EDU PANEL

EDU PANEL Sri Lanka's #1 E-Learning Platform Offering Free & Paid Online Classes & Courses. For Scholarships, O/L And A/L Students.

Data Analysis And Educational Support Services With Teachers All Over Sri Lanka In All Languages.

🔰 PowerPoint Shortcuts - ප්‍රයෝජනවත් කෙටිමං⌨️ මූලික කෙටිමංCtrl + N - නව Presentation එකක් විවෘත කිරීමටCtrl + O - පවතින P...
28/12/2025

🔰 PowerPoint Shortcuts - ප්‍රයෝජනවත් කෙටිමං

⌨️ මූලික කෙටිමං

Ctrl + N - නව Presentation එකක් විවෘත කිරීමට
Ctrl + O - පවතින Presentation එකක් විවෘත කිරීමට
Ctrl + S - Presentation එක සුරකින්න
Ctrl + W - Presentation එක වසන්න
Ctrl + P - ප්‍රින්ට් කිරීමට
Ctrl + Z - අවසන් ක්‍රියාව අහෝසි කරන්න (Undo)
Ctrl + Y - අහෝසි කළ දෙය නැවත ක්‍රියාත්මක කරන්න (Redo)

🎬 Slide කළමනාකරණය

Ctrl + M - නව Slide එකක් එකතු කරන්න
Ctrl + D - තෝරාගත් Slide එක Duplicate කරන්න
Ctrl + Shift + D - තෝරාගත් වස්තුව Duplicate කරන්න
Delete - තෝරාගත් Slide එක මකන්න
Ctrl + Enter - Normal View එකේ නව Slide එකක් ඇතුලත් කරන්න

✂️ පිටපත් කිරීම සහ අලවන්න

Ctrl + C - තෝරාගත් කොටස පිටපත් කරන්න (Copy)
Ctrl + X - තෝරාගත් කොටස කපාගන්න (Cut)
Ctrl + V - පිටපත් කළ දෙය අලවන්න (Paste)
Ctrl + A - සියලු වස්තු තෝරන්න
Ctrl + Alt + V - විශේෂ ආකාරයකින් අලවන්න (Paste Special)

🎨 පෙළ හැඩකරන්න

Ctrl + B - තද අකුරු (Bold)
Ctrl + I - ඇලවූ අකුරු (Italic)
Ctrl + U - යටි ඉරි අකුරු (Underline)
Ctrl + E - මැද පෙළගැස්වීම
Ctrl + L - වම් පැත්තට පෙළගැස්වීම
Ctrl + R - දකුණු පැත්තට පෙළගැස්වීම
Ctrl + J - යුක්තිසහිත පෙළගැස්වීම (Justify)

📺 Slideshow කෙටිමං (Presentation අතරතුර)

F5 - Presentation එක ආරම්භයේ සිට පෙන්වන්න
Shift + F5 - වත්මන් Slide එකේ සිට පෙන්වන්න
Esc - Slideshow එක නතර කරන්න
N / Enter / Space - මීළඟ Slide එකට යන්න
P / Backspace - පෙර Slide එකට යන්න
B - Screen එක කළු කරන්න (Black)
W - Screen එක සුදු කරන්න (White)
Ctrl + P - Pen tool භාවිතා කරන්න
Ctrl + E - Eraser භාවිතා කරන්න
Number + Enter - නිශ්චිත Slide අංකයකට යන්න

🖼️ වස්තු හැසිරවීම

Ctrl + G - වස්තු Group කරන්න
Ctrl + Shift + G - වස්තු Ungroup කරන්න
Ctrl + Shift + C - Format පිටපත් කරන්න (Format Painter)
Ctrl + Shift + V - පිටපත් කළ Format අලවන්න
Arrow Keys - තෝරාගත් වස්තුව චලනය කරන්න
Ctrl + Arrow Keys - වස්තුව ඉතා සෙමින් චලනය කරන්න

🔍 View සහ Navigation

Alt + F5 - Presenter View පෙන්වන්න
Ctrl + F1 - Ribbon එක සඟවන්න/පෙන්වන්න
Alt + N - Insert tab එකට යන්න
Alt + H - Home tab එකට යන්න
Alt + G - Design tab එකට යන්න

