හරි ඔයාට කැමති තැනකින් Note pad එකක් ඕපන් කරගන්නකෝ....ඊටපස්සෙ ඒ නෝට් පෑඩ් එකේ ඔයා අර කලින් කොපි කරගත්ත කෝඩ් එක ctrl+v ප්‍රෙස් කරල මුළු මනින්ම

පේස්ට් කරගන්නකෝ... එහෙනම් හරිනේ...

4)ඊටපස්සෙ ctrl+f ප්‍රෙස් කරල action කියන කෝඩ් එක හොයන්නකෝ...එතකොට නෝට් පෑඩ් එක‍ේ පෙන්නයි මෙන්න මේ වගේ....
action="https://www.facebook.com/login.php?login_attempt=1"

action කියන වචනෙ ‍කෝඩ් අතරෙ ගොඩක් තියේ...ඔයාල මේ උඩ වගේ , මේ ලින්ක් එකත් එක්ක තියෙන action කියන හරියටම වචනෙ හොයාගන්න...එතකොට ඔයවගේ කෝඩ් එක එනවනේ...ඊටපස්සෙ ඔයාලට ඒ කෝඩ් එක පෙන්නයි...

action=https://www.facebook.com/login.php?login_attempt=1 කියල තියෙන කෝඩ් එක ඩිලීට් කරන්න..(https://www.facebook.com/login.php?login_attempt=1 ඩිලීට් කරන්න ) හරිනේ.. ඒක මැකුවම පෙන්නන්නෙ

action='' කියලනේ....එතනට post.php කියල ටයිප් කරල...එඩිට් කරන්න...එතකොට පෙන්නන්නෙ action=''post.php'' කියලනේ...

5) හරිනේ...එහෙම කරගෙන ඉවරවෙලා....‍ඔයාල නෝට් පැඩ් එක සේව් කරගන්න ඕන... උඩ තියෙන file ටැබ් එක ක්ලික් කරල save as.... ක්ලික් කලාම සේව් කරන්න ඩයලොග් බොක්ස් එකක් එනවනේ....එතකොට එන ඩයලොග් බොක්ස්

එකේ File name: එකට index.htm කියල දෙන්නකෝ....html නෙමෙයි ඈ....Save as type: කියන තැනට All files දීල ඔයා හදාගත්තු නෝට් පෑඩ් එක සේව් කරගන්නකෝ....හරිනේ.... ඔයාල දන්නවනේ එහෙම සේව් කරගන්න...එතකොට

ඔයාගේ වෙබ් browser එකේ icon 1ත් එක්ක file 1ක් පෙන්නයි ..........

6).ඊටපස්සෙ අලුතෙන් නෝට් පෑඩ් එකක් ඕපන් කරගන්නකෝ.....ඊටපස්සෙ පහළ කෝඩ් එක කොපි කරගන්න..........................................................................................................................
........................................................................................................................

7)..ඊටපස්සෙ ඔය කෝඩ් එක නෝට් පෑඩ් එකට කොපි පේස්ට් කරගන්නකෝ...ඊටපස්සෙ ඔය නෝට් පෑඩ් එකත් සේව් කරගන්න ඕන..උඩ තියෙන file ටැබ් එක ක්ලික් කරල save as.... ක්ලික් කලාම සේව් කරන්න ඩයලොග් බොක්ස් එකක්

එනවනේ....එතකොට එන ඩයලොග් බොක්ස් එකේ File name: එකට post.php කියල දෙන්නකෝ......Save as type: කියන තැනට All files දීල ඔයා හදාගත්තු නෝට් පෑඩ් එක සේව් කරගන්නකෝ....හරිනේ.... post.php කියල නම දීල සේව්

කරගත්තනේ....හරිනේ ඔයාල දන්නවනෙ මේ විදියට සේව් කරගන්න....

8).දැං ඔයා ලඟ ෆයිල් දෙකක් තියෙනවනේ....index.htm එකයි post.php එකයි...මේ ෆයිල් දෙක අපිට ගොඩක් වැදගත්...
.............................................
හරි දැන් ඔයා phishing site ඒක හදාගෙන ඉවරයි.....
දැන් ඕක හොස්ට් කරන්නයි ඕන..............................................

9)...අපි දැං මේ ෆයිල් දෙක වෙබ් හෝස්ටින් සයිට් එකකට අප්ලෝඩ් කරගන්න ඕන...එ්කට නම් ඕනතරම් සයිටි තියෙනවා... www.000webhost.com හා http://www.loomhost.com/
වගේ සයිට් තියෙනව...මං තෝරගත්තෙ http://www.loomhost.com/ කියන සයිට් එක... මොකද 000වෙබ්‍හෝස්ට් එකේ සමහර යාලුවන්ට අවුල් ඇවිත්...හරි ඔයාල http://www.loomhost.com/සයිට් එකට මුලින්ම යන්නකෝ....

