01/02/2023
• ඔබේ අවට තියන සියල්ල මේ මොහොතේ සැබවින්ම පවතිනවා කියා ඔබට විශ්වාසද ?
• අඩුම තරමින් ඔබ මේ මොහොතේ මේ විශ්වය තුල සැබවින්ම පවතිනවාද ?
• ඕනෑම වස්තුවක් අණු පරමාණු දක්වා ගවේෂණය කලහොත් අවසානයේ පදාර්ථය අතුරුදහන්වී තරංග ස්භාවයක් හමුවන්නේ ඇයි ?
• මිනිස් මතකය ගබඩා වෙන්නේ මොළය තුල පමණක්මද ?
• ද්‍රව්‍යමය හා ආත්මීය සාධක වලින් නිර්මිත විශ්වය (omnijectiv)
• මරණාසන්න අත්දැකීම් වල අත්විදින අලෝකමය ජීවීන්
• කාලය හරහා ගමන් කරනවාද ? අතීතය, වර්තමාන, අනාගතය එකම මොහොතේ එකමවිට පවතිනවාද ?
• ශුන්‍යතාවයෙන් ඔබට යමක් ලබාගත හැකිද ?
• මිනිස් පරිණාමයේ මීලග දිශානතිය.
මෙවැනි අභිරහස් පිළිබඳව ස්වාධීන ගවේෂණ දෙකක් ආරම්භ කල ස්නායු ශල්‍ය වෛද්‍ය කාල් ප්රිබ්‍රම් සහ විද්‍යාඥ ඩේවිඩ් බෝම් හට හමුවූ ඉතා අසාමාන්‍ය Holographic Universe (හොලෝග්‍රැපික් විශ්වය) සංකල්පය තුලින් ඉහත ගැටළු සහ බටහිර විද්‍යාවට සියවසකට වඩා විසඳ ගැනීමට අපහොසත්වූ ද්විත්ව සිදුරු පරීක්ශාව, (Double Silt Experiment), ක්වොන්ටම් පැටලීම (quantum entanglement) ඇතුළු බොහෝ සංකල්ප විසදාගත් ආකාරය සහ පෙරදිග දැනුම පද්ධතියේ බටහිර විද්‍යාවෙන් පැහැදිලි කිරීමට අපොහොසත්වූ මරණින් මතු පැවැත්ම, පුනරුත්පත්තිය පාර භෞතික හැකියාවන්, සමකාලිකතාව, සාමුහික අවිඥානය වැනි සංකල්ප සියල්ල Holographic Universe සංකල්පය තුලින් විසදන ආකාරය ඇතුලත් Michael Talbot විසින් රචිත Holographic Universe නමැති ග්‍රන්ථයේ පරිවර්තනය හොලෝග්‍රැපික් විශ්වය නමින් ඔබට දැන් ලබාගත හැකියි.
ප්‍රවීන පරිවර්තක සරත් කුමාරසිංහ මහතා විසින් පරිවර්තනය කරනලද මෙම දශකයේ විශිෂ්ඨතම විද්‍යාත්මක මතවාදය ඇතුලත් 2022 වසරේ නොබෙල් ත්‍යාගලාභී Alain aspect විසින් ගණිත මූලධර්ම නිර්මාණය කල Holographic Universe පිලිබදව සිංහලෙන් කියවීමට අවස්ථාව ලැබෙන ස්වල්ප දෙනා අතරට ඔබත් එක වන්න.
සාකච්ඡාව නරඹන්න : https://youtu.be/Ff49O-S5PdM
පොත නිවසටම ගෙන්වා ගැනීමට : https://neuronoid.net
පළමු පරිච්ඡේදය කියවන්න :https://neuronoid.net/eReader/eBook/sample/Holographic%20Wishwaya%20%20Final%20(Sample%2001)-part-1.pdf
, , , , , , , , ,