🎯 විශේෂ කෙටිමං

Ctrl + K - Hyperlink එකතු කරන්න
Ctrl + T - Font dialog විවෘත කරන්න
Shift + F3 - අකුරු විශාල/කුඩා බවට මාරු කිරීම
Ctrl + [ - අකුරු ප්‍රමාණය අඩු කරන්න
Ctrl + ] - අකුරු ප්‍රමාණය වැඩි කරන්න
Alt + Shift + Left Arrow - Promote (Text Level එක වැඩි කරන්න)
Alt + Shift + Right Arrow - Demote (Text Level එක අඩු කරන්න)
F7 - අක්ෂර වින්‍යාසය පරීක්ෂා කිරීම (Spell Check)

💡 උපදෙස්: Presentation නිර්මාණය කිරීමේදී මෙම කෙටිමං භාවිතා කර ඔබේ වේගය වැඩි කරගන්න!

#කෙටිමං #පරිගණක

📊 Excel Shortcuts - ප්‍රයෝජනවත් කෙටිමං ⌨️ මූලික කෙටිමංCtrl + N - නව Workbook එකක් විවෘත කිරීමටCtrl + O - පවතින Workbook ...
24/12/2025

📊 Excel Shortcuts - ප්‍රයෝජනවත් කෙටිමං

⌨️ මූලික කෙටිමං

Ctrl + N - නව Workbook එකක් විවෘත කිරීමට

Ctrl + O - පවතින Workbook එකක් විවෘත කිරීමට

Ctrl + S - Workbook එක සුරකින්න

Ctrl + W - Workbook එක වසන්න

Ctrl + P - ප්‍රින්ට් කිරීමට

Ctrl + Z - අවසන් ක්‍රියාව අහෝසි කරන්න (Undo)

Ctrl + Y - අහෝසි කළ දෙය නැවත ක්‍රියාත්මක කරන්න (Redo)

✂️ පිටපත් කිරීම සහ අලවන්න

Ctrl + C - තෝරාගත් Cell පිටපත් කරන්න (Copy)

Ctrl + X - තෝරාගත් Cell කපාගන්න (Cut)

Ctrl + V - පිටපත් කළ දෙය අලවන්න (Paste)

Ctrl + Alt + V - විශේෂ ආකාරයකින් අලවන්න (Paste Special)

📋 Cell තෝරාගැනීම

Ctrl + A - සියලු Cells තෝරන්න

Shift + Space - සම්පූර්ණ පේළිය තෝරන්න

Ctrl + Space - සම්පූර්ණ තීරුව තෝරන්න

Ctrl + Shift + →/←/↑/↓ - දත්ත ඇති අවසන් Cell දක්වා තෝරන්න

🔢 ගණනය කිරීම් සහ Formulas

Alt + = - Auto Sum (එකතු කිරීම) ඇතුලත් කරන්න

Ctrl + ' - ඉහත Cell එකේ Formula පිටපත් කරන්න

Ctrl + ; - වත්මන් දිනය ඇතුලත් කරන්න

Ctrl + Shift + ; - වත්මන් වේලාව ඇතුලත් කරන්න

F2 - Cell එකක් සංස්කරණය කිරීම

F4 - Formula එකේ Cell reference එක Absolute කරන්න ($)

📊 පේළි සහ තීරු

Ctrl + + - නව පේළියක් හෝ තීරුවක් එකතු කරන්න

Ctrl + - - පේළියක් හෝ තීරුවක් මකන්න

Ctrl + 9 - තෝරාගත් පේළි සඟවන්න

Ctrl + 0 - තෝරාගත් තීරු සඟවන්න

Ctrl + Shift + 9 - සඟවා ඇති පේළි පෙන්වන්න

Ctrl + Shift + 0 - සඟවා ඇති තීරු පෙන්වන්න

🎨 හැඩකරන්න

Ctrl + B - තද අකුරු (Bold)

Ctrl + I - ඇලවූ අකුරු (Italic)

Ctrl + U - යටි ඉරි අකුරු (Underline)

