Sky Production

Sky Production Leading in software, mobile apps, websites, video games, and AI. Innovating with a strategic edge for a tech-forward future.

05/08/2026

✨ Introducing Fontoshan Handwrite!
After months of designing, testing, and refining, I'm excited to finally share Fontoshan Handwrite — a handwritten Sinhala + English Unicode font created from my own handwriting.

🖋️ Features • Full Sinhala Unicode support
• English uppercase & lowercase
• Natural handwritten style
• OpenType shaping support
• Free for personal & commercial use
• Licensed under the SIL Open Font License 1.1

Whether you're creating posters, social media designs, school projects, presentations, or creative artwork, Fontoshan Handwrite is ready to bring a personal handwritten feel to your work.

📥 Download 🔗 GitHub Release: [https://github.com/skyprolk/Fontoshan-Sinhala-English-Handwrite/releases]

⭐ If you enjoy using Fontoshan Handwrite, consider giving the GitHub repository a star and, if you'd like, crediting the font in your projects. It helps others discover the project and supports its continued development.

Thank you for your support! ❤️

🎉 Fontoshan Handwrite Font එක දැන් නොමිලේම download කරගන්න!මේක අත් අකුරුවලින් හදපු Sinhala + English Unicode handwriting...
04/08/2026

🎉 Fontoshan Handwrite Font එක දැන් නොමිලේම download කරගන්න!

මේක අත් අකුරුවලින් හදපු Sinhala + English Unicode handwriting font එකක්. මේක ඔයාගේ graphic design වැඩ වගේම වෙන ඕනම දේකට කිසිම ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන්. 😊

Fontoshan Handwrite එකේ:

✓ සිංහල Unicode වලට වැඩ කරනවා
✓ ඉංග්‍රීසි uppercase සහ lowercase අකුරු තියෙනවා
✓ කිසිම අමතර වියදමක් කරන්නේ නැතුව ඔයාගේ commercial projects වලට use කරන්න පුළුවන්.
✓ මේ Font එක Licensed කරලා තියෙන්නේ SIL Open Font License 1.1 යටතේ නිසා ඔයාට කිසි කරදයක් නැහැ මේ Font එක ඕන වැඩකට use කරන්න. (ඔයා **කැමති නම්** අපිට credit එකක් දෙන්න පුළුවන් 😉)

ඔයාට මේ link එකෙන් ලේසියෙන්ම මේ Font එක Download කරන්න පුළුවන් 👇
[https://github.com/skyprolk/Fontoshan-Sinhala-English-Handwrite/releases]

ඒ වගේම ඔයා මේ Font එක use කරනකොට මොකක් හරි ගැටළුවක් ඇති වුණොත් ඒ ගැටළුව අපිට මේ link එක හරහා දැනුවත් කරන්නත් පුළුවන් 👇
[https://github.com/skyprolk/Fontoshan-Sinhala-English-Handwrite]

Copyright © 2026 KNOiT
Distributed by SKY PRODUCTION

AI ලෝකයේ සිංහල භාෂාවට තියෙන ඉඩ කොච්චරද? 🇱🇰🧠ඔබ දන්නවාද? තාක්ෂණික ලෝකයේ සිංහල භාෂාව හඳුන්වන්නේ "Low-Resource Language" එකක...
26/03/2026

AI ලෝකයේ සිංහල භාෂාවට තියෙන ඉඩ කොච්චරද? 🇱🇰🧠

ඔබ දන්නවාද? තාක්ෂණික ලෝකයේ සිංහල භාෂාව හඳුන්වන්නේ "Low-Resource Language" එකක් විදිහට. ඒ කියන්නේ AI පද්ධති පුහුණු කරන්න අවශ්‍ය කරන ඩිජිටල් දත්ත (Data) සිංහල භාෂාවෙන් ඉතාම අඩුයි.

මේ හේතුව නිසා තමයි ගොඩක් වෙලාවට ChatGPT වැනි දේවල් සිංහලෙන් පාවිච්චි කරද්දී වැරදි සිදුවන්නේ.

