20/07/2026
01 ) රවිදු කොහොමද මෙ දවස් වල වැඩකටයුතු ?
මේ දවස් වල අපේ Inhouse projects ටික වගේම client projects, International gaming projects වල වැඩකටයුතු ටික කරගෙන යනවා.
02) ඔබ ගැන කෙටි හැදින්වීමක් කලොත් ?
මම රවිදු ඕමන්ත, මගෙ ගම මහනුවර, අධ්‍යාපන කටයුතු කලේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගණිත අංශයෙන්,ඊටපස්සෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Engineering faculty එකෙන් උසස් අධ්‍යාපන කටයුතු කලා .
03) රවිදු කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ RAM Studios, අපිට කියන්න පුලුවන්ද මේ RAM Studios සහ Rise Tech Village එක අතර තියන connection එක මොකක්ද? මෙතන මොකද වෙන්නෙ කියල?
ඔව්, 2018 තමයි පලවෙනි Game එක අපි හැදුවේ,මම Dr. Harsha Subasinghe ව අදුරගත්තේ මගෙ Internship එකට Vega එකට join උනාම. මේ Game Development Idea එක Dr.Harsha ට කිව්වට පස්සෙ අපිව Trust කරල Investment එකක් කලා මේ වැඩේට. එතකොට Rise tech Village එක පටන් අරගෙන තිබුනේ නැහැ. Rise එකට young generation එකේ අයව අරගෙන, එයාලට responsibility එකක් දීලා product වල වැඩ කටයුතු කරගෙන යන්න තමයි ඔහුගේ Idea එක තිබුනේ, ඒ නිසා අපේ Game Development Concept එක Company එකක් විදියට build up කරගන්න අපිට පුලුවන් උනා ඒ කාලෙ ඇතුලත, Rise එකේ Concept එකත් එක්ක ඒක ගැලපුන නිසා, අපිව Trust කරලා පලවෙනියටම Rise Tech Village එකට ඇවිත් වැඩ ටික කරගෙන යන්න අපිට අවස්ථාව ලැබුනා.
04) සාමන්‍යෙන් හැමකෙනෙක්ම වගේ game එකක් play කරන්න ආසයි, ඒත් ඒක හදන එක හැමෝටම කරන්න අමාරුයි, ඇත්තටම ඔයාට කොහොමද මේ වගේ දේකට ආසාවක් ඇති උනේ, RAM Studio පටන් ගන්න කලින් ඉදල මේ වෙනකම් මතක ටිකක් අලුත් කරගමුද?
මට කවදාවත් Games හදන්න ඕනි කියල Dream එකක් තිබුනේ නැ, හැබැයි පොඩි කාලේ Games Play කරන්න ආසාවක් තිබුනා. 2015 වගේ Online Games play කරන කාලෙ ප්‍රභාත් කියල යාලුවෙක් හම්බවෙනවා, ඊටපස්සෙ වෙනත් කෙනෙක් ගේ Request එකකට Game එකක් හදන වැඩේ මම පටන් ගත්තේ ප්‍රභාත් ව සම්භන්ධ කරගෙන. ඒකෙදි මම 3D side එක කලේ, මොකද ඇත්තටම මගේ ආසාව තිබුනේ Vehicle Designer කෙනෙක් වෙන්න. ඒත් අපේ තිබ්බ passion එකත් එක්ක මේ Games හදන වැඩේ හොදයි හිතුනා.
05) අලුතෙන්ම Game development වලට එන්න ආසාවෙන් ඉන්න අය වෙනුවෙන් ඔයාට මොනවද කියන්න තියෙන්නෙ?
Games හදනව කියන එක ලේසි වැඩක් නෙවෙයි, මොකද මේකේ Technical පැත්ත වගේම Art , Designing, Coding මෙ හැමදේම තියනවා, ඒ නිසා මේක ඇත්තටම අමාරු දෙයක්, මේකට ආසාවක් ගොඩාක් වෙලාවට ඇති වෙන්නෙ ඒ හැම පැත්තටම passionate නම් විතරයි. ඒ නිසා තමන් මේකට ඇත්තටම passionate ද බලල, මේක ගැන update වෙලා, ඉගන ගෙන හරියටම මේ Industry එකට එන්න කියල තමයි කියන්නේ මොකද හරියට කර ගත්තොත් මේක හොද පැත්තක්.
