Sky Ampara

Sky  Ampara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sky Ampara, Computer shop, Uhana, Ampara, Columbo.

20/08/2026

අමතක වූ උපන්දින මතක් කළ, ආදරණීය සායනය... ❤️🎂

​වයසත් එක්ක කාලයේ වැලි තලාවට යටවෙලා අමතක වී ගිය උපන්දිනයක්, ආදරණීයයන් අතරේ ආයෙමත් සැමරෙන්න තියෙනවා නම් ඒක කොච්චර ලස්සන මොහොතක්ද?

​පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යතුමියගේ සුන්දර සංකල්පයකට අනුව, සායනයට පැමිණෙන අපගේ ආදරණීය රෝගීන්ගේ හිත්වලට පුංචි සතුටක්, ලොකු බලාපොරොත්තුවක් එක් කිරීමේ අරමුණින් "උපන් දින සැමරුම" වැඩසටහන අද දින සිට අපි සාර්ථකව ආරම්භ කළෙමු. 🌸✨

​වසර ගණනාවකින් තමන්ගේ උපන්දිනයක් සමරා නොතිබූ, අද දින සිය 75 වන උපන්දිනය සැමරූ ඒ ආදරණීය අම්මාගේ මුහුණේ ඇඳුණු සිනහව අප සැමගේ හදවත් උණු කරලන්නට සමත් විය.
​එමෙන්ම, අද දින රෝගීන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීමට පැමිණි ග්ලෝබල් ආයතනය (Global) විසින් එම මාතාවට ලබා දුන් වටිනා ත්‍යාගය සහ දැක්වූ කරුණාවන්තභාවය වෙනුවෙන් අපගේ විශේෂ ස්තූතිය හිමිවේ. ❤️🎁

​මේ පුංචි සිනහවන් පිටුපස හිඳිමින්, රෝගීන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් කැපවෙන විශේෂඥ වෛද්‍යතුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට සහ දායකත්වය දැක්වූ සැමට අපගේ හදපිරි ගෞරවය! 🙏

​📍 අම්පාර පිළිකා සත්කාර පදනම (CCFA)
"සෙනෙහසේ දෑතින්, ජීවිතයට බලාපොරොත්තුවක්..."

🛡️ CCTV එකක් සවිකරන්නේ අදට පමණක් නොවේ…🔐 CCTV Camera එකක් සවිකරනවා නම්… වගකීමක් ඇති තැනක් තෝරාගන්න!CCTV Camera System එකක...
15/08/2026

🛡️ CCTV එකක් සවිකරන්නේ අදට පමණක් නොවේ…

🔐 CCTV Camera එකක් සවිකරනවා නම්… වගකීමක් ඇති තැනක් තෝරාගන්න!

CCTV Camera System එකක් කියන්නේ අද සවිකරලා හෙට අමතක කරන භාණ්ඩයක් නොවේ. ඔබේ නිවසේ, ව්‍යාපාරයේ, ආයතනයේ සහ දේපළවල ආරක්ෂාව වෙනුවෙන් වසර ගණනාවක් භාවිතා කරන වැදගත් ආයෝජනයකි.

ඒ නිසා CCTV එකක් සවිකිරීමට පෙර කැමරාව ගැන පමණක් නොව, ඔබට එය සවිකරන පුද්ගලයා සහ ආයතනය ගැනත් හොඳින් සිතා බලන්න.

⚠️ නිශ්චිත වෙළඳ ස්ථානයක් නොමැතිව, නිවසේ සිට හෝ තාවකාලිකව මෙම වෘත්තියට පිවිසි අයගෙන් CCTV සවිකරගන්නවාද?

⚠️ අද Camera එක සවිකරලා හෙට සොයාගන්නවත් බැරි අයගෙන් සේවය ලබාගන්නවාද?

⚠️ Camera එක සවිකරලා නිසි Warranty එකක් ලබා නොදෙන අයගෙන් මිලදී ගන්නවාද?

