29/07/2026
🙏🙏ඔබ සැමට පිංබර ඇසල පුන් පොහොය දිනයක් වේවා 🙏🙏
💠ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කර වූ පින්බර ඇසල පෝය අදයි..
💠සිදුහත් කුමරුන් මවුකුස පිළිසිඳගැනීම.
💠සිද්ධාර්ථ කුමරුන් ගිහිගෙයින් නික්ම යාම.
💠 බුද්ධත්වයෙන් පසු ප්රථම ධර්මදේශනය වන දම්සක් පැවතුම් සූත්රය දේශනා කිරීම.
💠පස්වග මහණුන්ගේ ධර්ම මාර්ගයට එක්වීම තුළ බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය යන තෙරුවන් සම්පූර්ණ වූ මාසය ලෙස ඇසළ පුන් පොහොය සුවිශේෂී වැදගත්කමකින් යුක්තය.
💠කීර්ති ශ්රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් දේශයෙන් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස වැඩමවා ලංකාවේ උපසම්පදා විනය කර්මය ප්රතිස්ථාපනය කිරීම, එමෙන්ම දුටුගැමුණු මහ රජතුමා විසින් රුවන්වැලි මහා සෑයට මුල්ගල් තැබීම, රුවන්වැලි මහා සෑයේ ධාතු නිධන් කිරීම, බු.ව 847 දී කිත්සිරිමෙවන් රජ දවස දන්ත කුමරු සහ හේමමාලා කුමරිය බුදුන් වහන්සේගේ වාම ශ්රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම සහ ලක්දිව ඇසළ මහා පෙරහර ආරම්භ වීම ආදිය ද සිදුවූයේ අද වැනි පින්බර ඇස පොහෝල පොහොය දිනකය
ඔබ සැමට පිංබර ඇසල පුන් පොහොය දිනයක් වේවා