09/20/2025
Google AdSense Series - Part 3:
Google AdSense සඳහා Apply කරමු
Google AdSense එකට apply කරන්න ඔයාට මුලින්ම ඕන Google account (gmail) එකක්.
දැන් Google AdSense Website එකට යන්න: Browser එකේ adsense.google.com යන්න. “Get Started” හෝ “Sign Up Now” button එක click කරන්න.
📌 Google Account එකක් Use කරන්න: ඔබට මේ සදහා ඔබ AdSense සදහා යොදාගන්න හදන Gmail account එකක් ඕන. මේ සදහා වෙනම Personal Gmail එකක් පවිච්චි එක වඩාත් හොදයි, මොකද මේකෙන් තමයි ඔබේ AdSense earnings වලට access කරන්නේ.
📌 Professional email එකක් (e.g., [email protected]) තිබුණම තවත් හොඳයි.
Basic Details එකතු කරන්න: AdSense එක ඔබේ වෙබ් අඩවියේ URL (e.g., www.yourblog.lk), country (Sri Lanka), සහ contact details ඉල්ලනවා. ඒවා පරීක්ෂාකාරීව පුරවන්න.
📌 AdSense Code එක ගන්න: Sign up process එකේදි Google එක ඔයාටම අනන්‍ය වුණු AdSense code එකක් දෙනවා. ඒ code එක ඔබේ website එකේ HTML code එකට add කරන්න ඕන (සාමාන්‍යයෙන් section එකට). wordpress website එකක් නම් ගැලපෙන plugin එකක් යොදාගන්නත් පුලුවන්. (google site kit plugin)
📌 උදා: WordPress එකේ google site kit plugin එක පාවිච්චි කරලා code එක ලේසියෙන් add කරන්න.
Application එක Submit කරන්න: Code එක add කරලා ඉවර උනාම, AdSense dashboard එකේ “Submit” button එක click කරන්න. එතකොට Google එක ඔයාගේ website එක review කරන්න පටන් ගන්නවා.
📌 Code එක add කරන එක ගැන ප්‍රශ්නයක් ඇති උනොත්, YouTube එකේ “How to Add AdSense Code to WordPress” ගැන tutorials බලන්න. ඒවායේ පියවරෙන් පියවර උපදෙස් දෙනවා.
Approval Process එක
Google AdSense එක ඔබේ application review කරන්න සාමාන්‍යයෙන් සති 1-2ක් ගන්නවා, ඒත් ඒක ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්. Google එක බලන්නේ ඔයාගේ website එක policies එක්ක ගැලපෙනවද, quality content තියෙනවද, සහ visitors ලට value එකක් දෙනවද කියලා. මෙන්න Google එක පරීක්ෂා කරන ප්‍රධානම දේවල්.
Content Quality: ඔබේ articles original, useful, සහ engaging ද? අවම වශයෙන් articles 10-15ක්, වචන 1,000+ බැගින් තියෙන එක හොඳයි. Copy-paste content හෝ AI-generated content එකක් තියෙනවා නම් ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තියෙනවා. Google එක බලාපොරොත්තු වෙන මට්ටමේ valued content එකක් අපේ වෙබ්සයිට් එකේ තියෙන්න ඕන.
Policy Compliance: A/dult content, g/ambling, d/rugs, හෝ ill/egal දේවල් තියෙනවා නම්, Google එක approve කරන්නේ නැහැ. Privacy policy, contact page, about page එක තියෙන බව තහවුරු කර ගන්න. Google AdSense content Policies වලට අනුකූල content වලින් වෙබ්සයිට් එක හදන්න. AdSense Program policies page එකේ මේ ගැන වැඩි විස්තර තියෙනවා.
User Experience: Website එක mobile-friendly, fast-loading, සහ easy to navigate ද? Google PageSpeed Insights හෝ Mobile-Friendly Test tool එක run කරලා බලන්න.
Traffic: Stable traffic එකක් (daily visitors 50+ වගේ) තියෙන එක approval chance එක වැඩි කරනවා, ඒත් officially traffic requirement එකක් නැහැ.
Site Age: අලුත් websites approve වෙන්න ටිකක් වෙලාව ගන්නවා. ඒ නිසා මාස 1-2ක්වත් content publish කරලා traffic එක build කරන්න.
📌 Food blog එකක “best American breakfast recipes” ගැන articles 20ක්, mobile-friendly design එකක්, අදාළ privacy policy pages දාල daily visitors 50+ වගේ තියෙනවා නම්, approval එක ලබන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මේකෙදි ඔබ පරිස්සම් වෙන්න ඕන කාරණාවක් තමයි මේ වෙද්දීත් Internet එකේ තියෙන information ටිකම ඔබ ඔබේ විදියට ලිව්වා කියල එතරම් වැඩක් වෙන්නේ නැති වෙන්න පුලුවන්.