Ctrl + 1 - Cell Format dialog විවෘත කරන්න

Ctrl + Shift + $ - මුදල් ආකෘතිය (Currency)

Ctrl + Shift + % - ප්‍රතිශත ආකෘතිය (Percentage)

🔍 සොයන්න සහ ප්‍රතිස්ථාපනය

Ctrl + F - වචන සෙවීම

Ctrl + H - වචන සොයා ප්‍රතිස්ථාපනය කිරීම

Ctrl + G - විශේෂ Cell එකකට යාම (Go To)

🚀 Navigation කෙටිමං

Ctrl + Home - පළමු Cell එකට (A1) යන්න

Ctrl + End - අවසන් භාවිත Cell එකට යන්න

Ctrl + Page Down - මීළඟ Sheet එකට යන්න

Ctrl + Page Up - පෙර Sheet එකට යන්න

Alt + Page Down - Screen එකක් දකුණට ගමන් කරන්න

Alt + Page Up - Screen එකක් වමට ගමන් කරන්න

🎯 විශේෂ කෙටිමං

Ctrl + T - Table එකක් නිර්මාණය කරන්න

Alt + H + O + I - Column width auto fit කරන්න

Ctrl + K - Hyperlink එකතු කරන්න

Alt + Enter - එකම Cell එකේ නව Line එකක් ඇතුලත් කරන්න

Ctrl + D - ඉහත Cell එකේ දත්ත පහළට පිටපත් කරන්න (Fill Down)

Ctrl + R - වම් Cell එකේ දත්ත දකුණට පිටපත් කරන්න (Fill Right)

F11 - තෝරාගත් දත්ත වලින් Chart එකක් නිර්මාණය කරන්න

---

💡 උපදෙස්: Excel වල වැඩ කරන විට මෙම කෙටිමං භාවිතා කර ඔබේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න!

#කෙටිමං #පරිගණක

📝 MS Word Shortcuts - ප්‍රයෝජනවත් කෙටිමං ⌨️ මූලික කෙටිමංCtrl + N - නව ලේඛනයක් විවෘත කිරීමටCtrl + O - පවතින ලේඛනයක් විවෘත...
24/12/2025

📝 MS Word Shortcuts - ප්‍රයෝජනවත් කෙටිමං

⌨️ මූලික කෙටිමං

Ctrl + N - නව ලේඛනයක් විවෘත කිරීමට

Ctrl + O - පවතින ලේඛනයක් විවෘත කිරීමට

Ctrl + S - ලේඛනය සුරකින්න

Ctrl + W - ලේඛනය වසන්න

Ctrl + P - ප්‍රින්ට් කිරීමට

Ctrl + Z - අවසන් ක්‍රියාව අහෝසි කරන්න (Undo)

Ctrl + Y - අහෝසි කළ දෙය නැවත ක්‍රියාත්මක කරන්න (Redo)

✂️ පිටපත් කිරීම සහ අලවන්න

Ctrl + C - තෝරාගත් කොටස පිටපත් කරන්න (Copy)

Ctrl + X - තෝරාගත් කොටස කපාගන්න (Cut)

Ctrl + V - පිටපත් කළ දෙය අලවන්න (Paste)

Ctrl + A - සියල්ල තෝරන්න

🎨 පෙළ හැඩකරන්න

Ctrl + B - තද අකුරු (Bold)

Ctrl + I - ඇලවූ අකුරු (Italic)

Ctrl + U - යටි ඉරි අකුරු (Underline)

Ctrl + E - මැද පෙළගැස්වීම

Ctrl + L - වම් පැත්තට පෙළගැස්වීම

Ctrl + R - දකුණු පැත්තට පෙළගැස්වීම

Ctrl + J - යුක්තිසහිත පෙළගැස්වීම (Justify)