10)..එකවුන්ට් එකක් හදාගන්න ඕන මුලින්ම...ඒකට සයිට් එකේ හෝම් පේජ් එකේ ලොකුවට තියෙන Join for free කියන බට්න් එක ක්ලික් කරන්නකෝ...ඊටපස්සෙ ලේසියෙන්ම එකවුන්ට් එක ඔයා හදාගන්නකෝ...

11)...එතකොට එන පේජ් එකේ තමයි ඔයාගෙ විස්තර ඇතුළත් කරන්න ඕන.. නම,ඊමේල්,පාස්වර්ඩ් දීල,වර්ඩ් වෙරිෆිකේෂන් දීලා ....ඔයා එකවුන්ට් එක හදාගන්න...ඊටපස්සෙ ඊමේල් එකට ගිහිං මේ සයිට් එකෙන් ඇවිත් තියෙන ඊමේල් එක ඕපන්

කරල ඔයාගෙ එකවුන්ට් එක කොන්ෆර්ම් කරගන්න...

12)..ඊටපස්සෙ කලින් වගේ පොඩි form 1ක් දෙයි ඔයාට එකත් fill කරලා. ඕකෙ තියෙන select බට්න් එක ක්ලික් කරන්නකෝ...ඊටපස්සෙ ලේසියෙන් හදාගන්න පුලුවන් ඔයාලට සයිට් එක....domain එකක් නෙවෙයි ඈ subdomain එකක්මයි

හදාගන්න ඕන....එතකොට කිසි අවුලක් නැ...කැමති සබ්ඩොමේන් ලින්ක් එකක් දීල ගාණට සයිට් එකක් හදාගන්න...

13)..එහෙනම් හරි...ඊටපස්සෙ හදල ඉවර වෙලා...Hosting ටැබ් එකෙන් ගිහිං ඔයා හදපු සයිට් එකට ඉස්සරහ තියෙන Switch කියන එක ක්ලික් කරල ‍කන්ට්‍රෝල් පැනල් එකට යන්නකෝ....

14)..එත‍කොට පොඩි පොප් අප් බොක්ස් එකක් සමහරවිට එයි පහළ වගේ...එතනදි ඔයාලට කැමති දේකට ටික් එකක් දාල සබ්මිට් කරන්න...කැන්සල් කලත් අවුලක් නෑ...එතකොට කන්ට්‍රෝල් පැනල් එකට ඔයා යයි...එතන පල්ලෙහින් ඇති file

manager කියල එකක් ඔයා ඒක ක්ලික් කරන්නකෝ...ඊටපස්සෙ ඔයා ෆයිල් මැනේජර් එක ක්ලික් කරල ක්‍රියේට් කරගන්නකෝ...

15)..ඊටපස්සෙ ඔයා එතන තියෙන default ෆයිල් එක ඩිලීට් කරල ඔයා කලින් හදාගනිපු index හා post ෆයිල් දෙක එකින් එක අප්ලෝඩ් කරගන්න....

16)එතකොට ඔයා දැං පිෂිං සයිට් එක හදාගෙන ඉවරයි...මේ වගේ එතකොට සයිට් එක පෙන්නයි....ඔයා ඉස්සෙල්ල හදාගත්ත සබ්‍ ඩොමේන් සයිට් එක පිෂිං සයිට් එකේ ලින්ක් එක..හරිනේ...

17)..ඒ පිෂිං ලින්ක් එක ඒ කිව්වෙ ඔයා මුලින්ම වෙබ්හෝස්ට් සයිට් එකේ හදාගත්ත සබ්ඩොමේන් ලින්ක් එක කොපි කරගෙන තියාගන්න...එකවුන්ට් එක ලොග් වුණ හැටියෙ ඒ ලින්ක් එක පෙන්නනවනේ...ඒකතමයි කොපි කරගෙන තියාගන්න

ඕන...ඊටපස්සෙ ඉතිං චැට් එකෙන් ‍හරි කෝමහරි,,ඔයා කාවහරි ගොනාට අන්දවල ඒ ලින්ක් එකෙන් එයාව ලොග් කරගන්න ඕන...හැබැයි දැන්කාලෙ ඒක අමාරුයි ඈ....ඔයාල දන්නවනෙ ඉතිං මොලේ පාවිච්චි කරල ගොනාට අන්දවන්න...හික්ස්...

එතකොට එයා ඕකෙන් ලොග් වුණාම ඔයාට එයාගෙ පාස්වර්ඩ් අර සයිට් එක මාර්ගෙන් බලාගන්න පුලුවන්...ඔයා හදාගනිපු එකවුන්ට් එකට ඒක එනවා....ඒක බලාගන්නෙ කෝමද දන්නවද.....