06) මේ වැඩ වලදි ඔයාගේ ටීම් එකෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
Team එක තමා ලොකුම දේ Games විතරක් නෙවේ, අපි Company එකක මොන දේ කලත් එකේ ඉන්න මිනිස්සු ටික තමා එතන ලොකුම දේ. මම Believe කරන්නෙ, අපේ product එකෙන් reflect වෙන්නෙ Team එකේ Supportive එක. Product එක හොදයි කියන්නෙ Team එක හොදයි කියන එක. මට ඉන්නෙ හොද Team එකක්, කාලයක් ගියා හොද Team එකක් filter කරගන්න. එයාලගේ සහයෝගය ඇත්තටම වටිනව. මේක ජොබ් එකක් කරනව වගේ නෙවේ, ඕනිම වෙලාවක Responsibility එක අරගෙන තමන්ගෙ දෙයක් වගේ කරන්න මහන්සි වෙනවා. එහෙම Team එකක් ඉන්න නිසා තමයි මේක Reality එකක් කරගන්න පුලුවන් උනේ. කොච්චර අපේ Dream එක, vision එක තිබ්බත්, ඒක තේරුම් ගන්න පුලුවන් Team එකක් නැත්නම් මෙච්චර දුර එන එක අමාරු වෙන්න තිබ්බා.
07) සුන්දර bellwood වල තියන Rise එක ඇතුලෙ ගෙවන ජීවීතේ ගැන ඔයාට මොකද හිතෙන්නෙ?
අපි කලින් ගොඩාක් වැඩ කලේ Online, ඊටපස්සෙ 2018 - 2023 වගේ කාලෙ අපේ ගෙදර annex වගේ කොටසක් තිබ්බා ඒකේ තමා වැඩ ටික කලේ Team එකෙ අය එක තැනකට එකතු කරගෙන. ඊටපස්සෙ තමයි Rise එකට එන්නේ, එතනින් පස්සෙ අපේ efficiency එක ගොඩාක් වැඩි උනා මෙහේ පරිසරය සහ culture එක නිසා, මොකද හරිම clam vibe එකක් තියෙන්නෙ, ඒකත් එක්ක හැමෝගෙම focus එක Capacity එක වැඩි උනා, සහ හොදට perform කරනව කියල දැනෙනවා. Gaming කියන්නෙ Technology සහ Art දෙකම represent කරන subject එකක්නෙ, එතකොට මේ වර්ග දෙකේම අය එක්ක එකට වැඩ කරන්න ලැබෙනවා, ඉතින් Rise එකෙදී අලුත් අය හම්බවෙනව, අලුත් දේවල් දැනගන්නවා හරිම සුන්දර අත්දැකීමක් ඒක.
08) ඉස්සරහට Rise එකත් එක්ක RAM Studio එකේ Future Plans මොන වගේද?
Rise එකෙ culture එක ඇතුලේ ආධ්‍යාත්මික පැත්තකුත් තියෙනවනේ, ඒ දේවල් එක්ක අපේ ලංකාවේ cultural, historical දේවලුත් එකතු කරල තමයි අපේ Gaming පැත්තේ වැඩ ටික කරගෙන යන්නෙ.මම හිතනව ඒකෙන් Rise එකටත් හොද impact එකක් ලැබෙනවා කියලා ඉස්සරහට එන්න තියන Video Games වලින්. Rise එක ඇතුලේ Teams කීපයක් ඉන්නවනෙ, අපි ගොඩාක් කරන්නෙ Entertainment පැත්තට අදාල දේවල්, එතකොට අනාගතේ Rise එකට එන්න හිතාගෙන ඉන්න අයට ඒ පැත්තෙන් inspiration එක දීලා, Rise එකත් එක්කම Grow වෙන එක තමා අපේ Idea එක.