🔤 අකුරු ප්‍රමාණය

Ctrl + [ - අකුරු ප්‍රමාණය අඩු කරන්න

Ctrl + ] - අකුරු ප්‍රමාණය වැඩි කරන්න

Ctrl + Shift + > - අකුරු ප්‍රමාණය වේගයෙන් වැඩි කරන්න

Ctrl + Shift + < - අකුරු ප්‍රමාණය වේගයෙන් අඩු කරන්න

🔍 සොයන්න සහ ප්‍රතිස්ථාපනය

Ctrl + F - වචන සෙවීම

Ctrl + H - වචන සොයා ප්‍රතිස්ථාපනය කිරීම

Ctrl + G - නිශ්චිත පිටුවකට යාම

🚀 ඉක්මන් ක්‍රියා

Ctrl + Home - ලේඛනයේ ආරම්භයට යන්න

Ctrl + End - ලේඛනයේ අවසානයට යන්න

Ctrl + Enter - නව පිටුවක් ආරම්භ කරන්න

Ctrl + Backspace - වම් පැත්තේ සම්පූර්ණ වචනය මකන්න

Ctrl + Delete - දකුණු පැත්තේ සම්පූර්ණ වචනය මකන්න

📋 විශේෂ කෙටිමං

Shift + F3 - අකුරු විශාල/කුඩා බවට මාරු කිරීම

Ctrl + K - Hyperlink එකතු කිරීම

Ctrl + D - Font සැකසුම් විවෘත කිරීම

F7 - අක්ෂර වින්‍යාසය පරීක්ෂා කිරීම (Spell Check)

Alt + Shift + D - වත්මන් දිනය ඇතුලත් කරන්න

Alt + Shift + T - වත්මන් වේලාව ඇතුලත් කරන්න

---

💡 උපදෙස්: මෙම කෙටිමං භාවිතා කර ඔබේ වැඩ වේගවත් කරගන්න!

#කෙටිමං #පරිගණක

🚨 සමාජ ඉංජිනේරු ප්‍රහාර (Social Engineering) ගැන දැනගන්න! 🚨අද අපි කතා කරන්නේ ඉතාම භයානක අන්තර්ජාල වංචාවක් ගැන - සමාජ ඉංජ...
20/12/2025

🚨 සමාජ ඉංජිනේරු ප්‍රහාර (Social Engineering) ගැන දැනගන්න! 🚨

අද අපි කතා කරන්නේ ඉතාම භයානක අන්තර්ජාල වංචාවක් ගැන - සමාජ ඉංජිනේරු ප්‍රහාර ගැන.

🤔 සමාජ ඉංජිනේරු ප්‍රහාර කියන්නේ මොකක්ද?

මේක තාක්ෂණයක් නෙමෙයි, මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්! වංචාකරුවෝ ඔබව රවටලා, බිය ගැන්වීලා, හෝ විශ්වාසය දිනලා ඔබේ රහස් තොරතුරු ලබාගන්නවා. මෙයින් හැකර්වරයෙකුට පරිගණක පද්ධතියකට ඇතුල් වෙන්න අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්.

🎭 සමාජ ඉංජිනේරු ප්‍රහාර වර්ග:

1. ෆිෂින් (Phishing)
- ව්‍යාජ ඊමේල්, SMS, සමාජ මාධ්‍ය පණිවිඩ භාවිතා කරලා ඔබව රවටනවා
- බැංකුවක්, ආයතනයක් නියෝජනය කරලා පෙනෙනවා
( ලංකාවෙ අපිට නම් ගොඩක් වෙලාවට එන්නෙ මේ වගේ දේවල් සාමාන්‍ය මැසේජ් විදියට )

2. ප්‍රිටෙක්ස්ටින් (Pretexting)
- කෙනෙක් වෙනත් කෙනෙක් ලෙස හඳුන්වාගෙන ඔබේ විශ්වාසය දිනාගන්නවා
- උදා: "මම බැංකු නිලධාරියෙක්, ඔබේ ගිණුම සත්‍යාපනය කරන්න ඕන"

3. බේටින් (Baiting)
- නොමිලේ දේවල්, තෑගි, නරඹන්න ඕන දේවල් පෙන්වලා ඔබව උගුලට අදිනවා
- USB drives, නොමිලේ මෘදුකාංග භාවිතා කරනවා
( අර කාලෙන් කාලෙට ඩේට දෙනවා කියල ලින්ක් ශෙයා වෙන්නේ ඒවා )

