20/06/2026
අද ජූනි 20 වන දින ලෝක සරණාගත දිනයයි.
අද වන විට ලොව පුරා මිලියන 123කට අධික ජනතාවක් යුද්ධ, ගැටුම් සහ හිංසන හේතුවෙන් තම නිවෙස් අත්හැර යාමට බල කෙරී ඇත. ඔවුන්ගෙන් මිලියන 43කට පමණ තම උපන් රට පවා හැර දමා වෙනත් රටවල ආරක්ෂාව සොයා යාමට සිදුව තිබේ. මෙම සරණාගත ජනගහනයේ විශාල කොටසක් සුඩානය, සිරියාව, ඇෆ්ගනිස්ථානය සහ යුක්රේනය වැනි ගැටුම්වලින් පීඩාවට පත් රටවල ජනතාවයි.
මෙහි ඇති වඩාත් කණගාටුදායක කරුණ වන්නේ සරණාගතයන් අතරින් මිලියන 45ක් පමණ දරුවන් වීමයි. කිහිප දෙනෙකුගේ බල තණ්හාව සහ දේශපාලන අරමුණු හේතුවෙන් ඔවුන්ගේ ළමා කාලය, අධ්‍යාපනය සහ අනාගතය අහිමි වී තිබේ.
තවත් කණගාටුදායක කරුණක් වන්නේ ලොව සරණාගතයන්ගෙන් 73%ක්ම ජීවත් වන්නේ අඩු හෝ මධ්‍යම ආදායම් ලබන රටවල වීමයි. සීමිත සම්පත් සහිත මෙම රටවල්, තමන්ගේම අභියෝග මධ්‍යයේ වුවද, සරණාගත ජනතාවට රැකවරණය ලබා දීමට කටයුතු කරමින් සිටිති.
දශක තුනකට අධික කාලයක් පැවති ශ්‍රී ලංකාවේ යුද්ධය හේතුවෙන් ඉන්දියාවට පලා ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් බොහෝ දෙනෙක් අදටත් එරටේ සරණාගතයන් ලෙස ජීවත් වෙති.
සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) ශ්‍රී ලංකා කාර්යාලය 2024 වසරේදී වසා දැමුවද, වෙනත් රටවලින් පැමිණ මෙරට ලියාපදිංචි වී සිටින සරණාගතයන් තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිටිති.
සරණාගතයන් වන්නේද අප වැනිම මිනිසුන්ය. ආරක්ෂාව, ගෞරවය සහ යහපත් අනාගතයක් ඔවුන්ගේද අයිතියකි. එබැවින් ඔවුන්ට රැකවරණය, සහයෝගය සහ මානුෂීය සැලකිල්ල ලබා දීම අප සැමගේ වගකීමකි.
----------() ()
Today, June 20, is World Refugee Day.
As of today, more than 123 million people around the world have been forcibly displaced due to war, conflict, and violence. Among them, approximately 43 million have been compelled to leave their countries of birth and seek safety in foreign lands. A large proportion of these refugees come from conflict-affected countries such as Sudan, Syria, Afghanistan, and Ukraine.
One of the most heartbreaking aspects of this crisis is that nearly 45 million of the world's displaced people are children. The pursuit of power and political ambitions by a few has robbed them of their childhood, education, and future opportunities.
Another troubling reality is that 73% of the world's refugees are hosted by low- and middle-income countries. Despite facing their own economic and social challenges, these nations continue to provide protection and shelter to those fleeing conflict and persecution.
The civil conflict that lasted for more than three decades in Sri Lanka forced many Sri Lankans to seek refuge in India. Even today, a number of them continue to live there as refugees.
Although the Sri Lanka office of the United Nations High Commissioner for Refugees (UNHCR) closed in 2024, refugees from other countries who have been registered in Sri Lanka continue to reside in the country.
Refugees are human beings just like us. They deserve safety, dignity, and the opportunity to build a better future. Providing them with protection, support, and compassion is not only a humanitarian responsibility but also a reflection of our shared humanity.