AdSense එක reject වුණොත් මේ සදහා පොදුවේ බලපාන හේතුන් ටික fix කරන එක තමයි අපිට කරන්න පුලුවන් මොකද දැන් වෙද්දී reject වෙන්න හරිම හේතුව AdSense වලින් අපිට ලබා දෙන්නේ නෑ.
Articles 15ට අඩු නම් හෝ low-quality content තියෙනවා නම් reject වෙන්න පුළුවන්
Quality articles ලියලා content එක build up කරන්න, ඔබට තේරෙනවා නම් articles අඩුයි කියල වැඩි කරන්න වෙයි සමහර වෙලාවට articles 35+ දාන්න වෙනවා quality අඩු content තියෙද්දී.
Policy Violations: තහනම් content (e.g., adult, gambling) තියෙනවා නම් අයින් කරන්න. Privacy policy එක නැත්නම් add කරන්න.
Poor User Experience: Website එක slow උනොත් හෝ mobile-friendly නැත්නම්, Google PageSpeed Insights එක use කරලා loading speed එක වැඩි කරන්න.
Low Traffic: Traffic එක ගොඩක් අඩු නම්, social media (Facebook, Pinterest, Reddit) වල articles share කරලා visitors ල ගෙන්න.
📌 Reject උනොත්, issues fix කරලා නැවත apply කරන්න.
Application Submit කරන හැටි
AdSense එකට apply කරන්න ඔබේ website එක සූදානම් බව තහවුරු කරන්න. මෙන්න checklist එක:
✔️ Articles: Quality articles 25-30ක් ලියන්න නැවත apply කරන්න වුනොත් (words 1,000+ බැගින්).
✔️ Pages: Privacy policy, terms & condition, contact page, about page එක add කරලා තියෙන්න.
✔️ SEO: Google Keyword Planner හෝ Ahrefs, Moz, SEMRush පවිච්චි කරලා high-traffic, low-competition keywords articles වලට එකතු කරලා තියෙන්න.
✔️ Design: Website එක mobile-friendly, fast-loading, සහ clean navigation එකක් තියෙන්න.
✔️ Traffic: Social media හරහා ටිකක් traffic build කරලා තියෙන්න (daily visitors 50+ ideal).
Checklist එක සම්පූර්ණ උනාම, AdSense code එක website එකට add කරලා application submit කරන්න. Submit කරපු වෙලාවේ ඉඳන් Google එක review process එක පටන් කරනවා.
Application submit කරාට පස්සේ, Google එකෙන් email එකක් එනකම් බලන් ඉන්න ඕන. සාමාන්‍යයෙන් සති 1-2 ඇතුලත response එකක් එනවා. ඒ අතරේ මොනවද කරන්නේ?
Content Publish කරන්න: සතිපතා article එකක් හරි publish කරලා content එක වැඩි කරන්න.
Traffic Build කරන්න: Social media වල articles share කරන්න. SEO කරන්න. Google Analytics එක පාවිච්චි කරලා traffic track කරන්න.
Site Improve කරන්න: Google PageSpeed Insights එක run කරලා loading speed වැඩි කරන්න. Yoast SEO හෝ Rank Math plugin එක use කරලා articles SEO optimize කරන්න. Adsense apply කරන්න කලින්ම SEO වලට අවදානය යොමු කරන්න.
📌 Approval process එකේදි Google එක ඔබේ website එක multiple times check කරනවා. ඒ නිසා site එක active තියාගන්න.
Approval එක ලේසියෙන් ගන්න Tips
AdSense approval එක ලබා ගන්න ටිකක් tricky වෙන්න පුළුවන්, ඒත් මේ tips follow කරලා chance එක වැඩි කරගන්න:
Quality Over Quantity: Articles 50ක් ලියනවට වඩා well-researched, unique, useful articles 20-25ක් ලියන්න. උදාහරණයක් විදිහට, “How to Make Pol Roti” ගැන detailed guide එකක් ලියන්න.
Professional Design: WordPress.org එකේ clean theme එකක් (e.g., Astra) use කරලා professional look එකක් ගන්න. Free themesහොඳයි.
Affiliate Links: Affiliate links (e.g., Amazon) එකතු කරනවා නම්, AdSense policies එක්ක නොගැටෙන බව තහවුරු කරන්න.
Check Policies Regularly: Google AdSense Help Center එකේ policies කියවලා website එක align බව තහවුරු කරගන්න.
ඊළඟට මොකද වෙන්නේ?
ඔබේ AdSense application submit කරලා ඉවර උනාම, ඊළඟ පියවර තමයි ads setup කරලා ආදායම් හොයන්න පටන් ගන්න එක. Part 4 වලදි අපි බලමු.
💬 ඔබට ප්‍රශ්න තියෙනවද? AdSense application එක ගැන හෝ website එක ready කරන එක ගැන ගැටලුවක් තියෙනවා නම්, comment එකකින් අහන්න, අපි උදවු කරන්න ඉන්නවා!
ඊළඟ ලිපිය: Part 4 - Ads Setup කරමු සහ Optimize කරමු. Stay tuned! 🙌