⚠️ පිළිගත් වෙළඳ සන්නාම වෙනුවට නොදන්නා, අඩු ගුණාත්මක හෝ නියම මූලාශ්‍රයක් නොමැති භාණ්ඩ ගෙන්වා සවිකරන අයගෙන් සේවය ලබාගන්නවාද?

⚠️ අද CCTV Technician කෙනෙක්… හෙට වෙනත් රැකියාවක් කරන අයකුට ඔබේ ආරක්ෂක පද්ධතිය භාරදෙනවාද?

⚠️ CCTV සවිකරලා ටික කලකින් විදේශ රැකියාවකට රට හැර යන අයගෙන් සේවය ලබාගත්තොත්, පසුව Service එකක් හෝ Warranty එකක් අවශ්‍ය වූ විට ඔබට කාගේ පිහිටද?

⚠️ අද අඩු මිලකට සවිකරගත් CCTV System එකක්, හෙට Service, Repairs සහ Replacement සඳහා වැඩි වියදමක් විය හැකියි.

💡 එහෙනම් CCTV සවිකිරීමේදී බලන්න ඕනේ මිල විතරද?

නැහැ!

✔️ ආයතනයේ පළපුරුද්ද
✔️ ස්ථිර වෙළඳ ස්ථානය
✔️ Warranty සහ After-Sales Service
✔️ භාණ්ඩවල Originality
✔️ Technicianලාගේ පළපුරුද්ද
✔️ අනාගත Service පහසුකම්
✔️ වගකීමක් සහිත ආයතනයක්ද යන්න

යන කරුණු ගැනත් අනිවාර්යයෙන් සලකා බලන්න.

---

🏆 එහෙනම් ඔබේ CCTV System එක භාරදිය යුත්තේ කාටද?

වසර ගණනාවක් පුරා මෙම ක්ෂේත්‍රයේ සිටින, ස්ථිර වෙළඳ ස්ථාන සහ පළපුරුදු කාර්ය මණ්ඩලයක් සහිත, වගකීමක් සහිත ආයතනයක් තෝරාගන්න.

🔵 SKYNET COMPUTER — AMPARA

⭐ වසර 15කට වැඩි පළපුරුද්ද සහ විශ්වාසය

🏢 ස්ථිර වෙළඳ ස්ථාන සහ ශාඛා සමඟ අඛණ්ඩ සේවාව

🏆 Dahua • Hikvision • EZVIZ වැනි පිළිගත් වෙළඳ සන්නාම සඳහා Ampara ප්‍රදේශයේ අලෙවි නියෝජිත / Dealer සේවා

👨‍🔧 පළපුරුදු සහ පුහුණු CCTV Technicians කණ්ඩායමක්

🛡️ නිසි Warranty සහ After-Sales Service

💰 තරගකාරී සහ සාධාරණ මිල ගණන්

✅ Original Brand Products පමණි

🔒 හොර Copy / Fake / අනුමත නොකළ මාර්ගවලින් ගෙන්වන භාණ්ඩ නොව, නියම මූලාශ්‍ර සහ පිළිගත් අලෙවි නියෝජිත ජාලය හරහා ලබාගත් Original Brand Products පමණි.

📄 Warranty සහ Service අවශ්‍යතාවලදී නිසි ලෙස සම්බන්ධ විය හැකි ස්ථිර වෙළඳ ආයතනයක්

🤝 හිතවත් • වගකීම් සහගත • වෘත්තීය සේවාව

---

📍 අපගේ ස්ථිර වෙළඳ ස්ථාන සහ ශාඛා

🔵 SKYNET CCTV SHOWROOM – AMPARA

📍 No. 72/A, D.S. Senanayaka Street, Ampara
📞 076 763 5735 / 063 205 3600

🔵 SKYNET COMPUTER – AMPARA

📍 No. 53, Main Street, Ampara
📞 077 514 8524

🔵 SKYNET COMPUTER – UHANA

📍 Uhana, Ampara
📞 063 225 0500 / 071 762 0759

🌐 www.skynetcomputer.lk

---

🛡️ CCTV එකක් සවිකරන්නේ අදට පමණක් නොවේ…

හෙටත් ඔබ වෙනුවෙන් සිටින ආයතනයක් තෝරන්න!

