Wisdom Computer Solutions

Wisdom Computer Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wisdom Computer Solutions, Computer Company, Ratnapura.

28/07/2023

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ ඉන්දියාවේ පළමු ප්‍රවෘත්ති නිවේදිකාව 'ලීසා' යි.

ඔඩීෂා ප්‍රාන්තයේ රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති කියන ඇය ඔඩීෂා භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව ද හොඳින් හසුරුවන බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.

කෙසේ වෙතත් ඔඩීෂාහී භාෂාව තවත් වෘත්තීය මට්ටමින් ලබාදීම සඳහා තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකයි.

ලීසා ප්‍රවෘත්ති නිවේදනය සිදුකරන්නේ ඔඩීෂාහී දේශීය හෑන්ඩ්ලූම් සාරියකින් සැරසීගෙනයි.

26/07/2023
ආයුබෝවන්! කියනව හැමෝටම. අපි පසුගියදා Crypto Currency කියන්නෙ මොකක්ද සහ එහි ආරම්භය ගැන කතාකලා. ඊළඟට අපි කතාකරන්න බලාපොරොත...
25/03/2023

ආයුබෝවන්! කියනව හැමෝටම. අපි පසුගියදා Crypto Currency කියන්නෙ මොකක්ද සහ එහි ආරම්භය ගැන කතාකලා. ඊළඟට අපි කතාකරන්න බලාපොරොත්තුවෙන් සිටියේ Crypto Currency කියල දෙයක් මේ ලෝකයට බිහිවුනේ සහ ඒ හරහා කොහොමද මේ ආදායම් උපයන්නෙ කියන එක ගැන.
නමුත්, අපි හිතුව ඒ ගැන කතාකරනවට වඩා යෝග්‍යයි, මේ Crypto Currency කියන දෙය අවභාවිතාවෙලා විවිධ ජාවාරම් ක්‍රම ක්‍රියාත්මක වීම ගැන කතාකරන එක කියලා. ඔබට මතක ඇති පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක්කරන ලද මේ රටම ගිලගත්ත Crypto Currency මුවාවෙන් වංචනික ව්‍යාපාරයක නිරතවන ආයතනයක් සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා , විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා කතාබහට ලක්වුනා. අපි ඒ ආයතනය ගැන මේවෙලාවෙ කතාකරන්න යන්නෙ නෑ. මේව වංචනික ඒව කියල දැන දැනත් ඇයි මිනිස්සු මේවට අහුවෙන්නෙ? ඒකට හේතුව තමයි මිනිස්සු මේ Crypto Currency ගැන හරි දැනුමක්, අවබෝධයක් නොමැතිකම. ඒක නිසා අපි තීරණය කළා ඒ ගැන ඔබව දැනුවත් කළොත් හොඳයි කියලා.අපි මීට කලින් ලිපියෙන් සහ ඉදිරි ලිපි මාලාවෙනුත් බලාපොරොත්තු වෙන්නෙ සමාජය තුළ මේ Crypto Currency ගැන දැනුමක් ඇතිකරන්න. ඇත්තටම කියනවනම් මිනිස්සු Crypto Currency ගැන හරියට නොදැනුවත්කම තමයි මේ වගේ විවිධ ජාවාරම් වලට අහුවෙන්න හේතුව.
මුළු ලෝකයේම ඉදිරි අවුරුදු 05 වගේ ඇතුළත Crypto Currency කියන මුදල් Use කරන ප්‍රමානය 100% ට ආසන්න ප්‍රතිශතයක් දක්වා වැඩිවෙතැයි විශේෂඥයින් මත පලකර ඇති වකවානුවක ශ්‍රී ලංකාව තුල Crypto Currency මුවාවෙන් ක්‍රියාත්මක වෙන වංචනික ක්‍රම නිසා ශ්‍රී ලංකා වාසීන් තුල Crypto Currency සම්බන්දයෙන් අනවශ්‍ය බියක් මෙන්ම වැරදි මතයක් ඇතිවීමට පුළුවන්. එමනිසා අපි ඔබේ Crypto Currency පිළිබඳ දැනුම ඉහළ නැංවීම සඳහා මේ ගැන තවත් ඉදිරියේදී කතාකරන්න බලාපොරොත්තු වෙනව.
El Salvador සහ Central African Republic යන රටවල් දැනටමත් Crypto Currency Accept කරල තියෙනව. එමෙන්ම ලෝකයේ බොහෝ ආයතන Crypto Currency වලින් ගනුදෙනු කරන්න අවසර දීල තියෙනව. ඒ වගේම තමයි සමහර රටවල්වල Crypto ATM යන්ත්‍ර පවා පිහිටුවල තියෙනව (ඉතාලිය). එවැති තත්වයක් තුළ අපේ රටේ Crypto මුවාවෙන් විවිධ නීත්‍යානුකූල නොවන වංචනික ක්‍රම ක්‍රියාත්මක වීම කණගාටුවට කරුණකි. Crypto Currency කියන්නෙ Blockchain තාක්ෂණය හරහා ක්‍රියාත්මකවන නීත්‍යානුකූල මෙන්ම විනිවිදභාවයක් තිබෙන හොඳ ක්‍රමයක්.මේ Crypto Currency හරහා නීත්‍යානුකූල ක්‍රමයට ආදායම් උපයන්නත් පුළුවන්. ඒ ගැනත් අපි ඉදිරියේදි කතාකරමු. (මහා බැංකුව විසින් තහනමට ලක්කළ ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද ක්‍රමයට නොවන බව විශේෂයෙන් මතක තබාගන්න) තවත් ලිපියකින් ඉදිරියේදී හමුවෙන බලාපොරොත්තුවෙන් අදට නවතින්නම් ඔබට ජය.

