22/07/2026
මෙක්සිකෝවෙන් ඇත්තටම කාටූන් කතාවක් වගේ වැඩක් ආරංචි වෙනවා! 😅🚗
මොන්ටෙරේ (Monterrey) නගරයේ කාන්තාවක්, බිත්තියක අඳින ලද උමං මාර්ගයක චිත්‍රයක් ඇත්තම පාරක් කියලා රැවටිලා කාර් එක බිත්තියේ හප්පාගෙන. "Wile E. Coyote and Road Runner" කියන ප්‍රසිද්ධ කාටූන් එකෙන් ආභාෂය ලබාගෙන ඇඳපු මේ චිත්‍රය, ඈතට කොච්චර ඇත්ත වගේ පෙනිලද කිව්වොත් ඇය එක එල්ලේම ඒ දෙසට රථය පදවාගෙන ගිහින් තිබෙනවා.
තත්පරයකට හරි ඔබත් මේ වගේ දෙයකින් රැවටෙයිද, නැත්නම් මේක කොහෙත්ම වරදින්න විදිහක් නැද්ද? 👀