28/08/2026
Sri Lanka වල “Free CCTV Cloud Recording” ඇත්තටම Free ද?
දැන් CCTV camera ගොඩක් sell කරද්දී “7 Days Free Cloud Recording” කියන එක ලොකු selling point එකක් වෙලා. සමහර brands මේ 7-day cloud service එක අවුරුද්දක් free දෙනවා. තවත් සමහර offers වල අවුරුදු 10ක් දක්වා free කියලත් promote කරනවා.
අහන්න නම් ගොඩක් attractive. හැබැයි මෙතන අපි තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා.
Cloud storage එක free වෙන්න පුළුවන්. හැබැයි video එක Cloud එකට upload කරන්න යන Internet Data එක free නෑ.
එක Camera එකකට Data කොච්චර යයිද?
Simple example එකක් ගමු. 3 MP camera එකක් හැම minute එකකටම තත්පර 12ක video clip එකක් Cloud එකට upload කරනවා කියලා හිතමු.
එතකොට දවසකට clips 1,440ක්. මාසයකට clips 43,200ක්.
එක compressed clip එකක් 2–3 MB වගේ වුණොත්, එක camera එකකට මාසයකට ආසන්න වශයෙන් 86–130 GB upload data යන්න පුළුවන්.
“7 Days Cloud Recording” කියන්නේ දවස් 7කට පස්සේ upload වෙන එක නවතිනවා කියන එක නෙවෙයි. පරණ recordings delete වෙමින් අලුත් recordings දිගටම upload වෙනවා. ඒ නිසා මේ data usage එක හැම මාසෙම දිගටම තියෙනවා.
Camera 10ක් තිබුණොත් මේක මාසයකට 1 TB ආසන්න data usage එකක් වෙන්නත් පුළුවන්.
Sri Lanka වල මේකේ ඇත්ත Cost එක
Sri Lanka වල Internet packages බොහොමයක් තවමත් data quota එකක් එක්ක එන්නේ. Fibre connection එකක් තිබුණත් හැම package එකම unlimited නෑ.
Low-cost example එකක් විදිහට 100 GB Hutch package එකක් Rs. 2,099/month වගේ වෙනවා. වෙනත් mobile broadband, home broadband සහ fibre packages වල 100 GB data cost එක මීටත් වැඩි වෙන්න පුළුවන්.
ඒ කියන්නේ මාසයකට 100 GB වගේ consume කරන එක Cloud camera එකකටම 100 GB Internet package එකක් සම්පූර්ණයෙන්ම වගේ වැය වෙන්න පුළුවන්.
SD Card එකක් එක්ක Compare කරලා බලමු
128 GB surveillance-grade microSD card එකක් ගත්තොත් ඒක one-time cost එකක්.
Sri Lanka වල දැනට advertise කරන prices අනුව HIKSEMI 128 GB card එකක් roughly Rs. 6,500–8,100 අතරත්, IMOU 128 GB card එකක් roughly Rs. 5,500–8,400 අතරත් තියෙනවා.
දැන් ඒක Rs. 2,099 monthly data package එකත් එක්ක compare කරලා බලමු:
128 GB HIKSEMI / IMOU SD Card: Rs. 5,500–8,400 — one-time cost
100 GB Internet Data: Rs. 2,099 — every month
අවුරුද්දකට Data Cost: Rs. 25,188
අවුරුදු 10කට Data Cost: Rs. 251,880
මේක simplified comparison එකක්. Actual data usage එක camera bitrate, compression, recording settings සහ Cloud system එක වැඩ කරන විදිහ අනුව වෙනස් වෙනවා. Data සහ SD card pricesත් කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්.
හැබැයි මෙතන වැදගත් point එක පැහැදිලියි.
“7 Days Cloud Recording – 1 Year Free” හෝ “10 Years Free” කියලා තිබුණත්, ඒ recordings Cloud එකට යවන්න අවශ්‍ය Internet Data එකට customerට හැම මාසෙම ගෙවන්න වෙනවා.
එහෙනම් Cloud Recording හොඳ නැද්ද?
එහෙම නෙවෙයි. Cloud recording වලට හොඳ advantages තියෙනවා. Camera එක හොරකම් කළත්, damage වුණත්, local storage එක නැති වුණත් important footage එක Cloud එකේ safe වෙලා තියෙන්න පුළුවන්.
හැබැයි Sri Lanka වගේ data cost එක වැදගත් market එකක හැම video එකම Cloud එකට upload කරන එක හැම වෙලාවෙම practical solution එක නෙවෙයි.
වඩා practical approach එකක් වෙන්නේ recording locally තියාගෙන, important events, alarms සහ critical evidence විතරක් Cloud එකට upload කරන එක. Edge AI use කරලා වැදගත් events identify කළොත් unnecessary uploads තවත් අඩු කරන්න පුළුවන්.
ඒ නිසා CCTV camera එකක “Free 7-Day Cloud Recording” කියලා දැක්කම “කොච්චර කාලයක් free ද?” කියන එක විතරක් අහන්න එපා.
මේ ප්‍රශ්නයත් අහන්න:
“මේ free Cloud Recording එක maintain කරන්න මගේ Internet Data මාසයකට කොච්චර යනවද?”
මොකද Free Cloud Storage කියන්නේ Free Cloud Recording කියන එක නෙවෙයි.