🔐 වසර 15කට වැඩි විශ්වාසය සමඟ…

SKYNET COMPUTER සමඟ එක්වන්න!

ඔබේ ආරක්ෂාවට… අද ගන්න හොඳම තීරණය, හෙටත් ඔබට වටිනා තීරණයක් වේ! 🔐

15/08/2026
15/08/2026
15/08/2026

Dahua CCTV කැමරා – ඔබේ ආරක්ෂාවට නවීන තාක්ෂණය
🔴 DAHUA – SMART SECURITY FOR A SAFER LIFE 🔵
ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය, කාර්යාලය හෝ ආයතනය සඳහා විශ්වාසදායක CCTV ආරක්ෂක පද්ධතියක් තෝරාගැනීමේදී Dahua යනු ලොව පුරා ප්‍රසිද්ධ, උසස් තාක්ෂණයෙන් යුත් ප්‍රමුඛතම CCTV සන්නාමයකි.

අපගේ Skynet CCTV Showroom වෙතින් ඔබට අවශ්‍ය ස්ථානයට සහ අයවැයට ගැළපෙන Dahua කැමරා මාදිලි රැසක් තෝරාගත හැක.

📹 Dahua Full-Color Camera

රාත්‍රියේදී පවා වර්ණවත් දර්ශන ලබාදීමට නිර්මාණය කර ඇති Full-Color තාක්ෂණය නිසා සාමාන්‍ය IR කැමරාවකට වඩා වැදගත් තොරතුරු පැහැදිලිව හඳුනාගැනීමට හැකියාව ලැබේ. 24/7 Color Monitoring සහ Smart Light තාක්ෂණය නිසා අඩු ආලෝක තත්ත්වයන් යටතේද හොඳ දර්ශන ලබාගත හැක.

💡 Smart Dual Light Camera

Smart Dual Light තාක්ෂණය මඟින් අවශ්‍ය අවස්ථාවට අනුව IR සහ White Light ආලෝකකරණය භාවිතා කරමින් රාත්‍රී ආරක්ෂාව වැඩි කරයි. Multiple Illumination Modes සහ IP67 Weatherproof ආරක්ෂාව නිසා බාහිර ස්ථාන සඳහාද සුදුසුය.

🌙 IR Bullet Camera

රාත්‍රී දර්ශන සඳහා බලවත් IR තාක්ෂණය, High Definition Image Quality, Long Distance Transmission සහ IP67 Weatherproof ආරක්ෂාව සමඟ නිවසේ පිටත, ව්‍යාපාරික ස්ථාන සහ ගේට්ටු වැනි ස්ථාන සඳහා විශිෂ්ට තේරීමකි.

🔵 IR Eyeball Camera

Compact සහ අලංකාර නිර්මාණය, High Definition Video, Infrared Night Vision සහ පහසු ස්ථාපනය නිසා නිවාස, කාර්යාල සහ වෙළඳසැල් සඳහා ඉතා ගැළපේ.

✨ Dahua WizColor / AI-ISP තාක්ෂණය

අඩු ආලෝක තත්ත්වයන් යටතේ දර්ශන ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට AI-ISP තාක්ෂණය උපකාරී වන අතර, 24/7 Color Monitoring, Audio Noise Reduction, Easy Installation සහ IP67 Weatherproof වැනි පහසුකම් මඟින් වඩාත් නවීන ආරක්ෂක අත්දැකීමක් ලබාදෙයි.

🛡️ Dahua තෝරාගන්නේ ඇයි?

