09/02/2021
DIY Power backup system
අපි අද කතා කරමු අපේ සාමාන්‍ය වෝල්ටීයතා අවශ්‍යතා වලට භාවිත කරන්න පුලුවන් power backup එකක් අඩු ගානට ලේසියෙන්ම හදා ගන්න හැටි,මේක හරියට UPS එකක් වගේ තමා වැඩ කරන්නෙ.මේකෙන් අපිට පුලුවන් 27v ට අඩු 2A වලට අඩු ඕනිම විදුලි අවශ්‍යතාවකට මේක බාවිත කරන්න.මේක DIY නිසා දැනුමක් වගේම විනෝදය එක්ක අඩු මුදලක් නිසා ඔයාට පහසුවෙන් කරන්න පුලුවන් .
හරි දැන් අපි කතාවට බහිමුකෝ මේකට ඕනි වෙනව අපිට මූලිකවම components 3ක්.
MT3608 Step up booster module එකක්
TP4056 Charging module එකක්
Rechargeable Lithium battery(18650)
මම ටිකක් මේ MT3608 module එක ගැන කෙටියෙන් කියන්නම්, අපිට මේකෙ input එකට 2v-24v වෙනකන් දුන්නම ඒක boost කරන්න පුලුවන් 5v-28 වගේ වෙනකන් හැබැයි max current එක යන්නෙ 2A ඒත් මේකෙන් අපිට Arduino board ,12v wifi router,phone charger වගේ ඒවට මේක ප්‍රමාණවත් මොකද කරන්ට් ගියාම ඉතින් මොන දෙය්යට කියන්නද😆.මේකට overheat protection එකක් තියෙනව ඒකත් හොදය්.මේකෙ වෝල්ට් ගාන වෙනස් කරන්න variable resistor එකක් තියෙනව.මම මේක ගැන පැහැදිලි වෙන්න photo එකක් දාල තියෙනව බලන්නකෝ.
දැන් බලමු මොකක්ද මේ TP4056 Charging Module එක ගැන මේකෙන් අපිට rechargeable බැටරියක් පහසුවෙන් charge කරන්න පුලුවන් mini USB,micro USB , USB type C වගේ එකකින්.charging current එක 1A වගේ වෙනව. ඉක්මනින් charge වෙනව ඒක නිසා.මේකෙ චාර්ජ් වෙනකොට indicate කරන්න රතු සහ චාජ් උනාම පෙන්නන නිල් LED තියනව.
හරි වැඩේට බහිමුකෝ එහෙනම්.ආහ් කියන්න බැරි උනා මේකට අපිට ඕනි වෝල්ට් output එක ගන්නනම් voltmeter එකකුත් ඕනි නේ.බවුත් වයර් ඊයම් අරන් වැඩේ පටන් ගමු.
ඔයාට කැමති තැනකින් පටන් ගන්න පුලුවන් ඉතින් ඔයාට කරන්න තියෙන්නෙ ලේසි වැඩක් TP4056 එකේ output එකේ + ,- අග්‍ර වලට වයර් පාස්සන්න.ඔයාට හිතුනොත් හදිසියෙ මේව වෙන වෙනම ගලවන්න වෙයි කියල ඔයාට පුලුවන් jumping කේබල් දාල මේක කරන්න.ඕනි වෙලාවට ගලවන්නත් ලේසිනේ.දැන් බැටරියට කනෙක්ට් කරන්න.හොදම දේ බැටරි එකට කේස් එකක් දාන එක ඕඉ වෙලවට ගලවන්න පුලුවන් නෙ.දැන් චාජින් යුන්ට් එකේ වැඩේ ගොඩ.
දැන් MT3608 එකට අර වගේ ඉන්පුට් එකට පින් හරි වයර් හරි දාල ඒකත් හරියට අග්‍ර බලල සෙට් කරන්න.මේ ඔක්කොම සෙට් කරන විදිහ මන් photo වල දාල ඇති බලන්න. ඕනිනම් මේ වීඩියෝ එකත් බලන්න https://youtu.be/2kwH0mUwfNU
දැන් තමයි අපේ වෝල්ට් ගාන හරියට බලන්න යන වෙලාව මේකනම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි.video එකේ වගේ ඔයාට තියෙන්නෙ resistor එකේ ඇනේ කරකවල ඔයාට ඕනි වෝල්ට් ගාන ගන්න විතරයි.මේක මුල් ටිකේ කරකවනකොට නිකන්ම කැරකෙන්නෙ.වෝල්ට් වෙනස්වෙන්න ගත්තම එකදිගට වෙනස් වෙන්නෙ ඒක නිසා ඉවසල කරකවන්නකෝ.ඔයාගෙ device එකට ඕනි ගානට වෝල්ට් ගාන හදාගෙන ඒකට සෙට් වෙන පි එකක් එක්ක ඩිවය්ස් එකට කනෙක්ට් කරන එක ඔයාට බාරය් එහෙනම්.
ආහ් ලේසි වෙන්නම ඔයාට මේ ඕනි බඩු කෑලි ගන්න මේ නම්බර් එකට whtsapp message එකක් දාන්න 0702528601.නැත්තං අපේ පේජ් එකට message එකක් දාන්න. මන් ගන්නෙත් එයාලගෙන් ගෙදරටම delivery කරනව ගානත් අඩුයි බඩුත් හොදය්.
ඊලග පෝස්ටුවෙන් එන්නාම් හොදේ.😊😊