09) තව අවුරුදු කීපෙකින් RAM studio එක කොයි වගේ Level එකක ඉදීද කියල ඔයාට Idea එකක් තියෙනවද?
ඔව්, RAM එකේ Vision එක ගත්තොත් අපිට ගේම් හදන්න passion එකක් තියෙනවා කියලා ඒ කාලේ තේරුම් ගියාට මේ පැත්තෙන් ජොබ් එකක් හොයාගන්න Company එකක්, හරි තැනක් ඒ කාලෙ(2015) තිබුනේ නැ.
මේ Opportunity එක නිසා තමයි අපි මේක Company එකක් විදියට Buildup කර ගත්තේ. අපිට ඕනි ලංකාවේ තියන Limited Career Path වලට මේ Gaming කියන දේත් එකතු වෙනව දකින්න. මොකද මේක ලොකූ Industry එකක්. Job opportunity ගොඩාක් හදන්න පුලුවන්, Game development එක ඇතුලෙම Art, Programing, 3D Art, Animation, Technical Art, Concept and story writing, Dubbing, Motion Capturing වලට Acting, Music මේ වගේ සෑහෙන දේවල් ගොඩාක් තියෙනවා. අපිට ඕනි අපේ company එකෙන් Develop වෙන Games වලට ලංකාවෙ අයට Job Opportunity හදල දෙන්න. මොකද මේ දේවල් වලට ගොඩාක් දක්ෂ, ඒත් චාන්ස් එකක් ලංකාව ඇතුලේ ලැබුනේ නැති අය ගොඩාක් ඉන්නවා. අන්න ඒ අයට අවස්තාවක් හදල ලංකාවෙන් හොද Entertainment products Globally දෙන එක තමා අපේ target එක. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ගෙ Creative Ideas එකතු කරන තැනක් හදන එක.
10) අවසාන වශයෙන් ඔයාට මේ journey එක ඇතුලෙ විශේෂයෙන් මතක් කරන්න ඕනි අය අනිවාර්යයෙන්ම ඇති,අපි එ ගැනත් කියමු.
ඔව්, ඉස්සරවෙලාම මගෙ අම්මා තාත්තා ට ස්තූතියි, මොකද එයාලගෙන් නිදහස ලැබුනේ නැත්නම් මෙ දේවල් කරගන්න මට ගොඩාක් අමාරු වෙන්න ඉඩ තිබුනා. ඊටපස්සෙ ලොකූවටම ස්තූතිය අයිති වෙන්න ඕනි Dr. Harsha Subasinghe ට තමයි. මම මේක campus යන කාලෙ පටන් ගත්ත දෙයක් එතකොට වයසින් අත්දැකීමෙන් පොඩි පිරිසක් විශ්වාස කරල මේ දේවල් පටන් ගන්න උදව් කලා, මොකද වෙන කම්පැනි එකකින් මේ වගේ අවස්ථාවක් එකක් දෙයි කියල අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි.
Investment එකක් දීලා,ඒ දේ සාර්ථක වෙයිද නැද්ද කියල බලාගෙන ඉන්න එක වෙන කිසිම කෙනෙක් කරන්නෙ නෑ. අපිව Trust කරල හැමදේටම අපිත් එක්ක ඉන්න එකට ඔහුට ස්තූති කරන්න වචන මදි. ඒ වගේම RAM studio එකේ Team එක, මොකද Ups & downs අනිවාර්යයෙන්ම තිබ්බා, වැටෙන්න ගිය තැන් තිබුනා, එ හැම තැනකදීම මෙතනට එනකම් අල්ලගෙන ආවට ස්තූතියි, ඒ වගේම මෙතනින් එලියේ RAM එක believe කරන ගොඩාක් අය ඉන්නවා ඒ හැමකෙනෙක්ටම ගොඩාක් ස්තූතියි.
කතාබහ - ශෂිනි රත්නායක.