24/01/2026
👉 ටෙක් එකක කෝස් එකක් කරන්නේ නැතුව NVQ 3, NVQ 4 සහතිකයක් ගන්න ක්‍රමය
RPL ( (Recognition of prior learning ) ජාතික වෘත්තිය සුදුසුකම් සහතික පිරිනැමීම
ඔබගේ රැකියාව මෙතෙක් කල් පැවතුනේ ඔබේ දක්ෂතාවය හා නිපුණතාවය මතය. ඔබේ නිපුණතාවයට ජාතික මට්ටමේ
පිළිගැනීමක් ඇති සහතිකයක් ලබා දීමේ වැඩපිළිවෙලක් දැන් අප අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇත. ඒ අන් කිසිවක් නොව
ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබා දීමේ වැඩ පිළිවෙලයි.
1. මෙම සහතිකය ලබා ගැනීමට වෘත්තීය පලපුරුද්ද පමණක් අවශ්‍ය වේ. මෙය ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති
සහතිකයක් බැවින් විදේශ රැකියාවකට වුවද යාමේ අවස්ථාව සැලසේ.
2. මෙමගින් ජාතික ඩිප්ලෝමා හෝ උපාධි මට්ටමේ සුදුසුකම් දක්වා යා හැකි බැවින් ඔබට අභිමානයෙන් යුතුව වෘත්තීය මග
සැළසුම් කරගත හැක.
3. ඔබ රැකියාව කරන ස්ථානයේදී හෝ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාර්ය නම් කරන පුහුණු
මධ්‍යස්ථානයකදී ඔබගේ නිපුණතාවයක් හැකියාව සහතික කරවා ගත හැක.
📌️ අවශ්‍ය සුදුසුකම් 📌️
⭕ NVQ 2/3 වන මට්ටම් සඳහා
👉 අයදුම් කරන වෘත්තියට අදාළව වසර එකහමාරක වෘත්තීය පළපුරුද්ද ඇති ඕනෑම අයෙකුට අයදුම් කල හැක.
(සේවා සහතිකයේ නිවැරදිව සේවය කරන තනතුර, අදාළ සේවා කාලය නිසි ආකාරයෙන් සදහන් කළ යුතුය.)
හෝ
👉 අයදුම් කරන වෘත්තියට අදාලව වසර එකහමාරක ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය සහ එම ව්‍යාපාරය සක්‍රීයව පවත්වාගෙන යන බවට හා අයදුම්කරු විසින්
අදාළ වෘත්තියේ නියැලෙන බවට ග්‍රාම නිලධාරිතුමාගේ සහතිකය
හෝ
👉 තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා ඇත්නම්,
1. මාස 6-12 එක් වසරක වෘත්තීය පළපුරුද්ද
2. මාස 12-24 මාස නවයක වෘත්තීය පළපුරුද්ද
3. මාස 24-36 මාස හයක වෘත්තීය පළපුරුද්ද
❌ අයදුම්පත් යොමු කරන දින වන විට ඔබ වයස 18 සම්පුර්ණ වුයෙක් විය යුතුය.
⭕ NVQ 4 මට්ටම සඳහා
👉 අයදුම් කරන වෘත්තියට අදාළව වසර හතරක වෘත්තීය පළපුරුද්ද ඇති ඕනෑම අයෙකුට අයදුම් කල හැක.
(සේවා සහතිකයේ නිවැරදිව සේවය කරන තනතුර,අදාළ සේවා
කාලය නිසි ආකාරයෙන් සදහන් කළ යුතුය.)
හෝ
👉 අයදුම් කරන වෘත්තියට අදාලව වසර හතරක ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ සහතිකය සහ එම ව්‍යාපාරය සක්‍රීයව පවත්වාගෙන යන බවට හා අයදුම්කරු විසින් අදාළ වෘත්තියේ නියැලෙන බවට ග්‍රාම නිලධාරිතුමාගේ සහතිකය
හෝ
👉 තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා ඇත්නම්,
1. මාස 6-12 වසරක තුනක වෘත්තීය පළපුරුද්ද
2. මාස12-24 වසර දෙකක වෘත්තීය පළපුරුද්ද
3.මාස 24-36 වසර එක එකහමාරක වෘත්තීය පළපුරුද්ද
හෝ
👉 NVQ 2 මට්ටමේ සහතිකයක් ලබා ඇත්නම් වසර 3 වෘත්තීය පළපුරුද්ද
👉 NVQ 3 මට්ටමේ සහතිකයක් ලබා ඇත්නම්, වසර 2 වෘත්තීය පළපුරුද්ද
❌ අයදුම්පත් යොමු කරන දින වන විට ඔබ වයස 21 සම්පුර්ණ වු අයෙක් විය යුතුය.