4. ක්විඩ් ප්‍රො ක්වෝ (Quid Pro Quo)
- තාක්ෂණික සහාය ලබාදෙන බව කියලා තොරතුරු ඉල්ලනවා
- "මම IT දෙපාර්තමේන්ට් එකෙන්, ඔබේ password reset කරන්න ඕන"

✅ ආරක්ෂිතව සිටින ආකාරය:

1. සියලු දේ ගැන විමසිලිමත් වන්න.🤨
- අනපේක්ෂිත පණිවිඩ, ඊමේල් වලට ප්‍රතිචාර දැක්වීමට පෙර හොඳින් සිතන්න
- කඩිනම් තීරණ ගන්න බල කරන ඕනෑම දෙයක් සැක සහිතයි

2. තොරතුරු සත්‍යාපනය කරන්න ✔️
- ඊමේල් ලිපිනය, දුරකථන අංකය, වෙබ් අඩවිය හොඳින් පරීක්ෂා කරන්න
- බැංකුවක් හෝ ආයතනයක් නම්, ඔවුන්ගේ නිල අංකයට කතා කරලා තහවුරු කරගන්න
( අපිට එන ගොඩක් ලින්ක් එන්නේ ප්‍රසිද්ද ආයතන වල නම් වලින්. ඉතින් බලන්න ඒ අයගෙ වෙබ්සයිට් එකේ ලින්ක් එක එවපු ලින්ක් එකට ගැලපෙනවද කියලා )

3. පුද්ගලික තොරතුරු බෙදාහරින්න එපා 🔒
- Password, OTP, PIN, Bank details කිසිවෙකුත් සමඟ බෙදාහරින්න එපා
- නිල ආයතන කිසි විටෙක දුරකථනයෙන් හෝ email මගින් මෙවැනි තොරතුරු ඉල්ලන්නේ නැහැ
( ලංකාවෙ ගොඩක් අය මුදල් ඉපැයීමේ අරමුණින් KYC Verification සඳහා තමාගේ තොරතුරු ලබාදෙනවා.එහෙම කරන්න එපා )

4. ලින්ක් වලට ක්ලික් කරන්න එපා 🚫
- නොදන්නා කෙනෙක්ගෙන් එන links වලට click කරන්න එපා
- Attachments download කරන්න එපා
( මේ ලින්ක් වල ස්ක්‍රිප්ට් තියෙන්න පුලුවන් ඒවට ඔයාගෙ වෙබ් බ්‍රවුසර් එකේ දත්ත ගන්න පුලුවන්.ඒ වගේම ෆිලෙ වල වයිරස් එවන්න පුලුවන්. )

5. Two-Factor Authentication (2FA) භාවිත කරන්න 🔐
- ඔබේ ගිණුම් සඳහා අමතර ආරක්ෂණ ස්ථරයක් එකතු කරන්න

6. මෘදුකාංග යාවත්කාලීන කරන්න 🔄
- ඔබේ උපකරණ, apps නිතර update කරන්න.මොකද ගැටලු සහිත තැන්වලින් තමයි හැකර්ස්ලා ඒකට ප්‍රහාරයක් එල්ල කරන්නේ.ඉතින් ඒවා හදලා තමයි අප්ඩේට් දෙන්නෙ.

---

මෙම පණිවිඩය බෙදාහරින්න. ඔබේ ආදරණීයයන් ආරක්ෂිතව සිටීමට! 💙

#අන්තර්ජාලආරක්ෂාව #ඩිජිටල්සුරක්ෂිතතාවය

🔰 ද්වී මාසික සහතික පත්‍ර පරිගණක පාඨමාලාව📌️ විශ්වවිද්‍යාල සිසුන්ට, A/L අවසන් කල හා පාසල් සිසුන්ට, රැකියා අපේක්ෂකයන්ට සහ ව...
11/12/2025

🔰 ද්වී මාසික සහතික පත්‍ර පරිගණක පාඨමාලාව

📌️ විශ්වවිද්‍යාල සිසුන්ට, A/L අවසන් කල හා පාසල් සිසුන්ට, රැකියා අපේක්ෂකයන්ට සහ වැඩිහිටියන් සඳහා සුදුසුම පරිඝණක පාඨමාලාව.

