23/01/2026
Game එකක් කවදාවත් "Uncrackable" වෙන්න බැරිද? 🎮🔓
Tech lesson 001
2009 දී Ubisoft සමාගම Assassin's Creed 2 රිලීස් කළේ ලෝකෙ කාටවත්ම කවදාවත් crack කරන්න බැරි වෙයි කියලා හිතපු අලුත්ම security system එකක් එක්ක. හැබැයි ඒක crack කරන්න හරියටම දවස් 9යි ගියේ!.
බිලියන ගණන් වියදම් කරලත් මේ වගේ high end game company's වලට මේක නවත්වන්න බැරි ඇයි? මොකක්ද මේ Hacker-ලා සහ Game Developers-ලා අතර තියෙන මේ "හොරා පොලිස්" සෙල්ලම?
Games එකක් original copy එකක්ද කියලා check කරන ක්‍රම කීපයක් තීනවා.
"VIP Pass" එකේ Equation එක 🎟️
මේ stage එකේදි Game එකක් crack කරනවා කියන එක හරියට VIP club එකකට හොරෙන් පනිනවා වගේ වැඩක්. ලොකුම ටාගට් එක එක්කෝ ඇත්තම VIP pass එක හොරකම් කරන එක, නැත්නම් ඇත්ත එක වගේම පේන "Fake" එකක් හදන එක.
ඒ කාලේ වැඩේ හරි සරලයි. Serial key එකක් හරි, game manual එකේ තියෙන code එකක් හරි තිබ්බා නම් වැඩේ එතනින්ම ඉවරයි. පරන ගේමි වල cracked එවගෙත් එකම serial එක හැම තැනම වැඩ කරන්නෙ එකයි.
"CD" Era 💿
මෙක දී වෙන්නෙ අපිට CD එකක් drive එකේ නැතුව install කරන්න බැරි වෙන එක. මේකත් හරි simple method එකක් crack කරන්න. ගොඩක් වෙලාවට virtual disk එකක් වගේ game එකේ logo එකත් එක්ක CD drive එකක් C එකේ පෙන්නනවා දැකලා ඇතිනෙ එක තමයි මේ ක්‍රමයට solution එක. එකෙදි කරන්නෙ CD එකක් නැතුව Game එක run කරන්න පුළුවන් වෙන්න පොඩි "Patch" එකක් හදන එක. එකෙන් vertical drive එකක් පෙන්නනවා install stage එකේදි.
අද තත්ත්වය 📆
දැන් තියෙන්නේ DRM (Digital Rights Management). මේක හරියට ඔයා ගේම් එක ප්ලේ කරන මුළු වෙලාවෙම ඔයාගේ ඔළුව උඩට වෙලා "තමුසෙ මේක සල්ලි දීලා ගත්ත එකෙක්ද?" කියලා සැකෙන් බලන wife වගේ. හැම තිස්සෙම ping එකක් යවනවා main server එකට එ ping එක drop උනොත් game එක වැඩ කරන්නෙ නැතුව යනවා. මෙකත් crack කරන්නෙ හරි simple විදියකට. මෙකෙදි කරන්නෙ hackers ලා game එක reverse engineering කරන එක. එකට එයාලා use කරන ලොකුම tools 2ක තමයි, OllyDbg සහ IDA pro. මෙ දෙක use කරලා code එක අරගෙන එකේ DRM checks බලන තැන් code එකෙන් අයින් කරලා fake check එකක් අගඑතනට දෙනවා.
Denuvo 👹
අද තියෙන අමාරුම security එක තමයි Denuvo කියන්නෙ. මේක ලේසියෙන් අල්ලන්න බැහැ. මේක කරන්නේ Game එකේ logic එක සම්පූර්ණයෙන්ම "Scramble" කරලා, ඒ අස්සේ හැකර්ලාව අල්ලගන්න B***y traps හංගන එක.
Hackers ලා මේකට ගේම දෙන්නේ මෙහෙමයි:
Reverse Engineering: IDA Pro වගේ tools පාවිච්චි කරලා, පරිගණකයට විතරක් තේරෙන "Machine code", ආපහු මිනිස්සුන්ට කියවන්න පුළුවන් code එකකට හරවනවා.
Memory Trap: Denuvo මුළු ගේම් එකම එකපාර unlock කරන්නේ නැහැ. ඔයා කරන වැඩේට (example: වෙඩි තියන වෙලාවට) අදාළ code කෑල්ල විතරයි ඒ වෙලාවට පෙන්නන්නේ. හැකර් කෙනෙක්ට ගේම් එකක් සම්පූර්ණයෙන් crack කරන්න නම්, ඒ ගේම් එකේ හැම level එකක්ම ප්ලේ කරලා, හැම animation එකක්ම බලලා, RAM එකේ ඒ වෙලාවට මතුවෙන decrypt වුණු code කෑලි එකින් එක එකතු කරන්න ඕනේ. ඒක මාස ගණන් යන මහන්සි වෙන්න ඕන වැඩක්! එ සේරම කරලා, එහෙම තමයි ආයිත් DRM වගේ checking codes remove කරලා crack version එකක් එලියට දාන්නේ.
සල්ලි දීලා ගමුද? නැත්නම් Pirated ද? ⚔️
මේ කතාවේ එන ප්‍රසිද්ධම කියමනක් තමයි: "If buying isn't owning, then piracy isn't stealing". Movements
ඒත් එක දෙයක් අමතක කරන්න එපා. අපි ආසාවෙන් ප්ලේ කරන ගේම් එකක් හදන්න developers-ලා අවුරුදු ගාණක් ලේ, කඳුළු හෙලනවා. ඒ නිසා ඔයාට පුළුවන් නම්, ඇත්තටම ඒ ගේම් එකට ආදරේ නම් සල්ලි දීලා අරන් ඒක හදපු අයට සහයෝගයක් දෙන්න.
ඔයාලා මොකද හිතන්නේ? 🧐
Game companies මේ විදිහට security දාන එක හරිද?
නැත්නම් Piracy තමයිද හොඳම?
පල්ලෙහයින් comment එකක් දාගෙන යමු! 👇