Electro Tikz

Electro Tikz Electronics Playing any games

16/08/2026

සමහර කඩවල්වල විකුනන්න තියෙන මෙන්න මේ robo circuit එක ඔයාලත් අරන් තියේද?🤔

මටනම් හෙන වෙලාවක් ගියා මේකේ රටාව තේරුම් ගන්න😒😂

⚡ඔයා හැමදාම දකින ලයිට් කණුවේ ඇයි වයර් 4ක් තියෙන්නේ? 🤔 අපේ රටේ තියෙන්නේ Three-Phase, Four-Wire Distribution System එකක්. ...
12/08/2026

⚡ඔයා හැමදාම දකින ලයිට් කණුවේ ඇයි වයර් 4ක් තියෙන්නේ? 🤔

අපේ රටේ තියෙන්නේ Three-Phase, Four-Wire Distribution System එකක්. ඒ කියන්නේ Phase 3ක් + Neutral එකක්.

🔴 Phase 1
🟡 Phase 2
🔵 Phase 3
🟢 Neutral

🏠 එහෙනම් ගෙදරට වයර් 2ක් විතරක් එන්නේ ඇයි?

සාමාන්‍ය ගෙදරකට අවශ්‍ය වෙන්නේ Single-Phase supply එකක්(සාමාන්‍ය ගෙදරකට ගොඩාක් ලොකු power එකක් ඕනි නෑනී). ඒ නිසා Phase තුනෙන් එකක් සහ Neutral එකක් — Phase + Neutral — ගෙදරට ලබා දෙනවා.

🏭 එතකොට කර්මාන්තශාලාවලට?

විශාල කර්මාන්තශාලා සහ වැඩි විදුලි බලයක් අවශ්‍ය වන ස්ථානවල Three-Phase supply භාවිතා කරන නිසා Phase තුනම අවශ්‍ය වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් Phase 3 + Neutral ලෙස වයර් 4ම ගන්නවා.

⚖️එහෙනම් ඇයි ගෙවල්වලට power එක දෙන ලයිට් කනුවලත් මේ phases තුනම තියෙන්නේ🤔

ගෙවල් සහ අනෙකුත් loads Phase තුන අතර සමසේ බෙදාහැරීම (Load Balancing) සිදු කරනවා. මේකෙන් එක Phase එකකට විතරක් වැඩිපුර බරක් වැටීම අඩු කරලා, විදුලි පද්ධතිය වඩාත් ස්ථාවරව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ⚡ ඔයාගේ ගෙදරට දීලා තියෙන phase එක එහා ගෙදරට නැති වෙන්න පුලුවන්.එහෙම වෙලාවල් වලට තමයි සමහර ගෙවල් වලට කරන්ට් එක ගියාම අනිත් ගෙවල් වලට තියෙන්නේ(එක phase එකක් down උන වෙලාවල්වලට)

ඒ නිසා අපි හැමදාම දකින මේ වයර් 4 ඇතුළේ තියෙන්නේ ලොකුම ලොකු විදුලි පද්ධතියක්! 😮⚡

ඔයා මේක ගැන කලින් දැනගෙන හිටියද? 👀👇

09/08/2026

අවුලක් නෑ ලස්සනට ගැලවුනා😌😂

හැමවැඩේම youtube එකෙන් බලන් කරන ඔයාගේ යාලුවවත් mention කරන්න අමතක කරන්න එපා🤭

🔊 Buzzer එකක් ඇතුළේ ඇත්තටම වෙන්නේ මොකක්ද? 🤔අපි arduino, esp32 වගේ දේවල් use කරලා හදන projects වල buzzers නිතරම use කරනවන...
07/08/2026

🔊 Buzzer එකක් ඇතුළේ ඇත්තටම වෙන්නේ මොකක්ද? 🤔

අපි arduino, esp32 වගේ දේවල් use කරලා හදන projects වල buzzers නිතරම use කරනවනේ.🫣 ඒත් 5v හරි 3.3v දුන්නම කොහොමද මේ බුවා මෙහෙම කෑගහන්නේ?🤔

මුගේ ඇතුළේ තියෙන්නේනම් Piezoelectric Disc එකක්. Driver Circuit එකෙන් ලැබෙන විදුලි සංඥා (Pulses) නිසා මේ Disc එක ඉතා වේගයෙන් කම්පනය වෙනවා. ඒ කම්පනය නිසා තමයි අපිට මේ ඇහෙන “Beep” ශබ්දය නිපදවෙන්නේ.

💡 Speaker එකක් වගේ Coil එකක් හෝ Magnet එකක් මුගේ ඇතුළේ නැහැ. ඒ වෙනුවට Piezoelectric Effect කියන විද්‍යාත්මක මූලධර්මය භාවිතා කරලා තමයි ශබ්දය නිපදවන්නේ.

