11/05/2025
Domain name එක කියන්නෙ ඔයාගේ website එකේ internet එකේ unique address එක. ඒක physical world එකේ building එකේ address එක වගේ තමයි. හැම building එකකටම unique address එකක් තියෙනවා වගේම හැම website එකකටම unique domain name එකක් තියෙනවා. ඒක browser එකට type කලාම, එහෙම නැත්නම් link click කලාම, copy paste කලාම, මේ ඕනම විදිහකින් users ලාට ඔයාගේ site එක visit කරන්න ඉඩ හදල දෙනවා. එහෙනම් අපි බලමු domain එකක් හැදෙන්නෙ කොහොමද සහ ඔයාගෙ business එකට ගැලපෙන domain එකක් හොයාගන්නෙ කොහොමද කියලා.
⭕Domain name එකක main parts දෙකක් තියෙනවා:
1. Second-Level Domain (SLD): ඔයා choose කරන name එක. (e.g., example.com කියන එකේ example කියන වචනෙ).
2. Top-Level Domain (TLD): SLD එකෙන් පස්සේ suffix එක, extension එක. .com, .org, .net, country-specific ඒවා වගේ. (e.g., .lk).
⭕TLDs (Top-Level Domains) වර්ග
TLDs වර්ග කිහිපයක් තියෙනවා. ඒවා unique purposes සඳහා. Common types දෙකක් තියෙනවා:
1. Generic TLDs (gTLDs): common domains. මේව සාමාන්‍යයෙන් globally available. කිසිම රටකට විශේෂයෙන් අදාල වෙන ඒව නෙවෙයි. (ඒත් ඒ websites විසින් සමහර රටවල් block කරල තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්)
com – මේව ගොඩක් පාවිච්චි වෙන්නෙ වානිජම කටයුතු වලදි. ඒ කියන්නෙ business වලට.
org – මේව ගොඩක්ම ලාභ නොලබන ආයත තමයි ගන්නෙ.
net – මේව පාවිච්චි වෙන්නෙ network-related businesses හරි technology companies වලට හරි තමයි
2. Country Code TLDs (ccTLDs): මේවා ඒ ඒ රටවල් වලට අදාල domain. රටේ අනන්‍යතාව එක්ක, ගොඩක් දුරට රට ඇතුලෙ වැඩ වලට තමයි මේව use වෙන්නෙ.
lk – Sri Lanka specific.
uk – United Kingdom specific.
in – India specific.
⭕ඔයාගෙ business එකට ඕනෙ වෙන්නෙ .com Domain එකක්ද, .lk Domain එකක්ද කියලා තෝරගන්නේ කොහොමද?
com domain එකටත් .lk domain එකටත් ඔයාගේ goals, audience, brand එක based වෙන වෙනස් වෙනස් advantages තියෙනවා. ඒ දෙකේ key differences, benefits බලමු.
1. .com Domain
✅මේක තමා ලෝකෙ වැඩියෙන්ම use වෙන domain category එක. සාමාන්‍යයෙන් blogs, businesses වගේ ඕනම website එකකට මේක suitable. ඒ වගේම මේක specific country එකකට limit වෙන්නෙත් නැහැ.
✅✅ඒවගේම මේ domains ගොඩක් අය සාමාන්‍යයෙන් වැඩියෙන් trust කරන්න පෙළඹෙනවා.
Search engines .com එක .lk එක කියල විශේෂයෙන් prioritize කරන්නේ නැහැ. හැබැයි .com domain එක ඒක broader, global audience එකකට appeal කරන නිසා ඒකෙ indirect advantage තියෙන්න පුළුවන්.
✅ලංකාවට එහා international audience එකක් target කරන්න plan කරලා තියෙනව නම්, .com domain එකක්ම ගන්න එක වැදගත්.
2. .lk Domain
✅ඔයාගෙ website එක primarily target කරන්නේ ලංකාවෙ users ලා නම්, .lk domain එකක් ගන්න එක users ලාට ඔයාගේ site එක identify කරන්න ලේසි කරනවා. සහ ඒක තමන්ගෙ රටේ business එකක් කියන එක ඔලුවට යනවා.
✅ඒවගේම මේක Local SEO වලට හොඳයි. මොකද .lk domain එකක් රට ඇතුලෙ search results වල හොඳට rank වෙනවා.
✅ඒවගේම .lk domain එකක් තියෙන එක ඔයාගෙ business එකට රටේ මිනිස්සු අතරෙ විශ්වසනීය පිළිගැනීමක් හදනවා.
⭕.com vs .lk - මේ දෙකෙන් මොකක්ද තෝරගන්නෙ?
ඔයා global audience එකක් reach කරන්න aim කරනවා නම්, ජාත්‍යන්තරව පිළිගන්න instantly recognizable, trusted domain එකක් ඕනේ නම්, ලංකාවෙන් එහාට business ගෙනියන්න හිතන් ඉන්නව නම් ඔයා අනිවාරෙන්ම .com domain එකකට යන්න ඕනෙ.
ඒ වගේම ඔයා primarily target කරන්නේ Sri Lankan audience එකක් නම්, ඔයාගෙ business එක ලංකාවෙ එකක් කියල පෙන්නන ඕනෙ නම්, local search results වල උඩට එන්න ඕනෙ නම් ඔයා යන්න ඕනෙ .lk domain එකකට.
⭕.lk Domain එකක් ගන්නේ කොහොමද?
ලංකාවෙදි, .lk domains ගන්න එක අපි සාමාන්‍යයෙන් .com domain එකක් purchase කරන තරම් සරල නෑ. එක අතකට ඒ විදිහට ටිකක් complex වෙලා තියෙන එකේ වාසියකුත් තියෙනවා. මොකද, lk domain එකක් ගද්දි අපි business verification documents එහෙම submit කරන්න ඕනෙ. ඒ කියන්නෙ lk domain එකක් ගන්න පුළුවන් registered business or organization කෙනෙක්ට විතරයි. ඒකත් මතක තියාගන්න.
මේ ගැන තවත් මොනව හරි දැනගන්න තියෙනව නම් පහළින් කමෙන්ට් කරගෙන යන්න. මේවගේ posts දිගටම බලන්න මාව දැන්ම follow කරල තියාගන්න.
Jay වේවා!
Jay Nidharshana