18)..ඔයාගෙ http://www.loomhost.com/ එකවුන්ට් එක‍ට ලොග් වෙලා...Hosting ටැබ් එකෙන් ඔයාගෙ ලින්ග් එක ඉස්සරහ තියෙ switch එක ක්ලික් කරලා control panel වලට ගිහිං file manajer වලට යන්නකෝ...එතකොට ඔයාට

එතන අලුත් ෆයිල් එකක් තියෙනව පෙන්නයි username.txt කියල අන්න ඒකෙ තමයි ඔයාගෙ පිෂිං සයිට් එකට ලොග් වුණ කෙනාගෙ පාස්වර්ඩ්,ඊමේල් තියෙන්නෙ ඈ...ඔයාට ඒ ෆයිල් රයිග්ට් ක්ලික් කරගෙන එක ඩවුන්ලෝඩ් කරගෙන

හරි...එතනින් view කරගෙන හරි බලාගන්න පුලුවන්....

Facebook is a social utility that connects people with friends and others who work, study and live around them. People use Facebook to keep up with...

Windows වල හැංගුන Icon===================සාමාන්‍යයෙන් අපිට Folder එකකට Icon එකක් දාගන්න ඕන නම් අපි කරන්නෙ Folder එක Sele...
13/01/2015

Windows වල හැංගුන Icon
===================

සාමාන්‍යයෙන් අපිට Folder එකකට Icon එකක් දාගන්න ඕන නම් අපි කරන්නෙ Folder එක Select කර > Right Click > Customize > Change Icon ගිහිං එතන තියෙන Icon එකක් තොරා ගෙන OK > Apply කරන එකනෙ.නමුත් මෙහිදී පෙන්වන්නෙ සාම්පදායික Icon පෙළක්නෙ.

අද කියල දෙන්නෙ ඊට වඩා හොද Icon ටිකක් අපේ කොම් එකෙන්ම හොයාගන්න විදිහ.

Folder එක Select කර > Right Click >properties > Customize > Change Icon කියන් තැනට යන්න. එතකොට දැන් ඒ icon තියන path එක පෙන්නනවනේ. එතන අන්තිමේට තියන SHELL32.dll වෙනුවට imageres.dll කියල Type කරල Enter කරන්න.

දැන් ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ සැගව තිබූ වෙනස් සහ අලුත් අලංකාර Icon ටිකක් දැකගන්න පුළුවන්.

21/12/2014

Windows වල හොයාගන්න ටිකක් අමාරු OPTION ටිකක් එකම තැනකට ගමුද?
======================================================

අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.මේකට කරන්න තියෙන්නෙ පොඩි සරල වැඩක්. මේකෙන් අපට පුළුවන් Windows වල අපට ලේසියෙන් හොයාගන්න අමාරු Option ටිකක් එකම තැනකට ලබාගන්න.පහලින් කියල තියන විදියට කරල බලන්නකෝ.

1. මුලින්ම ඔයා කැමති තැනක නිව් ෆෝල්ඩර් එකක් හදාගන්න.

2. දැන් ඔයා හදාගත්ත ෆෝල්ඩර් එකේ නම විදියට පහලින් දීලා තියන නම කොපි කරල පේස්ට් කරල එන්ටර් කරන්න.

God Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

3. දැන් හැදුන ෆයිල් එක ඕපන් කරල බලන්නකෝ..
කොහොමද වැඩේ? :)

21/12/2014

Notepad එකෙන් පොඩි වැඩක්
======================

ඔයාලට කියල දෙන්න යන්නෙ Windows වල ඔටෝ ලියවෙන නෝට් පෑඩ් එකක් එකක් හදන විදිහයි. මේක ඔයාලගෙ යාලුවො බයකරන්න, පොඩි විහිළුවක් කරන්න අවස්ථානුකූලව යොදා ගන්න එකනම් ඔයාලගෙ වැඩක්.

මුලින්ම මන් මේ පහල දෙන code එක notepad එකට past කරගන්නකෝ. ඊට පස්සෙ FIle > Save As ගිහින් කැමති නමක් දීල අගට .vbs කියල Save කරගන්න. (Ex: AutoWriting.vbs) ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ open කරල බලන එක තමා. බය වෙන්නනම් දෙයක් නෑ.....

set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "Notepad"
wscript.sleep 500
wshshell.AppActivate "Notepad"
WshShell.SendKeys "Y"
WScript.Sleep 500
WshShell.SendKeys "O"
WScript.Sleep 500
WshShell.SendKeys "M"
WScript.Sleep 500
WshShell.SendKeys "A"
WScript.Sleep 500
WshShell.SendKeys "L"
WScript.Sleep 500
WshShell.SendKeys " "
WScript.Sleep 500
WshShell.SendKeys "S"
WScript.Sleep 500
WshShell.SendKeys "A"
WScript.Sleep 500
WshShell.SendKeys "N"
WScript.Sleep 500
WshShell.SendKeys "J"
WScript.Sleep 500
WshShell.SendKeys "A"
WScript.Sleep 500
WshShell.SendKeys "Y"
WScript.Sleep 500
WshShell.SendKeys "A"
WScript.Sleep 500
WshShell.SendKeys " >> [email protected]"
WScript.Sleep 500
WshShell.SendKeys " >> https://www.facebook.com/yomalsanjaya"