✔️ උසස් රූප පැහැදිලිතාව
✔️ රාත්‍රියේදී පැහැදිලි දර්ශන
✔️ Full-Color / Smart Dual Light තාක්ෂණය
✔️ IP67 Weatherproof Protection
✔️ විවිධ ස්ථාන සඳහා විවිධ Camera Designs
✔️ දිගු දුර Transmission
✔️ නවීන සහ විශ්වාසදායක CCTV තාක්ෂණය
✔️ නිවැරදි ස්ථාපනය හා අලෙවියෙන් පසු සේවා සහාය

ඔබේ ආරක්ෂාවට මිල පමණක් නොව, ගුණාත්මකභාවය සහ නිවැරදි තාක්ෂණයද වැදගත්ය. ඔබේ අවශ්‍යතාවය අපට කියන්න — ඔබට ගැළපෙන Dahua CCTV Solution එක තෝරාගැනීමට අපි උපදෙස් දෙන්නෙමු.

🏢 Skynet CCTV Showroom – Ampara
වසර ගණනාවක් පුරා පරිගණක, CCTV සහ IT ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය දිනාගත් Skynet වෙතින් Dahua CCTV කැමරා, DVR/NVR, කේබල්, Power Supply සහ අනෙකුත් CCTV උපාංග ලබාගත හැක. නිවසේ සිට ව්‍යාපාරික ස්ථාන දක්වා අවශ්‍යතාවයට ගැළපෙන CCTV පද්ධති සැලසුම් කිරීම, ස්ථාපනය, නඩත්තු සහ තාක්ෂණික සහාය ලබාදීමට අපගේ කණ්ඩායම සූදානම්. ඔබේ ආරක්ෂාව සඳහා ගුණාත්මක නිෂ්පාදන සහ වෘත්තීය සේවාවක් එකම ස්ථානයකින් ලබාගන්න.

📍 No. 72/1, D.S. Senanayaka Street, Ampara
📞 077 992 9192 | 067 2222 919
🛡️ Dahua CCTV Solutions – Skynet CCTV Showroom

15/08/2026

නව සේවකයන් වහාම අවශ්‍ය කර තිබේ! (Computer / CCTV Technicians, Cashier & Sales)
💰 ආකර්ෂණීය වැටුප් !
📅 අවසාන දිනය: 2026-08-20
📞 CV එක WhatsApp කරන්න: 0718110128
https://wa.me/94718110128

15/08/2026

🚨 புதிய பணியாளர்கள் உடனடியாகத் தேவை! 🚨

SKYNET COMPUTER PVT. LTD. நிறுவனத்திற்கு கீழ்க்கண்ட பதவிகளுக்கு பணியாளர்கள் தேவை:

💻 Computer Technician
📹 CCTV Technician
💰 Cashier
📈 Sales

💰 கவர்ச்சிகரமான சம்பளம்!

⚠️ முக்கிய நிபந்தனை:
மேற்கண்ட அனைத்து பதவிகளுக்கும் விண்ணப்பிக்கும் விண்ணப்பதாரர்களும் சிங்கள மொழியைப் பேசும் திறன் கொண்டிருக்க வேண்டும்.

📅 விண்ணப்பங்களை ஏற்றுக்கொள்ளும் இறுதித் தேதி: 2026-08-20

📞 CV அனுப்ப WhatsApp: 071 811 0128
"https://wa.me/94718110128" (https://reference-url-citation.invalid/0)

#வேலைவாய்ப்பு #வேலைவாய்ப்புகள் #அம்பாறைவேலைவாய்ப்பு #கல்முனை #கல்முனைவேலைவாய்ப்பு #அக்கரைப்பற்று #அக்கரைப்பற்றுவேலைவாய்ப்பு #சாய்ந்தமருது #மருதமுனை #காத்தான்குடி #சம்மாந்துறை #புதியவேலைவாய்ப்பு #இலங்கைவேலைவாய்ப்பு #தமிழ்வேலைவாய்ப்பு

Address

Uhana, Ampara
Columbo
094

Opening Hours

Monday 09:00 - 19:30
Tuesday 07:00 - 19:30
Wednesday 07:00 - 19:30
Thursday 07:30 - 19:30
Friday 07:30 - 19:30
Saturday 07:30 - 19:30
Sunday 07:00 - 19:30

Telephone

+94767635735

Alerts

Be the first to know and let us send you an email when Sky Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category