📌 Buzzer වර්ග දෙකක් තියෙනවා

🔹 Active Buzzer

* DC Voltage එකක් දුන්නම සෘජුවම ශබ්දය නිකුත් කරයි.
* Projects වල බහුලව use වෙනවා

🔹 Passive Buzzer

* DC Voltage එක විතරක් ප්‍රමාණවත් නැහැ.
* PWM (Pulse Width Modulation) Signal එකක් අවශ්‍යයි.
* Frequency එක වෙනස් කරලා විවිධ නාද (Tones) නිපදවන්න පුළුවන්.

💬 ඔයා වැඩිපුර භාවිතා කරන්නේ Active Buzzer එකද? Passive Buzzer එකද? Comment එකේ කියන්න!

❤️ මේ වගේ Electronics දැනුම සරලව ඉගෙන ගන්න Follow කරන්න.

05/08/2026

Circuit එක හරියටම පාස්සලත් ඒකේ රටාව අදුනගන්න බැරි උනාම 🥲😂

SKS විතරමද හොද brand එකකට තියෙන්නේ👀මන් දැන් මාස 6ක විතර ඉදන් මේ 65/35 (0.6mm) solder wire එක තමයි use කරන්නේ. 😌 හැබැයි b...
02/08/2026

SKS විතරමද හොද brand එකකට තියෙන්නේ👀

මන් දැන් මාස 6ක විතර ඉදන් මේ 65/35 (0.6mm) solder wire එක තමයි use කරන්නේ. 😌 හැබැයි brand එකනම් හිතාගන්න බෑ😂

🔥 මෙයාව 330°C – 360°C අතර temperature එකකට රත් කලාම සුපිරියට පාස්සන්න පුලුවන්😏

මම මේක Tronic එකෙන් රු.700ක් වගේ දීලා ගත්තේ (මාස 6කට විතර කලින්). මේ වෙනකම් නම් මට කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. 👍

හැබැයි comment වල ගොඩක් අය SKS brand එකත් ගොඩක් හොඳයි කියලා කියනවා. 🤔

කෝ බලන්න…
SKS use කරන අය🙋‍♂️
ගන්නේ කොහෙන්ද කියලා පහලින් comment එකක් දාන්න මටත් අරන් use කරලා බලන්න.💬

තව වෙන brand එකක් recommend කරනවා නම් ඒකත් comment කරන්න අමතක කරන්න එපා🔧

31/07/2026

⚡ ඔයාලා පාස්සන්න ගන්න ඊයම් හැම එකම එක වගේ නෙවෙයි!

Pb (lead) සහ Sn (Tin) අනුපාතය අනුව solder වෙන විදිහ, melting point එක සහ quality එක වෙනස් වෙනවා.(65/35, 63/37, 60/40)

ඔයාට ගැලපෙන ratio එක තෝරාගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න! 👨‍🔧

ඊයම් වල quality එක සහ ඝනකමත් මේවට බලපානවා😌

(කොටුවෙන්නම් ඊයම් ගන්න එපා😂)

27/07/2026

හැමදේම හරිවෙලාවට හරිවිදියට plug කරන්න😪😂

නැත්නම් case🥲😂

⚡ Clamp Meter එක භාවිතා කරන ගොඩක් අය නොදැනුවත්වම කරන වැරදි 5ක්!clamp meter එකක් තිබුණා කියලා විතරක් හරියට measurements ග...
24/07/2026

⚡ Clamp Meter එක භාවිතා කරන ගොඩක් අය නොදැනුවත්වම කරන වැරදි 5ක්!

clamp meter එකක් තිබුණා කියලා විතරක් හරියට measurements ගන්න පුලුවන් වෙන්නෙ නෑ😪 පොඩි වැරදි නිසා readings වැරදි වෙන්නත්, අනතුරුදායක තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්.(high voltages , currents එක්ක වැඩ කරද්දි ඉතින් දන්නවනේ🥲)

❌ හැමෝම කරන වැරදි 5ක්

1️⃣ phase සහ neutral දෙකම එකවර clamp කිරීම(කොටින්ම කිව්වොත් වයර් දෙකක් එකපාර clam කිරීම)

2️⃣ measurement mode එක වැරදියට තේරීම.

3️⃣ probe එක වැරදි port එකට සම්බන්ධ කිරීම.

4️⃣ current එක මනින විට wire එක හරියට clamp නොකිරීම.

5️⃣ meter එකේ CAT Safety Rating නොසලකා භාවිතා කිරීම.

🤔 එහෙනම් Multimeter එකක් තියෙද්දී clamp meter එකක් මොකටද?🤔

✅ Circuit එක disconnect නොකර Current එක මනින්න පුළුවන්.

✅ වැඩි Current එකක්(100A, 400A, 600A+) ආරක්ෂිතව මනින්න පුළුවන්.

✅ Live electrical panels වල වැඩ කිරීමේදී වඩාත් ආරක්ෂිතයි.

✅ ඉක්මනින් සහ පහසුවෙන් මිනුම් ලබාගන්න පුළුවන්.

📏 Accuracy ගැන

ගොඩක් වෙලාවට dgital multimeter එකක් V voltage, resistance සහ continuity මිනුම් සඳහා සාමාන්‍යයෙන් වැඩි accuracy එකක් ලබා දෙනවා.