📌️ Recording ලබාගැනීමේ පහසුකමද සහිතව Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

📌️ පාඨමාලා ගාස්තුව : රු. 6000.00 ( සීමිත කාල සීමවක් පමණයි )

⭕ Certificate එක PDF සහ මුද්‍රිත පිටපතක් යන දෙයාකාරයෙන්ම නිකුත් කෙරේ. මුද්‍රිත පිටපත නොමිලේ ඔබගේ නිවසටම එවනු ලැබේ.

📌️ මෙම පාඨමාලාව අවසානයේ පරිගණක ක්ශේත්‍රයට අදාල පහත කොටස් ආවරණය කෙරේ.

⭕පරිඝණකයේ මූලික දෘඩාංග හා මෘදුකාංග පිළිබඳ
⭕කාර්‍යාලීය සහ අධ්‍යාපනිකව ඉතා වැදගත් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය (Word, Excel, PowerPoint)
⭕එදිනෙදා ජීවිතයේ වඩාත් භාවිතා වන ගූගල් යෙදුම් ගැන පූර්ණ අවබෝධය (Gmail, Form, Sheet)
⭕ග්‍රැෆික් නිර්මාණකරනය පිළිබඳ මූලික දැනුම (Photoshop, Illustrator)
⭕වීඩියෝ සංස්කරණය පිළිබඳ දැනුම (Premiere Pro, CapCut)
⭕අන්තර්ජාලය ආරක්ශිතව භාවිතා කිරීම සහ අන්තර්ජාළය තුල තමාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නා ආකාරය.
⭕සමාජ මාධ්‍ය ගිණුම් ආරක්ශිතව තබාගන්නා ආකාරය සහ ඒවා භාවිතා කර නිවසේ සිට මුදල් ඉපැයීම
⭕AI(කෘතීම බුද්ධිය) භාවිතා කිරීම සහ ඒවා මගින් මුදල් ඉපැයීම.
⭕නොමිලේම තමාගේම වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ හරහා තමාගේ අද්‍යපනික හෝ රැකියාව අතර තුර අමතර ආදායමක් ඉපැයීම
⭕ සමාජ මාධ්‍ය අලෙවිකරණ

📌️ පාඨමාලාවෙන් පසුවද ඕනෑම තාක්ෂණික ගැටලුවකදී උපකාර කරනු ලැබේ.

📌️ ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා පහත වට්සැප් අංකයට පණිවිඩයක් යොමු කරන්න.
074 020 3319

🔰 ද්වී මාසික සහතික පත්‍ර පරිගණක පාඨමාලාව📌️ විශ්වවිද්‍යාල සිසුන්ට, A/L අවසන් කල හා පාසල් සිසුන්ට, රැකියා අපේක්ෂකයන්ට සහ ව...
09/12/2025

🔰 ද්වී මාසික සහතික පත්‍ර පරිගණක පාඨමාලාව

📌️ විශ්වවිද්‍යාල සිසුන්ට, A/L අවසන් කල හා පාසල් සිසුන්ට, රැකියා අපේක්ෂකයන්ට සහ වැඩිහිටියන් සඳහා සුදුසුම පරිඝණක පාඨමාලාව(අධ්‍යාපනය ලබන අතරතුර හෝ රැකියාව අතරතුර අමතර ආදායමක් උපයාගන්නා ආකාර සමග).

📌️ Recording ලබාගැනීමේ පහසුකමද සහිතව Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

📌️ පාඨමාලා ගාස්තුව : රු. 6000.00 ( සීමිත කාල සීමවක් පමණයි )

⭕ Certificate එක PDF සහ මුද්‍රිත පිටපතක් යන දෙයාකාරයෙන්ම නිකුත් කෙරේ. මුද්‍රිත පිටපත නොමිලේ ඔබගේ නිවසටම එවනු ලැබේ.

📌️ මෙම පාඨමාලාව අවසානයේ පරිගණක ක්ශේත්‍රයට අදාල පහත කොටස් ආවරණය කෙරේ.