හැමෝටම සුභ දවසක්. ඉතින් අපි අද කතාකරන්න යන්නෙ මේ දවස්වල හැමෝම කතාකරන Crypto Currency ගැන.අද අපි ජීවත්වෙන්නෙ 21 වන සියවසේ...
13/03/2023

හැමෝටම සුභ දවසක්. ඉතින් අපි අද කතාකරන්න යන්නෙ මේ දවස්වල හැමෝම කතාකරන Crypto Currency ගැන.
අද අපි ජීවත්වෙන්නෙ 21 වන සියවසේ ලෝකය තාක්ෂණයත් එක්ක ඉදිරියට යනව, ඉතින් අපි ඔබට මුලින්ම කියන්න ඕනි අපි පරණ කාලේ ඒකියන්නෙ 1900 ගනන් වල විදියට නැතුව 21 වන සියවසට ගැලපෙන විදියට හිතමු කියල, ඇයි මම එහෙම කිව්වෙ අපි තවමත් පරණ විදියටම හිතන නිසා තමයි මේ රට මෙතන තියෙන්නෙ අපිට වඩා පහලින් හිටපු රටවල් අද වන විට අපිව අභිබවා ගිහින් දියුණුවෙලා තියෙනව ඒක නිසා Wisdom Computer Solutions අපි ඔබට මේ Crypto Currency පිළිබඳව ඉදිරියට ලිපි මාලාවක් ඔස්සේ පියවරෙන් පියවර ඔබව දැනුවත් කරන්න තීරනය කලා ඒ අනුව එහි පළමු ලිපිය විදියට අද ඔබට කතානරන්නේ
මොකක්ද මේ හැමෝම කතාකරන Crypto Currency කියන්නේ යන්න පිළිබඳවයි.
Crypto Currency කියන්නේ අද ඔබ අපි භවිතාකරන ශ්‍රී ලංකා රුපියල් ඇමරිකානු ඩොලර් වගේම මුදල් වර්ගයක් ඒ කියන්නෙ එම මුදල් (Fiat Currency) වලට ආදේශක මුදල් වර්ගයක් නමුත් මෙම මුදල් වර්ගය රටකට රටක රජයකට ආවේනික මුදලක් නෙවෙයි, මෙම මුදල් හරහා ලෝකයේ ඕනෑම රටක සිට ගෙවීම් කල හැකි පහසුවෙන් යන ඕනෑම තැනකට ගෙනයාහැකි මුදල් විශේෂයක්, ඒ වගේම තමයි ඔබට ඔබගේ ජංගම දුරකතනයේ හෝ Laptop එකක Wallets එකක් තුල ඕනෑම තරම් ප්‍රමානයක් තබාගන්න පුළුවන් ඩිජිටල් මුදල් ඒකකයක් තමයි මේ Crypto Currency කියන්නෙ.
Crypto Currency මුලින්ම 2008 වසරේ Satoshi Nakamoto විසින් Bitcoin (BTC) බිට්කොයින් ලෝකෙට හදුන්වාදීමත් සමග තමයි බිහිවෙන්නෙ ඉන් අනතුරුව තවත් Crypto Currency විශාල ප්‍රමානයක් අදවනවිට ලෝකෙට බිහිවෙලා තියෙනව ඒ පිලිබඳව අපි ඉදිරියේදී තවත් කතාකමු.
ඉතිං එහෙනම් අදට තවතින්නම් ඉදිරියේ තවත් මෙවන් ලිපියකින් ඔබට Crypto Currency පිළිබඳව දැනුම ලබාදීමේ බලාපොරොත්තුවෙන් ස්තූතියි.