ඒත් clamp meter එකක් AC current ඉක්මනින්, ආරක්ෂිතව සහ circuit එක කපන්නේ නැතුව මැනීමට නිර්මාණය කරලා තියෙනවා. හොඳ quality Clamp Meter එකක් (Hioki, Fluke වගේ) සාමාන්‍ය electrical වැඩ සඳහා ඉතා හොඳ accuracy එකක් ලබා දෙනවා.

👉 කෙටියෙන්:

* 🎯 උපරිම Accuracy (V/Ω) → Multimeter
* ⚡ ඉක්මන් සහ ආරක්ෂිත Current Measurement → Clamp Meter

නිවැරදි වැඩේට නිවැරදි උපකරණය තෝරාගන්න එකයි වැදගත්.

💬 ඔයා වැඩිපුර භාවිතා කරන්නේ Clamp Meter එකද? නැත්නම් Multimeter එකද? Comment එකේ කියන්න! ⚡

ඇයි මේ transformer එක මෙච්චර තඩි😱පාරේ යද්දී දකින්න හම්බෙන transformers වලට වඩා ගොඩක් ලොකු මේක 130kV ➡️ 33kV step down tr...
20/07/2026

ඇයි මේ transformer එක මෙච්චර තඩි😱

පාරේ යද්දී දකින්න හම්බෙන transformers වලට වඩා ගොඩක් ලොකු මේක 130kV ➡️ 33kV step down transformer එකක්. මටනම් ශුවර් ගොඩක් දෙනෙක් මේවගේ එකක් දැකලා නැතුව ඇති👀

මොකද මේවගේ තඩි ඒවා ගොඩක් වෙලාවට තියෙන්නේ substations වලනේ🫠

මේ Transformer එකේ ප්‍රධාන කාර්යය තමයි 130kV වගේ ඉතා ඉහළ Voltage එකක් 33kV දක්වා අඩු කිරීම (Step Down).

ඒ ඇයි? 🤔

ඉතා ඉහළ Voltage එකකින් power එක transfer කරද්දී Power Loss (I²R ) එක අඩුවෙනවා.මොකද (P=VIcos(o))නේ. ඒත් ඒ Voltage එකෙන්ම නගර, කර්මාන්තශාලා සහ ගම්මානවලට විදුලිය ලබා දෙන්න බැහැ. ඒ නිසා Grid Substation එකේදී මේ Power Transformer එක මඟින් Voltage එක 33kV දක්වා අඩු කරලා ඊළඟ Distribution Network එකට යවනවා(ඔයාලා දකින් ලයිට් කනුවල තියෙන transformers).

📌 මේ Photo එකේ දකින්න පුළුවන් ප්‍රධාන කොටස් කිහිපයක්:

🔹 HV Bushings – 130kV High Voltage transformer එකට දෙන සම්බන්ධක.(

🔹 LV Bushings – Voltage එක 33kV කරලා පිටතට ලබා දෙන සම්බන්ධක.

🔹 Radiators – Transformer Oil එක රත් වීම නිසා ඇතිවන තාපය පිටතට ඉවත් කරලා Cooling කරන කොටස.

🔹 Main Oil Tank – Transformer එකේ Core සහ Windings සම්පූර්ණයෙන්ම Insulating Oil තුළ තිබෙන ප්‍රධාන ටැංකිය.

🔹 Conservator Tank – උෂ්ණත්වය වෙනස් වීමත් සමඟ Oil එක ප්‍රසාරණය වීම සහ සංකෝචනය වීම පාලනය කරන ටැංකිය.

🔹 Buchholz Relay – Transformer එක ඇතුළත ඇතිවන Fault හඳුනාගෙන Protection System එකට Signal ලබා දෙන වැදගත් ආරක්ෂක උපකරණයක්.

💡 Did you know!!!!!

✔️ මේ වගේ Transformer එකක් ටොන් දස ගණනක් බර වෙන්න පුළුවන්.

✔️ Transformer Oil ලීටර් දහස් ගණනක් ඇතුළේ තියෙනවා.

✔️ පැය 24ම, අවුරුද්ද පුරාම වැඩ කරන උපකරණයක්.

✔️ මේ වගේ Transformer එකක් නැත්නම් අපේ ගෙවල්වලට, කර්මාන්තශාලාවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ආරක්ෂිතව විදුලිය ලබා දෙන්න බැහැ.

📖 Engineering කියන්නේ Theory විතරක් නෙවෙයි. ඇස් දෙකෙන් දකින හැම උපකරණයක්ම පිටිපස්සේ විශාල විද්‍යාවක් සහ ඉංජිනේරු නිර්මාණයක් තියෙනවා.

❤️ මේ වගේ Electrical Engineering පිළිබඳ තවත් Posts බලන්න Page එක Follow කරන්න.

ඔයා මීට කලින් මේ Transformer එකේ Radiator, Conservator Tank සහ Buchholz Relay ගැන දැනගෙන හිටියද? 👇

Address

278/2, Kusalkandhawaththa, Batapola
Galle
80320

Alerts

Be the first to know and let us send you an email when Electro Tikz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category