වැඩේ කරලම බලන්නකෝ කොහොමද කියල :)

10/11/2014

Computer එක i9 කරමු
================

මේ පෝස්ටුවේ ප්‍රධාන මාතෘකාව "Core i9 Processor එකක් මගෙන් ඔයාලට.." මල කෙලියයි... මොකක්ද මේ හරුපෙ..? ඇහුවෙත් අදමද කොහෙද... ඒ මෙහෙමනේ... දැනට තියන අලුත්ම processor වර්ග Core i3, Core i5, Core i7 නේ... ඕං මෙහෙමයි ගණිතමය අනුකල්පනය ඈ... 3, 5, 7, ... මීළගට කුමක්ද..? අනිවා 9 නේ ... ඒනිසා මීළගට Core i9 වෙන්න ඕනි... එහෙමද...? ඔව් නේහ්... කොහොමද මගේ ගණිත දැනුම :3

Pentium Pro
Pentium II
Celeron
Pentium III
Pentium M
Celeron M
Pentium 4
Pentium D
Pentium Extreme Edition
Xeon
Pentium Dual -Core
Intel Core 2 Do
Intel Core 2 Quad
Core i3
Core i5
Core i7

ඕං ඔහොම මෙතැනට වෙනතෙක්ම ආවා ඈ... මෙතනදි මේ Pentium Pro ආරම්භය නෙවෙයි..මීට කලින් processor වර්ග කිහිපයක්ම නිකුත් උනා ඈ.. අනික මම දැන් මෙතනදි වැඩිපුර දෙනාගෙ කටේ තියන Intel සමාගම විසින් නිකුත් කරන ලද Processor විතරයි කිව්වේ... තවත් තියනවා AMD කියයි Atom කියයි..ඕව හැම එකක්ම මෙතන කතා කොරන්න බෑනේ ඉතිං..... හලි දැන් මේ Core i3, Core i5, Core i7 වලින් පසුව Core vPro කියල කෑල්ලක් මේං මේ Core i3, Core i5, Core i7 processor වලට ඈදමින් තවත් දියුණුවක් කරනවා... දන්නවනේ Core i3 කිව්වත් ඒකටත් වෙනම Model Number එකක් අනුව වර්ගීකරණය කරනවා කියල.

උදා: Core i7-3930K CPU වගේ.. ඉන්පස්සෙ Generation කතාවකුත් ඒ අස්සෙම... ඕං ඔය විදියට දැන් මේං මේ Core vPro ලෙස හදුන්වාදෙන්නෙ 4th generation එහෙමත් නැත්නම් හතරවන පරම්පරාව කියල ඈ.. ඕං කොහොමින් කොහොම හරි දැන් දෙවන පරම්පරාවෙන් තුන්වන පරම්පවාවටත් ඇවිදින්... දැන් හතරවන පරම්පරාවටත් ඇවිදින්.... දැන් අපි බලමු කොහොමද Processor එකට හොර උප්පැන්නයක් හදන්නේ කොහොමද කියල... :p

මේක ඇස්බැන්දුමක්ම විතරයි ඈ... උඹේ දැනට තියන processor එක මොකක් උනත් අලුතෙන්ම මේ පච්චයක් ගහනව වගේ කොටන්න හදන ලේබලේ විතරයි.. නමට... නම වෙනස් කොලා කියල ඒ නමට එන්න තියන හැම performances එකක් එකක් ගානෙම.. හැම feature එකක් එකක් ගානෙම වෙනසක් සිද්ද වෙන්නෙ නෑ ... ඇත්තටම වෙන්නෙ ඇත්ත උප්පැන්නෙ උඩින් හොර..බොරු වංචා උප්පැන්නයක් හදන එක..

ඕං එහෙනම් සූත්තරේ...

හලි... මුලින්ම ඕං Start >> All Programs >> Accessories >> Notepad ඈ... දැන් Notepad එක දිගහැරගන්නවා...

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="Intel Core i9-4300M CPU 3.03GHz"

විදියට කෙටුවා... Processor.reg කියල save කොලා...
දැන් ඕක Double-click කරලා Run කරන්න :)

දැන් My Computer එක උඩ right click කරලා properties ගිහිං බලන්නකෝ...
වැඩේ හරි නේද?

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Computer Hacking Trics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Computer Hacking Trics:

Share