11/08/2026
Branding කියන්නේ logo එකක් හෝ ලස්සන design එකක් විතරක් නෙවෙයි
එකම භාණ්ඩය, එකම quality එක, එකම business එක වුණත්, branding එක නිවැරදිව තිබුණොත් customer කෙනෙක් ඒ business එක දකින විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
Branding නැති business එකක් බොහෝ වෙලාවට අනිත් business අතර hide වෙනවා. Customerට ඒක මතක තබාගන්න, විශ්වාස කරන්න හෝ වෙනත් තරඟකරුවන්ගෙන් වෙනස් කරලා හඳුනාගන්න හේතුවක් නැති වෙනවා.
හොඳ branding එකක් business එකට අනන්‍යතාවයක්, විශ්වාසයක් සහ මතකයේ රැඳෙන වටිනාකමක් ලබා දෙනවා. Customer කෙනෙක් brand එක දැක්කම ඒකෙන් ලැබෙන feeling එක, quality එක සහ experience එක ගැන අදහසක් ඇති වෙනවා.
ඒ නිසා Branding කියන්නේ business එක ලස්සන කරන එක නෙවෙයි. Business එක මිනිස්සුන්ගේ මනස තුළ හඳුනාගත හැකි, විශ්වාස කළ හැකි සහ මතකයේ රැඳෙන brand එකක් බවට පත් කරන එකයි.
Good branding makes a business recognizable. Great branding makes it memorable.