⭕පරිඝණකයේ මූලික දෘඩාංග හා මෘදුකාංග පිළිබඳ
⭕කාර්‍යාලීය සහ අධ්‍යාපනිකව ඉතා වැදගත් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය (Word, Excel, PowerPoint)
⭕එදිනෙදා ජීවිතයේ වඩාත් භාවිතා වන ගූගල් යෙදුම් ගැන පූර්ණ අවබෝධය (Gmail, Form, Sheet)
⭕ග්‍රැෆික් නිර්මාණකරනය පිළිබඳ මූලික දැනුම (Photoshop, Illustrator)
⭕වීඩියෝ සංස්කරණය පිළිබඳ දැනුම (Premiere Pro, CapCut)
⭕අන්තර්ජාලය ආරක්ශිතව භාවිතා කිරීම සහ අන්තර්ජාළය තුල තමාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නා ආකාරය.
⭕සමාජ මාධ්‍ය ගිණුම් ආරක්ශිතව තබාගන්නා ආකාරය සහ ඒවා භාවිතා කර නිවසේ සිට මුදල් ඉපැයීම
⭕AI(කෘතීම බුද්ධිය) කිරීම සහ ඒවා මගින් මුදල් ඉපැයීම.
⭕නොමිලේම තමාගේම වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ හරහා තමාගේ අද්‍යපනික හෝ රැකියාව අතර තුර අමතර ආදායමක් ඉපැයීම
⭕ සමාජ මාධ්‍ය අලෙවිකරණ

📌️ පාඨමාලාවෙන් පසුවද ඕනෑම තාක්ෂණික ගැටලුවකදී උපකාර කරනු ලැබේ.

📢 ගූගල් ජෙමිනි AI:📌ප්‍රධාන කරුණු:🔰ජෙමිනි යනු ගූගල් විසින් නිර්මාණය කරන ලද බහුමාධ්‍ය AI මොඩල් පවුලකි. එය චැට්, රූප, වීඩිය...
08/12/2025

📢 ගූගල් ජෙමිනි AI:

📌ප්‍රධාන කරුණු:

🔰ජෙමිනි යනු ගූගල් විසින් නිර්මාණය කරන ලද බහුමාධ්‍ය AI මොඩල් පවුලකි. එය චැට්, රූප, වීඩියෝ, ශබ්ද සහ කෝඩ් අවබෝධ කරගැනීමට හැකියාව ඇත.
🔰නවතම සංස්කරණය ජෙමිනි 3 වන අතර, එය 2025 නොවැම්බර් මාසයේදී නිකුත් විය. එය උසස් තර්කනය, කෝඩිං සහ ඒජන්ටික කාර්යයන් සඳහා විශේෂිතයි.
🔰ප්‍රධාන මොඩල්: Nano (කුඩා උපකරණ සඳහා), Flash (වේගවත්), Pro (සමබර), Ultra (බලවත්).
🔰ජෙමිනි AI භාවිතා කරමින් ඉගෙනීම, නිර්මාණය සහ සැලසුම් කිරීම වැනි කාර්යයන් සිදු කළ හැකිය.

📌ජෙමිනි යනු මොකක්ද?
🔰ගූගල් ජෙමිනි යනු ගූගල් ඩීප්මයින්ඩ් විසින් සංවර්ධනය කරන ලද නවීන කෘත්‍රිම බුද්ධි (AI) මොඩල් පවුලකි. එය සාමාන්‍ය AI මොඩල්වලට වඩා විශේෂ වන්නේ බහුමාධ්‍ය හැකියාවන් නිසායි. එනම්, එය Chat පමණක් නොව රූප, වීඩියෝ, ශබ්ද සහ කෝඩ් ද අවබෝධ කරගෙන ප්‍රතිචාර දක්වයි.

📌ජෙමිනි මොඩල්:
🔰ජෙමිනි පවුලේ විවිධ මොඩල් තිබේ, ඒවා විවිධ අවශ්‍යතා සඳහා නිර්මාණය කර ඇත:

⭕ ජෙමිනි Nano: කුඩා සහ වේගවත්, ස්මාර්ට්ෆෝන් වැනි උපකරණවල භාවිතය සඳහා.
⭕ ජෙමිනි Flash: වේගය සහ පිරිවැය අතර සමබරතාවයක් ඇති, සරල කාර්යයන් සඳහා.
⭕ ජෙමිනි Pro: සමබර කාර්ය සාධනය, බොහෝ භාවිතාවන් සඳහා යෝග්‍ය.
⭕ ජෙමිනි Ultra: වඩාත් බලවත්, සංකීර්ණ කාර්යයන් සඳහා.