📌️ ගාස්තු ගෙවීම් 📌️
1. ලියා පදිංචි ගාස්තුව-
Level 3 : 1000/=
Level 4 : 1000/=
(NAITA-NVQ-RPL නමින් මහජන බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ඇති අංක 174100150021659
දරණ ගිණුමට තැන්පත් කල යුතුය.)
2. සහතික පත්‍ර සහ අධීක්ෂණ ගාස්තු-
Level 3 : 500/=
Level 4 : 500/=
(අධ්‍යක්ෂ ජනරාල් ,TVEC නමින් මහජන බැංකුව බොරැල්ල, ශාඛාවේ ඇති 078100172266044
දරණ ගිණුමට මුදල් තැන්පත් කල යුතුය.)
3.න්‍යායික පරීක්ෂණ ගාස්තු-(රූපලාවන්‍ය ශිල්පී, කේෂාලංකරණ ශිල්පී, සැළසුම් ශිල්පී, ශිත කරණ හා වායු සමීකරණ ශිල්පී, පෙර පාසල් ගුරු, මොටර් රථ කාර්මික ශිල්පී, විදුලි කාර්මික ශිල්පී,තොරතුරු තාක්ෂණ ශිල්පී, හෙද සහායක ශිල්පී, බේකරි ශිල්පී, සුපවේදි, ප්‍රමාණ සමීක්ෂණ සහායක, ගොඩනැගිලි ඉදිකිරිම් සුපරීක්ෂක )
Level 3 : -
Level 4 : 500/=
(TVEC නමින් 078100172266044 දරණ ගිණුමට
මුදල් තැන්පත් කල යුතුය.)
4. අවසාන ඇගයීම් පරීක්ෂණ ගාස්තු
Level 3 : 5000/=
Level 4 : 6000/=
(NAITA-NVQ-RPL නමින් මහජන බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ඇති අංක 174100150021659
දරණ ගිණුමට තැන්පත් කල යුතුය.)
5. අවසාන ඇගයීම් පරීක්ෂණ මධ්‍යස්ථාන ගාස්තුව
Level 3 : 4000/=
Level 4 : 5000/=
(අදාල විභාග මධ්‍යස්ථානයට ගෙවිය යුතුය.)
( 👉👉 ගෙවීම් ගැන පැහැදිලි නැත්තන් ඔරිජිනල් පෝස්ට් එකේ පලවෙනි කමෙන්ට් එක බලන්න.මං ෆොටෝ එකක් දාන්නම් )
📌️ අදාල ලේඛන 📌️
ඉහත ක්‍රම වේදයන් අතරින් එක් ක්‍රමවේදයක් ඔස්සේ වෘත්තීය පළපුරුද්ද ඇත්නම්, NVQ-RPL සඳහා ලියාපදිංචි විය හැක.
1. ජාතික හැඳුනුම්පතෙහි සහතික කරන ලද (සාමවිනිසුරු විසින්) ඡායා පිටපත
2. සේවා සහතිකයේ සහතික කරන ලද (සාමවිනිසුරු විසින්) ඡායා පිටපත
👉 ඔබ විදේශ රටක සේවය කර එම සේවා සහතික ඉදිරිපත් කරන්නේ නම්,සේවා සහතිකය සමඟ විදේශ ගමන් බලපත්‍රය හා විසා පිටුවල පිටපත් යොමු කළ යුතු වේ.
3. බැංකු රිසිට්වල මුල් පිටපත්
👉 ඉහත අංක 01,02 යටතේ සඳහන් ගාස්තු ගෙවිය යුතු අතර න්‍යායික පරීක්ෂණ පවත්වනු ලබන වෘත්තීන් සඳහා පමණක් NVQ Level 4 ලබා ගැනීමට ලියාපදිංචි වීමේ දී අංක 1,2,3,දරණ ගෙවීම් කළ යුතුය.
❌ ඔබ ඉදිරිපත් කරන සියළුම ඡායා පිටපත් සාම විනිසුරු විසින් සත්‍ය පිටපත් බවට සහතික කල යුතුය.
(සැ.යු.උක්ත ගිණුම් සදහා තැන්පත් කරන ලද මුදල් නැවත ඔබ වෙත ගෙවනු නොලැබේ. තවද ඔබ අවසන් ඇගයීම මාස 06ක් වනතුරුත් ඔබගේ සහතිකය නොලැබුණ හොත් වහාම අපව දැනුවත් කර මාස 06 ක් තුළ සහතිකය ලබා ගන්න.)
📌️ අයදුම්පත් යොමු කිරීම
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිම් අධිකාරිය
NVQ-RPL අංශය
නො.971, ශ්‍රී ජයවර්ධනපුර මාවත, වැලිකඩ, රාජගිරිය
දුරකථන අංක - 0112888783-5
උපුටාගැනීමකි
www.naita.gov.lk