26/11/2024
මාතලේ දිස්ත්‍රික්කයේ මා හිතවත් ඡන්දදායකයින් වෙත,
මාලිමාව ලංකා ඉතිහාසයේ තනි දේශපාලන පක්ෂයක් ලැබූ ඉහළම ජයග්‍රහණය ද, මාතලේ ආසන පහෙන් හතරක් ද දිනාගත්තේය. විපක්ෂයේ එකම මන්ත්‍රීවරිය ඔබ විසින් මා තෝරා පත් කර ගෙන ඇත.
ජාතික වශයෙන් අප පක්ෂය ලැබුවේ 19% ක් පමණී. නමුත්, ලග්ගල 26.35% ක් ද, මම පදිංචි රත්තොට 23.65% ක් සජබට ලැබුණි. ලග්ගල, දඹුල්ල, රත්තොට ගණන් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් හැර වැඩිම ඡන්දය ද සමඟ මට මනාප 27,845 ක් ලැබී ඇත. ඒ ලග්ගල 8,723 ක්, රත්තොට 6,872 ක්, මාතලේ 4,608 ක්, දඹුල්ල 6,256 ක් ද, තැපැල් ඡන්ද 1,386 ක් ද වශයෙනි.
මාතලේ ලෙන්ගතුකමේ ඇමතුම මා දේශපාලන දිවියේ ලද ඉහළම සම්මානයයි.
මැතිවරණයක් පරාජයට පත් වූ වහාම, එහි පණිවුඩය හඳුණාගැනීම වඩා සවිමත්ව නැගී සිටීම වැදගත් බව මම දනිමි. 1947 න් පසු අපගේ කඳවුර මැතිවරණයක දී ලැබූ ලොකුම පසුබෑසීම අවස්ථාවේ දී ද, ඔබ මා වැඩි ඡන්ද ලබා දෙමින් ද, ඉහළම මනාප ප්‍රතිශත ලබා දෙමින් ද, ඉහළින්ම ඔසවා තබා ඇත. නායක සජිත් ප්‍රේමදාස මහතාට පමණක් දෙවනිවන 63% ක මනාප ප්‍රතිශතයක් ලබාදීමට මාතලේ ජනතාව කටයුතු කර ඇත. පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව අඩුම ඡන්ද ප්‍රමාණයක් පහත වැටී ඇත්තේ ද, ලග්ගල යි.
මේ ලෙන්ගතුකම, විශ්වාසය රකින්නට මම දැඩිම අප කැප වෙමි.
අරගලයෙන් පසුව ජනතා අපේක්ෂාවන් පවතින්නේ කුමන තැනකදැයි මා නිරන්තරයෙන් විමසිලිවන්ත වීමි. මහා මැතිවරණයක වැඩිම ඡන්ද සංඛ්‍යාව, ඉහළම ඡන්ද ප්‍රතිශතය, වැඩිම දිස්ත්‍රික්ක සංඛ්‍යාවක ජයග්‍රහණය, වැඩිම ආසන සංඛ්‍යාවක ජයග්‍රහණය, වැඩිම මනාප සංඛ්‍යාවේ වාර්තා ජාජබ විසින් මෙවර බිඳ දමා ඇත. නිදහසින් පසුව ඉහළම කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුව බිහිවී ඇත.
උපන් දා සිට මාතලේ ජනතාව මාගේ සෙනෙහසයි. ගෞරවයයි. හෙට සිට නැවත මම ඔබ සමඟ මාගේ වගකීම් ඉටු කිරීමට නැවතත් බැදෙන්නෙමි. මා උපන්නේ ද, ජීවත් වන්නේ ද, දුක - සතුට විදින්නේ ද මාතලේ ඔබ සමඟය. වෙනදා මෙන්ම, ඔබගේ අවශ්‍යාවයන් පිළිබඳ දැන ගැනීමට ඒවාට මැදිහත්වීමට මම කැමැත්තෙන් සිටිමි. සංවර්ධන කටයුතු, ගැටළු පිළිබඳ හඬක් ගැගීමට පියවර ගනිමි. පාර්ලිමේන්තුවේ වගකීම් රැසක් මා වෙත පැවරෙමින් ඇත. ඒ සියල්ල ඔබ වෙනුවෙන් ඉටු කිරීමට මම පියවර ගන්නෙමි.
ඔබ සැම නැවත වරක් මා ඔබගේ මහජන නියෝජිතවරිය ලෙස තෝරාපත් කර ගැනීම පිළිබඳ, මාගේ ගෞරව ආදරය පිරි ස්තුතිය පිරිණමමි. මටත් පක්ෂයටත් ඡන්දය නොදුන් සැමට ද මාතලේ විපක්ෂයේ එකම මහජන නියෝජිතයා ලෙස මාගේ වගකීම් ඉටු කිරීමට මම සුදානම් ය.
ඔබගේ ගැටළු, ප්‍රශ්න අදහස් හා යෝජනා වෙනදා මෙන්ම නිරන්තරයෙන් මම බලාපොරොත්තු වන්නෙමි.
ස්තුතියි,
රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් ඔබගේ ජනතා සේවක