20/04/2022
කොහොමද Social Media වල Hash tags වලින් වැඩක් ගන්නේ...
කට්ටිය මේ දවස් වල තරගේ ට පෝස්ට් දානවා නේ... හැබැයි ගොඩක් අය රැල්ලට කරනවා මිසක් hash tag කියන්නේ මොකද්ද කොහොමද කරන්න ඕනි තේරුමක් නෑ..ඉතින් අපි අද බලමු මොනවද කියලා මේ hash tags..
-----------------------------------------------------------------------------
❓මොකද්ද මේ hash tag ?🤔
•හරි...Hash tag එකක් කියන්නේ සරලවම එක මාතෘකාවක් යටතේ විසිරිලා තියෙන පෝස්ට් එක තැනකට ගන්න ක්රමයක්..
නිකන් හිතන්න වීදුරුවක් ඇතුලේ පාට පාට බොල තියෙනවා..එකේ බොත්තමක් ඔබපුවාම ඔයාට ඕනි ජාතියේ පාට තියෙන බොල ටික එනවා (බෝල කිව්වා ම වෙන එපා හිතන්න ඔට්ටු නෑ)
Social media වලත් මෙහෙමයි..ඔයා hash tag කරොත් ඒ hash tag එකේ තියෙන අනික් පෝස්ට් පෙන්නනවා..හරියට එක පොකුරක් වගේ
❓මේවා කරන්නේ ඇයි?🤔
සරලවම ලෝකෙට දෙයක් පෙන්නන්න.. Social Campaign එකක් කරන්න..තනි පෝස්ට් නොදා hash tag එක්ක දාද්දී ඕනි ඒවා trending වෙනවා..තව අයට පේනවා.. ඒ මාතෘකාවට අදාල පෝස්ට් බලන්න පුළුවන්..මේ වගේ ගොඩක් වාසි තියෙනවා
❓මේවා හරියයි ද..මේවා කලින් කරලා තියේ ද?
ඔව් හරියනවා..මේ hash tag වලින් සාර්ථක වෙච්ච campaign ගොඩක් තියෙනවා..ලංකාවට ත් අදාල ප්රසිද්ධම hash tag එක තමයි #️⃣RestoreTheSnyderVerse කියන ටැග් ඒක..මේකේ විස්තරේ දාන්නේ නෑ මන් පෝස්ට් ඒක දිග වෙන නිසා (ඔය icon එක දැම්මේ එතන hash tag වෙන එක අයින් වෙන්න)
මේක හරියට කරන්නේ කොහොමද?
මේක තමයි වැදගත්ම කොටස
ගොඩක් social media වල hash tag තියෙනවා..ඒත් ඒවා වැඩ කරන විදිහ වෙනස්
අපිට වඩාත් සමීප Facebook නිසා ඒ ගැන කියන්නම්..hash tag පෝස්ට් දාද්දී මේවා පිළිපදින්න
1) Hash tag එකේ හිස්තැන් තියන්න එපා
#️⃣GoHomeGota2022 ✅
#️⃣Go Home Gota 2022 ❌
2) එකම පෝස්ට් එකකට එක hasg tag එකක් ඇති
ඔයා එකම පෝස්ට් එකේ උපරිම hash tag දෙකකට වඩා දැම්මොත් ඒ පෝස්ට් එකේ reach එක අඩු වෙනවා facebook වල..සමහර පෝස්ට් ඉක්මනින් මිලියන ඕනි නිසා ඒ පෝස්ට් එකේ සිය පාරක් විතර එකම hash tag එක..එහෙම කරන්න එපා තේරුමක් නෑ facebook වල
3) අදාල hash tag දාන්න
ඒක hash ටැග් එකක් දේශපාලනය සම්බන්ධ අනික් එක චිත්රපටි සම්බන්ධ වගේ ඒවා දාන්න එපා .අදාල ඒවා ම දාන්න
4)Comment වල hash tag දාන්න එපා
ගොඩක් page වල මේ අහවල් ටැග් එකෙන් comment දාහක් ඕනි වගේ ඒවා දැකලා තියෙනවා..අපේ උනොත් පෝම් වෙලා දාගෙන දාගෙන යනවා..එකම comment එක එක දිගට දැම්මා ම spam කියලා facebook එකෙන් ඔයාව අල්ලලා ඔයාගේ අකවුන්ට් ඒකට හානි වෙන එක විතරයි වෙන්නේ..ඒ නිසා hash tag fb වල use කරන්න එපා..twitter වල නම් කමක් නෑ
5)පෝස්ට් දාමු
දැන් ඉතින් ඔය කියපු විදුහට අදාල hash tag එකෙන් පෝස්ට් දාමු වැඩි වැඩියෙන්..මේ පෝස්ට් එකත් තව කෙනෙක්ට බලන්න share කරද්දි caption එකට අදාල tag එක (ගෙදර පල නන්දේ) දාලා ම share කරමු....අරගලයට ජය🖤
අමතර සටහන
Askfromkc අන්තිම වතාවට .......
2020 පටන් ගත්තු මේ page එක කාලයක් පැය 24 ම ඔයාලගේ ප්රශ්න වලට කිසිම මුදලක් බලාපොරොත්තු උනා කියලා මුල ඉඳපු ඔයාලට මතක ඇති.. ඒත් වැඩ එක්ක බිසී වෙච්ච නිසා මේක කරගෙන යන්න මට බැරි උනා.. ඒ හැම දේම එක්ක මේක නතර කරන්න ඕනි කාලේ ඇවිල්ලා.. page එක unpublish නොකරන්නේ මේකේ දාලා තියෙන post පස්සේ දකින කෙනෙක්ට උනත් වැදගත් නිසා
මේ පෝස්ට් එක උනත් දාන්නේ මේ වගේ වෙලාවක page එකක් තියෙන ඇඩ්මින් කෙනෙක් විදිහට මේක නිකන් තීයන් ඉන්න බැරි නිසා....
එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න..
මන්