මේ ලිපිය කියවන ඔබ ක්‍රිප්ටෝ ගනුදෙනු පිළිබදව කිසිම දෙයක් නොදැන සිටියත් බිටිකොයින් පිළිබදවනන් අනිවාරෙයන්ම අහලා ඇති. එහේම න...
05/02/2023

මේ ලිපිය කියවන ඔබ ක්‍රිප්ටෝ ගනුදෙනු පිළිබදව කිසිම දෙයක් නොදැන සිටියත් බිටිකොයින් පිළිබදවනන් අනිවාරෙයන්ම අහලා ඇති. එහේම නේද ? ඒ තරමට බිටිකොයින් අද ලෝකෙය් ජනප්‍රියයි. ඇයි ඒ ? අද වන විට විශාල ප්‍රමාණයක ක්‍රිප්ටෝ මුදල් වර්ග තිබුනට බිටිකොයින් තමයි මේ බොහෝ මුදල් වර්ගවල මුලික අඩිතාලම උනේ. 2008 දි Satoshi Nakamoto කියන නමින් පිටු 9 ක වාර්ථාවක් නිකුත් කරනවා මේ මුදල් වර්ගය කොහාමද Digital ආකාරයෙන් ක්‍රියා කරන්නේ කියන ආකාරය පිළිබදව. ඊට පස්සේ 2009 දි පලමු මෘදුකාංගය එළියට එනවා. මෙතැනින් තමයි බිටිකොයින් වල ආරමිභය සිද්ධ වෙන්නේ. හැබැයි එක දෙයක්. මේ Satoshi Nakamoto කියන්නේ කවුද, ඉන්නේ කොහේද කියල ලෝකෙය් කවුරැත් දන්නැ. නම දිහා බැලුවම ජපානයේ නමක් වගේ උනාට, මෙ නමවත් අඩුම තරමේ ඇත්ත එකක්ද නැත්තන් ෆෙක්ද කියලා කව්රැත් දන්නැ. සමහර විට මේ එක පුද්ගලයෙක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් කණ්ඩායමක් වෙන්න පුලුවන්. එ ගැන අද වන තුරැ කිසිම සදහනක් නැ. කොහෝම උනත්, Satoshi Nakamoto විසින් නිකුත් කරපු ඩිජිටල් මුදල් පද්ධතිය සම්පුර්ණයෙන්ම විවෘතයි. ඔනැම අයකෙුට ඒක වැඩ කරන අකාරය බලන්න පුලුවන්. ඒ නිසාම තමයි මේ බිටිකොයින් සිස්ටම් එක ලෝකය පුරා පිළිගැනිමට ලක් උනේ හා ඉදිරියටත් එහේමම පවතින්නේ.
ක්‍රිප්ටෝ ආයෝජනයේ වාසි
ඔබ හිතනවාට වඩා ක්‍රිප්ටෝ ආයෝජනයේ ලොකු වාසි ගනනාවක් තියෙනවා.
ඔබට හැකියාව තියෙනවා ස්ටෝක් ගණුදෙනු වගේ ක්‍රිප්ටෝ මුදල් ඇරගෙන තියාගන්න ආනාගතයේදි මිල වැඩි උනාම විකුණන්න. (උදා- බිටිකොයින් (BTC), එතිරියමි (ETH), සහ මේ හා සාමාන අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් වර්ග.)
එහේම නැත්තං මේ කතාව Spot Trading විදියට දිනපතා කරලා අමතර ආදායමක් උපයා ගන්නත් ඔබට පුලුවන්. (මොකද මේ ක්‍රිප්ටෝ වල උනත් වටිනාකම සෑම තත්පරයකම වෙනස් වෙනවා. අපිට කරන්න තියෙන්නේ මිල අඩුවුනු වෙලාවක් බලලා යමි ප්‍රමාණයක් අරගෙන, මිල වැඩි උනාම විකුණන එක. )
මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට (2023-02-05) BTC (Bitcoin) එකක මිල ඩොලර් 23300 කට ආසන්නයි. හැබැයි බොහෝ විශේෂඥයන් අනුමාන කරන විදියට බිටිකොයින් තව අවුරැදු 5 ක් යනකොට ඩොලර් ලක්ෂ දෙකක් දක්වා වැඩි වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. හිතන්න අද ඔබට ඩොලර් 100 ක හෝ 1000 ක බිටිකොයින් තිබුනොත් ඉදිරි අවුරැදු 5 න් පස්සේ කීයක්ද ලැබෙනවද කියන එක.
ඒක නිසා ආනාගත ආයෝජනයක් විදියට හා දෛනික ආදායමක් විදියට ස්පොටි ගණුදෙනු කියන්නේ ඉතාමත් හොද ක්‍රමයක්.
දැන් මෙතැනි එහාට තව දුරටත් අපි මේ කොහොමද වෙන්නේ හැදිලා තියෙන්නේ කොහෝමද කියන ප්‍රශ්ණ කතා කරලා ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා ඇවිල්ලා ක්‍රිප්ටෝ මගින් මුදල් උපයන ආකාරය දැන ගන්න මිසක්, එකේ අඩිතාලම කොහෝමද හැදිලා තියෙන්නේ කියලා දැන ගන්න නෙවෙයිනේ. නේද. ඒක නිසා ඊළග ලිපියේ ඉදලා අපි කෙලින්ම ක්‍රිප්ටෝ ගණුදෙනු කරන ආකාරය ගැන කතා කරනවා.

2023 Green Card Lottery දැන් අැරඹුනා....!$අැමරිකාවේ ස්ථීර පදිංචිය සදහා අැමරිකා රජය විසින් ලබාදෙන Green Card Lottery වැඩ...
13/10/2021

2023 Green Card Lottery දැන් අැරඹුනා....!$
අැමරිකාවේ ස්ථීර පදිංචිය සදහා අැමරිකා රජය විසින් ලබාදෙන Green Card Lottery වැඩසටහන 2021-10-06 සිට 2021-11-09 දක්වා ක්‍රියාත්මකයි ඔබත් අදම අයදුම් කරන්න අපට කතාකරන්න පසුගිය වර්ෂ වලද අපගේ සහයෝගය අැතිව අයදුම්කල අයදුම් කරුවන් අතරින් සැලකියයුතු ප්‍රමානයක් ජයග්‍රහණය කර අැත.
එය අයදුම්කරන නිවැරදි ක්‍රමයට අපට පුළුවනි ඔබට උදවුකරන්න් මේ සදහා අැමරිකානු රජය විසින් කිසිදු මුදලක් අයනොකෙරේ 100% ක් නොමිලේ අපට කතාකරන්න 0769253310

My Business Registration
30/12/2015

My Business Registration

Address

Ratnapura

Telephone

+94769253310

Website

Alerts

Be the first to know and let us send you an email when Wisdom Computer Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wisdom Computer Solutions:

Share