SnS Tech Zone

SnS Tech Zone Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SnS Tech Zone, Information Technology Company, Pasyala.

https://youtube.com/shorts/3c4hsafdCNY
19/11/2025

https://youtube.com/shorts/3c4hsafdCNY

An apple Becomes golden cube | Tech Zone CreationTo watch more videos like this, Subscribe to SnS Tech Zone YouTube Channel NowTo watch videos and more upda...

Join SnS Zech Zone for all your graphic design needs!Contact us for:✅ Logos✅ Posters✅ Banners✅ Theses✅ Tutorials✅ Docume...
26/03/2025

Join SnS Zech Zone for all your graphic design needs!
Contact us for:
✅ Logos
✅ Posters
✅ Banners
✅ Theses
✅ Tutorials
✅ Documents
✅ Advertisements

SnS Tech Zone හා අදම එක වන්න. ඔබගේ පරිගණකය / දුරකථනය සමබන්දව ගැටළු තිබේනම් අපට කෙටි පණිවිඩයක් යොමු කරන්න...SnS Tech Zone...
17/03/2025

SnS Tech Zone හා අදම එක වන්න. ඔබගේ පරිගණකය / දුරකථනය සමබන්දව ගැටළු තිබේනම් අපට කෙටි පණිවිඩයක් යොමු කරන්න...

SnS Tech Zone join with us. Are there any issue with your computer / laptop / smart mobile, please leave a message...

Laptop / Computer Repair
Windows Installation
Software installation &
Troubleshooting
Software Activations
Map Locate
Tech Advising

කම්පියුටර් එක SLOW වෙලා 😢 ================================Laptop එක desktop එක slow වෙලාද? ඉතිං ඔන්න අපි ගෙනාව ඒ ප්‍රශ්න...
03/03/2024