අපි මේක වෙනස් කරන්නේ කොහොමද?
SynhalaAI හරහා අපි කරන්නේ මේ "අඩු සම්පත්" පියවා ගැනීමට අලුත් දත්ත කට්ටල නිර්මාණය කිරීමයි.

අපේ අරමුණ: සිංහල භාෂාවත් ඉංග්‍රීසි වගේම තාක්ෂණය ඇතුළේ "පොහොසත්" භාෂාවක් බවට පත් කිරීමයි.

මේ තාක්ෂණික මෙහෙවර ගැන ඔබේ අදහස කුමක්ද? comment එකක් දාන්න.

අපේ භාෂාවේ තාක්ෂණික අනාගතයට අලුත් පියවරක්! 🤗🇱🇰සිංහල භාෂාවෙන් වැඩ කළ හැකි AI තාක්ෂණයක් බිහිකිරීමේ ගමනේ වැදගත් සන්ධිස්ථානය...
21/03/2026

අපේ භාෂාවේ තාක්ෂණික අනාගතයට අලුත් පියවරක්! 🤗🇱🇰

සිංහල භාෂාවෙන් වැඩ කළ හැකි AI තාක්ෂණයක් බිහිකිරීමේ ගමනේ වැදගත් සන්ධිස්ථානයකට අපි පැමිණ සිටිනවා.

SynhalaAI අපගේ ප්‍රථම දත්ත කට්ටලය (Dataset) වන "Sinhala Song Lyrics" දැන් ලොව ප්‍රමුඛතම AI වේදිකාවක් වන Hugging Face හරහා ඕනෑම අයෙකුට ලබාගත හැකියි.

ගීත සාහිත්‍යය ඉතා පොහොසත්. මේ දත්ත භාවිතයෙන් සිංහල භාෂාව වඩාත් හොඳින් හඳුනාගත හැකි, නිවැරදිව තේරුම් ගත හැකි AI පද්ධති නිර්මාණය කිරීමට මෘදුකාංග නිර්මාණකරුවන්ට සහ පර්යේෂකයන්ට අවස්ථාව ලැබෙනවා.

අපේ සිංහල භාෂාවට ඩිජිටල් ලෝකයේ හිමිවිය යුතු තැන ලබාදීමට අපි කැපවී සිටිනවා.

වැඩි විස්තර මෙතැනින් බලන්න: https://huggingface.co/datasets/SynhalaAI/sinhala-song-lyrics

19/03/2026

අපේ භාෂාවේ උරුමය සහ AI තාක්ෂණයේ අනාගතය. 🇱🇰❤️

අපේ භාෂාවට තියෙන්නේ වසර දහස් ගණනක පොහොසත් ඉතිහාසයක්. හැබැයි අද ඩිජිටල් යුගයේ, සිංහල භාෂාව තාක්ෂණය පැත්තෙන් "Low-resource" (අඩු සම්පත් සහිත) භාෂාවක් ලෙසයි සැලකෙන්නේ.
​මම ආරම්භ කළේ මේ අසාධාරණය වෙනස් කරන්නයි.

​අපි උත්සාහ කරන්නේ සිංහල භාෂාවටත් AI තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ලබා දීමටයි. අපට ඕන කළේ මතු පරපුරට තමන්ගේම භාෂාවෙන් තාක්ෂණය සමඟ ගනුදෙනු කළ හැකි අනාගතයක් නිර්මාණය කරන්න.
​මෙය හුදෙක් ව්‍යාපෘණයක් නෙමෙයි, මෙය අපේ භාෂාවේ සහ උරුමයේ ඩිජිටල් අනාගතයයි.

