Buddy Technical Solution

Buddy Technical Solution Buddy Technical Solution

3Phase වයරින් එකත් එක්කම Networking , CCTV , Sounds systems වලටත් වෙනමම වයරින් එකක් කරනව කියන්නෙ පිස්සුවක් තමයි. කිසිම ත...
29/05/2026

3Phase වයරින් එකත් එක්කම Networking , CCTV , Sounds systems වලටත් වෙනමම වයරින් එකක් කරනව කියන්නෙ පිස්සුවක් තමයි. කිසිම තැනක කිසිම දවසක එළියෙන් කේසින් ගගහ වයර් අදින්නනම් වෙන්නෙ නැහැ. හැමදේටම හරිම විදිහට හොඳම තත්වයේ උපාන්ග වගේම වයර් සහ තාක්ෂණය යොදාගෙන මෙම ප්‍රොජෙක්ට් එක කරේ. වෙනම 3Phase Outlet 2ක් පැති දෙකට යොදල තියෙනව වගේම මේ සේරටම 10mm වයර් යොදාගෙන තියෙනව. ප්ලග් සඳහා 4mm වයර් යෙදුව. ඒ වගේම Network එකටත් Cat 6 Full Copper outdoor වයර් තම පාවිච්චිකලේ ශීල්ඩ් එක හොදනිසා වගේම ස්පීඩ් එක වැදිකරගන්න වගේම කල්පැවැත්මට. එයිට අමතරව බැකප් එකක් විදිහට 3Phase ජෙනරේටර් එකක් සම්බන්ධ කරන්නත් වෙනමම 3Phase ශොකට් එකක් දාල තියෙනව changeover එකක් හරහා. Network Switches සඳහා යොදාගෙන තියෙන්නෙ Cisco Manageble switches . ඒකෙන් network එක next Level එකකට ගෙනියනව. හොද නරක ඔබට බාරයි.

12/01/2026

වැඩක් කරනවනම් මේ ගානටවත් කරන්න ඔනෙ.
😁😌
මේ බට දැම්මෙ ලයිට් , ප්ලග් වලට විතරක්ම නෙමෙයි. කඩයක් නිසා ඒවට තව ගොඩක් දේවල් පස්සෙ ඕන වෙනව. ඒවටත් සැබ් එක ඇතුලෙන්ම දාගන්න පුලුවන්නම් සෑහෙන්න වටිනව. නැත්තන් පස්සෙ හැමතැනම වයර් ඇදගෙන බට ගහගෙන චාටර් කරගන්න වෙනව. මේ බට දාල තියෙන්නෙ ලයිට් , ප්ලග් , කැමරා , සවුන්ඩ්ස් , වගේම 3 පේස් විදිහට. කැමරා සවුන්ඩ්ස් ලයින් බිල්ඩින් එකේ පිටිපස්සෙම කාමරේට ගත්ත කොන්ට්‍රොල් රූම් එකට. කඩ කාමර 2 වෙන වෙනම පැනල් 2ක් දැම්ම. තව සැබ් එක දාන්න තියෙන ඒවත් බට පන්නල තියෙන්නෙ.වෙනම 3පේස් පැනල් එකකට සේරම සෙන්ටර් කරල තියෙනව. පේස් සිලෙක්ටොර් පැනල් එකකින් අවශ්ය එරියා එකට අවශ්ය විදිහට සප්ලයි දෙන්න පුලුවන්. 3පේස් වෙනම අවුට්ලට් දාන්න පුලුවන්. බාතෲම් එකෙත් බීම් එකෙන්ම බට දැම්ම අගල් 2 බට නිසා සැබ් එක හයිය මදිවෙන නිසා. පඩිපෙලටත් අවශ්ය විදිහට බට දාල තියෙනව. බිත්ති වලට යන බට වලට අනිවාරෙන් අගට ශොකට් ගහන්නම ඕනෙ නැත්තන් බිත්තිවල බට දාද්දි බීම් කඩන්න වෙනව. මේ ලොකේශන් එක රතබලේ ඌරාපොල අත්තනගල්ල.

Address

56/C, Rathambale, Urapola
Kirindiwela
11730

Alerts

Be the first to know and let us send you an email when Buddy Technical Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share