කම්පියුටර් එක SLOW වෙලා 😢
================================
Laptop එක desktop එක slow වෙලාද? ඉතිං ඔන්න අපි ගෙනාව ඒ ප්‍රශ්නෙට හොදම විසදුමක්.
කම්පියුටරේ Slow කිව්වම RAM එකක් ගහන්න ෆොර්මැට් (Format) කරන්න SSD එකක් ගහන්න වගේ එක එක අයගෙන් විවිධ විදියෙ උපදෙස් ලැබෙනවා. ඒත් කව්රුත් කිවුව නිසාම නොකර, දෙයක් කරන්න කලින් ඇයි අපි ඒ දේ කරන්නෙ, එහෙම කරාම මොකද වෙන්න කියල වගේ පොඩි දේවල් ටිකක් දැනගෙන ඉන්න ඒක කෝකටත් හොදයි නේද. එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.
*ඇයි අපේ lap එක desktop එක වැඩක් කරගන්නම බැරි තරම් slow වෙන්නෙ?
ඔව් ඔයාලට අනිවාර්යයෙන්ම මේ අත්දැකීම ඇති. සමහර පරිගණක On වෙන්නම ලොකු වෙලාවක් ගන්නව නේද? (සමහරුන්ගෙ PC එක on වෙද්දි, කරන්න හිටිය වැඩෙත් අමතක වෙනව නේහ් 😀)
ඔයා කාලයක් තිස්සෙ පරිගණක එක්ක වැඩ කරන කෙනෙක් නම් සමහර වෙලාවට ඔයා පාවිච්චි කරපු පරණ කම්පියුටර් එකට වඩා අළුතෙන් ගත්තු එක Slow බව ඔයාට දැනේවි.
විශේෂයෙන් Windows 10 එක්ක වැඩ කරනවානම් අනිවාර්යයෙන්ම මේ අත්දැකීම නැති වෙන්න විදියක් නෑ. මොකද බොහොමයක් පැරණි සංස්කරණ වලට වඩා Windows 10 පරිගණකයක් ඇතුලෙ ක්‍රියාත්මක වෙද්දී වැඩි ධාරිතාවයක් පාවිච්චි වෙනවා.
මේකට ප්‍රදාන හේතුව තමයි ඔයාගෙ HDD (Hard disk drive)එක. සිංහලෙන් කිව්වොත් දෘඩ තැටිය. Hard Disk එක කිව්වම එකසැරෙටම අපේ ඔලුවට එන්නෙ HDD Capacity එක නේද?. නෑ, මේකට ප්‍රධාන හේතුව capacity එක නෙමෙයි. HDD එකේ data transfer වෙන rate එක. ඒ කිව්වේ දත්ත හුවමාරු වෙන වේගය.
වර්තමාන පරිගණක වල බොහෝ කොටස් යාවත්කාලින (Update) වෙලා තිබුනට මේ ක්‍රියාවලිය ඇතුලෙ සුවිශේෂී කාර්යභාරයක් කරන හාඩ් ඩික්ස් ඩ්‍රයිව් එක තවමත් ක්‍රියා කරන්නෙ පරණ විදියට. ඒ නිසා හයිවේ එක මැද හරියෙන් ට්‍රැක් එකක් වහල දැම්මම වාහන ගොඩක් යද්දි ට්‍රැෆික් හැදෙනවා වගේ කොටස් සේරම අලුත් තාක්ෂණයෙන්, වැඩි ධාරිතාවයෙන් වැඩ කරන පරිගණකයක සවිවෙලා තියෙන පරණ HDD එක සමස්ථ පරිගණකයේම වේගයට බාධා කරනවා.
සම්ප්‍රදායික HDD එක ගත්තම electromechanical part එකකින් තමයි සම්පුර්ණයෙන්ම වැඩ කරන්නෙ. ඒ කියන්නෙ hard disk එක ඇතුලෙ අපිට බලාගන්න පුළුවන් Data store කරල තියාගන්න platters, ඒ වගේම data write, read කරන්න head එකක්. ප්‍රදාන වශයෙන් මෙන්න මේ කියන platters වේගයෙන් කැරකෙනව වගේම head එක arm එකක් ආධාරයෙන් එහා මෙහා ගමන් කරල තමයි platters වල දත්ත ගබඩා කිරීම සහ කියවීම කරන්නෙ.
ඉතිං ඒක නිසා අද වනවිට අපි use කරන hardware සහ software දෙකටම අවශ්‍ය දත්ත හුවමාරු වේගය පවත්වා ගන්න, ඒ කිව්වේ දත්ත කියවීමේ සහ ලිවීමේ වේගය පවත්වා ගන්න HDD වල data write/read කරන වේගය ප්‍රමාණවත් නෑ. උදාහරණයක් විදියට Windows 10 වලදී windows services ලොකු ප්‍රමාණයක් run වෙනව. ඒ කියන්නෙ windows operating system services run කරන්න විතරක් HDD එක සමහර වෙලාවට 100% use කරනව ( data transfer rate එකෙන්.). ඉතිං කොහොමද අපේ වැඩක් කරගන්නේ නේද😥. ඉතිං මෙන්න මේකෙන් ගොඩ එන්න පොඩි ගානක් වියදම් කරල කරන්න පුළුවන් ලොකු දෙයක් ගැන තමයි අද අපි කතාකරන්නේ.
අපි මේකට use කරන්නෙ SSD (Solid state drive) එකක්. SSD එකක් කියන්නෙ HDD (Hard disk drive) එක වගේම Non-Volatile media එකක්. ඒ කියන්නෙ ස්ථිර ලෙස data save කරල තියාගන්න පුළුවන් media එකක්.
SSD වල විශේෂත්වය තමයි HDD වලට වඩා දත්ත හුවමාරු කිරීම ගොඩක් වේගවත්. ඒක නිසා ඔයාගේ පරිගණකයට SSD එකක් සවිකිරීම හරහා බලාපොරොත්තු නොවුන තරමේ වේගයක් ලබාගන්න ඔයාට පුළුවන්කමක් ලැබේවි.
විවිධ මිලගණන් සහ ධාරිතාවයන් සහ තාක්ෂණ ප්‍රභේද යටතේ SSD වර්ග ගණනාවක් තියනව. ඔයාගෙ පර්ස් එකට, කම්පියුටර් එකට ගැලපෙන SSD එක මොකක්ද, ඒකක් දැම්මම කම්පියුටරේ ස්පීඩ් වෙයිද, පරණ එකට මේක ගහන්න පුලුවන්ද, සල්ලි වතුරෙ යයිද..?

ඔයාට මේ වගේ දේවල් දැනගන්න එක වැදගත් කියල හිතෙනව නම් අපේ page එක like කරලා තියාගන්න.
SnS Tech Zone

Address

Pasyala
11890

Website

Alerts

Be the first to know and let us send you an email when SnS Tech Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share