ඇයි අපිට තවමත් සිංහලෙන් වැඩ කරන හොඳ AI එකක් නැත්තේ? 🇱🇰🤔ලෝකයේ බොහෝ AI පද්ධති ඉංග්‍රීසි හෝ ස්පාඤ්ඤ වැනි භාෂා වලට මුල් තැන ...
14/03/2026

ඇයි අපිට තවමත් සිංහලෙන් වැඩ කරන හොඳ AI එකක් නැත්තේ? 🇱🇰🤔

ලෝකයේ බොහෝ AI පද්ධති ඉංග්‍රීසි හෝ ස්පාඤ්ඤ වැනි භාෂා වලට මුල් තැන දෙනවා. සිංහල වැනි භාෂා "Low-resource" (අඩු සම්පත් සහිත) මට්ටමේ පවතින නිසා අපේ භාෂාවට තාක්ෂණික සහයෝගය ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

මෙම ගැටලුව විසඳන්න තමයි SynhalaAI අපි ඉදිරිපත් වෙන්නේ.

SKY PRODUCTION මගින් නිපදවූ skAI තාක්ෂණික පද්ධතිය (Framework) හරහා අපි:
🔹 සිංහල භාෂාවටම විශේෂිත වූ දත්ත කට්ටල නිර්මාණය කරනවා.
🔹 AI මෙවලම් සහ App නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම (The Bridge) සකසනවා.
🔹 දේශීය මෘදුකාංග නිර්මාණකරුවන්ට සහ පර්යේෂකයන්ට අත දෙනවා.

අපේ අරමුණ: සිංහල භාෂාව ඩිජිටල් අනාගතයේ ප්‍රමුඛතම භාෂාවක් බවට පත් කිරීමයි.

🦁 සිංහල භාෂාවේ තාක්ෂණික විප්ලවයක සමාරම්භය! 🇱🇰ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව කේන්ද්‍ර කරගත් සුවිශේෂී AI ව්‍යාපෘතියක්...
13/03/2026

🦁 සිංහල භාෂාවේ තාක්ෂණික විප්ලවයක සමාරම්භය! 🇱🇰
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව කේන්ද්‍ර කරගත් සුවිශේෂී AI ව්‍යාපෘතියක් වන නිල වශයෙන් එළිදැක්වීමට අප අතිශයින් ආඩම්බර වන්නෙමු.

යනු හුදෙක් එක් කෘත්‍රිම බුද්ධි ආකෘතියක් (AI Model) පමණක් නොවේ. එය දේශීය අනන්‍යතාවය සහ තාක්ෂණික දියුණුව ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ AI පදනමක් (AI Ecosystem) ගොඩනැගීමේ අභිලාෂය ඇතිව ක්‍රියාත්මක වන දීර්ඝකාලීන ජාතික වැඩපිළිවෙළකි. 💪

අපගේ ප්‍රධාන සේවාවන් සහ මෙවලම්:
🤖 Sinhala AI Models: සිංහල භාෂාව සඳහාම ප්‍රශස්ත කළ උසස් AI ආකෘති.

📊 Sinhala Language Datasets: AI පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සවිස්තරාත්මක සිංහල දත්ත සමුදායන්.

📏 SynhalaEes: ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල AI මිණුම් දණ්ඩ (The First Sinhala AI Benchmark).

🛠️ Open Source Developer Tools: මෘදුකාංග නිර්මාණකරුවන් සඳහා වූ විවෘත මූලාශ්‍ර තාක්ෂණික මෙවලම්.

🌐 Resource Hub: කෘත්‍රිම බුද්ධිය පිළිබඳ උනන්දුවක් දක්වන සැමට නොමිලේ ප්‍රවේශ විය හැකි අධ්‍යාපනික සහ තාක්ෂණික සම්පත්.

ලාංකීය ජනතාව නවීනතම AI තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සහ සිංහල භාෂාව ඩිජිටල් අවකාශය තුළ තවදුරටත් සවිබල ගැන්වීම අපගේ පරම මෙහෙවරයි. 🦁

මෙම ඓතිහාසික ගමනේ සුවිශේෂී සන්ධිස්ථාන පිළිබඳව දැනුවත් වීමට අපගේ නිල පිටුව Follow කරන්න. 🔔

Sinhala. Intelligence. Future.
Powered by skAI — SKY PRODUCTION 🚀

Address

Narammala
60100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94766422965

Alerts

Be the first to know and let us send you an email when Sky Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sky Production:

Shortcuts

Share