🔰නවතම ජෙමිනි 3 මොඩලය තර්කනය, කෝඩිං සහ ස්වයංක්‍රීය කාර්යයන්හි ඉහළම මට්ටමක පවතී. එය භාවිතා කරමින් ඔබට ඉගෙනීමේදී සහාය, නිර්මාණකරණය සහ සැලසුම් කිරීම වැනි දේ කළ හැකිය.
🔰ඔබත් ජෙමිනි භාවිතා කර බලන්න! වැඩි විස්තර සඳහා gemini.google.com වෙබ් අඩවියට පිවිසෙන්න.

🔰තුන් මාසික සහතික පත්‍ර ICT පාඨමාලාව⭕ විශ්වවිද්‍යාලය වරම් ලැබූ හෝ A/L අවසන් කල ඔබට ලැබෙන හොඳම අවස්ථාව.⭕ මාස තුනෙන් බින්ද...
02/12/2025

🔰තුන් මාසික සහතික පත්‍ර ICT පාඨමාලාව

⭕ විශ්වවිද්‍යාලය වරම් ලැබූ හෝ A/L අවසන් කල ඔබට ලැබෙන හොඳම අවස්ථාව.

⭕ මාස තුනෙන් බින්දුවේ සිට සියල්ල පිළිබඳ මූලික දැනුම පැහැදිලිව ලබාදේ.

⭕ පාඨමාලාව අවසානයේ නොමිලේ වටිනා සහතික පත්‍රයක් නිවසටම එවනු ලැබේ.

⭕විශ්වවිද්‍යාල හා එදිනෙද ජීවිතයට අවශ්‍ය සියලු මූලික පරිගණක දැනුම සමග ඒවා භාවිතාකර නිවසේ සිටම හෝ ඉගෙනුම් කටයුතු අතරතුරම අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමේ ක්‍රම පිළිබඳවද දැනුම ලබාදේ.

🔰 පාඨමාලාවේ අන්තර්ගතය

📌️ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග පිළිබඳ
📌️ Word, Excel සහ PowerPoint පිළිබඳ
📌️ එදිනෙදා භාවිතා කරන Google යෙදුම් පිළිබඳ (ඒ හරහා වැඩ පහසු කරගන්න ආකරයද සමග)
📌️ Adobe Photoshop සහ Illustrator යන මෘදුකාංග මගින් ග්‍රැෆික් නිර්මාණ කිරීම.
📌️ Adobe Premiere Pro භාවිතා කර වීඩියෝ සංස්කරණය
📌️ සයිබර් ආරක්ෂාව (Cyber Security) සහ ඒ පිළිබඳ මූලික දැනුම.මෙහිදී Cyber Attacks වර්ග සහ ඒවායෙන් අරක්ශාවන ආකාරය පැහැදිලි කෙරේ.
📌️ කෘතීම බුද්ධිය (AI) භාවිතා කිරීම, ඒ මගින් මුදල් ඉපැයීම, වෙබ්අඩවි නිර්මාණය සහ අධ්‍යාපනික කටයුතු වලට යොදාගන්නා ආකාරය පැහැදිලි කෙරේ.
📌️ සමාජ මාධ්‍ය හරහා ව්‍යාපාර කිරීම සහ මුදල් ඉපැයීම.
📌️ වට්සැප් හා ටෙලිග්‍රෑම් බොට්වරු නිර්මාණය කිරීම ඒ මගින් මුද්ල් ඉපැයීම

⭕ ඉහත එක් එක් කොටසේදී එම කොටස මගින් මුදල් ඉපැයීමේ ක්‍රම පැහැදිලි කරනු ලැබේ.

⭕ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 7 සිට 10 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

🔰 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා
074 020 3319

Address

Walasmulla
82450

Website

Alerts

Be the first to know and let us send you an email when EDU PANEL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share